ලවණ ග්‍රන්ථි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
මුහුදු කැස්බෑවන් අශ්‍රැ ග්‍රන්ථි හරහා ලවණ බහිස්ස්‍රාවය සිදු කරයි. ඔවුන් ජලයෙන් පිටතට පැමිණි විට "හැඬීම" බොහෝවිට දැකිය හැක

ලවණ ග්‍රන්ථියක් යනු අතිරික්ත ලවණ බහිස්ස්‍රාවය සදහා ඇති අවයවයකි. එය හමුවන්නේ elasmobranch (මෝරුන්, මඩුවන්), මුහුදු පක්ෂීන් සහ සමහර උරගයන් තුළ ය. මෝරුන්ගේ මෙම ග්‍රන්ථි හමුවන්නේ ගුදමාර්ගයේ ය. . පක්ෂීන් සහ උරගයන්ගේ මෙම අවයවය හිස්කබල තුළ හෝ මත ඇස්, නාස්විවර හෝ මුඛයට ආසන්නව පිහිටයි. කණ්ඩිකාවලින් සමන්විත මෙම ග්‍රන්ථි මධ්‍යයේ ඇති බහිස්ස්‍රාවී නාළයේ සිට විහිදෙන නාලිකාවලින් යුක්ත ය. ස්‍රාවී නාලිකා තනි අපිච්ඡද සෛල ස්තරයක් මත පිහිටයි. මෙම ග්‍රන්ථිවල විෂ්කම්භය හා දිග සත්ත්ව විශේෂය ලබාගන්නා ලවණ ප්‍රමාණය මත වෙනස් වේ.[1]

ලවණ ග්‍රන්ථි මගින් ලවණ තුල්‍යතාව යාමනය කරන අතර ඒවා නිසා කරදිය පෘෂ්ඨවංශීන්ට කරදිය පානයට ඉඩ සැලසේ.[2] සෝඩියම්-පොටෑසියම් පොම්පය හරහා සිදුවන සක්‍රීය පරිවහනය, මෙහි පාර්ශ්විකපාදස්ථ පටලයේ (basolateral membrane) දැකිය හැක. එහිදී රුධිරයේ සිට ග්‍රන්ථිය තුළට ලවණ ස්‍රාවය සිදුවේ. එහිදී ලවණ සාන්ද්‍ර ද්‍රාවණයක් ලෙස බහිස්ස්‍රාවය සිදුකෙරේ.

පක්ෂීන් තුළ[සංස්කරණය]

පක්ෂින්ගේ ලවණ ග්‍රන්ථිවල මධ්‍ය හා පාර්ශ්වික ලෙස ප්‍රණාල 2ක් පවතී. ලවණ ග්‍රන්ථි සක්‍රීය වන්නේ රැධිරයේ ආස්‍රැති පීඩනය වැඩි වූ විටයි. එහිදී හයිපොතැලමස වෙත ආවේග යැවෙන අතර එහිදී ප්‍රත්‍යානුවේගී ස්නායු ඔස්සේ යැවෙන සංඥා මගින් vasodilation සක්‍රීය වීම එනම් හෝර්මෝන ස්‍රාව උත්තේජනය වේ. (ඇසිටයිල්කෝලින් සහ වාහිනීචාලක ආන්ත්‍රික පෙප්ටයිඩය).[3] ඇසිටයිල්කෝලින් ග්‍රන්ථියේ පාදස්ථපාර්ශ්වික පටලයේ ඇති ප්‍රතිග්‍රාහක හා බැදී ඇත. මේ නිසා අපිච්ඡද සෛලවල කැල්සියම් අයන නිදහස් වීම උත්තේජනය වේ. එහිදී පාදස්ථ පාර්ශ්වික පටලයේ පොටෑසියම් නාළ විවෘත වීම (සෛලවලින් ඉවතට පොටෑසියම් විසරණය වී) සහ අපර පටලයේ ක්ලෝරයිඩ් නාල විවෘත වී සෛලයෙන් ඉවතට විසරණය වේ. අපිච්ඡද සෛල වෙත අයන පරිවහනය කෙරෙන්නේ පාදස්ථපාර්ශ්වික පටලයේ ඇති Na-K-Cl සහපරිවාහකයක් මගිනි. සෝඩියම් අයන සාන්ද්‍රණය ඉහළ යාමෙන් සෝඩියම්-පොටෑසියම් ATPase නාලවිවෘත වී අතිරික්ත සෝඩියම් පාදස්ථපාර්ශ්වික පටලය හරහා ඉවත‍ට ගමන් කරන අතර එවිට පොටෑසියම් අයනවලට සෛල තුළට පැමිණීමට ඉඩසැලසේ. මෙහිදී ක්ලෝරයිඩ් අයන මගින් විද්‍යුත් අනුක්‍රමණයක් ඇති කිරීමෙන් සෝඩියම් අයනවලට අපිච්ඡද සෛලවල ඇති තද සන්ධි හරහා ලවණ ග්‍රන්ථිය තුළට අඩු ජලප්‍රමාණයක් ය‍ටතේ විසරණයට ඉඩ සලසයි. එසේම මයිටොකොන්ඩ්‍රියා බහුල සෛල ලවණ සාන්ද්‍රණ වෙනස්කම්වලට සංවේදී වේ. මෙම ග්‍රන්ථි මධ්‍ය සහ පර්යන්ත ආස්‍රැති ප්‍රතිග්‍රාහක සහ පරිමා ප්‍රතිග්‍රාහකවල උත්තේජනය ය‍ටත් උපරිඅභිසාරක සෝඩියම්-ක්ලෝරයිඩ් (තවත් අයන ස්වල්ප ප්‍රමාණයක් සමග) බහිස්ස්‍රාවය කිරීම සිදු කරයි.

උරගයන් තුළ[සංස්කරණය]

උරගයින් (උදාහරණ ලෙස මුහුදු ඉගුවානා) සහ කැස්බෑවා සහ පක්ෂීන් (උදාහරණ ලෙස ඇල්බට්‍රොස්) තුළ ලවණ බහිස්ස්‍රාව‍යේ අවශ්‍යතාව ක්ෂීරපායීන්ට වඩා වැඩි ය. එයට හේතුව ඔවුන්ගේ වෘක්ක ක්ෂීරපායීන්ට වඩා අඩු කාර්යක්ෂමතාවක් දැක්වීමත්, මුහුදු ක්ෂීරපායී වෘක්කවලට මුහුදු-ජලය සමග කටයුතු කිරීමට සිදුවීමත් නිසා ය. [4] උභයජීවීන්ගේ මෙන් නොව උරගයින්ගේ සහ පක්ෂීන්ගේ සම ලවණ වල‍ට අපාරගම්‍ය නිසා ලවණ ස්‍රාවය එමගින් සිදුනොවේ. [5]

ආදි උරගයින්ගේ සහ පක්ෂීන්ගේ ලවණ ග්‍රන්ථිවල පරිණාමය නිසා ඔවුනට ජලජ පැළෑටි සහ අධික ලවණ සාන්ද්‍රණ සහිත සතුන්ව ආහාරයට ගත හැකි විය. නමුත් මෙම පරිනාමික දියුණුව elasmobranch සතුන්ගේ ග්‍රන්ථිවල පරිණාමයට හේතු නොවී ය. එයට හේතුව අභිසාරී පරිණාමයයි.

සමහර මතවලට අනුව ක්ෂීරපායී අශ්‍රැ ග්‍රන්ථි සහ ස්වේද ග්‍රන්ථි ලවණ ග්‍රන්ථිවලට පරිණාමික බන්ධුතා දක්වන බව ප්‍රකාශ වේ. නමුත් මානව අශ්‍රැ (කදුළු) පොටෑසියම් අයනවලින් බහුල නිසා බොහෝ වංශප්‍රවේණිවිද්‍යාඥයන් බොහෝ දෙනා මෙම මතයට එකග නොවේ. [තහවුරු කරන්න]

මෙයත් නරඹන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Ellis, Richard A.; GOERTEMILLER, CLARENCE C.; STETSON, DAVID L (1982). "Significance of extensive /'leaky/' cell junctions in the avian salt gland". Nature. 268 (5620): 555–556. Bibcode:1977Natur.268..555E. PMID 887174. doi:10.1038/268555a0. 
  2. O’Driscoll, K.J.; Staniels, L.K.; Facey, D.E. "Osmoregulation and Excretion". සම්ප්‍රවේශය 2007-07-06. 
  3. Hildebrandt, Jan-Peter (2001). "Coping with excess salt: adaptive functions of external osmoregulatory organs in vertebrates". Zoology. 104: 209–220. doi:10.1078/0944-2006-00026. 
  4. "Plants Poisonous to Livestock - Cornell University Department of Animal Science". Ansci.cornell.edu. සම්ප්‍රවේශය 2011-07-14. 
  5. Hazard, Lisa C. (2004). Sodium and Potassium Secretion by Iguana Salt Glands. University of California Press. පිටු 84–85. ISBN 978-0-520-23854-1. 

අමතර කියවීමට[සංස්කරණය]

  • Evans, D. H. 1993. Osmotic and Ionic Regulation. p. 315-336. In Evans, D. H. 1993. The Physiology of Fishes. CRC Press, Boca Raton, FL.
  • Goldenstein, D. L. 2002. Water and Salt Balance in Seabirds. p. 467-480. In Schreiber, E. A. and J. Burger. (eds.) 2002. Biology of Marine Birds. CRC Press, Boca Raton, FL.
  • Schmidt-Nielsen, K. 1959. Salt Glands. p. 221-226. In Wessells, N. K. (comp.) 1974. Vertebrate Structures and Functions. W. H. Freeman and Company, San Francisco, CA.
  • Wǖrsig, B. G., T. A. Jefferson and D. J. Schmidly. 2000. The Marine Mammals of the Gulf of Mexico. Texas A&M Press, College Station, TX.

සැකිල්ල:Animalosmo

"https://si.wikipedia.org/w/index.php?title=ලවණ_ග්‍රන්ථි&oldid=421192" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි