උන්දම (වායුගතික විද්‍යාව)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
Aerodynamic camber.jpg

ගගනයාත්‍රා විද්‍යාවෙහි සහ ගගනගාමී ඉංජිනේරු විද්‍යාවෙහි, උන්දමක් යනු වාපතක ඉහළ හා පහළ පෘෂ්ඨයන් අතර අසමමිතික භාවයයි. උන්දමික නොවන වාපතක් හැඳින්වෙන්නේ සමමිතික වාපතක් ලෙසිනි. සමමිතික වාපතක් හා සසඳන විට, උන්දම ලබා දෙන වාසි, සොයාගත්තේ හා පළමුව භාවිතා කලේ 19වන සියවසෙහි මුල් භාගයෙහිදී මහා බ්‍රිතාන්‍යයෙහි ශ්‍රීමත් ජෝර්ජ් කේලි විසිනි.[1]

සමාලෝචනය[සංස්කරණය]

උන්දම සාමාන්‍යයෙන් වාපතක් සම්බන්ධිතව සැලසුම් කරනුයේ උපරිම ආරෝහණ සංගුණකය ඉහළ නංවා ගැනුමටය. මෙය විසින් වාපතක් භාවිතා කරන අහස්යානයේ වේගයෙහි ඇණහිටීම අවම කරවයි. උන්දමිත වාපත් පදනම් කර ගත් පියාපත් සහිත අහස්යානා, සමමිතික වාපත් පදනම් කරගත් පියාපත් සහිත එවැනි අහස්යානා හා සමග සැසඳූ කල අඩු ඇණහිටුම් වේගයක් සහිත වෙයි.

අහස්යානා සැලසුම්කරුවෙකු විසින් බ‍ඳෙන් ඈත පියාපත් කොටසෙහි උන්දම අඩු කරනුයේ පියාපත් තුඩෙහිදී අවධි ප්‍රහාරක කෝණය (ඇණහිටුම් කෝණය) වැඩි කරගනු සඳහාය. පියාපත ඇණහිටුම් කෝණය වෙත ලඟාවත්ම මෙය නිසා පියාපතෙහි මුල එහි තුඩට වඩා විගසින් ඇණහිටිණ බවට මෙයින් සහතික කෙරෙන අතර එයින් අහස්යානයට භ්‍රමණයට එරෙහි වීමේ හැකියාව ලබා දෙමින් ඇණහිටුම ලඟාවෙත්ම පාර්ශ්වික සමබරතා පාලකයන්හී සඵලතාවය පවත්වා දෙයි.[උපහරණ ඇවැසිය]

සමහරක් නූතන සැලසුම් විසින් සෘණ උන්දමක් භාවිතා කෙරෙයි. එවන් එක් සැලසුමක් හැඳින්වෙන්නේ සුපිරිඅවධි වාපත ලෙසිනි. අතිධ්වනි පියාසැරිය-සමීප අවස්ථාවන්හීදී මෙය භාවිතා කරන අතර, අතිධ්වනි පියාසැරිය සමීපයෙහිදී සාම්ප්‍රදායික වාපත් වලට වඩා වැඩි ආරෝහණය හා රෝධය අතර අනුපාතය අගයයක් මෙය විසින් ලබා දෙයි. සුපිරිඅවධි වාපත් විසින් පැතලි කල ඉහළ පෘෂ්ඨයක්ද, වැඩියෙන් උන්දමිත (වක්වූ) පසුපස කොටසක්ද, සහ සාම්ප්‍රදායික වාපත් හැඩ හා සැසඳූ කල මහත්වූ ඉදිරි දාර අරයක් ද භාවිතා කෙරෙයි. මෙම වෙනස්කම් නිසාවෙන් තරංග රෝධය ඇතිවීම පමා කෙරෙයි.

අර්ථදැක්වීම[සංස්කරණය]

වාපතක ඉහළම හා පහළම පෘෂ්ඨයන් අතර අඩක් තැන දක්වන වක්‍රය වන උන්දම රේඛාව අනුසාරයෙන් වාපතක උන්දම අර්ථදැක්විය හැක. මෙම ශ්‍රිතය Z(x) යැයි හඳුන්වමු. වාපතක් සම්පූර්ණයෙන් අර්ථදැක්වීමට අපහට, යම් ලක්ෂ්‍යයකදී වාපතෙහි ඝණකම විස්තර කෙරෙන ඝණකම ශ්‍රිතයක් T(x) ද අවශ්‍ය වෙයි. එවිට, ඉහළ හා පහළ පෘෂ්ඨයක් පහත පරිදි අර්ථ දැක්විය හැකිය:

නිදසුන – ප්‍රත්‍යාවර්තිත උන්දම රේඛාවක් සහිත වාපතක්[සංස්කරණය]

ප්‍රත්‍යාවර්තිත උන්දමක් සහිත වාපතක්.

අවර දාරය සමීපයේදී උන්දම රේඛාව ඉහළ දිශාවට යළි වක්වෙන වාපතක් ප්‍රත්‍යාවර්තිත උන්දමික වාපතක් ලෙස හැඳින්වෙයි. අවරවිරහිත අහස්යානාව වැනි අවස්ථා වලදී මෙවැනි වාපත් භාවිතා වන්නේ, වාපතෙහි වායුගතික මධ්‍යය වටා ඝූර්ණය 0 විය හැකි බැවිනි. එවන් වාපතක උන්දම රේඛාව පහත පරිදි අර්ථදැක්විය හැක (විචල්‍යයන් ඉහළින් ඉරක් ඇඳ තිබීමෙන් ඒවා ජ්‍යාය විසින් බෙදීමෙන් අමානගතකරනුලැබ ඇති බවයි):

ප්‍රත්‍යාවර්ත උන්දම රේඛාවක් සහිත වාපතක් දකුණෙහි දැක්වෙයි. NACA 4-පෙළ වාපතක් සඳහා ඝණකම ව්‍යාප්තිය භාවිතා කරන ලද්දේ, 12% ඝණකම අනුපාතයක් සහිතවය. ඝණකම ව්‍යාප්තිය සඳහා සමීකරණය:

මෙහි t යනු ඝණකම අනුපාතයයි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. "U.S Centennial of Flight Commission.". සම්ප්‍රවේශය 2008-09-10. Experiments that he began to carry out in 1804 allowed him to learn more about aerodynamics and wing structures using a whirling arm device. Cayley observed that birds soared long distances by simply twisting their arched wing surfaces and deduced that fixed-wing machines would fly if the wings were cambered. This was the first scientific testing of aerofoils as the part of the aircraft that is designed to produce lift. 

ආශ්‍රිත[සංස්කරණය]

  • ඩෙස්ක්ටොප් එයරොඩයිනමික්ස් ඩිජිටල් ටෙක්ස්ට්බුක්. සම්ප්‍රෙව්ෂය 9/7/08. [1]
  • තියරි ඔෆ් විං සෙක්ෂන්ස්, ඉරා එච්.ඇබට් සහ ඇල්බට් ඊ.වොන් ඩොයෙන්හොෆ් (ඩෝවර් ප්‍රකාශකයෝ -1959) ISBN 0-486-60586-8

මෙයද බලන්න[සංස්කරණය]