ලක්දිව දේශීය ආහාරමය අල වර්ග

විකිපීඩියා වෙතින්

දේශීයව වගා කළ හැකි අල වර්ග 93 ක්‌ පිළිබඳ සඳහන් වුවද (අතීතයේ අල වර්ග 500 කට අධික ප්‍රමාණයක් පැවත ඇත) අද වන විට මෙරට ජනතාව වැඩිපුරම පරිභෝජනය කරන අල වර්ගය වී තිබෙන්නේ අර්තාපල්ය. අර්තාපල් ද දේශීයව වගා කළත්, ඒ සඳහා සාදා ගනු ලබන්නේ ආනයනික බීජ වර්ගයන්ය. අර්තාපල් හැරුණු විට මෙරට ජනතාව බහුලව ආහාරයට ගන්නා අල වර්ග ලෙස මඤ්ඤොක්‌කා සහ බතල හඳුනාගත හැක. මෙම අල වර්ගයන් ද පෘතුගීසි සමයේදී මෙරටට ගෙන එන ලද අල වර්ග ලෙස සැලකිය හැකි වුවත් පසුගිය කාලය තුළ දී දේශීය මඤ්ඤොක්‌කා ප්‍රභේදයක්‌ හඳුනා ගැනීමට ඉංගිරියේ ප්‍රේමරත්න මහතා සමත් වී ඇත. එම මඤ්ඤොක්‌කා වර්ගය "කිරි කවඩි" නමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ජනතාවට හඳුන්වා දී ඇත.

මෙම අල වර්ගයන් හැරුණු විට උඩල, රාජා අල, ඇඟිලි අල, ගහල, කටු කුකුලල, කහ අල, කීඩාරන්, ජාවා අල, හබරල, හිරිතල, ගෝනාල, කහට අගල, කම්බු කොඩොල්, කිරි කොඩොල්, රතු කොඩොල්, කිරි වැල් අල, රටල, සුදු අල, කටු අල, බුත්සරණ, කිරි අල, කිරිබරු අල, කොකිස්‌ අල, කොළකන අල, හිඟුරල, ලේන දන්තිල, කිරි හබරල, සීරුවල්ලි, රතු අල, රත්න අල, බුද්දිල, රැවුලල, සීනි අල, සෙවෙල් අල, දන්දින අල, දෙහි අල, උයල, කඳල, හොඬල, කොහිල, කිරි සම්බල, පණු අල, සීනි කෙහෙල් අල, අතු අල, තුන් මස්‌ රෝස, තුන්මස්‌ සුදු, නිට්‌ටාල, ඉබුල්, ඕවිටි අල, කහට, පිට්‌ටු අල, ආටිචෝක්‌, පාත්තරා අල, යකු අල, කොළ හබරල, රැල්බුරුල්ලා, අඩදම්, බිනර, කාබේරි අල, වැල් අල, තිරිංගල, සව්කෙන්දා, ගොරොක්‌ අල, ගොටු අල, කිරි හිඟුරල, බෝල බුත්සරණ, සුදු බුත්සරණ, ගොම අල, හුලංකීරිය, දේශල, කළු අල, කන්ඩල, දෙමස්‌ අල, හැරමස්‌ අල, ඉන් අල, නිල් කීඩාරන් යන අල වර්ග පිළිබඳව සඳහන්වේ. (මෙහි මඤ්ඤොක්‌කා හා බතල යන අල වර්ගවල ප්‍රභේද පිළිබඳ නොවේ. ආටිචෝක් යනු බුත්සරණ අල ම බවට පසුගිය දිනවල වගා සංග්‍රාමය වැඩසටහන තුල කියවුනි.

මඤ්ඤොක්කා[සංස්කරණය]

මඤ්ඤොක්කාවල නිජබිම මෙක්සිකෝව හා ගෝතමාලාව වේ. Euphorbiaceae නම් වූ කුලයට අයත් ය. ලංකාවට ආවේනික යැයි සැලකෙන ප්‍රභේද මෑතකදී සොයාගන්නා ලදි. එය කිරිකවඩි යනුවෙන් ව්‍යවාහාර කරයි. මඤ්ඤොක්කා අල ග්‍රෑම් 100ක, ප්‍රෝටීන 0.7%ක්, මේදය 0.2%ක්, කාබෝහයිඩ්‍රේට 4.0%ක්, කැල්සියම් මි.ග්‍රෑ. 85ක්, යකඩ මි.ග්‍රෑ.2.5ක්, කැරොටීන් මයික්‍රො ග්‍රෑ.300ක් මෙන් ම විටමින් B සහ විටමින් C ද ස්වල්ප ප්‍රමාණවලින් අඩංගු වේ. පැරැන්නන් මේවා බහුල වශයෙන් ආහාරයට ගනු ලැබීය. ඔවුන් බත් වෙනුවට මඤ්ඤොක්කා ආහාරයට ගන්නට පෙලඹුණි. ඒ තරමටම ඒවා පෝෂණ ගුණයෙන් ඉහළ ය. ඒවා, අනෙක් මොනම ආහාරයකටත් වඩා පිෂ්ඨ ධාතුවෙන් පොහොසත් අල වර්ගයකි. පිළිකා රෝගවලට ද ගුණදායක ය. මඤ්ඤොක්කා විෂ වීම වැළැක්වීම සඳහා තම්බන විට භාජනය නොවසා තැබිය යුතු ය. කෙසේ වුවත්, කළු පැහැයට හැරුණු මඤ්ඤොක්කා සහ උදුරා දින දෙකකට වඩා ගත වූ පසු ආහාරයට ගැනීම සුදුසු නොවේ. මඤ්ඤොක්කා අල මෙන් ම, කොළ ද ඉතාමත් ගුණදායක ය. කොළ රසවත් මැල්ලුමකි. විස නැසීමේ ගුණයෙන්ද යුක්ත ය. පණු රෝගවලට ද සහනයක් ගෙන දේ. ශරීරයට අවශ්‍ය ශක්තිය ද ලබා දෙයි.කෙතරම් ගුණදායි වුවත් මෙහි සයනයිඩ් විෂ සුළු පුමාණයක් අඩංගු වේ.නමුත් පිසීමේදී මෙම විෂ වාෂ්ප වේ.එම නිසා මඤ්ඤොක්කා පිසීමේදී පියනකින් නොවැසීමට වග බලා ගන්න.

උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය මඤ්ඤොක්කා https://www.doa.gov.lk/HORDI/index.php/si/2015-09-22-04-49-34/66-casava-si සංරක්ෂණය කළ පිටපත 2018-03-23 at the Wayback Machine

බතල[සංස්කරණය]

සෙන්ගමාලයට හොද ඖෂධයකි.ශරීර ශක්තිය වඩවයි.

කිරි අල[සංස්කරණය]

කිරිඅල සෙවන ලැදි බෝගයකි. එසේ වුවද, වියළි හා අතරමැදි කලාපවල ආන්තික කුඹුරු වල, තෙත් කලාපයේ බෑවුම් හා ඕවිටි බිම්වල, විවෘත බිම් තත්වයෙන්, ප්‍රධාන බෝගයක් ලෙසද මහා පරිමානයෙන් වගාකෙරේ. කිරිඅල කන්න බෝගයක් නොවේ. වසරේ ඕනෑම කාලයක ජල පහසුකම් සහිත ඉඩම් වල එය වගාකළ හැකිය. මෙම වර්ගයේ අල දිගැටි හැඩයෙන් සහ ප්‍රමාණයෙන් විශාලය. මෙම අල වර්ගය ආහාරයට ගන්නා විට මතු වන කිරි රසය නිසා මෙම අල වර්ග කිරි අල යන නමින්ම හඳුන්වන බව සඳහන් වේ.

උඩල[සංස්කරණය]

රවුලල[සංස්කරණය]

රත්න අල[සංස්කරණය]

නාට්ටල[සංස්කරණය]

ගබ්සා කිරීමට යොදාගනී ,අහාරයට නොසුදුසුය

ඉබුල්[සංස්කරණය]

ඔවිට් අල[සංස්කරණය]

=== ගෝනල කොළඹ


===

කටුවල[සංස්කරණය]

කොහිල අල[සංස්කරණය]

අර්ශස් රෝග වලක්වයි.මුත්‍රා ගල් පාලනය කරයි.උෂ්ණ අදික රෝග වලට ගුණය.

= බුත්සරණ[සංස්කරණය]

ඉතා රසවත් අලවර්ගයකි. සෙංගමාල රොගීන්ට ගුණය. රසවත් ආහාරයකි. සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉතා හොදින් වැඩේ. පොහොර අවශ්‍ය නොවේ.කාබනික පොහොරේ ශීග්‍රයෙන් වර්ධනය වේ.මෙය සීනි අල ලෙසටද යම් ප්‍රදේශවල හදුන්වයි.

මන්තර ගුරුකම් වලට ගන්න වටිනා බේත් වර්ගයක් වන අතර දේව ආකර්ෂණය ලබා ගත හැකි අල වර්ගයකි

මෙයට මන්තර පවා ගොඩ නගා ඇත

= හුලන් කීරීය[සංස්කරණය]

හුලංකීරිය අල දේශීය අල වර්ගයකි.ඉතා රසවත් ගුණවත් අල වර්ගයකි.මෙය සුදු පැහැති දිගටි අල වර්ගයකි. කෑගල්ල ප්‍රදේශයේ අදටත් වගා කරති. පොහොර අවශ්‍ය නොවේ. ඕනෑම පසක සරුවට වැඩේ.

ගුරුලඅල(රැල් බුරුල්ලා )[සංස්කරණය]

මවුඅල[සංස්කරණය]

ශක්තිය වැඩි කරයි.ශරීරය උණුසුම් කරයි.

කදල[සංස්කරණය]

කහට අල[සංස්කරණය]

හොඬල[සංස්කරණය]

කුකුලල[සංස්කරණය]

මෙම වර්ගයේ අලවල හැඩය කැරට්‌ අලයේ හැඩයට සමාන වේ. අල පැණි රසයෙන් යුක්‌ත වන අතර කුඩා ප්‍රමාණයේ අල පොකුරු වශයෙන් හට ගනී. මෙම අල තම්බා ආහාරයට ගනු ලැබේ.

=== ඉන්න ල ===

ගිරිතල[සංස්කරණය]

ගහල[සංස්කරණය]

රසවත් අහාරයකි.තුන්මස් අල,දෙහිඅල සහ කදල යන ලෙස ප්රෙභේද කීපයකි.මෙහි කොලද අහාරයට ගනී.

පිට්ටු අල[සංස්කරණය]

පාත්තරා අල[සංස්කරණය]

යකුඅල - පාරම්පරික අල වර්ගයකි , සහ ගුණවත් ය

හිරිතල[සංස්කරණය]

අගිලිඅල[සංස්කරණය]

කටු කුකුලල[සංස්කරණය]

කහ අල[සංස්කරණය]

ජාවා අල[සංස්කරණය]

කිඩාරන්[සංස්කරණය]

වර්ග තුනකි. තද කොළ පත්‍ර සහිත වර්ගය බෙහෙත් කිඩාරන් වේ ,එය අහාරයට නොගනී.දේශීය වෙදකමේ දී ගෙඩි, වණ සුව කිරීම සඳහා යොදා ගනී. ලංකාවේ උතුරු පළාතේ බහුලව යොදාගන්න වූ ඉතාමත් ගුණදායක ඔවුෂදයක් ලෙස මෙන්ම ආහාරයක් ලෙසද වැදගත් ශාකයක් වේ.මෙහි අල අර්ශෂ් රෝගීනට ඉතාමත් ගුණදායක වේ.කිඩාරන් අල සුප් දියවදියා රෝගීන්ට පිෂ්ටය අඩු ආහාරයක් ලෙස ඉතා ගුනදායකද වේ.සෙම් රෝග නසයි,අඩුම හා කැස්සට ගුනවේ. පොලොන් විෂ ඉවත් කරයි,බොහෝ දෙනෙකුට මෙහි අවුෂදීය සහ අහාරාමය ව ඇති වැදගත් කම ගැන දැනුම අල්පය.කිඩාරන් යන නම ඇසූ සැනින් බොහෝ දෙනාගේ මතකයට නැඟෙන්නේ දුඟද හමනා මලකි. එසේ වුවත් කිඩාරන්වල ආහාරයට ගන්නා ප්‍රභේද මෙන්ම වල් දර්ශක ද ඇත.

කිඩාරන් වල ළා කොළ පාට කඳ සහ සුදු පුල්ලි ඇති වර්ගය කෑමට ගන්නා අතර ශාකයේ ගොබය වෑංජනයක්‌ ලෙස ද පිළියෙල කර ගනී.

කොලොං කීඩාරං ලෙස සඳහන් ප්‍රභේදය වල් දර්ශකයයි. මෙම ශාකයේ කඳ රතු පාටෙන් යුතු වන අතර එහි පොළඟකුගේ මෙන් පුල්ලි හට ගනී. මෙහි අල කෑමට නොගත්තත්, ඖෂධ සඳහා භාවිත කරන බව සඳහන් වේ.

ලෙනදන්දීල[සංස්කරණය]

කිරිහබල[සංස්කරණය]

කොකස් අල[සංස්කරණය]

කිරිබදු අල[සංස්කරණය]

ගෝන අල[සංස්කරණය]

කහට අගල[සංස්කරණය]

රටල[සංස්කරණය]

කිරිවැල් අල[සංස්කරණය]

කම්බු කොඩොල්[සංස්කරණය]

රතු කොඩොල්[සංස්කරණය]

සීරුවල්ලි[සංස්කරණය]

සීනි අල[සංස්කරණය]

සේවල් අල[සංස්කරණය]

දෙහි අල[සංස්කරණය]

උයල[සංස්කරණය]

කදල[සංස්කරණය]

කිරි පබ්බල[සංස්කරණය]

අතු අල[සංස්කරණය]

කණ්ඩල[සංස්කරණය]

අඩදම්[සංස්කරණය]

කාබේරි අල[සංස්කරණය]

කිරි මගල[සංස්කරණය]

සවිකෙන්දු අල[සංස්කරණය]

වැලි අල[සංස්කරණය]

ගොරොක් අල[සංස්කරණය]

ගොම අල[සංස්කරණය]

කළු අල[සංස්කරණය]

ගොටු අල[සංස්කරණය]

හාරමස් අල[සංස්කරණය]

දන්දීල අල[සංස්කරණය]

සුදු අල[සංස්කරණය]

කොළ කන අල[සංස්කරණය]

අරලොක් අල[සංස්කරණය]

හුලන් කිරිල්ල[සංස්කරණය]

කහට අල[සංස්කරණය]

දේශාල[සංස්කරණය]

ඉනි අල[සංස්කරණය]

කිරි හිගුරල[සංස්කරණය]

රුවල් අල[සංස්කරණය]

හුල් අල[සංස්කරණය]

ජබුරල[සංස්කරණය]

යෝගල[සංස්කරණය]

තිරංගල[සංස්කරණය]

ආරුන්න[සංස්කරණය]

වැල් අල[සංස්කරණය]

බුලත්කොළ හැඩති කොළ සහිතය , බොහෝවිට ගසකට හෝ වැටට වනලෙස වවා ඇත,රාත්තල් 100 පමණ බර අලයක් හටගනී,අලය දිගැටිය,ගටිතිබ් රාශියකි,සුදුපාටය,ගැටිති ඉවත්කොට සෝදා තැම්බීම ඉතා වැදගත්ය.අර්ශෂ් වලට ඉතා ගුනවේ.නිවසේ වියලි සිසිල් ස්ථානයක වියලි වැලි තට්ටුවක් මත අතුරා තැබීමෙන් දින 100 පමණ වැල් අල කල් තබාගත හැකි බව පැරණි ගොවීන්ගේ අත්දැකීමයි.මෙය වගා කිරීමට විශේෂ පරිසරයක් අවශ්‍ය නොවේ.වල් පැළයක් ලෙස සැලකැවත් තම්බා පිස ගත් කල ඉතා රසවත් අහරක් වේත