වනාන්තර

විකිපීඩියා වෙතින්
(වනාන්තරය වෙතින් යළි-යොමු කරන ලදි)
උතුරු කැලිෆෝනියාවේ Sierra Nevada ප්‍රදේශයේ ඝනව වැඩුණූ මෘදු ශාක (කේතුධර වනාන්තරයක්)

වනාන්තරයක් (ඉංග්‍රීසි:  forest) යනු අධික ශාක ඝනත්වයක් සහිත ප්‍රදේශයකි. විවිධ තත්ව යටතේ වනාන්තරය අර්ථකථනය කරන ආකාර කිහිපයක් ඇත. මෙම ශාක ප්‍රජාව, පෘථිවි තලයෙන් ආසන්න ලෙස 9.4% ක ප්‍රමාණයක් ආවරණය කර ඇත. ( හෝ මුළු භූමි ප්‍රමාණයෙන් 30% ක්). පෘථිවි ජීවී ගෝලයේ වැදගත්ම අංශවලින් එකක්වන වනාන්තර, ජීවීන්ට නිජ භූමියක් ලෙසද ජල චක්‍රය විධිමත්ව ක්‍රියාකරවීම ද පාංශු සංරක්ෂණය කිරීමද සිදු කරයි. අතීතයේ වැඩවසම් යුගයේ සිටි ශ්‍රේෂ්ඨ නායකයන්, වනාන්තරයක් ලෙස හඳුන්වා දී ඇත්තේ, නීතිමය වශයෙන් සතුන් දඩයම් කිරීම සඳහා වෙන් කළ වගා නොකළ ප්‍රදේශයි. මෙම දඩයම් වනාන්තර දැවමය වීම අනිවාර්ය වී නැත. (“රාජකීය වනාන්තර” බලන්න). එසේ වුවත් බොහෝ අවස්ථාවල වැඩි වශයෙන් දඩයම් වනාන්තර ලෙස හඳුන්වා ඇත්තේ දැවමය ප්‍රදේශයි. එම නිසා ස්වයංසිද්ධවම වනාන්තර යන පදයෙන් සාමාන්‍යයෙන් අදහස් කරන්නේ දැවමය ප්‍රදේශයක් බවයි. නමුත් “දැව භූමියක්” ලෙස හඳුන්වන ප්‍රදේශය පාරිසරිකව සැලකුවහොත් “වනාන්තර” වලින් වෙනස් වේ.

විකාශනය[සංස්කරණය]

දැනට සොයාගෙන ඇති පරිදි ලොව ප්‍රථම වනාන්තරය බිහි වී ඇත්තේ ඩෙවෝනියන් යුගයේ අගභාගයේදී (ආසන්නව වසර මිලියන 380කට පෙර) ය. එය සිදු වී ඇත්තේ  Archaeopteris නම් ශාකයේ විකසනයත් සමගයි. Archaeopteris යනු ගස්-පර්ණාංග ආකාරයේ ( both tree-like and fern-like) මීටර 10ක් (අඩි 33) පමණ උසට වැඩෙන ශාකයකි. මෙම ශාකය සමකයේ සිට උප ධ්‍රැවක අක්ෂාංශ දක්වා ලෝකය පුරා සීඝ්‍රෙයන් ව්‍යාප්ත විය. පත්‍ර හේතුවෙන් සෙවණ ඇති කල ප්‍රථම ශාකය ලෙස හඳුනාගෙන ඇති Archaeopteris හි මුල් මගින් පසෙහි ව්‍යුහය පවත්වා ගත හැකි වූ බැවින් මෙම ශාකයට වනාන්තරයක් බිහි කිරීමට හැකියාව ලැබිණි. Archaeopteris පතනශීලී ශාකයක් බැවින් එහි පත්‍ර වනාන්තරයේ පොළවට වැටිණි. මෙසේ ප්‍රථම වනාන්තරය නිර්මාණය විය.

වන කළමනාකරණය සහ වන විනාශය[සංස්කරණය]

