දකුණු අප්‍රිකාවේ වර්ණභේදය

විකිපීඩියා වෙතින්
(වර්ණභේදය යටතේ දකුණු අප්‍රිකාව වෙතින් යළි-යොමු කරන ලදි)

වර්ණභේදය යනු, 1948 සිට 1994 දක්වා දකුණු අප්‍රිකාව පාලනය කල ජාතික පක්ෂ (NP) රජයයන් විසින් නීති සම්පාදනය තුලින් බලාත්මක කරනු ලැබූ, වාර්ගික විසංගමන ප්‍රතිපත්තියක් වන අතර, එය යටතේ, දකුණු අප්‍රිකාවේ බහුතර කළු ජාතික වැසියන්ගේ අයිතිවාසිකම් යටපත් කොට, සුදු ආධිපත්‍යය සහ ඇෆ්රිකානර් සුළුතර පාලනය පවත්වාගෙන යන ලදි. දෙවන ලෝක යුද්ධයෙන් පසුව, ඇෆ්රිකානර්-ප්‍රමුඛ ජාතික පක්ෂය සහ බ්‍රීඩර්බොන්ඩ් සංවිධාන විසින්, වර්ණභේදය ප්‍රවර්ධනය කෙරුණු අතර, 1990 දී නැමිබියාව ලෙසින් නිදහස ලබන තුරුම [1] ජාතීන්ගේ සංගම් විධිනියෝගයක් (1966දී එක්සත් ජාතින්ගේ 2145 අභියෝජනාව වෙතින් ප්‍රත්‍යාදිෂ්ට කෙරුණු [2]) යටතේ දකුණු අප්‍රිකාව විසින් පාලනය කරනු ලැබූ නිරිතදිග අප්‍රිකාවෙහිද එය ව්‍යවහාර කෙරිණි.

දකුණු අප්‍රිකාවේ වාර්ගික විසංගමනය ඇරඹුනේ ලන්දේසි [3] සහ බ්‍රිතාන්‍ය පාලනය යටතේ යටත්විජිතවාදී සමයෙහිදීය. කෙසේවෙතත්, වර්ණභේදය නිල ප්‍රතිපත්තියක් වූයේ 1948 මහා මැතිවරණයෙන් පසුවය. නව නීති සම්පාදනය වෙතින්, වාර්ගික කණ්ඩායම් සතරකට වැසියන් බෙදන ලද අතර ("දේශීය", "සුදු", "සුදු-කළු මිශ්‍රිත", සහ "ආසියානු"),[4] නිවැසි ප්‍රදේශ විසංගමණය කරන ලද්දේ, සමහරවිට, බලහත්කාරයෙන් ඉවත් කිරීමෙනි.


ආශ්‍රිත[සංස්කරණය]

  1. ගලග්හර්, මයිකල්. "ද බර්ත් ඇන්ඩ් ඩෙත් ඔෆ් ඇපාර්ටයිඩ්". බීබීසී නිවුස්. සම්ප්‍රවේශය 17 ජූනි 2002.
  2. "රෙසලූෂන්ස් ඇඩොප්ටඩ් බයි ජෙනරල් එසෙම්බ්ලි ඩියුරින් ඉට්ස් 21ස්ට් සෙෂන්" (PDF). සම්ප්‍රවේශය 11 අගෝස්තු 2012.
  3. ඒ. ඩු ටොයිට්, එච්.බී. ගිලියොමී. ඇෆ්රිකානර් පොලිටිකල් තෝට්: ඇනලිසිස් ඇන්ඩ් ඩොකියුමන්ට්ස්. කැලිෆෝනියා විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. සම්ප්‍රවේශය 7 ජූනි 2013. {{cite book}}: Cite has empty unknown parameter: |coauthors= (help); Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  4. Baldwin-Ragaven, Laurel; London, Lesley; du Gruchy, Jeanelle (1999). ඇන් ඇම්බ්යුලන්ස් ඔෆ් රෝං කලර්: හෙල්ත් ෆ්‍රොෆෙෂනල්ස්, හියුමන් රයිට්ස් ඇන්ඩ් එතික්ස් ඉන් සවුත් ඇෆ්රිකා. සීමාසහිත ජුටා සහ සමාගම. පි. 18