ලංකා ඉතිහාසය-මහාවංශය යනු

විකිපීඩියා වෙතින්

මහාවංශය යනු පාලි භාෂාවෙන් රචිත ඓතිහාසික කාව්‍යයකි. එහි සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ රජවරු පිළිබඳ තොරතුරුය. විජයගේ පැමිණීමේ සිට මහසෙන් රජු සමය දක්වා (334 - 365) තොරතුරු එහි ඇතුළත් වේ.

මහාවංශයේ ප්‍රථම මුද්‍රිත සංස්කරණය හා ඉංග්‍රීසි පරිවර්තනය ජොර්ජ් ටර්නර් නම් ලංකා සිවිල් සේවයේ සිටි ඉතිහාසඥයා විසින් 1837 දී ප්‍රකාශයට පත් කරන ලදී. මෙහි ජර්මන් පරිවර්තනය විල්හෙල්ම් ගයිගර් විසින් 1912 දී සම්පූර්ණ කරන ලදී. ඉන් පසු එය ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද්දේ මේබල් හෙයින්ස් බොඩ් විසිනි. ගයිගර් විසින් ඉංග්‍රීසි පරිවර්තනය සංශෝධනය කරන ලදී. සංස්කරණය කරන ලද ඉංග්‍රීසි පරිවර්තනය දැනට අන්තර් ජාලයේ දැකිය හැක.

බුද්ධාගම

මහාවංශය ආගමික තොරතුරු ඇතුළත් ආගමික ග්‍රන්ථයක් ලෙස නොසැලකුවේ වී නමුත් එය ඉතා වැදගත් බෞද්ධ ලියවිල්ලකි. එහි බුද්ධාගමේ පළමු ශාස්තෲන් වූ සිද්ධාර්ථ ගෞතමයන්ගේ සිට ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉතිහාසය දක්වා විස්තර ඉදිරිපත් කරයි. එහි බුදුන්ගේ පිරිනිවීමේ සිට බුදුන්ගේ ධර්මය නැවත සංස්කරණය කෙරුණු ධර්ම සංගායනාවන් කීපයක තොරතුරු ඇතුළත් කරමින් ඉන්දියානු බෞද්ධ ඉතිහාසය පිළිබඳ කෙටි විස්තරයක්ද ඉදිරිපත් කරයි. මහාවංශයේ සෑම පරිච්ඡේදයක්ම අවසාන කරනු ලබන්නේ එය ලියන ලද්දේ "සැදැහැවතුන්ගේ පහන් සංවේගය උදෙසාය" යන්න යොදමිණි. එය එක්තරා අන්දමක මහාවිහාරයට අනුග්‍රහ දැක්වූ රජවරුන්ගේ යහපත් ක්‍රියාවන් පිළිබඳ එකතුවකි. කෙසේ වෙතත් පළමු ශ්‍රේණියේ ඉතිහාසඥයෙකු සහ පාලි භාෂාව පිළිබඳ ප්‍රමාණික දැනුමැත්තෙකු විසින් ලියන ලද මහාවංශය පාඨ ග්‍රන්ථයකට වඩා සැදැහැවතුන්ගේ පහන් සංවේගය උදෙසා ලියන ලද්දක් ලෙස සැළකේ.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Mahawamsa

[Sex Sex Category:මහාවංශය]]