Jump to content

ලියනාඩෝ ඩිකැප්‍රියෝ

විකිපීඩියා වෙතින්
ලියනාඩෝ ඩිකැප්‍රියෝ
Leonardo DiCaprio smiling at the camera.
ඩිකැප්‍රියෝ, ද වුල්ෆ් ඔෆ් වෝල් ස්ට්‍රීට් චිත්‍රපටයේ මංගල දර්ශනයේදී, 2014 ලන්ඩන් හි දී
උපතනොවැම්බර් 11, 1974 (1974-11-11) (වයස 49)
නිවහනBattery Park City, New York, United States
Los Angeles, California, United States
Palm Springs, California, United States
රැකියාවරංගනය, චිත්‍රපට නිෂ්පාදනය
සක්‍රීය වසර1989–වර්තමානය
දෙමව්පියන්(s)George DiCaprio
Irmelin DiCaprio
වෙබ් අඩවියOfficial website
Leonardo DiCaprio Foundation


ලියනාඩෝ විල්හෙල්ම් ඩිකැප්‍රියෝ (උපත 1974 නොවෙම්බර් 11) ඇමෙරිකානු නළුවෙකු සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වේ. 1990 මුල් බාගයේදී,  සැන්ටා බාබරා සෝප් ඔපෙරාව සහ ග්රෝවින් පේන්ස් කතා මාලාවෙහි පුනරාවර්තී චරිත ලෙස පෙනී සිටීමෙන් අනතුරුව, රූපවාහිනී වෙළඳ දැන්වීම් වල රඟපාමින් ඔහු සිය රංගන දිවිය ආරම්භ කළේය. 1993 දී Critters 3 චිත්‍රපටයේ රඟපාමින් ඩිකැප්‍රියෝ සිය චිත්‍රපට රංගන දිවිය ඇරඹීය.  ජේම්ස් කැමරන්ගේ ටයිටැනික් චිත්‍රපටයේ රඟපාමින් අන්තර්ජාතික කීර්තියක් අත් කර ගැනීමට සමත් විය.

2000 වසරේ සිට, පුළුල් සිනමාත්මක පරාසයක විහිදුණු චිත්‍රපට වල රඟපෑම වෙනුවෙන් ඩිකැප්‍රියෝ විචාරක ප්‍රසාධය දිනාගෙන සිටී. ඩිකැප්‍රියෝ ඇකඩමි සම්මාන හයක් සඳහා නිර්දේශ වී ඇති අතර ඉන් පහක් රංගනය වෙනුවෙන් ද එකක් නිෂ්පාදනය වෙනුවෙන්ද විය. 2016 දී ඔහු හොඳම නළුවා සඳහා වන ඇකඩමි සම්මානය ද රෙව්නන්ට් චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් හිමි කර ගත්තේය.

රඟපෑමට අමතරව, ඩිකැප්‍රියෝ ඇපියන් වේ ප්‍රඩක්ෂන්ස් නමැති ඔහුගේ නිෂ්පාදන සමාගමෙහි ආරම්භකයා මෙන්ම, කැපවුණු පරිසරවේදියෙකු ද වේ.











"https://si.wikipedia.org/w/index.php?title=ලියනාඩෝ_ඩිකැප්‍රියෝ&oldid=364597" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි