රෝමානු කෘෂිකර්මය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
ගෝල්-රෝමානු ගොයම්කපන්නෙක් නිරූපණය කරන පේකඩක්

පුරාතන රෝමයේ කෘෂිකර්මය යන්න අත්‍යාවශ්‍යකයක් පමණක් නොව, සමාජ ප්‍රභූ පිරිස් අතර ජීවනෝපායයක් ලෙසින් උත්කෘෂ්ට ලෙසින් සැලකිණි. සිසරෝ විසින් ගොවිතැන සැලකුනේ විශිෂ්ටතම රෝමානු වෘත්තිය ලෙසිනි. රාජකාරියේ යෙදීම නමැති ඔහුගේ නිබන්ධයෙහි, ඔහු විසින් ප්‍රකාශ කර තිබූ පරිදී "ප්‍රතිලාභයක් ලැබිය හැකි සියළු වෘත්තීන් අතුරින් කෘෂිකර්මයට වඩා හොඳ, එයට වඩා ලාභදායී, එයට වඩා ආනන්දජනක, එයට වඩා නිදහස් මිනිසෙකුට ගැලපෙන කිසිවක් නොමැත." ගම්බද ජීවනරටාවට ප්‍රියමනාප වීම නිසා තම සේවාදායකයෙක් අධිකරණයේදී සමච්චලයට ලක්වූ අවස්ථාවකදී, සිසරෝ විසින් ගම්බද දිවිය වෙනුවෙන් කරුණු සපයමින් කියා සිටියේ "ආර්ථිකයේ, කර්මාන්තයන්හී, සහ අධිකරණයේ ගුරුවරයා බවයි" (පර්සිමෝනියා, ඩිලිගෙන්ෂියා, යූස්ටික්ෂියා).[1] කාටෝ, කොළුමෙල්ලා, වරෝ සහ පැලඩියස් යන අයවළුන් ගොවිතැන් කර්මාන්තය පිළිබඳ පොත් ලිවූහ.

ප්‍රධාන භෝගය තිරිඟු වූ අතර, සැම රෝමානු කෑම මේසයකම ප්‍රධාන කෑම වර්ගය වූයේ පාන්ය. ඔහුගේ ඩි ඇග්රිකුල්ටුරා ("ගොවිතැන පිළිබඳ", ක්‍රිපූ 2වන සියවස) නිබන්ධනයෙහි, කැටෝ ලියාදැක්වූයේ, හොඳම ක්‍රමය නම් මිදිවත්තකට පසු, ජලසම්පාදිත උද්‍යානයක්ද, ඉන් පසු විලෝ වගාවක්ද, ඉන්පසු ඔලිව් ඵලෝද්‍යානයක්ද, ඉන්පසු තණබිමක්ද, ඉන්පසු ධාන්‍ය සපයන බිමක්ද, ඉන්පසු කැලෑ ගස්ද, ඉන්පසු ගස්වල එතුණු මිදිවත්තක්ද, සහ අවසානයට ඕක් වනාන්තරයක්ද වශයෙන් බවයි.[2]

විජයග්‍රහණය සහ යුද්ධකිරීම මගින් එය විසින් අත්පත් කරගත් එහි බොහෝ පළාත් විසින් සම්පත් සපයනු ඇතැයි රෝමය බලාපොරොත්තු තැබුවද, ධනවත් රෝමානුවෝ ඉතාලියේ ඉඩම් සංවර්ධනය කරමින් විවිධ බෝග වැවූහ. "ඉතාලියානු ගොවිපොලහී නිපැයුනු ආහාර මිලදී ගැනීම සඳහා විශාල වෙළෙඳපොලක් රෝම නගරයේ ජීවත්වූ ජනතාව විසින් සපයාදෙන ලදි."[3]

සාමාන්‍ය ජනතාව වෙතින් ප්‍රභූතාන්ත්‍රිකය වෙන් කොට හඳුනාගැනීමට ඉඩම් හිමි බව ප්‍රමුඛ සාධකයක් වූ අතර, රෝමන් වරයෙකු බොහෝ ඉඩම් හිමිකරුවෙකු වූ තරමට, සමාජයට ඔහු ඉතා වැදගතෙකු වීමද බොහෝ විය. ඔවුන් සේවය කල ආඥාපතියා වෙතින් සොල්දාදුවන් හට බොහෝවිට ඉඩම් ප්‍රදානය කෙරිණි. ගොවිපොලහී කාර්යයන් වහල් සේවය මත බොහෝ යැපුනද, වහලුන් පිළිබඳ අධීක්ෂණය කිරීම හා ගොවිපොළ කටයුතු සුමට ලෙසින් සිදුවන බව සහතික කරනු වස් නිදහස් මිනිසුන් සහ පුරවැසියන් කුලියට ගෙන ගොවිපොලහී භාවිතා කෙරිණි.[3]

ගොවිතැන පරිචයන්[සංස්කරණය]

රෝමානු නගුල් තලය, චිකාගෝහී ක්ෂේත්‍ර කෞතුකාගාරය වෙතින්

ක්‍රිපූ 5වන සියවසෙහිදී, රෝමයේ ගොවිපොල කුඩා හා පවුල්-හිමි වූහ. කෙසේවතුදු, එම යුගයේ ග්‍රීකයෝ, බෝග මාරුව ආරම්භ කොට සිටි අතර, විශාල වතුයාය වලට හිමිකම් ලදහ. ග්‍රීසිය, කාර්තේජ් සහ හෙලනිස්තික පෙරදිග හා සමග රෝමයේ සබඳතා, 3වන සහ 2වන සියවස්හී සිට වැඩිදියුණු වත්ම රෝමයේ කෘෂිකාර්මික ක්‍රමවේදයන්ද වර්ධනයට පත් විය. ඵලදායීතාවය සහ කාර්යක්ෂමතාවය අතින් රෝමානු කෘෂිකර්මය එහි උච්චතම මට්ටමට පත්වූයේ ජනරජයේ අවසන් සහ අධිරාජ්‍යයේ මුල් කාලසීමාවෙහිදීය.[4]

වපසරිය අනුව රෝමයේ ගොවිපොල වර්ග තුනකට බෙදා වෙන් කල හැක. කුඩා ගොවිපොල ජුගරා 18-108 දක්වා ප්‍රමාණයකින් යුතු විය. (එක් ජුගරමක් සමාන වූයේ අක්කර 0.65 හෝ හෙක්ටෙයාර සතරෙන් පංගුවකටය). මධ්‍යම-ප්‍රමාණයේ ගොවිපොල ජුගරා 80-500 ප්‍රමාණයෙන් යුතු විය. විශාල වතු (ලැටිෆන්ඩියා ලෙසින් හැඳින්වුනු) ජුගරා 500 ට වඩා විශාල වූහ.[5]

ජනරජ යුගයේ අවසන් භාගයේදී, ලැටිෆන්ඩියා සංඛ්‍යාව වැඩි විය. ධනවත් රෝමානුවෝ, දිවි ගෙවීමට තවදුරටත් අපහසුව සිටි කුලී ගොවියන්ගෙන් ඉඩම් මිලදී ගත්හ. ක්‍රිපූ 200 න් ඇරඹි, පියුනික් යුද්ධ හේතුවෙන් කුලී ගොවීන් දිගු කාලයන් තුල යුධ බිමේ සටන් රාජකාරි වලට යොදවනු ලැබූහ.[6]

එළදෙනුන් කිරි සැපයූ අතර, ගවයෝ සහ කොටළුවෝ ගොවිපොල බර වැඩ ඉටු කලහ. බැටළුවෝ සහ එළුවෝ ඇසුරෙන් කේජු නිපැයුනු අතර, හම් වලටද විකුණන ලදහ. අශ්වයෝ පුළුල් ලෙසින් ගොවිපොල කටයුතු වල භාවිතා නොකෙරුණු අතර, ධනවතුන් විසින් ඇති කරන ලද්දේ රේස් දිවීම හෝ යුද්ධ කටයුතු සඳහාය. . සීනි නිපැයීම සිදුවූයේ මීමැසි පාලනය ආශ්‍රිතව වන අතර, සමහරක් රෝමානුවෝ ගොළුබෙල්ලන් ඇතිකලේ සුඛෝපභෝගී ආහාරයක් සඳහාය.[5]

ආශ්‍රිත[සංස්කරණය]

  1. ප්‍රො රොසියො ඇමෙරිනො 75.
  2. කැටෝ ද සෙන්සර්, කොලොම්බියා යුනිවර්සිටි රෙකොර්ඩ්ස් ඔෆ් සිවිලිසේෂන්: ඔන් ෆාමිං, පරිවර්තනය අර්නස්ට් බ්‍රෙහෝට් විසින් (කොලොම්බියා විශ්වවිද්‍යාල මුද්‍රණාලය)
  3. 3.0 3.1 හොප්කින්ස්, "කොන්කරර්ස් ඇන්ඩ් ස්ලේව්ස්, පිටු 1-9, 1978
  4. හවුට්සන්, එම්.සී. (1989), දි ඔක්ස්ෆර්ඩ් කම්පෑනියන් ටු ක්ලැසිකල් ලිට්‍රිචර් (ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය) පිටු. 17-19
  5. 5.0 5.1 වයිට්, කේඩී (1970), ෆාර්මිං (කෝනල් විශ්වවිද්‍යාලයයීය මුද්‍රණාලය)
  6. කෝර්නෙල්, ටිම් (1982), ඇට්ලස් ඔෆ් ද රෝමන් වර්ල්ඩ් (ගොනුවේ තතු) පිටු 55
"https://si.wikipedia.org/w/index.php?title=රෝමානු_කෘෂිකර්මය&oldid=247362" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි