ලෝටස් 1-2-3

විකිපීඩියා වෙතින්

හැඳින්වීම[සංස්කරණය]

Lotus 1-2-3 යනු දැන් IBM ආයතනයට සම්බන්ධ වී ඇති Lotus Software නම් ආයතනය විසින් 1983 දී නිර්මාණය කළ පැතුරුම්පත් ගණයට අයත් මෘදුකාංගයකි. එය IBM PC නම් පරිගණකය ඉඅතාමත්ම ජනප්‍රිය කිරීමට මුල් වූ අතර එහි නොයෙක් ලක්ෂණ හේතු කොට ගෙන අනෙක් සියළු පැතුරුම්පත් අභිබවා ඉදිරියෙන් සිටීමට ද හැකි විය.

ආරම්භය[සංස්කරණය]

VisiCalc නම් පැතුරුම්පතෙහි නිර්මාතෘවරයාගේ මිතුරකු වන Mitchell Kapor , Lotus Development Corporation ආයතනයේ ආරාම්භකයා විය. Lotus 1-2-3 මුලින්ම නිර්මාණය කරන ලද්දේ ඊට පෙර තවත් පැතුරුම්පත් දෙකක් නිර්මාණය කළ Jonathan Sachs විසිනි. මෙය මුලින්ම නිකුත් කරන ලද්දේ 1983 ජනවාරි 26 වන දාය

VisiCalc වල ජනප්‍රියත්වය Lotus 1-2-3 වලට මාරු වූ අතර Multiplan වල R1C1 ආකාරයේ කොටු හැඳින්වීම වෙනුවට VisiCalc වල A1 ආකාරයේ කොටු හැඳින්වීමකට යාම ත් "/" යතුරෙන් මෙනුව ක්‍රියාත්මක කිරීමත් මෙහි විශේෂත්වයන් විය. මෙහි ජනප්‍රියත්වය වසර ගණනාවක් ම පැවතීමට එක් හේතුවක් විය හැක්කේ එහි මෘදුකාංග දෝෂ විරහිත වීම යි.

5 ¼ ඩිස්ක් ඩ්‍රයිව් පමණක් තිබූ පරිගණක සඳහා 5 ¼ ඩිස්ක් 5 කින් Lotus 1-2-3 පැමිණි අතර ඒවා Install, 123, PrintGraph, Translate හා View වශයෙන් නම් විය. මෙහි PrintGraph නම් ඩිස්ක් එක ප්‍රස්ථාර මුද්‍රණය කිරීම සඳහා භාවිතා කළ අතර Translate නම් ඩිස්ක් එක Lotus 1-2-3 වල දත්ත dBase වැනි වෙනත් මෘදුකාංගයකට මාරු කිරීමත් එම මෘදුකාංග වල ඇති දත්ත Lotus 1-2-3 වලට මාරු කිරීමටත් භාවිතා විය.

ලක්ෂණ[සංස්කරණය]

x86 assembly language මත සම්පූර්ණයෙන්ම නිර්මාණය වූ නිසා Lotus 1-2-3 ඉතාමත්ම වේගවත් විය.

Lotus 1-2-3 යන නම භාවිතා කරන ලද්දේ එයට විශේෂ ක්ෂේත්‍ර 3ක ලක්ෂණ තිබි බැවිනි. ඒවා නම් පැතුරුම්පත් (Spreadsheet), දත්ත ගොනු (Database) හා ප්‍රස්ථාර (Graph) යි.

සමීකරණ = ලකුණෙන් ඇරඹුණු අතර වලට ආවේණික ශ්‍රිත (Functions) @ ලකුණෙන් ආරම්භ විය. අගය න් +,- හෝ . ලකුණුවලින් ඇරඹුණු අතර පෙළ ක් (Text) නම් ', " හෝ ^ ලකුණුවලින් ඇරඹිණි. මෙම ලකුණුවලින් පෙළ කොටුව තුළ කෙසේ පිහිටිය යුතු ද යන්න තීරණය විය.

දත්ත අනු-පිළිවෙලට සැකසීම කළ හැකි වූ අතර ගණිතමය මෙන්ම ව්‍යාපාර අරිපාලනයේ ත් සංඛ්‍යානයේත් ගණනය කිරීම් ගණනාවකට ම සම්බන්ධ ශ්‍රිත බොහෝ ගණනක් ම තිබිණ. විශේෂයෙන් Matrix Algebra නම් වීජ ගණිතයේ එන න්‍යායන් මඟින් සමගාමී සමීකරණ විසඳීම පවා කළ හැකි වූ අතර දත්ත විශාල ප්‍රමාණයක් සාරාංශ කළ හැකි Data Table නම් වූ විශේෂ පහසුකමක් ද Lotus 1-2-3 වල තිබූ ලක්ෂණවලින් කිහිපයකි.

Versions[සංස්කරණය]

Version 1.0 හි Macro නමින් පහසුකමක් තිබූ අතර එ මඟින් හි යතුරු ක්‍රියා කරවීමේ අනු පිළිවෙලක් වැඩ සටහනකට කැවීම මඟින් බොහෝ දේ කළ හැකි විය. යම්කිසි Macro එකක් මඟින් අතුරු මෙනුවක් නිර්මාණය කිරීම ද එහි එක් එක් අයිතමයක් සඳහා අවශ්‍ය දෑ එකක් හෝ වැඩි ගණනක් ඇතුළු කිරීම ද කළ හැකි විය. Version 2.0 හි බාහිර පහසුකම් Add-ins මඟින් එක් කළ හැකි විය.

MicroSoft ආයතනය විසින් නිර්මාණය කරන ලද MicroSoft Excel නම් පැතුරුම්පත සමඟ තරඟ කිරීම ට DOS මත වැඩ කළ Lotus 1-2-3 වලට නොහැකි වුව ද පසුව Windows මත වැඩ කරන Lotus Smartsuite නම් මෘදුකාංග කට්ටලයේ Lotus 1-2-3 නම් ඒ හා කරට කර සිටීමට හැකි විය.

"https://si.wikipedia.org/w/index.php?title=ලෝටස්_1-2-3&oldid=346234" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි