ලෑන්ඩ්පෝර්ට් (ජිබ්‍රෝල්ටාව)

විකිපීඩියා වෙතින්
ලෑන්ඩ්පෝර්ට්
ජිබ්‍රෝල්ටාවේ බලකොටු ලිපි මාලාවෙහි කොටසකි
ග්‍රෑන්ඩ් කේස්මේට්ස් චතුරස්‍රය, ජිබ්‍රෝල්ටාව
ඛණ්ඩාංක36°08′43″N 5°21′05″W / 36.14518°N 5.35147°W / 36.14518; -5.35147ඛණ්ඩාංක: 36°08′43″N 5°21′05″W / 36.14518°N 5.35147°W / 36.14518; -5.35147
අඩවි තොරතුරු
අයිතිකරුජිබ්‍රෝල්ටා රජය
මහජනයා විසින්
නැරඹීමට විවෘතය
ඔව්


ලෑන්ඩ්පෝර්ට් (පුවර්ටා ඩි ටියර්රා/එස්පඤ්ඤා) යනු, ජිබ්‍රෝල්ටා බලප්‍රදේශය වෙත වන ද්වාරයකි. භූමියෙහි සිට බලකොටුවට පිවිසීමට මුලදී පැවති එකම දොරටුව වූ අතර එබැවින් එහි දැඩි ආරක්ෂා සංවිධාන යොදවා මුර කොට තිබුණි.

විස්තරය[සංස්කරණය]

බලකොටුව තුලදී ද්වාරය තෙක් පවතින උමග.

ස්පාඤ්ඤයන් වෙතින් 1704 වසරෙහිදී මෙම බලප්‍රදේශය අත්පත් කර ගැනීමෙන් පසුව, බ්‍රිතාන්‍යයන් විසින් තුවක්කු විස්සක් යොදවා ලෑන්ඩ්පෝර්ට් ආරක්ෂා සහිත කෙරිණි.[1] ද්වාරය පසුව ආරක්ෂා කරන ලද්දේ ජලයෙන් වට කිරීම — දිගින් 200 යාර (180 මී) පමණද, පළලින් 60 යාර (55 මී) පමණද, ගැඹුරින් "මිනිස්-උසකට සමීප" ප්‍රමාණයක්ද සහිත, ජලය පිටාර ගැලීමට සැලැස්වූ සහ ආරක්ෂා යෙදුනු භූමි ප්‍රදේශයක්— භාවිතයෙනි. [2] ෂවල් ඩි ෆ්‍රීසී සහ ලෝහමය වළළු වැනි බාධකද එය තුල පැවතිණි. උතුරු දිග පිවිසුම ආවරණ කෙරුණු දිය අගලක්ද — ලෑන්ඩ්පෝර්ට් අගල — පැවතිණි. දඞුවැටක් සහ පහරදීමකදී එයට පහතින් පුපුරා ගිය හැකි වෙඩිබෙහෙත් බෝම්බ ඇටවූ ප්‍රදේශයක් මෙම අගලේ ආරක්ෂාවට අඩංගු විය. [3] මෙම ආරක්ෂක කඩුළු හරහා යෑමට, අකුලන පාලමක් තිබුණු අතර එය රාත්‍රියේ ඉහළට එසවිණි. දුම්කොළ සොර ජාවාරම්කරුවෝ මෙම වේලාවට ද්වාරයෙන් පිටවී එළියේ රැක සිටින්නේ, මධ්‍යස්ථ භූමිය හරහා ස්පාඤ්ඤයට යෑමට අවස්ථාවක් රාත්‍රිෙය්දී ලැබෙන තුරුය. [4]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ජිබ්‍රෝල්ටා", ද වෙස්ට්මිනිස්ටර් රිවීව්, 78: 377, 1862
  2. කෝන්වෙල්, බී. (1782). A Description of Gibraltar: with an account of the blockade, siege, the attempt by nine sail of fire ships, the sally made from the garrison, and every thing remarkable or worthy notice that has occurred in that place since the commencement of the Spanish war. ලන්ඩනය: බී. කෝන්වෙල්. p. 13.
  3. අ ඩිස්ක්‍රිප්ෂන් ඔෆ් ජිබ්‍රෝල්ටාර්, බී. කෝන්වෙල්, 1782, pp. 13–14
  4. "අ ස්ටොපේජ් ඉන් ද මවුන්ටන්ස් ඔෆ් අන්ඩලුසියා", ද නිව් මන්ත්ලි මැගසින්, චැප්මන් ඇන්ඩ් හෝල්, 136: 57, 1866