රොට්වෙයිල(ර්)

විකිපීඩියා වෙතින්


රොට්වෙයිල(ර්)
සුරතල් නාමය රොටී
රොට්
උපත් ලද රට ජර්මනිය
විශේෂ ලක්ෂණ
පිරිමි කි.ග්‍රෑ. 50-60 (110 - 132 lbs)
ගැහැණු කි.ග්‍රෑ. 35-48 (77 - 105 lbs)
පිරිමි සෙ.මී. 61-69 (අඟල් 24 - 27)
ගැහැණු සෙ.මී. 56-63 (අඟල් 22 - 25)
ගෘහස්ථ සුනඛයා (Canis lupus familiaris)

රොට්වෙයිල(ර්) /ˈrɒtwlər/ යනු මධ්‍යම ප්‍රමාණයේ සිට විශාල[1][2] හෝ විශාල [3][4] ලෙසින් පිලිගන්නා ගෘහස්ථ සුනඛ වර්ගයකි.මෙම සුනඛ වර්ගය ජර්මනියේ හඳුන්වනු ලබන්නේ [රොට්වෙයිල(ර්) මෙට්ස්ග(ර්)හන්ඩ්] Error: {{Lang}}: text has italic markup (help), අදහස රොට්වෙයිල් සතුන් මරන්නන්ගේ සුනඛයන් යනුයි.එයට හේතුව මොවුන් ගොවිපලක සතුන් බලාගැනීමට හා මස් මෙන්ම අනෙකුත් නිෂ්පාදන පටවන ලද කරත්ත වෙළඳපොළ කරා ඇදගෙන යාම සඳහා යොදා ගන්නා ලද බැවිනි.[1] 19 වන ශතවර්ශයේ මධ්‍යම භාගයේ දුම්රිය මගින් සතුන් වෙළඳපොළ කරා ප්‍රවාහනය කිරීම අරඹන තුරු රොට්වෙයිල(ර්) සුනකයන් තමන්ගේ සාම්ප්‍රදායික භූමිකාව සඳහා යොදා ගන්නා ලදී. ගොවිපළ සතුන් බලාගැනීමට මෙන්ම මේ වන විට සෝදිසි කිරීමේ හා බේරා ගැනීමේ සුනඛයන් ලෙසද, අන්ධ පුද්ගලයන් සඳහා මග පෙන්වන්නන් ලෙසද, මුරකරුවන් හා පොලිස් සුනඛයන් ලෙසද, තවත් විවිධ භූමිකාවන් සඳහාද මොවුන් යොදා ගැනේ.[5]


ඉතිහාසය[සංස්කරණය]

රොට්වෙයිල්හී ස්මාරකය

මෑත කාලයේ බොහෝ අරමුණු සඳහා යොදාගන්නා සුනඛ විශේෂයක් වුවද රොට්වෙයිල(ර්) සුනඛයන් යනු සතුන් බලාගැනීමට යොදා ගත් පැරණිතම විශේෂයකි.[6]බහු-ආංශික සතුන් බලගැනීම හා විවිධ භාණ්ඩ ආරක්ෂා කරගැනීමට මෙන්ම ඕනෑම තත්වයක් යටතේ ක්‍රියා කිරීමේ හැකියාවක් මොවුන්ට ඇත.මෙම විශේෂයේ ඉතිහාසය රෝමානු අධිරාජ්‍යය කරා දිව යයි. [7] රොට්වෙයිල(ර්) සුනඛයන් විශ්වාසය තැබිය හැකි වූ, මනා බුද්ධියක් හා රැකවල් කිරීමේ ඉවක් තිබූ, අනම්‍ය හා විශාල සුනඛයන් වන ප්‍රාග් රෝමානු සුනඛයන්ගෙන් පැවත එන්නන් ලෙස සැලකේ. යුරෝපය යටත් කර ගැනීමේ කැරැල්ලේදී, රෝමානු සේනාංකය මහද්වීපය හරහා විශාල කණ්ඩායම් ලෙස ගමන් ගන්නා ලදී. ශීතකිරීමේ උපක්‍රම නොපැවතීම නිසා සොල්දාදුවන් හට ඔවුන්ගේ ආහාර අවශ්‍යතා වෙනුවෙන් ගවයන් රංචු රැගෙන යාමට සිදුවිය. සුනඛයන් මෙම ගවයන් එකතු කර තබාගැනීමටත් රාත්‍රියේදී ආරක්ෂා කර ගැනීමටත් යොදා ගන්නා ලදී. ක්‍රි.පූ. 74 පමණ කාලයේදී රෝමානු හමුදාව ඇල්ප්ස් හරහා ගමන් කොට දකුණු ජර්මනියට ඇතුලුවිය. එතැන් පටන් රෝමානුවන් ස්වාබිවරුන් විසින් පලවා හැරීමෙන් පසුවද සියවස් දෙකක් පුරාවට මෙම රෝමානු සුනඛයන් සතුන් රැකබලාගැනීම හා වෙලඳපොල කරා ගෙනයාම සඳහා යොදා ගන්නා ලදී.[8]


මෙම ප්‍රදේශයේ නාගරිකයක් කල්යත්ම රොට්වෙයිල් නම් විය.[8] එය වැදගත් වෙලඳාම්පොළක් වු අතර, රෝමානු සුනඛයන් සතුන් පොළට දැක්කීමෙන් හා සතුරන්ගෙන් මෙන්ම කැලෑ සතුන්ගෙන් ආරක්ෂා කිරීමෙන් ඔවුන්ගේ වටිනාකම ඔප්පු කර පෙන්වීය.[8] මධ්‍යම කාලයේදී අහිකුන්ථික සතුන් මරන්නන් විසින් තමන්ගේ මුදල් පසුම්බි මෙම සුනඛයන්ගේ ගෙල වටා බැදීමෙන් ඒවා ආරක්ෂා කර ගැනීම සඳහා යොදා ගන්නා ලදී.[9] කාලය ගතවීමේදී මෙම සුනඛයන් රොට්වෙයිල(ර්) මෙට්ස්ගර්හන්ඩ් හෝ මස් මරන්නන්ගේ සුනඛයන් ලෙස හඳුන්වන ලදී.[8] වෙලඳපොළ කරා සතුන් ප්‍රවාහනය කිරීමේ ප්‍රාථමික ක්‍රමය ලෙස දුම්රිය මාර්ග යොදාගන්නා විට මෙම විශේෂයේ අවශ්‍යතාවය නොසැලකිය හැකි තරම් වූ අතර රොට්වෙයිල(ර්) සංඛ්‍යාවද අඩු විය. මොවුන්ගේ සංඛ්‍යාව ඉතා බරපතල අන්දමින් පහත ගිය ආකාරය කෙතරම්දයත්, 1882 වර්ෂයේදී හෙයිල්බ්‍රොන්හීදී පැවැත්වූ සුනඛ ප්‍රදර්ශණයකදී මොවුන්ගේ වංශයේ සහභාගිවීම එක් ඉදිරිපත්වීමකට සීමාවිය.[8]

පළමු ලෝක යුධ සමයේ පොලිස් සුනඛයන් සඳහා ඉහල ඉල්ලුමක් ඇති වූ අතර එහිදී රොට්වෙයිල(ර්) කෙරෙහි නැවත සැලකිල්ල යොමු විය. පළමු හා දෙවන ලෝක යුධ සමයන්හීදී රොට්වෙයිල(ර්) සුනඛයන් පණිවිඩකරුවන් ලෙස, හදිසි අනතුරු සේවාවන්හීදී හා රැකවලුන් ලෙස යොදා ගන්නා ලදී.

ජර්මනියේ පළමු රොට්වෙයිල(ර්) සමාජය ලෙස ජර්මානු රොට්වෙයිල(ර්) සමාජය (Deutscher Rottweiler-Klub ,DRK)1914 වර්ෂයේ ජනවාරි 13 වන දින පිහිටුවන ලද අතර 1915 වර්ෂයේ අප්‍රේල් 27 වන දින දකුණු ජර්මානු රොට්වෙයිලර් සමාජය ("Süddeutscher Rottweiler-Klub" ,SDRK) පිහිටුවීය. පසුකාලීනව එය අන්තර්ජාතික රොට්වෙයිල(ර්) සමාජය ( International Rottweiler Club, IRK) විය. DRK මගින් රොට්වෙයිල(ර්) සුනඛයන් 500ක් පමණද SDRK මගින් 3000ක් පමණද ගණනය කරන ලදී. මෙම සමාජයන් දෙකෙහි අරමුණු එකිනෙකට වෙනස් විය. රොට්වෙයිල(ර්) සුනඛයන්ගේ රූපාකාරය ඉස්මතුකිරීම නොව කාර්‍යන් ඉටු කිරීම සඳහා සුනඛයන් සෑදීම DRKහී අරමුණ විය.

විවිධාකාර වූ ජර්මානු රොට්වෙයිල(ර්) සමාජයන් ඒකාබද්ධ වී Allgemeiner Deutscher Rottweiler klub (ADRK, "General German Rottweiler Club") 1921 වර්ෂයේදී පිහිටුවන ලදී. මෙය 1924 වර්ෂයේ ජනවාරි 27 වන දින ස්ටට්ගාර්ට් දිස්ත්‍රික්ක උසාවියේ සමාජ හා සමාගම් නිල ලේඛනයේ නිල මට්ටමින් සටහන් කරගන්නා ලදී.[10] රොට්වෙයිල(ර්) සුනඛයන්ගේ මව් සමාජය ලෙස ADRK ලෝකය පුරා පිලිගැනේ. ඇමෙරිකානු කෙනල් සමාජය මගින් 1931 වර්ෂයේදී රොට්වෙයිල(ර්) සුනඛයන් නීත්‍යානුකූලව පිලිගන්නා ලද අතර [11] බ්‍රිතාන්‍යයේ ක්‍රෆ්ට්ස් හීදී එම වර්ෂයේදීම ඔවුන් ප්‍රදර්ශනය කරන ලදී. 1966 වර්ෂයේදී ඔවුන් වෙනුවෙන්ම වූ නිල ලේඛනයක් විවුර්‍ත විය. 1990 දශකයේ මැද භාගයේ රොට්වෙයිල(ර්) සුනඛයන්ගේ ජනප්‍රියතාව හිනිපෙත්තටම නැගි අතර ඇමෙරිකානු කෙනල් සමාජයේ වැඩියෙන්ම ලියාපදිංචි වූ සුනඛයන් වර්ගයද විය.[12] 2013 වර්ෂයේ ඇමෙරිකාවේ ජනප්‍රියතම නොමුහුන් සුනඛ වර්ග අතරින් 9 වන ස්ථානය කෙනල් සමාජය මොවුන්ට පිරිනමන ලදී.[13]

පාරිභාෂික සටහන[සංස්කරණය]

"රොට්වෙයිල(ර්) සුනඛයන් ඇති කරන්නන් බලාපොරොත්තු වන්නේ අධික ශක්තියකින් යුතු, කාල වර්ණ පැහැයෙන් හා පැහැදිලිව පෙනෙන දුඹුරු සලකුණු වලින් යුත්, උදාරභාවයේ අඩුවක් නොවන බලවත් පෙනුමක් ඇති හා සහකාරයෙක්, සේවයක් හා ක්‍රියා කිරීමේ හැකියාවක් ඇති අසාමාන්‍ය ලෙස සුදුසු සුනඛයෙකි.""[1] මොවුන්ගේ පැවැත්ම සමබරතාවය, දරාගැනීමේ ශක්තිය, සමානුපාතික බව, බුද්ධිය හා ශක්තිය යන සාධක මත පදනම් වේ. රොට්වෙයිලර් සුනඛයන්ගෙ ශාරීරික පෙනුම සඳහා විවිධ සම්මත චරිතාංග පහත පරිදි වේ.

රොට්වෙයිල(ර්) ව්‍යුහය
  1. හිස ( ඇස් )
  2. හොම්බ ( දත්, දිව )
  3. තැල්ල ( උගුර, බෙල්ලේ සම )
  4. උරහිස
  5. වැලමිට
  6. ඉදිරිපස ගාත්
  7. ශ්‍රෝණිය
  8. ගාත්
  9. දණිස් සන්ධිය
  10. පස්සා ගාත්
  11. මොල්ලිය
  12. කළවා සන්ධිය
  13. අත්
  14. වල්ගය

හිස[සංස්කරණය]

හිස්කබල මධ්‍යම දිගින් යුතු අතර කණ දෙපසින් පලල්ය. පැත්තෙන් පෙනෙන ආකාරයට නළල් රේඛාව සෑහෙන තරම් වක් වී ඇති අතර පැහැදිලිව නොපෙනෙන, හොඳින් වැඩුනු අවමූර්ධ ඇටයකින් සමන්විත වේ. කලු පැහැති පළල් නාසය හොඳින් පිහිටා ඇති අතර නාස් පුඩු තරමක් විශාලය. කපාලයත් සමග සසඳන විට හොම්බ දිගටි හෝ කෙටි නොවේ. නාසාස්ථියෙහි පාදම කොටස පළල් වන අතර ක්‍රමයෙන් සිහින්ව යයි.

දෙතොල් කලු පැහැති අතර දෙතොල් කොන් තදව පිහිටා ඇති බැවින් පිටතට නොපෙනේ. විදුරුමස ඉතා අඳුරු පැහැතිය. උඩු හා යටි හනු ශක්තිමත් හා පළල්ය. FCI සම්මුතීන්ට අනූව රොට්වෙයිල(ර්) සුනඛයන් ශක්තිමත් හා පූර්ණ දන්ත වින්‍යාසයක් (දත් 42ක්) දැරිය යුතු අතර උඩු දත් පෙල යටි දත් පෙලට තරමක් ඉදිරියෙන් පිහිටිය යුතුය. යුග තෝරණිය පැහැදිිලි විය යුතුය. මධ්‍යම ප්‍රමාණයේ ඇස් ආමන්ඩ් හැඩැති අතර තද දුඹුරු පැහැතිය. ඇහිපිලි සමීපව පිහිටා ඇත. හිසේ ඉහළ එකිනෙකට දුරින් පිහිටා ඇති කණ් ත්‍රිකෝණාකාර මධ්‍යම ප්‍රමාණයේ ඒවාය. කණ්, හිසට සමීපව ඉදිරියට බරව පිහිටා ඇති නිසා හිස්කබල පළල්ව පෙනේ. හිසෙහි සම හිසට ඇලී, තදව පැතිරී ඇත. මොවුන් සුපරික්ෂාකාරීව සිටින විට නළල මදක් රැළි ගන්වයි.

බෙල්ල[සංස්කරණය]

බෙල්ල ශක්තිමත්, මධ්‍යස්ථ දිගින් යුත්, මස්පිඩු වලින් පිරුණු, තරමක් වක් වූ හා පිරිසිදු වන අතර අපැහැදිලි බවින් තොරය.

සිරුර[සංස්කරණය]

ඇමෙරිකානු කෙනල් සමාජයේ ලෝක සුනඛ ප්‍රදර්ශන මාලාව - රොට්වෙයිල(ර්) සුනඛ තරඟය, රිලයන්ට් අංගණය - 2006 වර්ෂයේ ජුලි 23.

පසුපස සෘජු, තද හා ශක්තිමත්ය. ඉඟ කෙටි, ශක්තිමත් හා ගැඹුරුය. පළල්, මධ්‍යම උසකින් යුක්ත, තරමක් වටකුරු වන පැතලි නොවන ඊලයක් දරයි. පපු ප්‍රදේශය ඉඩ ඇති, පළල් හා ගැඹුරු ( ආසන්නව උරහිස් උසෙන් 50% පමණ ) එකක් වන අතර හොඳින් විකසනය වූ උරස්ථලයක් හා නීසිලෙස හටගත් ඉල ඇට ඇත. ඇලපත ඇතුලට නැමී නැත.

වල්ගය[සංස්කරණය]

වල්ගය පළමුවන හෝ දෙවන පුරුකෙන් හෝ ස්වාභාවිකව කෙටි මහත කොටසෙන් කපා දැමීම සිරිතක්ව පැවතුනි. නමුත් මේ වන විට එය රටවල් බොහෝ ගණනකින් තහනම් කර ඇති අතර FCI සම්මුතියේ සඳහන් කර ඇත. අනෙකුත් රටවල එය නීත්‍යානුකූල වන අතර, ඇමෙරිකා එක්සත් ජනපදය හා නවසීලන්තය එය AKC හා NZKC සම්මුතීන්හී සඳහන් කර ඇත.

ගාත්‍රා[සංස්කරණය]

ඉදිරිපසින් පෙනෙන ආකාරයට ඉදිරිපස කකුල් සෘජු හා එකිනෙකට තරමක් ඈතින් පිහිටයි. පැත්තෙන් පෙනෙන ආකාරයට යටිබාහුව සෘජු හා සිරස් ලෙස පිහිටයි. උරහිස් තලයේ කෝණය අංශක 45 ක් පමණ වේ. උරහිස් හොඳින් පසුපසට වන්නට පිහිටා ඇත.සිරුරට ආසන්නම වන්නේ උඩුබාහුවයි. යටිබාහුව ශක්තිමත්ව වර්ධනය වී ඇති අතර මස් පිඩු සහිතය. බාහුවේ පහල කොටස තරමක් ඇදෙනසුලු හා ශක්තිමත්ය. ඉදිරිපස පතුල් වටකුරු, තද හා හොඳින් වක් වී ඇති අතර පාද කොට්ටය දැඩිව, නියපොතු කෙටිව හා ශක්තිමත්ව පිහිටයි.

පසුපසින් පෙනෙන ආකාරයට පසුපස ගාත්‍රා සෘජුවද එකිනෙකට තරමක් දුරින්ද පිහිටයි. නිදහසේ සිටගන්නා විට සුනඛයාගේ උඩු කලවය හා උකුලු ඇටය අතරද උඩු කලවය හා යටි කලවය අතරද යටි කලවය හා ආරාතචිපිටීය අතරද මොට කෝණ නිර්මාණය කරයි. උඩු කලවය තරමක් දිගුවද, පළල් හා ශක්තිමත් මස්පිඩු වලින් පූර්ණවද පිහිටයි. යටි කලවය දිගුවද, ශක්තිමත්ව හා පළල් මස්පිඩු වලින්ද බලනහර වලින්ද සමන්විතය. දණිස් සන්ධිය ශක්තිමත්ව, කෝණාකාරව ගොඩනැගී ඇත. පස්සා ගාත් ඉදිරි ගාත් වලට වඩා තරමක් දිගු වන අතර ඇඟිලි ශක්තිමත්ව,වක් වී පිහිටයි.

ගමන් විලාසය[සංස්කරණය]

රොට්වෙයිල(ර්) සුනඛයෙකුගේ සාම්ප්‍රදායික ගමන් විලාසය හැල්මේ යාමයි. මෙම ගමන ඔහුට ස්වාභාවිකවම උරුම වූවකි. ඇවිදින විටදී මෙම සතුන්ගේ ඉදිරි හා පසුපස පාද එක එල්ලේ ඉදිරියට හා පසුපසට චලනය වේ. මෙම චලනය සෘජු වන නිසා මොවුන්ගේ ගමනද සෘජුය. මේ වනවිටත් සතුන් බලාගන්නන් ලෙස යොදා ගන්නා නිසා සමබරතාවය හා සඑලත්වය මත මෙම ගමන රඳා පවතියි.[14]

ලෝම වැස්ම[සංස්කරණය]

ලෝම වැස්ම බාහිර වැස්මකින් හා අභ්‍යන්තර වැස්මකින් සමන්විත වේ. බාහිර වැස්ම මධ්‍යස්ථ දිගකින්ද, රළු,ඝන හා පැතලි බවින්ද යුක්තය. අභ්‍යන්තර වැස්ම බෙල්ල හා කලවා ප්‍රදේශ වල දැකිය හැක. අභ්‍යන්තර වැස්ම බාහිර වැස්මෙන් පිටතට නොපෙනිය යුතුය. උෂ්ණාධික ප්‍රදේශ වල ජීවත්වන රොට්වෙයිල(ර්) සුනඛයන්ගේ අභ්‍යන්තර වැස්ම දේශගුණයට හුරුවීම නිසා සමහරවිට නොපිහිටයි. රොට්වෙයිල(ර්) ලෝම වැස්ම අවම නඩත්තුවක් දරණ නමුත් නියමිත කාලයට පෙර(ගැහැණු සතුන්) හෝ නියමිත කාලයේදී(පිරිමි සතුන්) අධික ලොම් හැලීමක් දක්නට ලැබේ. අමෙරිකානු කෙනල් සමාජයේ ඇතිකිරීම් සම්මුතීන්ට අනූව රොට්වෙයිල(ර්) ලෝම වැස්ම කෙටි හා සෘජු වේ. දිගු හා රැලි සහිත ලෝම වැස්ම දෝෂයක් ලෙස AKC හි සලකයි.[14]

පැහැය හා සලකුණු[සංස්කරණය]

රොට්වෙයිල(ර්) සතුන්ගේ පැහැය හා සලකුණු සුවිශේෂය. ඇතිකිරීමේ සමාජයන්හී සම්මුතීන්ට අනුව මොවුන් සෑමවිටම කාල වර්ණ වන අතර සිරුරේ පැහැයෙන් සියයට දහයකට නොවැඩි ප්‍රමාණයක මහෝගනී හෝ යකඩ පැහැති සලකුණු හොඳින් දැකිය හැක.AKC නිර්දේෂයන්ට අනුව මහෝගනී පැහැති තිතක් ඇසට ඉහලින් ඇහිබැම මුදුන මතද, කම්මුල් මතද, හොම්බ දෙපසින් තීරුවක්ද තිබිය යුතුය. කම්මුලෙහි සළකුණු නාස් පොල්ල හරහා ගමන් නොකළ යුතු අතර නාසය මුදුන කලු පැහැතිය. මුහුණේ ඇති සළකුණු උගුර තෙක් ගමන් කල යුතුය. රොට්වෙයිල(ර්) සුනඛයෙකුගේ පපු ප්‍රදේශයේ පහළට මුහුණලා පිහිටි ත්‍රිකෝණාකාර සළකුණු දෙකක් දක්නට ලැබේ. ඉදිරිපස කකුල් වල සළකුණු යටිබාහුවේ සිට ඇඟිලි කරා ඇදීයයි. පිටුපස කකුල් වල සළකුණු ඇතුළතින් පටන්ගෙන පිටත දණිස් සන්ධිය කරා ගමන් කොට ඇඟිලි කරා විහිදෙයි.පසුපස පහල පුරුක් මත කාල වර්ණය සම්පූර්ණයෙන්ම ශුන්‍ය නොවන බව AKC සම්මුතීන්හී පිලිගනී. යකඩ පැහැති හෝ මහෝගනී පැහැති ත්‍රිකෝණාකාර හැඩයක් පෙන්නුම් කරන සළකුණක් වල්ගයට පහලින් ඇත. එසේම සෑම ඇඟිල්ලක් මතම කලු පැහැති තුනී තීරුවක් තිබිය යුතුය.[14]

ප්‍රමාණය[සංස්කරණය]

"මධ්‍යම/විශාල" ප්‍රමාණයේ සුනඛ වර්ගයක් වන මොවුන් FCI සම්මුතීන්ට අනුකූලව පිරිමි රොට්වෙයිල(ර්) සුනඛයන් සෙ.මී. 61 - 69 (අඟල් 24 - 27) උසකින්ද ගැහැණු රොට්වෙයිල(ර්) සුනඛ ධේනුවන් සෙ.මී. 56 -63 (අඟල් 22 - 25) උසකින්ද යුතුය. සුනඛයන්ගේ බර කිලෝග්‍රෑම් 50 - 60 ( 110 - 132 lbs) අතර විය යුතු අතර සුනඛ ධේනුවන් කිලෝග්‍රෑම් 35 - 48 ( 77 - 105 lbs) අතර විය යුතුය. උස බරට සරිලන සේ විය යුතුය.

චිත්ත ස්වභාවය[සංස්කරණය]

තුන්මස් වයසැති රොට්වෙයිල්(ර්) පැටවුන්

FCI සම්මුතීන්ට අනුකූලව රොට්වෙයිල(ර්) සුනඛයන් මිත්‍රශීලී, මූලික ස්වභාවය අනුව සාමකාමී, ඉතා ලැදි, කීකරු, ඉල්ලීමට යෝග්‍ය හා වැඩ කිරීමට උත්සුක සතුන් කොටසකි. ඔවුන්ගේ බාහිර පෙනුම ස්වාභාවික හා ගොරහැඬිය. හැසිරීම අභීතය. අවට පරිසරය කෙරේ ප්‍රතිචාර දැක්වීම ඉතා සුපරික්ශාකාරීය.[15]

ඇමෙරිකානු කෙනල් සමාජය මෙසේ පවසයි:

a calm, confident and courageous dog with a self-assured aloofness that does not lend itself to immediate and indiscriminate friendships. A Rottweiler is self-confident and responds quietly and with a wait-and-see attitude to influences in its environment. It has an inherent desire to protect home and family, and is an intelligent dog of extreme hardness and adaptability with a strong willingness to work, making them especially suited as a companion, guardian and general all-purpose dog.[16]

රොට්වෙයිල(ර්) යනු සතුන් බලාගැනීමේ හා රැකවල් කිරීමේ ජාන හොඳින් විකසනය වූ බලවත් සුනඛ වංශයකි. වගකීම් රහිත අයිතිකරුවන්, අපචාර, නොසලකාහැරීම් හෝ සමාජශීලිත්වය හා පුහුණුවීම් අඩුවීම වැනි හේතූන් නිසා මොවුන් අනතුරුදායම හැසිරීම් පෙන්වයි. කෙසේවුවත් මොවුන්ගේ අධික ශක්තිය නොසලකා හැරිය නොහැක. එම හේතුව නිසා මොවුන් නිසි පුහුණුවක් හා පෘථුල සමාජශීලිත්වයක් ලැබීම අත්‍යවශ්‍ය බව විශේෂඥයන් පෙන්වා දෙයි. AKC ට අනූව රොට්වෙයිල(ර්) සුනඛයන් ඔවුන්ගේ අයිතිකරුවන්ට සෙනෙහසක් දක්වන අතර තම පවුල හා මිතුරන් කෙරෙහි විහිසුළු විලාශයක් පෙන්වයි. නමුත් ඔවුන්ගේ සීමා මායිම් ආරක්ෂා කරන අතර අමුත්තන් නිසිලෙස හඳුන්වාදෙන තුරු පිළිනොගනී. කීකරුවීමේ පුහුණුවක් හා සමාජශීලිත්වයක් අත්‍යවශ්‍ය වේ.[16]

රොට්වෙයිල(ර්) සුනඛයන් ඔවුන්ගේ අයිතිකරුවන් හා අනෙකුත් සුනඛයන් කෙරෙහි මධ්‍යම ආක්‍රමනශීලීභාවයක්ද (සපාකෑම් හා සපාකෑමට උත්සාහකිරීම්) අමුත්තන් කෙරෙහි තරමක් වැඩි ආක්‍රමනශීලීභාවයක්ද පෙන්වන බව 2008 වර්ෂයේ කල අධ්‍යයනයකින් පෙන්වා දෙන ලදී. අධික්ෂණය කිරීමේ හා සීමාමායිම් කෙරේ ඇති ඉව සමග මෙම ආක්‍රමනශීලීභාවය සහබන්දනයක් පෙන්වයි.[17]

1979 - 1998 අතර කාලයේදී සුනඛ පහරදීම් වලට ලක්වී මියයාම් අතරින් 67% ක් පමණ අවස්ථාවලට වගකිවයුතුවූයේ රොට්වෙයිල(ර්) හා පිට්බුල් වර්ගයේ සුනඛයන් බව CDC මගින් කරන ලද අධ්‍යනයකින් පෙන්වාදී ඇත. 1993 -1996 දී එම පහරදීම් අර්ධයකට වගකිවයුතු වූයේ රොට්වෙයිල(ර්) සුනඛයන්ය. අධ්‍යනයෙන් නිගමනයට ආ කරුණ ලෙස " මනුෂ්‍යන් කෙරෙහි වූ මෙම මාරාන්තික පහරදීම් වලට හේතුව ඔවුන්ගේ වර්ගයන් මත රඳා පවතින බව (රොට්වෙයිල(ර්) හා පිට්බුල් වර්ගයේ සුනඛයන්)" ඔවුන් සටහන් කර ඇත:

"එම කාල වකවානුව තුල, එක්සත් ජනපදය ආශ්‍රිතව 60% පමණ වන සුනඛයන් ගණනය කිරීම අතිශයින්ම වියනොහැකි අතර එබැවින්, මෙය වංශයට විශේෂිත වූ මාරක ගැටළුවක්ය.""[18]

ක්‍රියාකිරීමේ  ශෛලීය[සංස්කරණය]

රොට්වෙයිල(ර්) සුනඛයෙකු බැටළුවන් බලාගන්නා ආකාරය

ඇමෙරිකානු කෙනල් සමාජයට අනූව[19], රොට්වෙයිල(ර්) සුනඛයන් රැස් කිරීමේ ස්වාභාවික හැකියාවක් මෙන්ම පාලනය කිරීමේ ආශාවක් පෙන්වයි. සාමාන්‍යයෙන් ලිහිල් භාවයක් පෙන්නුම් කලද රැළත් සමග තමන්ගේ කාර්‍යන් කිරීමේදී මහත් බලයකින් යුතුව ක්‍රියා කරයි. භය ගැන්වීමට ඔවුන්ගේ ඇති හැකියාව ඔවුන් හොඳින් පාවිච්චි කරයි.

රොට්වෙයිල(ර්) සුනඛයන් බොහෝවිට හිස හා පසුපස එකම තලයේ තබාගෙන හෝ හිස ඉහළින් සිටිනසේ ද බෙල්ල සහ උරහිස් පහතට සිටිනසේ ද ගමන් කරයි. සමහර ගැහැණු සතුන් ඇස් භාවිතා කිරීමේදී ඉදිරිපස කොටසම තරමක් පහත් කරයි. පිරිමි සතුන්ද තමන් රැක බලාගන්නා රැළෙන් ඈත්ව විවෘත පිටියක සිටිනා විට මෙසේ කරයි. සීමා වූ අවකාශයන්හී කාර්‍යන් කිරීමේදී පිරිමි සතුන්ගේ මෙම හැසිරීම දුර්ලභය.

සෑහෙන තරම් ස්වාභාවික සමබරතාවය, අවශ්‍ය විටදී බලය යොදා බිරීම, හා ගවයන් සමග කටයුතු කිරීමේදී තර්ජනාත්මක ආරෝපණයක් ගැනීමේ හැකියාවක් රොට්වෙයිල(ර්) සුනඛයන් සතු වේ. බැටළුවන් බලාගැනීමේදී බලය භාවිතාකිරීමේ ස්වාභාවික වෙනසක් මොවුන්ගේ දැකිය හැකිය. ගවයන් සමග කටයුතු කිරීමේදී තම උරහිස් හා සිරුර භාවිතා කරන අතර අං ඇති ගව රංචු බලාගැනීමේදී ප්‍රවේශම් විය යුතුය.

රොට්වෙයිල(ර්) සුනඛයන්, ගවයන් සමග කටයුතු කිරීමේදී, රැළෙහි බලවත්ම සත්වයා හඳුනාගෙන ඔහුට අභියෝග කරයි. ඔහුව අවනත කරගැනීමෙන් අනතුරුව තමාගේ කාර්‍ය සඳහා යොමුවෙයි.

සමහර සතුන් ඇතිකරන්නන් හඳුනාගන්නා පරිදි, බෝ(ර්)ඩ(ර්) කොලී,කෙල්පී වැනි සුනඛයන්ට යටත් නොවන මුරණ්ඩු සතුන් කණ්ඩායම් බලාගැනීම සඳහා රොට්වෙයිල(ර්) සුනඛයන් ඉතාම සුදුසුය.

රොට්වෙයිල(ර්) සුනඛයන්, බැටළුවන් සමග කටයුතු කිරීමේදී, රැස් කිරීමේ/ගෙන්වාගැනීමේ සුවිශේෂ ශෛලීයක් පෙන්වන අතර දිශාවන් පහසුවෙන් හඳුනාගනී.එබැවින් ඉතා පහසුවෙන් බැටළුවන් පාලනය කරයි.

සමහර අවස්ථා වලදී රොට්වෙයිල(ර්) සුනඛයන්, කිසිඳු පෙර අත්දැකීමකින් තොරව ගවයන් බලාගැනීම සඳහාද මුලපුරයි.

එකම සතුන් කණ්ඩායමක් බලාගැනීම සඳහා මොවුන් යොමුකරවූවොත් මොවුන් එම සතුන් සමග බැඳීමක් ගොඩනගා ගන්නා අතර මොවුන් පෙන්වන මාර්ගයේ ගමන් කරනතාක් කල් එම සතුන් සමග සෙනෙහෙබරව බැඳේ.[20]

රොට්වෙයිලර් සුනඛයන් Schutzhund නම් සුනඛ තරඟය සඳහා ඉතාම සුදුසු වන අතර මොවුන් ඒ සඳහා බහුලව යොදාගැනේ.

සෞඛ්‍යය[සංස්කරණය]

රොට්වෙයිල(ර්)

රොට්වෙයිලර් සුනඛයන් සාමාන්‍යයෙන් සෞඛ්‍යයසම්පන්න හා ලෙඩ රෝග වලින් තොර සුනඛ වර්ගයකි.බොහෝ විශාල සතුන් කාණ්ඩ කෙරෙහි hip dysplasia නම් රෝගයට බලපෑම් කල හැක. මෙම හේතුව නිසා බොහෝ රොට්වෙයිලර් ඇතිකිරීමේ සමාජයන් x-කිරණ පරීක්ෂණයන් වසර ගණනක් මුළුල්ලේ ක්‍රියාත්මක කරවීය. එලෙසම මෙම විශේෂයේ සීග්‍ර වර්ධන වේගය නිසා උරහිස් සන්ධි කෙරෙහි බලපෑම් එල්ල කරන Osteochondritis dissecans ද තර්ජනයක් විය හැක. පිළිගත් සතුන් ඇතිකරන්නෙක් බොහෝවිට තමා ඇති කරන සියලුම සතුන් කොඳු හා වැලමිටි x-කිරණ පරික්ශණ කරා යොමු කර විශේෂඥයෙකු මගින් එහි නිරවද්‍යතාව ඔප්පු කරවා ගනී.

එලෙසම ඔවුන් ඇතිකරනා සතුන් entropion හා ectropion රෝග තත්ව වලින් තොර මෙන්ම පූර්ණ දන්ත වින්‍යාසයකින් යුක්ත බව ඔවුන් සහතික කරයි.

ඕනෑම වර්ගයක් මත ප්‍රවේණික තත්වයන් යම්තාක් දුරට බලපෑම් එල්ල කරයි. රොට්වෙයිලර් සුනඛයන්ගේ මූලික අවධියේ සිදුවන මරණ වලට සාමාන්‍ය හේතුව පිලිකා වේ. මොවුන් වෙනත් වර්ගයන් වලට වඩා parvovirus මගින් ආසාදනයට ලක් වන අතර එය ස්පර්ශයෙන් බෝ වන, සුනඛ පැටවුන් හා තරුණ සුනඛයන් කෙරෙහි මාරාන්තික වන රෝගයකි. පශු වෙද්‍යවරයාගේ උපදෙස් මත එන්නත් මාලාව නිසිලෙස පිළිපැදීමෙන් ආසාදනය වීම පහසුවෙන් වළක්වා ගත හැක.

පමණට වඩා අහාර ලබාදීම හෝ ව්‍යායාම මද වීම, රොට්වෙයිල(ර්) සුනඛයන් ස්ථුලවීමට හේතු වේ. මෙහි ප්‍රතිඵල ඉතා බරපතල විය හැක. සන්ධි ප්‍රදාහය, හුස්ම ගැනීමේ අපහසුතා, දියවැඩියාව, හදවත අකර්මන්‍ය වීම, ප්‍රජනන ගැටලු, චර්ම රෝග, රෝග කෙරෙහි ප්‍රතිරෝධකතාව අඩුවීම සහ සමට ඇතුලතින් පිහිටි ඝන තෙල් තට්ටුව නිසා ඇතිවන අධික රත්වීම උදාහරණ ලෙස දැක්විය හැක.[21]

එක්සත් ජනපද, එක්සත් රාජධානි හා ඩෙන්මාර්ක් හී පැවැත්වූ සමීක්ෂණ හා එක්සත් රාජධානියේ පශු දත්ත වලට අනුව රොට්වෙයිල(ර්) සුනඛයෙකුගේ සාමාන්‍ය ආයු කාලය වසර 8 - 10 ක් පමණ වේ.[22][23]

මාධ්‍යය නිරූපණය[සංස්කරණය]

බොහෝ කල්පිත චිත්‍රපටවල හා කතා මාලාවල, රොට්වෙයිල(ර්) සුනඛයා දුෂ්ඨ, නපුරු හා පාලනය කර ගැනීමට අපහසු සුනඛයෙක් ලෙස දක්වා ඇත. ප්‍රධාන වශයෙන් The Omen නැමැති සන්වේදන මුද්‍රණ ආවරණයේදී, මෙම සත්ත්වයා පිලිබඳව සෘණාත්මකව පෙන්වා දී ඇත. කෙසේ නමුත් Lethal Weapon 3, Half Baked,Entourage වැනි ඇතැම් චිත්‍රපට හා රූපවාහිණී ප්‍රදර්ශන වල මෙම සත්ත්වයා පිළිබඳව ධණාත්මක චිත්‍රයක් පෙන්වා දී ඇත. එමෙන්ම ඇලෙක්සැන්ඩ්‍රා ඩේ විසින් රචිත Good Dog, Carl නැමති ළමා කතා මාලාව මෙම සුනඛයා වෘත්තාන්ත කොටගෙන ඇත.

ලීස් මැක්ස්ටඩ් බ්ල්ක්ස් ස්වාමියා වූ, අවුරුදු 2ක් වයසැති බ්‍රිතාන්‍ය රොට්වෙය්ලර් සුනඛයක් වූ ජේක් නැමති සුනඛයාගේ නිර්භීතත්වය පිලිබඳව, සත්ත්වයන්ට එරෙහිව සිදු කරන කෲරකම් පිටුදකීමේ රාජකීය සංවිධානය විසින් හඳුනාගන්නා ලද පසු, පුළුල් ලෙස පැවත්වූ මාධ්‍ය වාර්තාවකින් ප්‍රචාරය කර ඇත. මෙම සුනඛයා තම ස්වාමියා සමඟ ඇවිදිමින් සිටින අවස්ථාවේ ඔවුන්ට කෑගැසීමේ ශබ්දයක් ඇසී ඇත. 2009 වර්ෂයේ ජූලි මස කන්‍යාරාමයකදී කාන්තාවකට හිරිහැර කරමින් සිටි පුද්ගලයෙක්ව ජේක් පන්නා ගියේය. මෙම සුනඛයා, ප්‍රහාරකයා සහ අනතුරට පත් කාන්තාව ඝණ පඳුරක් තුළ සිටිනු සොයාගෙන, ප්‍රහාරකයාව පළවාහැර, තම ස්වාමියා එම ස්ථානයට ගෙන්වා, පොලිසිය පැමිනෙන තුරු ආරක්ෂාව සපයන ලදී. පසුව මෙම ප්‍රහාරකයා බරපතල ලිංගික අතවර සිදුකිරීම පිලිබඳව අවුරුදු 4කට සිරභාරයට ගන්නා ලදී. මෙම සිදුවීමෙන් පසු ජේක්ව, පොලිසිය විසින් නිර්භීත ප්‍රදානය හා පදක්කමක් සඳහා යෝජනා කරන ලදී. ඩෙට් කොන් ක්ලයිව් ලෙෆ්ට්විච් නැමති පොලිස් නිලධාරියා ප්‍රකාශ කර සිටියේ, ඔවුන්ගේ දැක්මට අනුව ජේක් නැමති රොට්වෙයිලර් සුනඛයා, වඩාත් නරක තත්වයට පත් විය හැකිව තිබූ දරුණු ලිංගික අපරාධයක් නතර කිරීමට දායක වූ බවයි.[24]

ගැලරිය[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 "Rottweiler breed standard" (PDF). FCI. සම්ප්‍රවේශය 28 February 2016.
  2. "Rottweiler". Australian National Kennel Council. සම්ප්‍රවේශය 28 February 2016.
  3. "Rottweiler". The Kennel Club. සම්ප්‍රවේශය 28 February 2016.
  4. "Rottweiler". New Zealand Kennel Club. සම්ප්‍රවේශය 28 February 2016.
  5. Adolf Pienkoss, The Rottweiler, 3rd ed., Borken, Germany: Internationale Föderation der Rottweilerfreunde, 2008.
  6. Manfred Schanzle, Studies in The Breed History of The Rottweiler. DVM thesis, University of Munich, 1969.
  7. American Kennel Club (2006). The Complete Dog Book. Vol. 3 (20 ed.). New York: Ballantine Books. ISBN 978-0-307-41699-5. සම්ප්‍රවේශය 2012-03-13. The origin of the Rottweiler is not a documented record. Once this is recognized, actual history tempered by reasonable supposition indicates the likelihood he is descended from one of the drover dogs indigenous to ancient Rome.
  8. 8.0 8.1 8.2 8.3 8.4 "Rottweiler: History". American Kennel Club. සම්ප්‍රවේශය 1 October 2013.
  9. "Rottweiler". Encyclopædia Britannica. සම්ප්‍රවේශය 14 March 2012.
  10. Pienkoss, 2008.
  11. "Get to Know the Rottweiler", 'The American Kennel Club', Retrieved 29 May 2014
  12. Thomas G. VanSach. "The History of the Rottweiler". vansach.com. 2012-03-31 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  13. American Kennel Club 2013 Dog Registration Statistics Historical Comparisons & Notable Trends, The American Kennel Club, Retrieved 29 May 2014
  14. 14.0 14.1 14.2 "Rottweiler: breed standards" (PDF). American Kennel Club. සම්ප්‍රවේශය 1 October 2013.
  15. FCI Standard N° 147 Op. Cit.
  16. 16.0 16.1 American Kennel Club Breed Standard for the Rottweiler, akc.org
  17. "Breed differences in canine aggression". Applied Animal Behaviour Science. 114: 441–460. 2008. doi:10.1016/j.applanim.2008.04.006.
  18. "Breeds of dogs involved in fatal human attacks in the United States between 1979 and 1998" (PDF). CDC. සම්ප්‍රවේශය 1 March 2014.
  19. American Kennel Club, AKC Herding Regulations සංරක්ෂණය කළ පිටපත 2012-11-18 at the Wayback Machine
  20. "Breed Feature: Bernese Mountain Dogs, Leonbergers & Rottweilers", National Dog – The Ringleader Way, vol. 12, nos. 1&2 (Jan/Feb 2009), p. 12.
  21. Les Price, Rottweilers: An Owner's Companion. New York: Macmillan,1991, p. 114.
  22. Cassidy, Kelly M. "Breed Longevity Data". සම්ප්‍රවේශය 25 June 2012.
  23. O’Neill, D. G.; Church, D. B.; McGreevy, P. D.; Thomson, P. C.; Brodbelt, D. C. (2013). "Longevity and mortality of owned dogs in England". The Veterinary Journal. 198: 638–43. doi:10.1016/j.tvjl.2013.09.020. PMID 24206631. "n=105 median=8.0 IQR=5.5–10.2"
  24. "Rottweiler honoured for stopping Coventry sex attacker". BBC.co.uk. 26 September 2010. සම්ප්‍රවේශය 1 October 2010.

තවදුරටත් කියවන්න[සංස්කරණය]

  • Blackmore, Joan. A Dog Owners Guide to the Rottweiler
  • Brace, Andrew H. (Ed), The Ultimate Rottweiler, Ringpress Books, Surrey, 2003. ISBN 1-86054-263-8
  • Coren,Stanley. The Intelligence of Dogs, University of British Columbia, Vancouver. (1994).
  • Chardets: Know your Rottweiler
  • Fédération Cynologique Internationale-Standard N° 147/ 19. 06. 2000 / GB The Rottweiler. Translated by – Mrs C. Seidler Country of Origin – Germany.
  • Kaneene JB, Mostosky UV, Miller R. Update of a retrospective cohort study of changes in hip joint phenotype of dogs evaluated by the OFA in the United States, 1989–2003. Vet Surg 2009;38:398–405, Interscience.wiley.com සංරක්ෂණය කළ පිටපත 2012-12-09 at archive.today, abstract
  • National Dog – The Ringleader Way, Volume 12 Number 1 & 2, Jan/Feb 2009 Breed Feature "Bernese Mountain Dogs, Leonbergers & Rottweilers".
  • Pettengell, Jim. The Rottweiler
  • Pienkoss, Adolf. The Rottweiler, 3rd revised and updated edition, Internationale Foederation der Rottweilerfreunde (IFR) Wilhelmitenstr. 15a, 46354 Borken, Germany, 2008
  • Price, Les. Rottweilers: an owner's companion. Macmillan Publishing Company, New York 1991. ISBN 0-87605-297-9
  • Schanzle, Manfred, Studies In The Breed History Of The Rottweiler. German edition Published by Allgemeiner Deutscher Rottweiller – Klub (ADRK) E.V. 1967 English edition published jointly by Colonial Rottweiler Club & Medallion Rottweiler Club – Sept 1969. 1981 Printing (updated) – Published by Powderhorn Press 3320 Wonderview Plaza, Hollywood, CA90068.
  • Yrjola, J.A.U. & Tikka, Elvi. Our Friend the Rottweiler.
"https://si.wikipedia.org/w/index.php?title=රොට්වෙයිල(ර්)&oldid=593167" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි