රෝමානු කතෝලික පල්ලිය - ආරම්භය සහ මෙහෙවර‍‍

විකිපීඩියා වෙතින්
සිස්නින් චපෙල්හි පෙරුජිනෝ විසින් අඳින ලද ජේසුස්වහන්සේ විසින් ඔහුගේ දොලොස් ගෝලයන්ගෙන් කෙනෙකු වන පීටර්ට දිව්‍යලෝකයේ දොරටු දෙන බිතු සිතුවම් 1481-2



කතෝලික පල්ලිය, එහි සොයාගැනීම ජේසුස් වහන්සේට සහ ඔහුගේ දොලොස් ගෝලයන්ට යා කරන අතර පල්ලියේ බිෂොප්වරුන් ගෝලයන්ගේ සාර්ථකත්වයට ලං වූ තැනැත්තන් ලෙස දකියි. එලෙසම පාප්තුමන්, ගෝලයන්ගේ නායකයා වූ පීටර්ගේ අනුප්‍රාප්තිකයෙකු ලෙසම විශේෂ ‍වේ. මාතෙව්තුමා විසින් ලියවුණු පොතෙහි (Gospel of Matthew) පීටර්ගේ ජේසුස් වහන්සේගේ කැප කිරීම විස්තර කරන්නේ මෙසේය “.............. පීටර් ඔබ, මෙම විශාල ගල මත මම මගේ පල්ලිය ගොඩ නඟන්නෙමි, නර ලෝකයේ දොරටුන් එයට ‍එරෙහි නොපවති. මම ඔබව දිව්‍ය ලෝකයට යන මාර්ගයන් (යතුරු) දෙන්නෙමි. පොළව මත ඔබගේ බන්ධ‍නයන් මොනවා වුවත් ඒවා දිව්‍ය ලෝකයේ ද බන්ධනයන් වෙයි. පොළව මත ඔබට අහිමි දේ මොනවා වුවත් ඒවා දිව්‍ය ලෝකයේ ද අහිමි දේ වෙයි” පල්ලියේ විශ්වාසය අනුව, යම් අවස්ථාවක ශුද්ධ ආත්මයක් (Holy Spirit) ගෝලයන්ගෙන් කෙනෙකු වෙත පැමිණීම ක්‍රියාතින් හැඳින්වූයේ ශුද්ධාත්ම ප්‍රාප්ති සැමරීමේ උත්සවය ලෙසයි. (Pentecost) එමඟින් මෙම පොරොන්දුව ලෝකයට ගෙන ආවේය. කේම්බ්‍රිජ්හි පීටර් හවුස්හි ගෞරව පදවි නාම ලබාගත් හා හිටපු පීඨාධිපති වන එඩ්වර්ඩ් නොමන් (Peterhouse, Cambridge, Edward Norman) වැනි උගතුන්, පල්ලිය ජේසුතුමන් විසින් ඔහුගේ මිහිපිට වාසය කරන කාලය තුළ සොයාගත් බවටත්, එකඟ වන අතර ඓතිහාසික වාර්ථා අනාවරණය කරන්නේ එය මුල සිටම ක්‍රිස්තියානි ධර්මය පිළිබඳ ඇති අධිකාරියක් ලෙස සලකනු ලැබූ බවයි. කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ඉතිහාස‍ය පිළිබඳ මහාචාර්යවරයෙකු වන ඊමන් ඩෆී (Eamon Duffy) වැන්නන් අනතුරු අඟවන්නේ ක්‍රිස්තියානි ධර්මය පිළිබඳ පෙර වර්ෂවල සිට පැවත එන අප්‍රමාණවත් පැහැදිලිව ලියන ලද පෙර වර්ෂවල සිට පැවත එන අප්‍රමාණවත් පැහැදිලිව ලියන ලද වාර්තා සංඛ්‍යාව මඟින් එවැනි නිරවද්‍යතාව පිළිබඳ ස්ථිර කිරීම අමාරු කාර්යයක් බවයි. I වන ක්ලේමෙන්ට් (Clement I) පාප් තුමා විසින් 95 වසර යැයි දින යොදා ඇති ලිපියක් නැතිවීම, සහ එම ලිපිය පිළිබඳ ඉතිහාසඥයින් ඔහු මූලාසනය හෙබවූ පූජකවරයෙකු ලෙස ඇති සාක්ෂියක් ලෙස දක්වයි. මහාචාර්ය ඩෆී, අපොස්කල්වරුන්ගේ සිට පාප්වරුන් හරහා බිෂොප්වරුනට පැවරෙන අඛණ්ඩ අධ්‍යාත්මක බලය පිළිබඳ ඇති සංකල්පය පිළිබඳ ප්‍රශ්න කරන අතර පළමු සියවසේ දී රෝමානු පල්ලියෙහි බිෂොප්වරයෙකු විසින් පාලනය කෙරෙනු බවට සැක පහළ කරයි. දෙවන සියවසේ දී ‍ඉරේනස් (Irenaeus) විසින් සපයන ලද “සැක සහිතව පිළිවෙලට සකස් කළා වූ” ශාන්ත පීටර් දක්වා නම් කරන ලද රෝමානු බිෂොප්වරුන්ගේ නම් ඇතුළත් පළමු ඓතිහාසික ලිපිගොනු ලැයිස්තුව පිළිබඳ ඩෆී පවසන්නේ රෝමයේ කුමන ආයතනයක පාලනය කළා වූ බිෂොප්වරයෙකු ඉහල නැඟුනේ ද යන්න පිළිබඳ නිශ්චිත මාර්ගයක් නොමැති බවයි. එලෙසම පළමු පාප් තුමෙකුව නම් කිරීමට ද නිශ්චිත මාර්ගයක් නොමැත. නමුත් 150 හි මැද කාලයෙදී එමම ක්‍රියාවලිය නිශ්චිතවම අනිසේමස්වරුන්ගේ Anicetus කාලයේ දී සම්පූර්ණ කෙ‍රුණු අතර ස්මයිරාහි මහලු බිෂොප්වරුයෙකු වන පොලිකාෆ් (Polycarp) රෝමයට සංචාරය කළ අවස්ථාවේදී ඔහු සහ අනිසේමස් පාස්කු අවස්ථාවේ දී ඔහු සහ අනිසේමස් පාස්කු දිනය පිළිබඳ මිත්‍රශීලී ලෙස විවාද කළේය.

පල්ලිය විශ්වාස කරනුයේ එහි මෙහෙවර සොයා ගැනුනේ ජේසුස් වහන්සේ විසින් ඔහුගේ අනුගාමිකයන්ට දෙවියන් පිළිබඳ විශ්වාසය ලෝකය පුරා පැතිරීමට අණ දුන් අවස්ථාවේදීය යනුවෙනි. “යන්න, සෑම ජාතියකින්ම අනුගාමිකයන් ඇති කරන්න, ඔවුන්ව මම ඔබට අණ කළාවූ සියලු දේවල් නිරීක්ෂණය කිරීමට උගන්වන්න, එලෙස ලෝ සහ මම යගුය ඉවර වනතුරුම ඔබත් සමඟ හැමදාම සිටින්නෙමු. 16 වන බෙනෙඩික් (Benedict XVI) පාප්තුමන්, පල්ලියේ මෙහෙවර ඇකිලිය හැකි වගකීම් 3ක් ලෙස සාරාංශය කරයි. එයට අඩංගු වන්නේ දෙවියන්ගේ වචනය ප්‍රකාශ කිරීම, සත් ප්‍රසාද සැමරීම සහ අසරණ සරණ දේව ගැති ධූරය පුහුණු කිරීමයි. ඔහු පැවසුවේ මෙම කාර්යයන්හි එකිනෙකට අදහස් සමාන බවත් ඒවා වෙන් කළ නොහැකි බවත්ය. එම නිසා පල්ලිය ලෝකය පුරාම සමාජ සත්කාර වැඩසටහන් ක්‍රියාත්මක කළේය. කතෝලික සහන සේවාවන්, කතෝලික අසරණ සරණ සේවාවන්, කතෝලික පාසල්, විශ්ව විද්‍යාල, රෝහල්, ආයතන, අමාත්‍යාංශය තුළින්, දුප්පතුන්ට එලෙස දේව ධූර පවුල් සඳහා වැඩිහිටියන්ට මෙන්ම කොන් කරාවූ පුද්ගලයන්ට පල්ලිය, මඟින් කතෝලික සමාජ ඉගැන්වීමෙහි (Catholic social teaching) චර්යා ධර්ම යොමු කළ අතර අනෙකුත් අයගේ කායික සහ අධ්‍යාත්මික අවශ්‍යතාවන් සොයා බලයි.





References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Roman_Catholic_Church#Origin_and_mission