රේහානේ ජබ්බාරි

විකිපීඩියා වෙතින්

රේහානේ ජබ්බාරි (පර්සියානු:ریحانه جباری ප. 1988 - ඔක්තොම්බර් 25, 2014) යනු, හිටපු බුද්ධිතොරතුරු නිලධාරියෙක් වූ මොර්ටෙසා අබ්ඩොලාලි සර්බන්ඩි ඝාතනය සම්බන්ධයෙන් වැරදිකාරිය වූ ඉරාන ජාතික කාන්තාවකි[1]. 2014 ඔක්තොම්බර් මසදී එල්ලා මරා දමන තෙක්, වසර 2007 සිට ඇය සිපිරිගෙයි ලැගුම් ලද්දේ, ඇයගේ ප්‍රෝක්ත අඩන්තේට්ටම්කරු මරාදැමීම වෙනුවෙනි.[2] එකලා සංසීමනය ඇතුළුව සිපිරිගෙයිදී ඇයට විඳින්නට සිදුවූ දේ පිළිබඳ ඇයගේ කතාන්තරය ඇය විසින් ප්‍රකාශයට පත් කෙරිණි. මොහාමඩ් මොස්ටාෆයී ඇයගේ පළමු නීතිඥයා විය. ඔහු විසින් ඔහුගේ බ්ලොගයෙහි ඇයගේ කතාන්තරය ප්‍රකාශයට පත් කෙරිණි.[3] ඉරාන නීතිය ප්‍රකාර, ඇය වැරදිකරු බව ඔප්පුවූ පසුව හා ඇය නිදොස් බවට ඇය විසින් හිමිකම් පෑම අසාර්ථකවූ පසුව, ඇය වෙත මරණීය දණ්ඩනය පැමිණවීම වැලැක්විමේ අයිතිවාසිකම සතුව ඇත්තේ වින්දිතයාගේ පවුලේ සාමාජිකයන් වෙත පමණි; අභිචෝදකගේ කාර්යාලය විසින් දියත් කෙරුණු ව්‍යයාමයන් මධ්‍යයයේ වුව වින්දිතයාගේ පවුල විසින් ස්ථිර ලෙසින් ඉල්ලා සිටියේ පළිගැනුම කල යුතු බවයි.

පසුබිම[සංස්කරණය]

වසර 2007දී සර්බන්ඩි හට, ඇතුළත අලංකරණ ශිල්පිණියක වූ රේහානේ අවන්හලක් තුලදී හමුවූ අතර, ව්‍යාපාර ගනුදෙනුවක් පිළිබඳ සාකච්ඡා කිරීමට ඔහුගේ කාර්යාලයට ඇය ගොඩ වදින බවට ඒත්තු ගන්වා ගෙන ඇත. දෝෂාරෝපණය පරිදී, ඔහුගේ කාර්යාලයේදී, සර්බන්ඩි විසින් ඇය ඇදගෙන ගොස් ඇය දූෂණයට තැත් කර ඇත. රේහානේ විසින් කුඩා පිහියක් ඇද ඔහු හට ඇන ඇත. අනතුරුව, ඇය සිද්ධිය වූ ස්ථානයෙන් පළා ගොස් ඇත්තේ, රුධිර වහනය හේතුවෙන් සර්බන්ඩි මරණයට පත් වීමට සලසමිනි. [4]

ඉරානයේ සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාකරු, අහමඩ් ෂාහීඩ් පැවසුවේ, සර්බන්ඩි විසින් ඔහුගේ කාර්යාලය නවතමයෙන් සැලසුම් කරනු වස් රේහානේ ගේ සේවය ලබා ගෙන, ඔහුගේ නිවස වෙත ඇය කැඳවා ගොස් එහිදී ඔහු විසින්ඇය ලිංගික වශයෙන් අපයෙදුමකට ලක් කර ඇති බවයි. සර්බන්ඩිගේ පවුල විසින් පුන පුනා පැවසුනේ, ඝාතනයට දින දෙකකට පෙර පිහිය මිලදී ගත් බවට රේහානේ පාපෝච්චාරණය කර ඇති බැවින් එය කලින් සැලසුම් කල ඝාතනයක් බවයි.[1]


අත්අඩංගුවට ගැනීම සහ නඩු විභාගය[සංස්කරණය]

ඇය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, දෙමසක කාලයක් තුල එකලා සංසීමනයක ඇය තැබුනු අතර, පවුලේ සාමාජිකයන්ට හෝ නීතිඥයන්ට හෝ ඇය වෙත පිවිසුමට ඉඩ නොලැබිණි [5]. 2009 වසරෙහිදී, ටෙහෙරාන් උසාවියක් විසින් ඇය වෙත මරණීය දණ්ඩනය පැනවිණි. ඇම්නෙස්ටි සංවිධානය පවසන පරිදී, සර්බන්ඩි වෙත පිහියා ඇනුම් පහර එල්ල කල බවට ඇය පිළිගෙන ඇතත්, ඇය විසින් දෝෂාරෝපණය කර ඇත්තේ නිවසේ සිටි වෙනත් යමෙක් විසින් ඔහු මරා දැමුණු බවයි [5].

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්,[6] එජා, යුරෝපියානු සංගමය සහ, ගේට්ස්ටන් ආයතනය විසින් ඇය සහා අභයදානය දිනාගැනුමෙහි ප්‍රයත්නයක යෙදිණි.

2014 අප්‍රේල් මාසයේදී, ඇයගේ දඬුවම කල්දැමුනේ, ඇයගේ මරණීය දණ්ඩනය පැමිණවීම වැලැක්වීමට වූ ගෝලීය මෙහෙයුමක් වෙනුවෙන් 20, 000 ක් දෙනා අත්සන් තැබීමෙන් අනතුරුවය [4].

2014 සැප්තැම්බර් 29 දින වන විට, ප්‍රකාශයට පත් කෙරුණේ ඇය වෙත මරණීය දණ්ඩනය පැනවීම සමීපස්ථ බවයි.[7] 2014 ඔක්තොම්බර් 1 දිනදී, ප්‍රකාශයට පත් කෙරුණේ ඇය වෙත මරණ දණ්ඩනය පැමිණවීමේ සැලසුම් තාවකාලිකව නවතා ඇති බවයි. [8] [9] ඇය වෙත මරණ දණ්ඩනය පැණවීම නවතාලීමට, සමාජ මාධ්‍යය තුල මෙහෙයුම් ක්‍රියාත්මක වුවද, ටස්නිම් වාර්තා කලේ, වින්දිතයාගේ පවුල වෙතින් දණ්ඩනය අත්හිටුවීමට සම්මුතිය දිනාගැනුමට ජබ්බාරිගේ නෑදෑයින් අපොහොසත් වූ බවයි [5].

මරණය[සංස්කරණය]

කැරාජ් නගරයට උතුරින් පිහිටි ගෝහාඩාෂ්ට් සිරගෙය තුලදී 2014 ඔක්තොම්බර් 25 දින අලුයමදී රේහානේ ජබ්බාරි එල්ලා මරණයට පත් කෙරිණි. [10][5][11]

ජාත්‍යන්තර ප්‍රතිචාර[සංස්කරණය]

  • ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය කියා සිටියේ ඇය වරදකරු බවට පත් කෙරුණේ දෝෂ සහිත විමර්ශනයකින් අනතුරුව බවත් සහ නිවසේ සිටි හා සර්බන්ඩි ඝාතනය කල තවද පුද්ගලයෙකු පිළිබඳ ඇයගේ කියා සිටීම් පිළිබඳ යෝග්‍ය පරිදී විමර්ශන සිදු කෙරී නොමැති බවයි [5][1].

ටෙහෙරාන් අභිචෝදකගේ කාර්යාලය වෙතින් නිකුත් කෙරුණු ප්‍රකාශය[සංස්කරණය]

මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජාත්‍යන්තර හා දේශීය ප්‍රතිචාරයන්ට අනතුරුව, ටෙහෙරාන් අභිචෝදකගේ කාර්යාලය විසින් ජබ්බාරිගේ නීති ලිපි ගොනුවෙහි විස්තර සමහරක් පැහැදිලි කරමින් ප්‍රකාශයක් නිකුත් කලේය. [12] සමහරක් කරුණු, මාධ්‍යයේ ආශ්‍රවිරහිත චෝදනාවන්ට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ වෙති.

අභිචෝදකගේ කාර්යාලය විසින්, වෙනත් කරුණු අතර, කියා පෑවේ

  • සැකකාරියක ලෙසින් ජබ්බාරි විමර්ශනයට ලක්වුනේ වින්දිතයාගේ ජංගම දුරකතනයෙහි අවසන් ඇමතුම නිසාය. ලේ තැවරුනු උතුරුසළුවක්, ලේ තැවරුණු පිහියක් සහ, පිහියේ මුල් වැසුම යන දේ, ජබ්බාරිගේ නිවස වෙතින් පොලිසිය සොයා ගති.
  • සිද්ධියට දින 2 කට පෙර පිහිය මිලදී ගත් බවට ජබ්බාරි පිළිගත්තේය
  • සිද්ධියට දින තුනකට පෙර, ජබ්බාරි විසින් ඇයගේ මිතුරෙකුට පෙළ පණිවුඩයක් යවමින් පවසා ඇත්තේ "අද දින මම ඔහු මැරීමට බලාපොරොත්තු වෙමි" යනුවෙනි
  • "ෂෙයිකි" නමැති වෙනස් පුද්ගලයෙක් මෙම සිද්ධියට සම්බන්ධ වන ජබ්බාරි මුලදී කියා පෑවාය. මෙම මිනිසා හඳුනාගැනුමට ඇය අපොහොසත් වීමෙන් අනතුරුව ඇය පැවසුවේ, ඇයගේ මුල් ප්‍රකාශය සාවද්‍ය බවත් ඇය උත්සාහ කලේ විමර්ශනය නොමග යැවීමට බවත්ය.
  • අවසන් මාස වලදී (දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට පෙර) ජබ්බාරි විසින් කියා පෑ කරුණු, ඇයගේ මුල් කියා පෑම් වල පුනරාවර්තන පමණක් වූ අතර, පළාතේ අපරාධ අධිකරණයේ විනිසුරුවන් පස්දෙනා විසින් හා ජාතික ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් විසින් මෙම කරුණු එකිනෙක විමර්ශනය කොට පදනම් විරහිත බව සොයාගෙන තිබුණි. කෙසේවතුදු, අභිචෝදකගේ කාර්යාලය විසින් උපරිම උත්සාහය දැරුවේ පවුල් දෙක අතර සම්මුතියක් ඇති කර ලීමටය; අවසානයේදී වින්දිතයාගේ පවුල තදින් කියා සිටියේ ඇය වෙත සමාව නොදෙන බවයි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 "ඉරාන් හැංග්ස් වුමන් ඩිස්පයිට් ඉන්ටර්නැෂනල් අප්රෝර්". අල් ජසීරා.
  2. ටාහර්. "ඉරාන් නිවුස් අප්ඩේට්". ඉරාන් නිවුස් අප්ඩේට්.
  3. "محمد مصطفایی".
  4. 4.0 4.1 "ඉරානියන් වුමන් හැංග්ඩ් ෆෝ කිලිං 'මෑන් හූ ට්‍රයිඩ් ටු රේප් හර්' ආෆ්ටර් අ ෆයිනල් රියූනියන් විත් හර් මදර් ඉන් ප්‍රිසන්". ඩේලි මේල්.
  5. 5.0 5.1 5.2 5.3 5.4 "ඉරාන් හැංස් රේහානේ ජබ්බාරි ඩිස්පයිට් කැම්පේන්". බීබීසී නිවුස්.
  6. "ස්ටොප් රේහානේ ජබ්බාරි එක්සිකියුෂන්".
  7. "රනා නිවුස් ඒජන්සි: 2 විමෙන් ආ ෂෙඩියුල්ඩ් ටු බී එක්සිකියුටඩ් ටුමෝරෝ මෝනිං". රනා - නිවුස් ඒජන්සි.
  8. "හියුමන් රයිට්ස් වොච්: ඉරාන්: ස්ටොප් වුමන්ස් එක්සිකියුෂන්".
  9. "රේහානේ ජබ්බාරි: ඉරාන් පෝස්ට්පෝන්ස් එක්සිකියුෂන් ඔෆ් වුමන් ඩියු ටු හැං ෆෝ මර්ඩර් ඔෆ් හර් අලේජ්ඩ් ඇටෙම්ප්ටඩ් රේපිස්ට්". දි ඉන්ඩිපෙන්ඩන්ට්.
  10. "ریحانه جباری اعدام شد". බීබීසී නිවුස්.
  11. අල් ජසීරා. "ඇම්නෙස්ටි: ඉරාන් සෙට්ටු හැං වුමන් ඇට් ඩෝන්".
  12. "ටෙහෙරාන් ප්‍රොස්කියුටර්ස් ස්ටේට්මන්ට් රිගාඩිං සෙන්ටන්සිං ඔෆ් රේහානේ ජබ්බාරි".

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=රේහානේ_ජබ්බාරි&oldid=318292" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි