රොසලින්ඩ් ෆ්‍රෑන්ක්ලීන්

විකිපීඩියා වෙතින්
රොසලින්ඩ් එල්සි ෆ්‍රෑන්ක්ලීන්
උපත
රොසලින්ඩ් එල්සි ෆ්‍රෑන්ක්ලීන්

25 ජූලි 1920(1920-07-25)
නොටින්ග් හිල්, ලන්ඩන්, එක්සත් රාජධානිය
මියගිය දිනය16 April 1958(1958-04-16) (වයස 37)
චෙල්සි, ලන්ඩන්, එක්සත් රාජධානිය
මිය යාමට හේතුවඩිම්බකෝෂ පිළිකාව
සතපවන ලද තැනවිලෙස්ඩෙන් එක්සත් සමිති ශාලා සුසාන භුමිය
51°32′41″N 0°14′24″W / 51.5447°N 0.2399°W / 51.5447; -0.2399
ජාතිකත්වයඉංග්‍රීසි
උගත් ශාස්ත්‍රාලයනිව්න්හැම් විද්‍යාලය, කේම්බ්‍රිජ්
ප්‍රසිද්ධව ඇත්තේ
Scientific career
ක්ෂේත්‍රය
ආයතන
Thesisගල් අඟුරු පිළිබදව විශේෂ විමර්ෂණයක් සමඟින් ඝන කාබනික ගල් අඟුරු පිළිබදව භෞතික රසායනික විද්‍යාව. (1945)
ආචාර්ය සිසුන්රෙයිමන්ඩ් ගොස්ලින්ග්

රොසලින්ඩ් එල්සි ෆ්‍රෑන්ක්ලීන් (1920 ජූලි 25 සිට  – 1958අප්‍රේල් 16[1])යනු DNA වල අණුක ව්‍යුහය (ඩිඔක්සිරයිබෝනියුක්ලෙයික් අම්ලය), RNA (රයිබෝනියුක්ලෙයික් අම්ලය), වෛරස, ගල් අඟුරු, සහ ග්‍රැෆයිට් යනාදියෙහි අණුකව්‍යුහය සොයාගැනීමට සමත් වූ ඉංග්‍රීසි ජාතික රසායන විද්‍යාඥවරියක් සහ X-කිරණ ස්ඵටික ඡායාරූප ශිල්පිණියකි.[2]ඇයගේ ජීවිත කාලය තුළ සිදුවූ සියලුම කටයුතු සිදුවූයේ ගල්අඟුරු සහ වෛරස පිළිබදව වූ අතර , DNA පිළිබදව ගවේෂණය සම්බන්ධව වැඩි පිළිගැනීමක් ඇයට හිමිවූයේ ඇගේ මරණින් අනතුරුවය.

ප්‍රමුඛ බ්‍රිතාන්‍ය යුදෙව් පවුලක උපන් ෆ්‍රෑන්ක්ලීන් පෞද්ගලිකව බටහිර ලන්ඩනයේ නෝර්ලන්ඩ් ප්ලේස්හිද, තරුණ කාන්තාවන් සදහා වන සසෙක්ස්හිලින්ඩොරෙස් පාසලෙන් සහ ලන්ඩනයේ ශාන්ත පෝල් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. . පසුව ඇය කේම්බ්‍රිජ්හි නිව්න්හැම් විද්‍යාලයට ඇතුලත් වූ අතර එහිදී ඇය ස්වාභාවික විද්‍යාව පිළිබඳ ප්‍රමුඛ පෙළේ උපාධියක් හිමිකරගත්තාය. පර්යේෂණ ශිෂ්‍යයත්වයක් හිමිකර ගත් ඇය ඇය පිළිබදව අඩු අවධානයක් යොමුකළ රොනල්ඩු ජෝර්ජ් රෙයිෆෝර්ඩ් නොරිෂ් යටතේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ භෞතිකරසායන විද්‍යාව පිළිබද විද්‍යාගාරයට ඇතුළත් වූවාය.[3]වාසනාවකට 1942 දී, බ්‍රිතාන්‍ය ගල් අඟුරු උපයෝගීතා හා පර්යේෂණ ආයතනය (BCURA) විසින් පර්යේෂණ කටයුතුවලට ඇයව හවුල්කරගත් අතර ,ඇය එහිදී ගල්අඟුරු පිළිබඳව රාජකාරී ඇරඹුවාය.මෙය ඇයට 1945 දී දර්ශන වේදී(Ph.D..) යාමට ඉවහල් විය. X-කිරණ ස්ඵටික ඡායාරූප ශිල්පය පිළිබඳව ඇය දැක්වූ විශිෂ්ටත්වය මත Chimiques de l'Etat,මධ්‍යම විද්‍යාගාර සේවා ආයතනයේ ජේක්ස් මෙරින්ග් යටතේ chercheur (පශ්චාත්-ආචාර්ය පරීක්ෂක) ලෙස 1947 දී පැරීසියට යාමටඅවස්ථාව හිමිවිය. 1951දී ඇයට ලන්ඩන් රාජකීය විද්‍යාලයේ පරීක්ෂණවලට සම්බන්ධ වීමට ඉඩ සැලසුනු අතර X-කිරණ විවර්තනය අධ්‍යයනයන් වලට දායක විය. ද්ව්ත්ව හෙලික්සිය පිළිබඳ DNA වල කල්පිතය තහවුරු කිරීමට අවස්ථානුකූලව උපයෝගී වූවාය. [4] 1953දී, අවුරුදු දෙකකට පසුව, ඇයගේ අධ්‍යයක්ෂක වූ ජෝන් රැන්ඩල් සහ ඇගේ පාසලේ සාමාජිකයෙකු වූ මොරිස් විල්කින්ස් හා ඇතිවූ මතභේදයක් නිසා බර්ක්බෙක් විද්‍යාලයට යාමට ඇයට සිදුවිය..[4]බර්ක්බෙක් හි, භෞතික විද්‍යා දෙපාර්තුමේන්තුවේ ප්‍රධානීවූ J. D. බර්නල් පරීක්ෂන කණ්ඩායමෙන් වෙන් කිරීමට තීරණය කරන ලදි. ඇය වර්ෂ 1958දී එනම් ඇයට වයස අවුරුදු 37දී ඩිම්බකෝෂ පිළිකාවකින් මියගියාය.

ෆ්‍රෑන්ක්ලීන්ව විශේෂයෙන් හඳුනා ගනුලබන්නේ ඇය ලබාගත් DNA වල X-කිරණ විවර්තන ඡායාරූපය නිසාය., එය ඡායාරූපය 51ලෙස හැදින්වේ. 1962 දී ලන්ඩනයේ රාජකීය විද්‍යාලයේදී , DNA අණුවේ ද්විත්ව හෙලික්සීය ව්‍යුහය සොයාගැනීම සම්බන්ධව ජේම්ස් වොට්සන්, ෆ්‍රැන්සිස් ක්‍රීක් සහ මොරිස් විල්කින්ස් යන අය කායික විද්‍යාව නොහොත් වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූහ.වොට්සන් සඳහන් කරන ආකාරයට විල්කින්ස් පමණක් නොව ෆ්‍රෑන්ක්ලින් ද රසායන විද්‍යාව සඳහාවන නොබෙල් ත්‍යාගය සඳහා නිර්දේෂ වියයුතු බවයි. නමුත් නොබෙල් කමිටුව මියගිය අයෙකුට නොබෙල් ත්‍යාගය දීමට විරුද්ධ විය. [5][6] DNA සම්බන්ධව කාර්යයන් නිමකළ පසු ෆ්‍රෑන්ක්ලීන් වෛරසවල අණුක ව්‍යුහය පිළිබදව පුරෝගාමී මෙහෙවරක් ඉටුකළාය. [7] ඇයගේ කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ආරොන් ක්ලග් ඇයගේ පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙන ගිය අතර, 1982 දී රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය දිනාගන්නා ලදි..

පාදක සටහන්[සංස්කරණය]

  1. "The Rosalind Franklin Papers, Biographical Information". profiles.nlm.nih.gov. සම්ප්‍රවේශය 13 November 2011.
  2. "The Rosalind Franklin Papers, The Holes in Coal: Research at BCURA and in Paris, 1942–1951". profiles.nlm.nih.gov. සම්ප්‍රවේශය 13 November 2011.
  3. Glynn, p. 60
  4. 4.0 4.1 සංරක්ෂිත පිටපත, http://www.biomath.nyu.edu/index/course/hw_articles/nature4.pdf, ප්‍රතිෂ්ඨාපනය 2017-10-12 
  5. "The Discovery of the Molecular Structure of DNA – The Double Helix". Official Website of the Nobel Prizes. සම්ප්‍රවේශය 4 February 2014.
  6. "Nobel Prize Facts". Official Website of theNobel Prizes. සම්ප්‍රවේශය 24 January 2016.
  7. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; ChemHeritage නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි

අමතර කියවීම්[සංස්කරණය]

  • Brown, Andrew (2007). J.D. Bernal: The Sage of Science. New York: Oxford University Press. ISBN 0-19-920565-5.
  • Chomet, Seweryn, ed. (1995). D.N.A.: Genesis of a Aiscovery. England: Newman-Hemisphere. ISBN 978-1-56700-138-9.
  • Crick, Francis (1988). What Mad Pursuit: A Personal View of Scientific Discovery. New York: Basic Books. ISBN 0-465-09138-5.
  • Dickerson, Richard E. (2005). Present at the Flood: How Structural Molecular Biology Came about. Sunderland: Sinauer. ISBN 0-87893-168-6.

බාහිර සබැඳි[සංස්කරණය]

for television program first broadcast in 2003

සැකිල්ල:King's College DNA