ලේඛන කලාව සහ අනන්‍යතාවය

විකිපීඩියා වෙතින්

ඕස්ට්‍රේලියානු ලේඛන කලාව ඕස්ට්‍රේලියාව සමඟ සංකීර්ණ, බහු-මූණිත සබඳතාවක් පෙන්නුම් කරන අතර භූ දර්ශණයන් පිලිබඳ රචිතයන්ගෙන් එය වඩාත් පිළිබිඹු විය. 1800 අග භාගයේ සහ 1900 මුල් භාගයේ බාබරා බෙන්ටන්ගේ (Barbara Baynton) කෙටි කථා තුලින් ග්‍රාමීය ප්‍රදේශවාසීන් එම සරුසාර භූමිය කෙරෙහි දැක්වූ බිය මෙන්ම දුරස්ථ භාවය විදහා දක්වයි. කෙනෙත් කුක්ගේ (Kenneth Cook) “Wake in Fright” (1961) ඕස්ට්‍රේලියවේ ඉතා පිටිසර ප්‍රදේශ කිසිඳු ගලවීමකින් තොර බිහිසිණු සිහිනයක් තුල ගිනිගන්නා සූර්‍යයා මෙන් නිරූපණය කර ඇත. 20 වන ශතවර්ශයේ නගරවාසීන් බොහොමයක් නොදත්, ඉතා පිටිසර සහ ප්‍රාදේශීය ඕස්ට්‍රේලියානුවන් ගත කල ජීවිතය කොලින් තීලෙගේ (Colin Thiele) නව කථාව තුළින් ඔවුනට සමත් විය.

ඕස්ට්‍රේලියානු සාහිත්‍ය තුල පැන නැඟුනු තවත් ගැටලුවක් නම් ඕස්ට්‍රේලියානුවෙකු වීමේ වැදගත්කමයි. කාන්තා ගත්කතුවරියක වූ මිලෙස් ෆ්‍රැන්ක්ලින් (Miles Franklin) හට ඕස්ට්‍රේලියාව තුල කතුවරියක ලෙස බොහූ ගැටලු වලට මුහුණ පෑමට සිදුවුණු අතර මෙය පසුබිම් කරගනිමින් ඇය “My Brilliant Career” (1901) නමින් ග්‍රන්ථයක් හෙලි දැක්වීය. ඕස්ට්‍රේලියානු පිටිසර ග්‍රාමයන් පිළිබඳ නැවුම්, ශුභවාදී අර්ථ නිරූපණයක් ඉදිරිපත් කිරීමට 1917 සිට 1937 අවධියේ ප්‍රකාශිත මාරී බ්ජෙල්ක් පීටසන්ගේ (Marie Bjelke Petersen) සුප්‍රසිද්ධ ප්‍රේම නවකතාව සමත් විය. පැට්‍රික් වයිට්ගේ (Patrick White) “The Twyborn Affair” නවකථාවෙහි එන මධ්‍යස්ථ චරිතය පූර්ව දෙවන ලෝක සංග්‍රාම අවධියේ ඕස්ට්‍රේලියානුවන්ගේ පුරුෂායිතය පෙන්නුම් කිරීමට උත්සාහ දරණ නමුදු පශ්චාත් යුධ අවධියේ වෙනත් විදේශීය අනන්‍යතාවන් ගොඩනැගීමට උත්සාහ දරයි. පීටර් කැරේ (Peter Carey) ඕස්ට්‍රේලියානු ජාතික අනන්‍යතාවක් ගොඩනැගීමට ඔහුගේ ග්‍රන්ථමාලවන්හි උත්සාහ දැරූ අතර, ඔහුගේ නවකථාවන්හි මෙය පුනරාවර්තී තේමාවක් විය. ඇන්ඩෘ මැක්ගහන් (Andrew McGahan) “Praise” (1992) සහ ක්‍රිස්ටොස් ට්සිලොක්ස් (Christos Tsiolkas) “Loaded” (1995) ඕස්ට්‍රේලියානු අනන්‍යතාව පිළිබඳ කතිකාවතට යථාර්තවාදී ප්‍රවේශයක් 1990 දශකය තුලදී ලබා දුන්නද මෙහිලා වැදගත් පුරෝගාමියෙකු වූයේ “Monkey Grip” (1977) රචිත හෙලෙන් ගාර්නර් (Helen Garner) වේ.

ඕස්ට්‍රේලියානු සහිත්‍යය කතුවරුන්ගේ අනන්‍යතාවය පිළිබඳ පැන නැගුනු විවිධ ගැටලු නිසා අපකීර්තියට පත් වුණි. 1994 දී අර්න් මැලෙය් (Ern Malley) සිදුවීම අසභ්‍ය පිරික්සුමකට මුල පිරූ අතර නවීන ආරේ පද්‍ය සාහිත්‍යයන්ගේ හිඟ භාවය පිලිබඳව නිතර දෝස් නැගුණි. 1990 දශකයේ "හෙලෙන් ඩෙමිඩෙන්කො" යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටි හෙලෙන් ඩර්විල්ලෙ (Helen Darville) ඇයගේ “Hand that Signed the Paper”යන නවකථාව වෙනුවෙන් ප්‍රධාන සහිත්‍ය සම්මානයන්ගෙන් පිදුම්ලත් අතර නට්සි හමුදාවන් යුක්රේනයෙදී ක්‍රියා කල ආකාරය පිළිබඳ ප්‍රභ්න්ධනාත්මක අන්තර්ගතයකින් යුතු විය. මෙය එවකට මතභේතයට තුඩු දුන් කාරණයක් විය. මුලදී කොලින් (Colin Johnson) ජොන්සන් ලෙස හැදින්වූ මුඩ්රූරූ (Mudrooroo) නැමති කතුවරයා ඇබෝර්ජීනියානුවෙක් ලෙස පෙනී සිටියද ඔහුගේ ඇබෝර්ජිනියානු භාවය පිළිබ්ඳව පසු කලකදී සැකයක් මතු විය. (ඔහුගේ මව අයර්ලන්ත/ඉංග්‍රීසී වූ අතර පියා අයර්ලන්ත / අප්‍රිකානු-ඇමරිකානුවෙකු විය. එහෙත් ඔහු ඇබෝර්ජීනියානු ගෝත්‍රිකයන් සම්ඟ සමීප සබඳකම් පැවැත්විය.) එනමුඳු මේ වන විට ඔහු කිසිඳු නිශ්චිත ජනවර්ගයක් පිළිනොගන්නා අතර ඔහුගේ නිර්මණයන්හිද එවැනි මතයන් දක්නට නොලැබේ.

අනෙකුත් රචකයන්ගේ මතය වූයේ ඕස්ට්‍රේලියාවේ අතීතය කෙබඳු වුවද එය වෙනස් විය යුතු බවයි. ක්ල්යිව් ජේම්ස් (Clive James), රොබර්ට් හියුගස් (Robert Hughes), බැරී හම්ෆ්‍රරීස් (Barry Humphries) සහ ගර්මනී ග්‍රීර් (Germaine Greer) 1960 දශකයේ ඕස්ට්‍රේලියාව හැර දමා එංගලන්තයට සහ ඇමරිකාවට සංක්‍රමණය වූ කතුවරුන් විය. රචිත ග්‍රීර් බොහෝ කලක් එංගලන්තයේ වාසය කල අතර ඇගේ ජන්ම භූමිය දැඩි ලෙස විවේචනය කරන්නීය.