වතිකානු උද්‍යාන

විකිපීඩියා වෙතින්
  • වතිකානු උද්‍යාන
  • Gardens of the Vatican City
වතිකානු උද්‍යාන
වතිකානු උද්‍යාන
පිහිටීමVatican City
ඛණ්ඩාංක41°54.2′N 12°27.2′E / 41.9033°N 12.4533°E / 41.9033; 12.4533ඛණ්ඩාංක: 41°54.2′N 12°27.2′E / 41.9033°N 12.4533°E / 41.9033; 12.4533
වපසරිය23 hectares (57 acres)
තත්වයActive

වතිකානුවේ මුළු භූමිභාගයෙන් භාගයකට වඩා ඇත්තේ වතිකානු උද්‍යාන වේ. (ඉතාලි: Giardini Vaticani),[1] උද්‍යාන Renaissance හා Baroque යුගයේ පිහිටුවා ඇති අතර මූර්ති හා වතුර මල් වලින් සරසා ඇත.

වතිකානු කඳුගැටයේ විශාල ප්‍රදේශයක් පුරා විහිදුනු උද්‍යාන ආසන්න වශයෙන් හෙක්ටයාර 23 ක පමණ භූමිභාගයක් ආවරණය කරනු ලබයි. උසම ස්ථානය මුහුදු මට්ටමේ සිට මීටර් 60 පමණ වේ. උතුරු, දකුණු හා බටහිර ප්‍රදේශ ගල් බිත්තිවලින් ආවරණය වී පවතී.

මධ්‍යතන යුගයේදී අපෝස්තලික නිවහනේ සිට උතුරු දෙසට විහිදුනු මිදි වතු හා පලතුරු වතු උද්‍යානය ගැන ඇති මුල් සටහන් වේ.[2] 1279 දී III වන නිකලස් පාප්තුමා (Giovanni Gaetano Orsini, 1277–1280) විසින් තම වාසස්ථානය ලැටරන් මන්දීරයේ සිට වතිකානුව වෙත ගෙන යන විට මෙම ප්‍රදේශය බිත්ති වලින් වටකරන ලදී.[3] ඔහු පලතුරු වත්තක් (pomerium), තණකොල සහිත පිට්ටනියක් (pratellum) හා උද්‍යානයක් (viridarium) පිහිටුවන ලදී.[3]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Map of Vatican City". www.saintpetersbasilica.org. සම්ප්‍රවේශය 11 October 2009.
  2. "Al Pellegrino Cattolico: The Vatican Gardens". 2008 Al Pellegrino Cattolico s.r.l. Via di Porta Angelica 81\83 (S.Pietro) I- 00193 Roma, Italy. සම්ප්‍රවේශය 21 November 2008.
  3. 3.0 3.1 "Official Vatican City State Website: A Visit to the Vatican Gardens". 2007–08 Uffici di Presidenza S.C.V. සම්ප්‍රවේශය 21 November 2008.
"https://si.wikipedia.org/w/index.php?title=වතිකානු_උද්‍යාන&oldid=588267" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි