ලිවීම සහ සංකේත පද්ධතිය
ලිවීම සහ සංකේත පද්ධතිය
මුද්‍රා වල , කුඩා වගුවල, පිඟන් මැටි භාජන හා තවත් දුසිමක් පමණ භාණ්ඩ තිබී එකිනෙකට වෙනස් ඉන්දු සංකේත 400ක් පමණ හමුවී තිබෙනවා(සමහරු කියන පරිදි 600ක්), මේ භාණ්ඩ වලට ඉන්දු නගරයක් වූ දෝලාවරි හි ඇතුළු බලකොටුවක ගේට්ටුවක එල්ලා තිබූ දැන්වීම් ලෑල්ලක්ද ඇතුලත්. සාමාන්‍ය ඉන්දු ශිලා ලේඛන අකුරු හතරකට හෝ පහකට වැඩි වන්නේ නෑ. බොහෝ ඒවා (දෝලාවරි හි දැන්වීම් ලෑල්ල හැර) ඉතා කුඩා ඒවායි. එක් මතුපිටක් මත තිබූ දිගම සටහන අලක කොටුවකට වඩා කුඩායි(2.54cm). මෙහි සංකේත 17 අඩංගුයි. ඕනෑම වස්තුවක් මත තිබූ දිගම සටහන සංකේත 26ක් දිගය.
ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය "සාක්ෂර සමාජයක්” ලෙස මෙවන් ශිලා ලේඛන වලින් සාක්ෂි හමු වුවත් පුරාවිද්‍යාත්මක හා භාෂාමය වටපිටාවක මෙය අභියෝගයට ලක්වනවා. මෙම ශිලා ලේඛන වල කෙටි බව කිසිම පූර්ව නූතන සාක්ෂර සමාජයක දකින්නට ලැබෙන්නේ නැහැ. මෙම සාක්ෂිය මත පදනම්ව ඉන්දු ශිෂ්ඨාචාරට භාෂාව කේතාංනය කිරීම නොකල බව තර්ක කරනු ලබනවා. නමුත් එය සාක්ෂර නොවන සංකේත භාවිතා කල නැගෙනහර සමාජයන්ට සමාන වනවා. සමහරු කියන්නේ අවස්ථානුකූලව මෙම සංකේත වෙළදාම සඳහා භාවිතා කල බවයි.
මෙම ශිලා ලේඛන වලින් දහස් ගණනක පින්තූර ඒ. පාරපෝලා සහ ඔහුගේ සගයන් විසින් සකස් කරනු ලදුව Coupus Indus Seals and Inscriptions(1987,1991) හි පල කරනු ලැබුවා.