වධ හිංසාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
Torture.jpg

වධ හිංසා උදෙසා දේශියව මෙන්ම ජාත්‍යන්තරවද විවිධ අර්ථනිරුපන ලබා දී තිබේ.ඒ කුමන අර්ථනිරුපනය තුලට වැටෙන වධ හිංසාවක් වුවත් තමනට සිදුවනවාට කිසිවෙකු කැමති නොවන අතර ,එවැනි වධ හිංසාතුලින් වැලකී සිටිමට සැමවිටම ප්‍රයත්න දරනු ලබයි.මෙලෙස යමෙකුට වධ හිංසාවක් වීමේ අවධානමක් තිබේ නම් ඉන් වැළකී සිටීමටත් අයිතියක් ඇත.

ජාත්‍යන්තර නීතිය තුල වධ හිංසාව වැලැක්වීමේ ප්‍රතිපාදන[සංස්කරණය]

  • 1984 ද් එක්සත් ජාතින් විසින් වධ දීම හා අනෙකුත් කෲර,අමානුෂික හෝ අවමන් සහගත සැලකීම හෝ දඩුවම් වලට එරෙහි වූ සම්මුතිය සම්මත කරන ලදි.මෙම සම්මූතියේ 22 වගන්තිය අනුව රාජ්‍යක යූද්ධයක් වේ යැයි ඇති තර්ජන, අභ්‍යන්තර දේශපාලන අස්ථාවර භාවය ,හදිසිභාවය වැනි කරුණූ මත වධ හිංසාවට ව්‍යතිරේඛ නොවේ.එනම් ජාත්‍යන්තරය තුල වධ හිංසාව මානව වර්ගයාටම එරෙහි අපරාධයක් ලෙස සලකමින් අනුලංගනීය (Jus cogense) (එනම් කිසි ලෙසකින් උල්ලංගනය කළ නොහැකි) අයිතියක් ලෙස දක්වා ඇත.මේනිසා වධ හිංසාව සිදුවන රටට පමණක් නොව වෙත් රටකට වූවද එ පිළිබද විශ්වමය අධිකරණ බලය හිමි වී ඇත.එනම් වධ හිංසාව සිදු කරන්නෙකුට ඒරෙහිව ඕනැම රටකට නඩු පැවරිය හැකිය.

නිදසුන් -පිනොචේ නඩුවේදි චිලි රටේ නායකයා වන පිනොචේ කරන ලද වධ හිංසාවන්ට අදාලව ස්පාඤ්ඤ රජයට නඩු පැවරිමට හැකි වූයේ මෙම විශ්වමය අධිකරණ බලය නිසාවෙනි.

  • 1948 මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය 5වන වගන්තිය තුලින් වධ හිංසාව වැලැක්විමට පියවර ගෙන ඇත.
  • 1966 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මූතයේ 7වන වගන්තිය තුලින් වධ හිංසාව වැලැක්විමට පියවර ගෙන ඇත.


වධ හිංසා සිදු කිරීමෙ ක්‍රම[සංස්කරණය]

  • දණහිස් මගින් එල්ලීම
  • විටින් විට ශරීරයට පහර දීම.
  • පා පහර දීම.
  • අතුල් පහර දීම.
  • නිර්වස්ත්‍ර කොට ශරීරයට උණු වතුර හෙලීම හා විදුලිය ඇල්ලීම


වධ හිංසා ලැබීමේ ප්‍රතිඵල[සංස්කරණය]

  • කාන්සාව
  • විශාදය(අසහනය)
  • නින්දා සහගතබව
  • ආත්ම ශක්තිය හීන වීම
  • අධික විඩාබර බව
  • අලස බව
  • සමාජ සබදතාවලින් ඈත් වීම
  • ලිංගික බෙලහීනත්වය
  • මරණය


වධ හිංසාවට එරෙහිව ක්‍රියාත්මක වන මිණුම් දඩු[සංස්කරණය]

  • වධ හිංසක ක්‍රියා හෙලා දැකීම
  • වධ හිංසා පැමිනවීම නීතිමය ලෙස තහනම් කිරීම
  • සිරකරුවන් පිළිගත් ස්ථානවල රදවා තැබීම
  • නඩු පැවරීම
  • වන්දි ගෙවීම
  • අදාල ජාත්‍යන්තර සම්මුති ස්ථිර කිරීම

විවිධ රටවල තත්‍වය[සංස්කරණය]

ශ්‍රී ලංකාව[සංස්කරණය]

ශ්‍රි ලංකා නීතිය තුල වධ හිංසාව පිළිබඳ ප්‍රතිපාදන[සංස්කරණය]

වධ හිංසාව පැමිනවීමෙන් මානව අයිතිවාසිකම් උල්ලංගනය කිරිම මානව ඉතිහාසය පුරාම දක්නට ලැබේ.පුරාණ ශ්‍රී ලංකාවේ පැවති වධ හිංසන වර්ග 32 ක් පිළිබද සදහන් වේ.එකල රාජ පුරුෂයින් විසින් වධ හිංසා කිරි‍මේ තත්ත්වය ක්‍රියාත්මක කළ අතර එවි නීත්‍යානූකූල ලෙස සැලකීය.නමුත් ඒවා ඉතා අමානුෂික,අවමන් සහගත ලෙස ක්‍රියාත්මක විය.සිංහල රජ කාලයේ දෙන ලද වධ හිංසා පිළිබද රොබට් නොක්ස් තම "එදා හෙළ දිවයින" නම් ග්‍රන්ථයේ හොදින් නිරුපනය කොට ඇත්තේය. අතීතයේ ලංකවේ සිදුවන වධ හිංසාව වැලැක්විම උදෙසා සකස් කර තිබූ නීතිමය ප්‍රතිපාදන "ටැම් ලිපි" හා "ශිලා ලේඛන" වල සදහන් කොට ඇත.නමුත් මේවා විධිමත් ලෙස සකස් කරන ලද්දේ 1815 බ්‍රිතාන්‍ය විසින් කන්ද උඩරට ප්‍රභූන් අතර අත්සන් කල "කන්ද උඩරට ගිවිසුම" තුල 6 වන වගන්තිය තුල "ගාත්‍රා සන්ධිස්ථාන අයයවයන් කැපීමෙන් කරන නානා ප්‍රකාර වූ ශරීර වධ වේදනා නැති කරන්ඩ සහා තහනම් කරන්ඩ යෙදුනායැ" ලෙස සදහන් කොට ඇත. අද වන විටදි ලංකාව තුල රාජ්‍ය අංශයට අදාලව සිදු කරන වධ හිංසාවන් සම්බන්ධයෙන් විවේචන එල්ල වනුයේ පොලිසිය,බන්ධනාගාරය,පාසල් වලටයි.ඒ අතරින් පොලිසිය උදෙසා වැඩි විවේචන එල්ල වී ඇත්තේය.මන්ද අදාල පුද්ගලයන්ගේන්,එනම් සැකරුවන්ගෙන් තොරතුරු ලබා ගැනීම උදෙසා මෙලෙස වධ හිංසාවට ලක්කරන බවයි.නමුත් මෙවැනි වධ හිංසා වැලැක්විම උදෙසා ලංකා නීතිය තුල පහත පියවර ගෙන ඇත.


  • 1895 අංක 14 දරණ සාක්‍ෂි ආඥා පනත

25 වන වගන්තිය

"පොලිස් නිලධාරියෙකුට කරන ලද වරද කියා පැමක් චෝදනා ලැබ සිටින්නකුට විරුද්ධව ඔප්පු නොකල යුතුය."ඉන් අත් අඩංගුවට පත් පුද්ගලයෙකුට බලපැම් කර හෝ වධ හිංසා කර හෝ ප්‍රකාශ ලබා ගැනිම වලක්වා ඇත.

26(1) උප වගන්තිය

"පොලිස් නිලධාරියෙකුගේ ආරක්‍ෂාව යටතේ සිටින කාලය තුල යම් තැනැත්තකු විසින් කරනු ලබන වරද කියා පෑම ඔහුට විරුද්ධව ඔප්පු කල නොහැකිය." මෙහිදි මහේස්ත්‍රාත් ඉදිරියේ කරනු ලබන වරද කියා පෑමක් පමනක් ඔහුට විරුද්ධව ඔප්පු කිරිමේ හැකියාව ලබා දී ඇත්තේ ද ඔහුට වධ හිංසා කර ප්‍රකාශ ලබා ගැනීම වැලැක්වීම සදහාය.


  • 1979 අංක 15 දරණ අපරාධ නඩුව්ධාන සංග්‍රහා පනත

28 වන වගන්තිය

"සිර භාරයට ගනු ලැබූ තැනැත්තෙකු ඔහු පැනයාම වැලැක්වීමෙහිලා අවශ්‍ය ප්‍රමානයට වැඩි හැඩ පැවත්වීමක් ඔහු සම්බන්ධයෙන් නොකල යුතුය."

38 වන වගන්තිය

"වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්නා සෑම පුද්ගලයකු පිළිබඳව පොලිස් ස්ථාන භාර නිලධාරි විසින් අදාල මහේස්ත්‍රාත් අධිකරණය වෙත වාර්ථා කළ යුතුය." මෙමගින් සිරභාරයට පත් පුද්ගලයින්ට පොලිසිය හෝ අනෙක් සාම නිලධාරින් අතින් වන වධ බන්ධන වලින් වැලැක්වීමට කටයුතු කරයි.


  • 1994 අංක 22 වධ දීම හා අනෙකුත් කෲර,අමානුෂික හෝ අවමන් සහගත සැලකීම හෝ දඩුවම් වලට එරෙහි වූ සම්මුති පනත

ශ්‍රි ලංකාව එක්සත් ජාතින් විසින් සම්මත කළ වධ දීම හා අනෙකුත් කෲර,අමානුෂික හෝ අවමන් සහගත සැලකීම හෝ දඩුවම් වලට එරෙහි වූ සම්මුතිය 1984 දී අත්සන් කිරීම හා පසුව එයි ප්‍රතිපාදනයන් ආශ්‍රයෙන් 1994 අංක 22 හරහා ඉහත පනත ලංකාව තුල වධ හිංසාව වැලැක්විම උදෙසා ප්‍රතිපාදන සැලැස්වීය.එහි 2 වන වගන්තිය වධ දෙන,වධ දීමට තැත්කරන,වධ අනුබල දෙන හෝ වධ දීමට කුමන්ත්‍රනය කරන අයෙකු "මෙම පනත යටතේ වරදකරුවකු වන අතර වසර 7ක සිර දඩුවමකට ලක්වන්නේය.

පනත යටතේ වධ හිංසාවට වරදකරුවකු වීමට එම වධ හිංසාව පහත අයුරින් සිදුකල තිබිය යුතුය.

  • අදාල පුද්ගලයා පිලිබද හෝ තුන්වැනි පාර්ශවය පිළිබද තොරතුරක් හෝ පාපොච්චාරනයක් ලබා ගැනීමග
  • අදාල පුද්ගලයා හෝ තුන්වැනි පාර්ශවය විසින් කළ ක්‍රියාවට දඩුවම් කිරීම.
  • අදාල පුද්ගලයාට හෝ තුන්වැනි පාර්ශවීය පුද්ගලයකු තර්ජනය කර බිය වැද්දිමෙන් එකඟ කර ගැනීම සදහා


  • 1996 අංක 21 දරණ ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත

මෙම පනත යටතේ වධ හිංසාවක් සිදු වූ හෝ සිදු වීමට අත්‍යාසන්න තත්ත්වයක් පිළිබඳ විමර්ශනය කොට ඒ පිළිබඳ නිර්දේශ නිකුත් කිරිමට බලය ඇත.පනත යටතේ ,ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ හෝ හදිසි රෙගුලාසි යටතේ අත්අඩංගුවට ගන්නා පුද්ගයන් හා එකී පුද්ගලයන්ගේ රැදවුම් ස්ථානමාරු කිරිම පීළිබද පැය 48 ඇතුලත ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට දැන් විය යුතුයැයි(28 වන වගන්තිය) ප්‍රතිපාදන සලසා ඇත.

එසේම කොමිෂන් සභා පනත තුල බලතල යටතේ බලයලත් නිලධරීන්ට පොලිසිය,බන්ධනාගාර ඇතුළු රැදවුම් ස්ථාන පරීක්‍ෂා කිරීමට හා එකී කරුණු පරීක්‍ෂා කර ඒ පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරිම උදෙසා ප්‍රතිපාදන සලසා ඇත.මෙම ප්‍රතිපාදන හරහා අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට සිදුකරනු ලබන වධ හිංසාවන් නීතිය මගින් තුරන් කිරිමට කටයුතු කර ඇත.


  • පොලිස් ආඥා පනත

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් වධ හිංසාවට ලක් වීම වැලැක්විම උදෙසා පියවර ගෙන ඇත.එනම් පොලිස් දෙපාර්තමේන්තු රෙගුලාසි මගින් රැදවියන්ට සැළකිය යුතු ආකාරය හා උප සේවා නියෝග මගින් ද දක්වා ඇත්තේ රැදවියන් පිළිබද නිරන්තරයෙන් පරීක්‍ෂා කළ යුතු බවත්,ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබද සැලකිය යුතු බවත්ය.


  • 2001 අංක 11 දරණ අධ්‍යාපන චක්‍ර ලේඛනය මගින් පාසැල් තුල සිදුකරන ශාරීරික දඩුවම් දීම සම්පූර්නයෙන් තහනම් කරන ලදි.


ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුල ඇති ප්‍රතිපාදන[සංස්කරණය]

1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පිළිබද දැක්වෙන 3 වැනි පරිච්ජේදයේ 11 වන ව්‍යවස්ථාව යටතේ දක්වන්නේ "කිසිම තැනැත්තෙකු වධ හිංසාවලට හෝ කෲර,අමානුෂික හෝ අවමන් සහගත සැලකීම හෝ දඩුවම් වලට ලක් නොකල යුත්තේය.

17 වන ව්‍යවස්ථාව අනුව එවැනි වධහිංසාවක් රජයේ විධායක හෝ පරිපාලන ක්‍රියාවක් මගින් සිදු වූයේ නම් හානියට පත් වූ පූද්ගලයාට හෝ ඔහුගේ නීතිඥයාට මාස 1 ක් ඇතුළත ශ්‍රේඨාධිකරණයට පැමිණිලි කර සහන ලබා ගත හැකිය.(126 වන ව්‍යවස්ථාව).මෙම 11වන ව්‍යවස්ථාව කිසිදු ලෙස සීමාවට ලක් කළ නොහැකිය.එමගින් තවදුරටත් වධ හිංසාව නවතා ඇත.


නඩු තීන්දු නීතිය තුල වධ හිංසාව පිළිබද ප්‍රතිපාදන[සංස්කරණය]

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 126 ව්‍යවස්ථාව යටතේ හානියට පත් පුද්ගලයාට හෝ ඔහුගේ නීතිඥයාට නඩු පැවරිමට ශ්‍රේඨාධිකරණයට යා හැකි වූව ද මුල්කාලීන නඩු තීරණ තුලදී ඊට ලැබුණු ඉඩ ප්‍රමාණය අවම විය.නිදසුන් ලෙස සෝමාවතිවීරසිංහ (1990 2 SLR 121) නඩුවේ දි ස්වාමියා සිරගත වී සිටින විට භාර්යාව ගෙන ආ නඩුකරය ප්‍රතික්‍ෂ්ප විය.

නමුත් ඉංදියාවේ මහජන සුභසාධක නඩුකර පුළුල් වන විට දී ලංකාවේ 44 වන විටදි ශ්‍රේඨාධිකරණ රීති හරහා හානියට පත් පුද්ගලයා වෙනුයෙන් වෙනත් පාර්ශ්වයකට නියෝජනය වෙමින් පෙරකලාසිය අත්සන් කිරිමට අවසර දී ඇත.

මේ අනුව ඇනස්ලීන් ප්‍රනාන්දුසරත් පෙරේරා (1992 1SLR 411) හීදී තම පුතා නීතිවිරෝධි ලෙස අත්අඩංගුවට ගෙන ශාරීරික වධ හිංසා කලා යැයි තම මවට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ‍ගෙන ඒම හරහා ඇයට වන්දි ලබාගත හැකි විය.එසේම ශ්‍රියානි සිල්වාOIC පයාගල (2003 2SLR 630 ) සැමියා සිර භාරයේ සිටිය දි වධ හිංසාවට ලක්ව මිය යාම ‍වෙනුවෙන් භාර්යාවට හා දරුවන්ට අනුප්‍රාප්තික අයිතිය යටතේ නඩු පැවරීමට හැකි විය.

තවද වධ හිංසාව මානසික ලෙස සිදු වූ ඩග්ලස් බණඩාර (2000 1 SLR 225) නඩුවේ දි විදුහල්පතිවරයෙකු සිසුවෙකුට කම්මූල් පහරක් දිම නිසා වූ අවමානය නිසා 11 ව්‍යවස්ථාව යටතේ සහන ලබා ගත හැකි විය.

ලංකාවේ වධහිංසා පිළිබද සහන[සංස්කරණය]

Torture picture.JPG


මේ අඩවිත් බලන්න[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=වධ_හිංසාව&oldid=283352" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි