රෝහිත් ඛුරානා

විකිපීඩියා වෙතින්
රෝහිත් ඛුරානා
රෝහිත් ඛුරානා
රෝහිත් ඛුරානා 2011 වර්ෂයේ 11වන ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන උළෙලේ දී
උපත20 නොවැම්බර් 1983 (1983-11-20) (වයස 40)
දිල්ලි, ඉන්දියාව[1]
නිවහනමුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව[1]
ජාතිකත්වයඉන්දියානු
රැකියාවනළුවකු, නිරූපණ ශිල්පියකු[1]
සක්‍රීය වසර2008–වර්තමානය
ප්‍රසිද්ධව ඇත්තේඋත්තරන්[2]හි වංශ් සිං බුන්දේලා
කලත්‍රයා(යන්)නේහා[3]

රෝහිත් ඛුරානා (උපත 1983 නොවැම්බර් 20) යනු ඉන්දියානු නිරූපණ ශිල්පියකු,[1] චිත්‍රපට[4] සහ රූපවාහිනී නළුවෙකි.[5][6] ඔහු වඩාත් ප්‍රචලිත වූයේ ඔහු නිරූපණය කළ කලර්ස් ටීවීහි උත්තරන් කතාමාලාවේ වංශ් චරිතය නිසායි.[2] මෑතක දී ඔහු සසුරාල් සිමර් කාහි ශෞර්යා සිංහානියා ලෙස රංගනයේ යෙදුණේ ය.[7]

වෘත්තිය[සංස්කරණය]

රෝහිත් ඛුරානා සිය නිරූපණ වෘත්තිය ආරම්භ කළේ දිල්ලියේ ය. 2001දී ඔහු චෝටි මා: ඒක් අනෝඛා බන්ධන් රූපවාහිනී කතාමාලාවේ සුළු චරිතයක් නිරූපණය කළේ ය.[1] පසුව ඔහු සිය රූපවාහිනී වෘත්තිය ඇරඹූයේ කලර්ස් ටීවී නාළිකාවේ උත්තරන් කතාමාලාවේ වංශ්ගේ චරිතය නිරූපණය කරමිනි.[2] පසුව ඔහු මිලේ ජබ් හම් තුම්හි ධෲව්ගේ චරිතය නිරූපණය කළේ ය.[8] එසේම ඔහු මායිකේ සේ බන්ධි දෝර් තුළ භාස්කර්ගේ චරිතය නිරූපණය කළේ ය.[9] 2011දී, ඔහු හින්දි චිත්‍රපටයක් වූ මෙන් විල් බී මෙන්හි සුන්දර් ලෙස රංගනයේ යෙදුණේ ය.[10] අනතුරුව ඔහු 2012 දෙමළ චිත්‍රපටයක් වූ බිල්ලා IIහි සතිශ් කුමාර් ලෙස රංගනයේ යෙදුණේ ය. සංගමම් තෙලිඟු චිත්‍රපටයේ අභිරාම් නම් ප්‍රධාන චරිතය නිරූපණය කළ ඔහු පන්ජාබි චිත්‍රපටයක් වූ දිල් තයිනු කර්ඩා ඒ ප්‍යාර්හි පොලිස් නිලධාරියකු ලෙස රංගනයේ යෙදුණේ ය.[11] 2013 පන්ජාබි චිත්‍රපටයක් වූ සිං වර්සස් කොවුර්හි ද ඔහු පෙනී සිටියේ ය.[12] 2013දී, ඔහු සෝනි ටීවී නළිකාවේ වැඩසටහනක් වූ දිල් කි නසර් සේ ඛූබ්සූරත් තුළ[13][14] මාධව් හෙවත් ආර්.ජේ. ඒහ්සාස්ගේ චරිතය නිරූපණය කළේ ය.[15][16] 2013 නොවැම්බරයේ, ඔහු සසුරාල් සිමර් කාහි ශෞර්යා සිංහානියා නම් ඍණාත්මක චරිතය නිරූපණය කළේ ය.[17]

පෞද්ගලික දිවිය[සංස්කරණය]

රෝහිත් සිය පාසල් මිතුරිය වන නේහා සමග විවාහ විය. ඔවුන් දෙපළට පුත්‍රයකු සහ දියණියක වේ.[3]

රූපවාහිනිය[සංස්කරණය]

වර්ෂ(ය) තේමාව චරිතය නාළිකාව සටහන් ප්‍රභවය
2009–2012 උත්තරන් වංශ් සිං බුන්දේලා / රොකී කලර්ස් ටීවී
2010 මිලේ ජබ් හම් තුම් ධෲව් / චින්‍ටු ස්ටාර් වන් ඍණාත්මක චරිතය [18]
2011 මායිකේ සේ බන්ධි දෝර් භාස්කර් ස්ටාර් ප්ලස් සහාය චරිතය [9]
2013 දිල් කි නසර් සේ ඛූබ්සූරත් මාධව් පෙරිවාල් / ඒහ්සාස් සෝනි ටීවී ප්‍රධාන චරිතය [19]
සසුරාල් සිමර් කා ශෞර්යා සිංහානියා කලර්ස් ටීවී ඍණාත්මක සමාන්තර චරිතය
2015 ලාජ්වන්ති ජමාල් පේශ්වාරි සී ටීවී ඍණාත්මක චරිතය
2015 සුහානි සි ඒක් ලඩ්කි රෝහන් ස්ටාර් ප්ලස් ධනාත්මක චරිතය (කෙටි නිරූපණය)
2015-16 චතුර් ඕර් චලක්, බිර්බල් ඕර් විරාත් විරාත් බිග් මැජික් ධනාත්මක චරිතය (ප්‍රධාන චරිතය)
2017 කසම් තේරේ ප්‍යාර් කි වෛද්‍ය මානව් ගරේවාල් කලර්ස් ටීවී

චිත්‍රපටය[සංස්කරණය]

වර්ෂය චිත්‍රපටය චරිතය භාෂාව සටහන් ප්‍රභවය
2011 මෙන් විල් බී මෙන් සුන්දර් හින්දි මුල්ම චිත්‍රපටයයි.. [20]
2012 බිල්ලා II සතිෂ් කුමාර් දෙමළ ප්‍රථම දෙමළ චිත්‍රපටයයි. [21]
සංගමම් පසුබිම් රංගනය තෙලිඟු සහාය රංගනය; තෙලිඟු චිත්‍රපට ආගමනය [22]
දිල් තේනු කර්ඩා ආ ප්‍යාර් පොලිස් නිලධාරියකු පන්ජාබි ප්‍රථම පන්ජාබි චිත්‍රපටයයි. [23]
2013 සිං වර්සස් කොවුර් රූප් ඍණාත්මක චරිතය [12]
2016 ගර්ල් ඉන් රෙඩ් කච්රේ වාලා හින්දි ඍණාත්මක චරිතය

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 1.4 "I've struggled a lot: Rohit Khurana - India TV News". indiatvnews.com. සම්ප්‍රවේශය 2013. {{cite news}}: Check date values in: |accessdate= (help)
  2. 2.0 2.1 2.2 Rohit Khurana talks about comeback in Uttaran - Hindustan Times, http://www.hindustantimes.com/entertainment/television/rohit-khurana-talks-about-comeback-in-uttaran/article1-776108.aspx, ප්‍රතිෂ්ඨාපනය 2017-09-08 
  3. 3.0 3.1 Yes, I am married and have a son: Rohit Khurana, http://articles.timesofindia.indiatimes.com/2012-11-21/news-and-gossip/35227729_1_personal-life-rohit-khurana-vansh, ප්‍රතිෂ්ඨාපනය 2017-09-08 
  4. Rohit Khurana - Oneindia, http://entertainment.oneindia.in/celebs/rohit-khurana.html, ප්‍රතිෂ්ඨාපනය 2017-09-08 
  5. Rohit turns beast! - daily.bhaskar.com
  6. Rohit Khurana fears death - daily.bhaskar.com
  7. Rohit Khurana in Sasural Simar Ka - Times of India[permanent dead link]
  8. Rohit Khurana gets abused! - Times Of India[permanent dead link]
  9. 9.0 9.1 Maayke Se Bandhi Dor - Indian Express
  10. Men Will Be Men - Cast, Actor, Actress, Director - Oneindia, http://entertainment.oneindia.in/bollywood/movies/men-will-be-men/cast-crew.html, ප්‍රතිෂ්ඨාපනය 2017-09-08 
  11. Punjabi film Dil Tainu Karda Ae Pyar
  12. 12.0 12.1 I can still pass off as a college kid, says Rohit Khurana | DNAIndia
  13. Sony to premiere "Dil Ki Nazar Se... Khoobsurat" | Indian Television
  14. Sony TV's show 'Khoobsurat': Rohit Khurana
  15. Khoobsurat not the same as "Saajan" : Rohit Khurana
  16. India TV >> plays ugly man on screen, it's a risk. Says: Rohit Khurana
  17. Rohit Khurana to enter Sasural Simar Ka
  18. Rohit Khurana plays it smart - daily.bhaskar.com
  19. Rohit Khurana plays ugly man on screen, says it's a risk
  20. Men Will Be Men movie review, http://www.glamsham.com/movies/reviews/29-men-will-be-men-movie-review-041101.asp, ප්‍රතිෂ්ඨාපනය 2017-09-08 
  21. Billa 2 movie review - Times of India
  22. Sangamam - Telugu Movie Review, Cast & Crew - Oneindia, http://entertainment.oneindia.in/telugu/movies/sangamam.html, ප්‍රතිෂ්ඨාපනය 2017-09-08 
  23. Dil Tainu Karda Ae Pyar is a romantic comedy - Times Of India, http://articles.timesofindia.indiatimes.com/2012-07-31/news-interviews/32962784_1_romantic-comedy-punjabi-cinema-punjabi-movies, ප්‍රතිෂ්ඨාපනය 2017-09-08 

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=රෝහිත්_ඛුරානා&oldid=620667" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි