ලක්ස්සම්බර්ග් ආදිපාද වසම

විකිපීඩියා වෙතින්

ලක්ස්සම්බර්ග් ආදිපාද වසම

මං තීරුව - දකුණ අන්තර්ජාල TLD – lu3 දුරකථන සංකේත - 352

ලක්ස්සම්බර්ග් ආදිපාද වසම බටහිර යුරෝපයේ පිහිටි රටකි. එහි මායිම් බෙල්ජියම, ප්‍රංශය සහ ජර්මනිය අතර වේ. එහි ජනගහනය මිලියන භාගයක් පමණ වන අතර වර්ග කි. මී. 2586 (වර්ග සැතපුම් 999) පමණ වේ. එහි නියෝජ්‍ය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයන් හා ව්‍යවස්ථාදායක ‍රාජාණ්ඩුවක් පවතී. එය පාලනය කර ඇත්තේ ආදිපාද වරයෙකි. එය ලෝකයේ පවතින එකම රාජකීය ආදිපාද වසමයි. එහි සංවර්ධිත ආර්ථිකයක් හා ලෝකයේ ඉහළම ඒක පුද්ගල දළ ගෘහස්ථ නිෂ්පාදනය පවතී. මෙය ඉතිහාසයේ රෝමානු යුගයේ බලකොටුවක් සේ පැවතුන අතර මුල් මධ්‍ය යුගයේ ප්‍රංශ මාලිගාවක් සේ පැවතුණි. එය ස්පාඤ්ඤ මාවතේ පැවති ආරක්ෂක මුර කුටියක් වන අතර ස්පාඤ්ඤ යුරෝපයේ බලය නතු කරගෙන සිටි අතර 16 හා 17 ශතවර්ෂවල බටහිර අර්ධ ගෝලයට හා ඔබ්බට බලපැමක් ඇති කළේය. ලක්සම්බ්ග් යුරෝපානු සංගමය, නේටෝ OECD එක්සත් ජාතීන්ගේ සංගමය බෙනිලන්ස් සහ බටහිර විශාලතම නගරය වන අතර යුරෝපානු සංගමයේ සංස්ථා හා ඒජන්සි පිහිටා ඇත. ‍එය පිහිටා ඇත්‍ෙත් ‍ රෝමානු යුරෝපයේ නව ජර්මන් යු‍රෝපයේ සංස්කෘතිකමය බෙදීම තුලය. ලක්සම්බර්ග් භාෂා 3 ක් භාවිතා කරන රටකි. ජර්මන්, ප්‍රංශ හා ලක්සම්බර්ග නිල භාෂාවන් වේ. ලෞකික රාජ්‍යයක් වන නමුත් එය ‍ෙරා්මානු කතෝලික රාජ්‍යයක් ලෙස තිබී ඇත.

ලක්ස්සම්බර්ග් ආදිපාද වසම පින්තුරය - කොඩිය ආදර්ශ පාඨ්‍ය - ගීය ජාතික ගීය අගනුවර සහ විශාලම නගරය - ලක්සම්බර්ග් - 490 36' N 60 7' E රාජ්‍ය භාෂා - ජර්මානු, ප්‍රංශ, ලක්සම්බර්ගියානු රාජ්‍යය - පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ ව්‍යවස්ථාදායක ආදිපාද වසම මහා ආදිපාදවරයා - මහා ආදිපාද හෙන්රි අගමැති - ජීන් ක්ලෝව්ඩ් ජන්කර් නිදහස - ප්‍රංශ අධිරාජ්‍යය සිට - 9 ජුලි 1815 පළමු ලන්ඩන් ගිවිසුම - 19 අප්‍රෙල් 1839 දෙවන ලන්ඩන් ගිවිසුම - 11 මැයි 1867 පෞද්ගලික ඒකාබද්ධතාවයේ අවසානය - 23 නොවැම්බර් 1890 EU රාජ්‍යයට පැමිණිම - 25 මාර්තු 1957

වර්ග ප්‍රමාණය - එකතුව - 2.586 Km2 (108) 998.6 sq mi ජලය (%) – නොසැලකේ ජනගහනය - 2010 තක්සේරැව - 502 202 2001 ජන සංඛ්‍යාංකය - 439 539 ඝනත්වය - 194.1 / Km2 501.3 / sq mi GDP (PPP) – 2008 තක්සේරැව එකතුව - $ 40.091 බිලියන සාමාන්‍ය - $ 82 440 GDP (සාමාන්‍ය) - 2008 තක්සේරැව එකතුව - $ 54.973 බිලියන සාමාන්‍ය - $ 113 044 HDI (2007) – 0.960 (ඉතා ඉහළ) මුදල් - යුරෝ (E) (EVR) කාල මණ්ඩලය - CET (UTC + 1) ශ්‍රීෂ්ම සෘතුව (DST) – CEST (UTC + 2)