වංශ ප්‍රවේණික නාමාවලිය

විකිපීඩියා වෙතින්

වංශ ප්‍රවේණික නාමාවලිය යනු ඒකාන්තරික ශ්‍රේණි ගත වූ නාමාවලියකි. එහි ප්‍රධාන අංග ද්විත්වය වන්නේ වංශ ප්‍රවේණික හැඳින්වීම් සහ ආනිවාර්ය ශ්‍රේණි ගත කිරීම්වලින් ඈත් වීමය. මෙය දැනට නියාමනය වී නැති නමුත් ඉදිරියේදී ක්‍රියාත්මක වීමට බොහෝ ඉඩ ඇත්තේය.

ජීව විද්‍යාත්මක වර්ගීකරණය,ක්ෂුද්‍ර ජීවීන් ආදිය කාණ්ඩගත කිරිම හා වර්ගීකරණය කිරීම ජීව විද්‍යාත්මක ප්‍රභේදය පදනම් කර ගනිමින් සිදු කරනු ලබන්නා වු ක්‍රමයකි.වංශ ප්‍රවේණික නාමාවලිය ශ්‍රේණි පදනම් කරගත් නාමකරණයට විකල්ප වු ක්‍රමවේදයක් ලෙස හැඳින්විය හැකිය.ශ්‍රේණි පදනම් කරගත් (rank based) කේත ක්‍රමයේදී ජීව විද්‍යාත්මකනාමකරණයේදි, ලැබෙන නාමයන් සඳහා අර්ථ දැක්වීම් නොමැත.මේවායේදී අර්ථ දැක්වීම් වෙනුවට වර්ගීකරණය කරන ලද කාණ්ඩයකට සම්බන්ධ වීම සිදුවේ.ඇතැම් ජීව විද්‍යාඥයින් මේසේ කාණ්ඩගත කිරීම විවේචනයට ලක් කොට තිබේ.වංශ ප්‍රවේණික නාමාවලි ක්‍රමවේදයේදී නාමකරණය ප්‍රවේණික , එකම ආදිතමයාගෙන් පරිණාමය වු බවට ලක්ෂණ පෙන්වන ජීවීන් කණ්ඩායමක් වෙතට සම්බන්ද වීම සිදුවෙ.මෙමගින් ඛණ්ඩනයක් හෝ එකතු වීමක් සිදු වීම වැළකේ.සාම්ප්‍රදායිකව වංශ ප්‍රවේණික නාමාවලියේදී කාණ්ඩගත වන අවශ්ථාවේදී ප්‍රධාන වශයෙන් ඒක වංශික හෙවත් එකම ආදිනමයාගෙන් පැවත එන අවස්ථාව යටතට ගැනේ.ශ්‍රේණිගත කිරීම පදනම් වු ක්‍රමවේදය සහ වංශ ප්‍රවේණික නාමකරණය න්‍යායාත්මක වශයෙන් වෙනස්කම් වලින් යුක්ත වේ. වංශ ප්‍රවේණික නාමාවලිය සහ නාමකරණය චාල්ස් ඩාවින් ගේ පරිණාමවාදය සංකල්පයත් සමග වර්ධනය වුවක් ලෙස හැඳින්විය හැකිය.මෙම සොයාගැනීම මගින් එතෙක් පැවතුන හා භාවිතා කරන ලද වර්ගීකරණය ඉක්මන් වෙනසකට භාජනය විය.උදාහරණයක් ලෙස ගත් විට ,1860 දී පමණ ජෝන් හොග් විසින් 'ප්‍රොටෝක්ටීස්ටා' යන නම ශාකමය හෝ සත්වමය දෙකොට්ඨාෂයට ම සමීප නොවු ජීවීන් වෙනුවෙන් නම් කරන ලදි.1860 දී අර්තස්ට් හෙකල් විසින් සියළු ජීවී කාණ්ඩ අන්තර්ගත කොට සංකල්පීය වෘක්ෂයක් නිර්මාණය කරන ලද අතර එය ක්‍රමවත් වර්ගීකරණ ක්‍රමවේදයක් වෙත යොමු විය.හෙකල් විසින් වංශයන්ඩේ ශ්‍රේණිගත කිරීමක් ඉදිරිපත් කරන ලදි.