වනාන්තර සහ ඒවායේ පරිසරය අතර ඇති අන්තර් සම්බන්ධතා පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනය වනාන්තර පරිසර විද්‍යාව නම් වේ. වනාන්තර කළමනාකරණය කිරීම වන කළමනාකරණය (forestry) නමින් හඳුන්වා ඇත. 1980 දශකයේ සිට වන කළමනාකරණය පෙර සියවස් කිහිපයකට පෙර පැවති ආකාරයට වඩා සීඝ්‍රව වෙනස් විය. වර්තමානයේ වන සංරක්ෂණය සඳහා යොදා ගන්නා ක්‍රියා මාර්ග තිරසාර වනාන්තර කළමනාකරණය ලෙස හඳුන්වයි. පරිසර විද්‍යාඥයින් තම දැඩි අවධානය වනාන්තර පද්ධති සහ ඒවායේ ක්‍රියාකාරීත්වය කෙරෙහි ඇති බලපෑම් වෙත යොමු කරයි. මෙසේ අවධානය යොමු කරනුයේ වනාන්තර කෙරෙහි ඇති බලපෑම් අතර ඇති සම්බන්ධතා පිළිබඳ අවධානය යොමු කරන අතරය. වනාන්තර පිළිබඳ සැලකිලිමත් වන පිරිස තිරසාර වනාන්තර කළමනාකරණය සිදු කරනුයේ පාරිසරික, සමාජයීය සහ ආර්ථික වටිනාකම් කේන්ද්‍ර කරගෙන දේශීය ප්‍රජාව සහ අනෙකුත් පරිසර හිතකාමීන් ඇසුරු කරගෙනය.

වනාන්තර කෙරෙහි බලපාන සාධක අතරින් මිනිසා මූලිකව සිදු කරන සාධක අතර වන විනාශය මිනිසා විසින් ඇති කරන ගිනි, අම්ල වැසි සහ පරිසරයට හඳුන්වා දෙන විශේෂ සඳහන් කළ හැක. මීට අමතරව ස්වාභාවික සාධක ද බලපායි. ඒ අතර වනාන්තරවල ඇති වන ලැව් ගිනි, රෝග, කෘමීන්, දේශගුණික විපර්යාස, විශේෂ අතර තරඟය වැදගත් වේ. 1997 දී ලෝක සම්පත් මධ්‍යස්ථානය (World Resource Institute) වාර්තා කරන අන්දමට 20%ක් පමණ වන මුල්ම වනාන්තර සම්පූර්ණව විනාශ නොවූ විශාල වනාන්තර අතර පිහිටයි. මේවායින් 75%ක්ට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රධාන රටවල් 3කට පැතිර ඇත. රුසියාවේ සහ කැනඩාවේ ඇති Boreal forests සහ බ්‍රසීලයේ ඇති වැසි වනාන්තර ලෙස ඒවා පවතී. 2006 දී ඉදිරිපත් කරන ලද නවතම චත්‍රිකා ජායාරූප මඟින් සම්පූර්ණව විනාශ නොවූ වනාන්තර පිළිබඳ නවතම දත්ත සකසා ඇත.

දැව නිෂ්පාදනයට වඩා සංරක්ෂණය සහ දිගු පැවැත්ම තහවුරු කර ඇති උතුරු කැලිෆෝනියාවේ රෙඩ් වුඩ් (Red wood) ශාඛය. වයඹ දිග ඔරිගන්හි ඇති වෙරළාශ්‍රිත ඩග්ලස් දේවදාර වනාන්තරය

කැනඩාවේ 4,020000 km2 පමණ වන ආවරණයක් ඇත. එයින් 90% පොදුවේ අයිතියට යටත් වී ඇති අතර 50% ක් පමණ වගාව සඳහා ලබා දී ඇත. මෙම 50% ක ප්‍රමාණය තිරසාර වන කළමනාකරණය මූලධර්මය මඟින් මනාව කළමනාකරණය කරයි. දේශීය ජනයා සමඟ පවතින සබඳතා උපයෝගී කරගෙන කැනඩාවේ වන කළමනාකරණය සිදු කරයි. කැනඩාවේ වනාන්තරවලින් 8% පමණ සම්පත් සංවර්ධනය මඟින් නීත්‍යානුකූලව සංරක්ෂණය කරයි. මුළුවනාන්තර කෙරෙහි බලපාන සාධක අතරින් මිනිසා මූලිකව සිදු කරන සාධක අතර වන විනාශය මිනිසා විසින් ඇති කරන ගිනි, අම්ල වැසි සහ පරිසරයට හඳුන්වා දෙන විශේෂ සඳහන් කළ හැක. මීට අමතරව ස්වාභාවික සාධක ද බලපායි. ඒ අතර වනාන්තරවල ඇති වන ලැව් ගිනි, රෝග, කෘමීන්, දේශගුණික විපර්යාස, විශේෂ අතර තරඟය වැදගත් වේ. 1997 දී ලෝක සම්පත් මධ්‍යස්ථානය (World Resource Institute) වාර්තා කරන අන්දමට 20%ක් පමණ වන මුල්ම වනාන්තර සම්පූර්ණව විනාශ නොවූ විශාල වනාන්තර අතර පිහිටයි. මේවායින් 75%ක්ට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රධාන රටවල් 3කට පැතිර ඇත. රුසියාවේ සහ කැනඩාවේ ඇති Boreal forests සහ බ්‍රසීලයේ ඇති වැසි වනාන්තර ලෙස ඒවා පවතී. 2006 දී ඉදිරිපත් කරන ලද නවතම චත්‍රිකා ජායාරූප මඟින් සම්පූර්ණව විනාශ නොවූ වනාන්තර පිළිබඳ නවතම දත්ත සකසා ඇත.වනාන්තර ප්‍රමාණයෙන් 40%ක් පමණ විවිධ සංරක්ෂණ ක්‍රම මඟින් භූමි ප‍රිභෝජන සැලසුම් හෝ සැලසුම් සහගත කළමනාකරණය එනම් සහතික කරන ලද වනාන්තර ලෙස සංරක්ෂණය කරයි. 2006 දෙසැම්බර් වන විට කැනඩාවේ 1237,000km2 වන වනාන්තර ප්‍රමාණයක් තිරසාර ලෙස කළමණාකරණය කරන ලද වනාන්තර ලෙස සහතික කරන ලදී. සම්පූර්ණයෙන්ම කැපිය හැකි වනාන්තරවල අස්වනු නෙලීමට, වනාන්තර විවිධ අවශ්‍යතා සඳහා කැපීමට භාවිතා කරන ක්‍රමය වන අතර ව්‍යාපාරිකව මෙය සිදු කරන සමාගම්වලට වනාන්තර නැවත පුනර්ජනනය කළ යුතු බවට නීති පනවා ඇත. බොහෝ කැනඩා ප්‍රාන්තව සම්පූර්ණයෙන්ම කැපිය හැකි ඒවාට සීමා කිරීමට නීති පනවා ඇති අතර සමහර පැරණි සම්පූර්ණ වන වගා 110km2 පමණ වේ.

ඇමරිකා එක්සත් ජනපදයේ බොහෝ වනාන්තර මිනිසාගේ බලපෑමට යටත්ව ඇත. නමුත් මෑතක දී දියුණු කරන ලද වනාන්තර සුරැකීමේ ක්‍රම මඟින් මධ්‍යස්ථ, විශාල පරිමාණ හෝ තද බලපෑම් පාලනය කරයි. නමුත් ඇමරිකානු වනාන්තර සේවා (forest service) ඇස්තමේන්තු කර ඇති ආකාරයට මුළු වනාන්තර ප්‍රමාණයෙන් 6000km2 ක ප්‍රමාණයක් නාගරීකරණය සම සංවර්ධනය නිසා අහිමි වේ. දකුණු ප්‍රදේශයේ 800,000 සිට 100,000 km2 ප්‍රමාණයක වනාන්තර සංවර්ධනය නිසා අහිමි වේ. නමුත් ඇමරිකාවේ උතුරු ප්‍රදේශවල වනාන්තර ප්‍රමාණය ස්ථාවරව පවතී, එසේ නැතිනම් ප්‍රමාණය ඉහල යයි.

ලොව ප්‍රධාන වනාන්තර ‍වර්ග දෙකක් හඳුනාගෙන ඇත.

  1. ස්වභාවික වනාන්තර
  2. මිනිසා විසින් නිර්මාණය කරන ලද වනාන්තර


ස්වභාවික වනාන්තර ස්වභාවික ජෛව විවිධත්ව රටා, ප්‍රදේශයට ආවේනික ජීවී, සහ ශාඛ විශේෂවලින් යුක්තය. වනාන්තරවල ස්වබාවික ගොඩනැඟුම කෙරෙහි හෝ වනාන්තරයේ අඩංගු දෑ සම්බන්ධ මිනිසාගේ බලපෑමක් මෙහිදී දක්නට නොමැත. නමුත් මිනිසා විසින් නිර්මාණය කරන ලද වනාන්තරවලට මිනිසාගේ ඇති බලපෑම නිසා පාරිසරික රටා වෙනස් වී ඇත. මේවායේ ඇති ශාක, සත්ත්ව විශේෂ වෙනත් ස්ථානයක සම්භවය ලබා වනාන්තරයට හඳුන්වා දුන් ඒවා වේ.

භාවිත[සංස්කරණය]

වනාන්තර පිළිබඳ සැලකීමේදී ගිනි වැළැක්වීම වැදගත්ය. 1998 දී Florida හි පැවති නියඟයෙන් ඇති වූ විනාශකාරී ලැව්ගිනි මගින් නිවාස විශාල සංඛ්‍යාවක් විනාශ විය. වන කළමනාකරුවන්ට අනුව මෙයට බලපෑ හේතුව පාලනය කරන ලද වන පිළිස්සීම කලින් නතර කිරීමයි. සෑම වසරකම අමතර ශාක පත්‍ර හා අතු උණුසුම් වීමට හා පාලනය කළ නොහැකි ගිනිවලට බලපායි.

පාලනය කරන ලද පිළිස්සීම් ඩ්‍රිප් ටෝර්ච් (Driptorch) මගින් දල්වයි.මෙය මගින් අචල වාෂ්ප ධාරාවක් ලෙස ගින්දර පතුරුවා භූමිය අවශ්‍ය ලෙස දහනය කරයි. Driptorch වර්ග කිහිපයක් ඇත‍. Helitorch නමින් හෙලිකොප්ටර්වලට සම්බන්ධ කරන ලද ටෝර්ච් වර්ගයක් ඇත. තවද, වාහනවල පැත්තකට සම්බන්ධ කළ ටෝර්ච් වර්ග ඇත. ගිනි කෙළි ලෙස සකසන ලද උපකරණයක්ද ගිනි දැල්වීමට යොදා ගනී.

ඉවතලන ද්‍රව්‍ය, සහ දැව කඳන් කැපීමේදී ඉතිරිවන ද්‍රව්‍ය ගිනි තැබීමට පාලනය කරන ලද ගිනි තැබීමේ ක්‍රම භාවිතා කරයි. පතුරවා හරින ලද ගිනි තැබීම විසිරී ඇති කපන ලද ශාක කොටස් විනාශ කිරීමට ගිනි තැබීම සඳහා එක ස්ථානයකට එකතු කරයි. මෙසේ එකතු කරන ලද ද්‍රව්‍ය ගිනි තැබීම එළිමහනේ ගිනිමැල ගැසීම ලෙස හඳුන්වයි. ඉහළ උෂ්ණත්ව පසේ භෞතික, රසායනික තත්ත්ව විනාශ කරන අතර පස ජීවානුහරණය කරයි. ව්‍යාප්ත කරන ලද ගිනි තැබීම මගින් ඇති වන අඩු උෂ්ණත්වය ගිනි තබන ද්‍රව්‍ය එකට ගොඩ ගසා ගිනි තැබීම තරම් පසට හානි නොකරයි. මේ නිසා පිළිස්සීමට පසු ක්ෂේත්‍රය සැකසීම පහසුය. පාහින ලද හෝ විසිරී ඇති ශාක කොටස් පිළිස්සීමේදී, එක තැනකට එම ද්‍රව්‍ය ගොඩ ගසා යන්ත්‍ර මගින් සිදු කරයි. මෙය ප්‍රභලතාව අඩු ගින්දර ලබා දේ. මෙයට හේතු ශාක කොටස් තදින් ඇසිරී නොතිබීමය. නමුත් ක්ෂේත්‍රයේ ඇති ශාක කොටස් එකතු කිරීමට යන්ත්‍ර යොදා ගැනීම නිසා පසට හානි වේ.

විවාද/මතවාද[සංස්කරණය]

Clemson විශ්ව විද්‍යාලයේ වන කළමනාකරණය පිළිබඳ මහාචාර්ය George.D.Kessler සඳහන් කරන අන්දමට පාලනය කරන ලද ගිනි තැබීම්, ඉන්ධන අඩු කිරීම, වනජීවී වාසස්ථාන වර්ධනයට උපකාරී වේ. තරගකාරී ශාක පාලනය,උලා කෑමට ඇති ද්‍රව්‍ය ප්‍රමාණය නංවීම සහ ශාක සුලභතාවය නංවයි. මීට අමතරව ශාක රෝග පාලනය සහ විනාශවන ශාක පිළිබඳ වාර්තා පවත්වා ගනී. අතීතයේ වවන ලද පයින් (Pine) වනාන්තරවල Sandhill සහ Flatwood වාසස්ථානවල සිටි Red – Cockaded Woodpeckers ජීවීන්ගේ වාසස්ථානවල තත්වය නැංවීමට මෙම ගිනි තැබීම් වැදගත්ය. නමුත් බොහෝ විද්‍යාඥයන් මෙයට විරුද්ධය.

ඔවුන්ට අනුව සෑම වනාන්තරයක්ම ඒවාට ආවේණික ගුණාත්මක තත්ව මගින් තක්සේරු කළ යුතුය.

පාලනය කරන ලද වනාන්තර ගිනි තැබීම පිළිබඳවන කළමනාකරණයේදී විවිධ මතවාද පලවී ඇත.Barbara.A.Lund විශ්වාස කරන ආකාරයට පිළිස්සුම් පරිසරයට හානිදායකය. ඇයට අනුව පාලනය කරන ලද පිළිස්සුම් බටහිර ප්‍රදේශවල අරටු සහිත වනාන්තරවලට හා ඒවායේ ජීවීන්ට අහිතකරය. ගිනි තැබීම් අතරතුර වන ජීවීන් මිය යයි.

ආශ්‍රිත[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=වනාන්තර&oldid=599301" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි