ලිංගික කාර්ය කොට්ටය

විකිපීඩියා වෙතින්
මිෂනරි පිහිටුවෙහිදී බොහෝවිට කොට්ට භාවිතා කෙරෙයි.

ලිංගික කාර්ය කොට්ටයක් යනු, ලිංගික සංසර්ගය ඉවැඩි කිරීම සඳහා භාවිතා වන, විශේෂිත ලෙසින් සැලසුම් කෙරුණු සහ සාමාන්‍ය වශයෙන් දැඩි කොට්ටයකි. කෙසේවෙතත්, විශේෂ කොට්ටයක් වෙනුවට, සාමාන්‍ය කොට්ටයක් භාවිතා කල හැකිය. ස්ථාවර වාරුවක් සහ සුමුදුබවක් යන තර්පණයන් දෙකම සමබරව සැපයීම සඳහා, සමහරක් ලිංගික කාර්ය කොට්ට විසින් ඉහළ-ඝණත්ව යුරිතේන් මධ්‍යයක් භාවිතා කෙරෙයි. සුලබ කොට්ට හැඩ වලට අමතරව, කූඤ්ඤ-හැඩැති, හැඩපෝරු-හැඩැති, ප්‍රිස්ම-හැඩැති ආදි වශයෙන් විවිධ හැඩැති කොට්ට සැපයෙන්නේ විවිධ ලිංගික පිහිටුවන් සඳහා යෝග්‍ය වන පරිදී වන අතර, මෙම සමහරක් ලිංගික පිහිටුවන් සඳහා මෙවැනි කොට්ට නොමැතිව ලිංගික කාර්යය සිදුකිරීමට නොහැකි වනු හෝ එය කිරීමට දුෂ්කර වනු හෝ ඇත.

එක් සහකරුවෙකුට පසු පස භාගයෙහි වේදනාවක් ඇති විටෙක, වාරුව සැපයීම සඳහා මෙවැනි කොට්ටයක් භාවිතා කල හැකිය.[1] මිෂනරි පිහිටුව ඇරඹීමට පෙර ස්ත්‍රීයගේ තට්ටම් හෝ උකුළු ප්‍රදේශය හෝ යටින් කොට්ටය පිහිටුවීම, ලිංගික කාර්ය කොට්ටයක අති බහුල භාවිතයක් ලෙසින් දැක්විය හැකිය; යෝනිය වෙත ශිශ්නය එල්ල කිරීම මෙයින් පහසු කෙරෙන අතර විනිවිදුම් ගැඹුර වැඩි කරවයි.[2] විශේෂිත වශයෙන් ලිංගික කාර්යය සඳහා සැලසුම් කෙරුණු පළමු සවාධිකාරී කොට්ටය ලෙසින් 2001 වසරෙහිදී ලුවී ෆ්‍රීඩ්මන් සහ ඩොන් කොවෙන් විසින් සොයාගත් ලිබරේටර් ෂේප්ස් දැක්විය හැකිය [3]

ආශ්‍රිත[සංස්කරණය]

  1. බේෂටල්, ස්ටෙෆාන් සහ ස්ටේන්ස්, ලැරි: සෙක්ස්: අ මෑන්ස් ගයිඩ්, පි. 322.
  2. "ඉන්ටරෙස්ටිං සෙක්ස් පොසිෂන්ස්".
  3. ෆ්‍රීඩ්මන් ලුවී එස්., සහ ඩොන් කොවෙන්. සපෝට් කුෂන් ඇන්ඩ් සිස්ටම් ඔෆ් කුෂන්ස්. වන් අප් ඉනවේෂන්ස්, LLC, assignee. Patent 6925669. 2005.
"https://si.wikipedia.org/w/index.php?title=ලිංගික_කාර්ය_කොට්ටය&oldid=454938" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි