ටයිටැනික් (1997 චිත්‍රපටය)

විකිපීඩියා වෙතින්
ගොනුව:Titanic poster.jpg
ටයිටැනික්
අධ්‍යක්ෂණය ජේම්ස් කැමරන්
නිෂ්පාදනය ජෝන් ලන්ඩෝ ජේම්ස් කැමරන්
රචනය ජේම්ස් කැමරන්
ප්‍රධාන චරිත ලියනාඩෝ ඩි කැප්රියෝ, කේට් වින්ස්ලෙට්, බිලී සේන්, ෆ්‍රන්සිස් ෆිෂර්, විකටර් ගාබර්, කැතී බේටිස්, ග්ලෝරියා ස්ටුවර්ට්, බිල් පැක්ස්ටන්, ඩැනී නුසි
සංගීතය ජේම්ස් හෝර්නර්
සිනමා රූපණය රසෙල් කාපෙන්ටර්
සංස්කරණය කෙන්රඩ් බෆ්, IV ජේම්ස් කැමරන්, රිචඩ් A. හැරිස්
බෙදාහැරීම ජාත්‍යන්තර 20th Century Fox - ඇ.එ.ජනපදය/ කැනඩාව Paramount Pictures
ප්‍රචාරක දිනයන් 1997 ඔක්තොම්බර් 31 (මංගල දර්ශනය) 1997 දෙසැම්බර් 19 - ඇ.එ.ජනපදය, ඕස්ට්‍රේලියාව) , 1998 පෙබරවාරි 23 - එංගලන්තය
ධාවන කාලය මිනිත්තු194
රට එක්සත් ජනපදය
භාෂාව ඉංග්‍රීසි
වියදම ඇ. ඩොලර් 200,000,000
දළ ආදායම ඇ. ඩොලර් 1,845,034,188 (ලොව වටා)

ටයිටැනික් 1997 වර්ෂයේ දී ජේම්ස් කැමරන් විසින් අධ්‍යක්ෂණය කර ,රචනා කර, නිෂ්පාදනය කර සංස්කරණය කරන ලද RMS ටයිටැනික් නැව ගිලීයාම පිළිබඳව වූ ,ව්‍යවසනය කැටිවූ ප්‍රේම වෘත්තාන්තමය චිත්‍රපටයකි. 1912 දී මංගල යාත්‍රාවේ යෙදෙන අතරතුරදී අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වන ටයිටැනික් නෞකාව තුළදී ආදරයෙන් වෙළෙන සමාජයේ වෙනස් සමාජ පන්ති දෙකකින් එන ජැක් ඩෝසන් සහ රෝස් ඩිවිටි බුකාටර් (ලියනාඩෙ ඩි කැප්රියෝ සහ කේට් වින්ස්ලෙට් රඟ දක්වයි) අතර ප්‍රේම වෘතාන්තය මෙය තුළින් ගෙන හැර දක්වයි. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සහ කේන්ද්‍රගත ආදර කතාව කල්පිත ඒවා වුවද සමහර සහායක චරිත(නාවික පිරිසෙහි සාමාජිකයන් වැනි) ඓතිහාසික චරිත පදනම් කරගෙන ගොඩනගා ඇත. ග්ලෝරියා ස්ටුවර්ට් විසින් වයස් ගත රෝස් ගේ චරිතය රඟ දක්වන අතර ඇය විසින් නූතන දින රාමුවක සිට කතාව කියනු ලැබේ. සුන්බුන් වූ සැබෑ RMS ටයිටැනික් නෞකාවෙහි කොටසක් රූපගත කළ කැමරන් විසින් 1995 දී චිත්‍රපටය නිෂ්පාදනය ආරම්භ කළේය. ඔහු විසින් මෙම ආදර කතාව සැබෑ ජීවිතයේ ශෝකාන්තය දැනවීමට ප්‍රේක්ෂක පිරිස ඇඳ බැඳ තබා ගැනීමේ උපක්‍රමයක් ලෙස චිත්‍රපටයේ වර්තමාන දර්ශන සඳහා රූගත කිරීම් Akademik Mstislav Keldysh හිදි සිදු කෙරෙනු අතර Playas de Rosarito හිදී නෞකාව යලි නිර්මාණය කරන ලදී. කැමරන් විසින් ‘පරිමාණ ආදර්ශය’ සහ පරිගණක රූපද නෞකාවේ ගිලියෑම නැවත නිරූපනය සඳහා යොදා ගන්නා ලදී. ටයිටැනික් සඳහා දැරූ වියදම ඇ.ඩොලර් මිලියන 200ක් පමණ වූ අතර එය මෙතෙක් නිපදවා ඇති වැඩිම වියදම් දැරූ චිත්‍රපටයද වේ. මේ සඳහා Paramount Pictures සහ20th Century Fox. ආයතනද මූල්‍යයමය ආධාර සපයා ඇත. චිත්‍රපටය 1997 ජුලි මස 2 වැනි දා මුලින්ම නිකුත් වීමට නියමිතව තිබුණද එයින් පසු නිෂ්පාදන කාර්යන් නිකුත් වීමේ දිනය 1997 දෙසැම්බර් 19 වැනිදා දක්වා කල් ගියේය. ටයිටැනික් නිකුතුවේ දිනය කල් යෑම පිළිබඳ පුවත සැල වීමත් සමග මුද්‍රණාලය ටයිටැනික් අසාර්ථකවේ යැයිද එය Fox සහ Paramount ආයතන වල වැටීමට හේතු වේ යැයි ද විශ්වාස කළේය. සියලු සුන්වූ බලාපොරොත්තු මැද ටයිටැනික් චිත්‍රපටය චිවේචනාත්මක වශයෙන් සහ වාණිජමය වශයෙන් සාර්ථක චිත්‍රපටයක් බවට පත්විය. එය ‘ඇකඩම් සම්මාන’සඳහා යෝජිත නම් අතරට 14 වතාවක් එකතු වෙමින් ඇකඩම් සම්මාන සඳහා වැඩියෙන්ම යෝජනා වු චිත්‍රපටය බවට පත්විය. ටයිටැනික් චිත්‍රපටය හොඳම චිත්‍රපටය සඳහා ඇකඩමි සම්මානය ඇතුළුව ඇකඩම් සම්මාන 11 ක් ජයග්‍රහණය කළේය. එමෙන්ම එය ලොව වටා ඩොලර් බිලියන 1.8ක ආදායමක් ලබමින් මෙතෙක් දෙවෙනි වැඩිම ආදායමක් ලද චිත්‍රපටය බවටද පත්විය.

සටහන්[සංස්කරණය]

Titanic film