රෝමානු දිය මග
ඔවුන්ගේ ජනරජය සහ පසුව අධිරාජ්‍යය පුරාවටම නගර සහ සුළුනගර වෙත පිටස්තර මූලාශ්‍ර වෙතින් ජලය රැගෙන ඒමට රෝමානුවෝ දිය මං තැනූහ. රෝම නගරය වෙත දිය මං විශාල සංඛ්‍යාවක් සංකේන්ද්‍රණය වී තිබූ අතර, වසර 500 ක පමණ කාලයක් තුල නිමැවුනු දිය මං එකලොසක් මගින් එය වෙත ජලය සැපයුනි. පානීය ජලය මෙන්ම නගරයෙහි බාහුල්‍යව පැවති නාන ස්ථානයන් සහ දිය බුබුළු වෙතද සැපයුම ඒවා මගින් සිදුකෙරුනු අතර, අවසානයෙහිදී පල්දෝරු වෙත මුදාහරිනු ලැබූ වරක් භාවිතා කෙරුනු මලින ජලය විසින් එහි අවසන් කෘත්‍යය වන අපද්‍රව්‍යයන් ඉවත් කිරීම සිදු කරනු ලදි.
රෝමානු දිය මං අතරින් පළමුවැන්න වූයේ, රෝමානු ජනරජය සමයයෙහිදී ක්‍රිපූ 312දී ඉදිකෙරුණු අක්වා අප්පියා යන්නයි. විට්‍රෑවියස් විසින් ක්‍රිපූ පළමුවන සියවසේහි ලියැවුනු ඔහුගේ ඩි ආකිටෙක්ටුරා නමැති කෘතියෙහි ඉදිකිරීම් ක්‍රමවේදයන් විස්තර කර තිබුණි. රෝමයෙහි බාහුල්‍යවූ දිය මං පරිපාලනය කෙරුමට ක්‍රිව පළමුවන සියවසෙහි අග භාගයෙහිදී පත්කෙරුණු ජනරාල් වරයෙකු වූ ෆ්‍රොන්ටිනස් හට මොහුගේ මෙම කෘතිය මහත් අනුග්‍රහයක් වන්නට ඇත.
ආශ්‍රිත ලිපි
[සංස්කරණය]- රෝමානු දිය මං සහිත පාලම් ලැයිස්තුව
- රෝමානු වාස්තුවිද්‍යා විප්ලවය
- පුරාතන රෝමානු වාස්තුවිද්‍යාව
- පුරාතන රෝමානු ඉංජිනේරුශිල්පය
- පුරාතන රෝමානු තාක්ෂණය
- රෝමානු කොන්ක්‍රීට්
මූලාශ්‍ර
[සංස්කරණය]භාහිර සබැඳි
[සංස්කරණය]- Sextus Julius Frontinus. De Aquaeductu Urbis Romae (රෝම නගරයේ ජල කළමනාකරණය පිළිබඳව). R. H. Rodgers විසින් කළ පරිවර්තනය. University of Vermont. 2003.
- Lacus Curtius – රෝමානු ජල පද්ධති පිළිබඳව වන යොමුව, uchicago.edu
- රෝමානු දිය මං කර්තෘ Wilke D. Schram (Univ. of Utrecht, NL), Cees Passchier (Univ. of Mainz, DEU), Driek van Opstal (ret.)
- රෝමානු දිය මං සිතියම් ව්‍යාපෘතිය