ලක්ස්සම්බර්ග්

විකිපීඩියා වෙතින්
tiny globe
             කොඩිය
ජාතික ගීය HOns Heemecht " අපේ මව්බිම"
             සිතියම
අගනුවර සහ විශාලම නගරය ලක්සම්බර්ග්
දකුණු දේශාංශ 49 36' නැගෙනහිර දේෂාංශ 6 7'
රාජ්‍ය භාෂාව ජර්මානු, ප්‍රංශ, ලක්සම්බර්ගියානු
රාජ්‍ය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ ව්‍යවස්ථාදායක ආදිපාද වසම
මහා ආදිපාදවරයා මහා ආදිපාද හෙන්රි
අගමැති ජීන් ක්ලෝව්ඩ් ජන්කර්
නිදහස ප්‍රංශ අධිරාජ්‍යය සිට - 9 ජුලි 1815
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 2.586 (108)
වර්ග සැතපුම් 998.6
ජලය (%) නොසැලකේ
            ජනගහනය
2009 තක්සේරුව 502 202
ඝනත්වය වර්ග කිලෝමීටර 194.1
වර්ග සැතපුම් 501.3
දළ ජාතික නිෂ්පාදිතය 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 40.091
සාමාන්‍ය ඩොලර් 4.756
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 55.024
සාමාන්‍ය ඩොලර් 113 044
මානව සංවර්ධන දර්ශකය HDI (2007) 0.960 (ඉතා ඉහළ)
මුදල් යුරෝ (E) (EVR)
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD .lu3
දුරකථන සංකේත 352

ලක්සම්බර්ග් ආදිපාද වසම බටහිර යුරෝපයේ පිහිටි රටකි. එහි මායිම් බෙල්ජියම, ප්‍රංශය සහ ජර්මනිය අතර වේ. එහි ජනගහනය මිලියන භාගයක් පමණ වන අතර වර්ග කි.මී. 2586 (වර්ග සැතපුම් 999) පමණ වේ. එහි නියෝජ්‍ය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයන් හා ව්‍යවස්ථාදායක ‍රාජාණ්ඩුවක් පවතී. එය පාලනය කර ඇත්තේ ආදිපාදවරයෙකි. එය ලෝකයේ පවතින එකම රාජකීය ආදිපාද වසමයි. එහි සංවර්ධිත ආර්ථිකයක් හා ලෝකයේ ඉහළම ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදනයක් පවතී. මෙය ඉතිහාසයේ රෝමානු යුගයේ බලකොටුවක් සේ පැවතුන අතර මුල් මධ්‍ය යුගයේ ප්‍රංශ මාලිගාවක් සේ පැවතුණි. එය ස්පාඤ්ඤ මාවතේ පැවති ආරක්ෂක මුර කුටියක් වන අතර, ස්පාඤ්ඤය යුරෝපයේ බලය නතු කරගෙන සිටි අතර, 16 හා 17 ශතවර්ෂවල බටහිර අර්ධ ගෝලයට හා ඉන් ඔබ්බට බලපෑමක් ඇති කළේය. ලක්සම්බර්ග් යුරෝපානු සංගමය, නේටෝ, OECD, එක්සත් ජාතීන්ගේ සංගමය, බෙනිලන්ස් සහ බටහිර යුරෝපානු සංගමයේ සාමාජිකයෙකි. ලක්සම්බර්ග් අගනුවර එහි තිබෙන විශාලතම නගරය වන අතර යුරෝපානු සංගමයේ සංස්ථා හා ඒජන්සි පිහිටා ඇත. ‍එය පිහිටා ඇත්තේ ‍රෝමානු යුරෝපයේ නව ජර්මන් යු‍රෝපයේ සංස්කෘතිකමය බෙදීම තුලය. ලක්සම්බර්ග් භාෂා 3 ක් භාවිතා කරන රටකි. ජර්මන්, ප්‍රංශ හා ලක්ස්සම්බර්ග නිල භාෂාවන් වේ. ලෞකික රාජ්‍යයක් වන නමුත් එය ‍ රෝමානු කතෝලික රාජ්‍යයක් ලෙස තිබී ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=ලක්ස්සම්බර්ග්&oldid=472600" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි