රුසියාවේ නව වසර

විකිපීඩියා වෙතින්

රුසියාවේ නව වසර (රුසියානු බසින්: Новый год в России ~ //"නෝවී ගෝත් ව් රසී"// ) යනු සෑම වසරක මැ දෙසැම්බර 31 හා ජනවාරි 1 අතර වන රැයේ සමරනු ලබන රුසියානු දින දසුන් නිවාඩු දිනවලින් එකෙකි.

ඉතිහස[සංස්කරණය]

කි.ව. 2007-2008 රුසියානු අලුත් අවුරුදු උදාවේ දී මොස්කව්හි රතු චතුරශ්‍රයේ ස්ථාපනය කරන ලද අලුත් අවුරුදු ගස

රුසියාවේ නව වසර සැමැරීම පිළිබැඳි තොරතුරු 15 වන සියවස අවසන සිටැ දැකිය හැකි - මොසකවීතෆ් පැරීසියානු සදකොසුවෙහි (දා ස වෙනි සියවස) නව වසර නිවාඩුව සඳහා වන රුසියානු නම සඳහනි : "වසරේ පළමු දිනය". සෑම වසරක් මැ ජූලියන් දින දසුනට අනුවැ මාරතු 1 වැනි දා ඇරැඹී පෙබරවාරි 28 වැනි දා හෝ අදිවසරවල දී පෙබරවාරි 29 වැනි දා හෝ අවසන් වියැ.

වසර 1492 සිටැ (කොන්ස්තන්තිනෝපල් යුගයට අනුවැ), රුසියාවේ සෑම නව වසරක් මැ ජූලියන් දින දසුනට අනුවැ සැප්තැම්බර 1 වන දින ඇරැඹිණ. රුසියාවේ පළමු වැනි පීත්රා නොහොත් මහා පීත්රා අදිරජ යටතේ, 1700 වසරේ සිට එ මැ ජූලියන් දින දසුනට අනුවැ වසරක් පාසා ජනවාරි 1 වන දින නව වසර සැමැරීමට පටන් ගැනිණ.

1700 ට පෙර නව වසර සැමැරීම[සංස්කරණය]

ක්‍රෙම්ලිනයේ නව වසර සැමැරීමේ දී, "නව ගිම්හානයක ඇරැඹුම", "ගිම්හානය සඳහා" හෝ "දිගුකාලීන සෞඛ්‍යයේ ක්‍රියාව" යන උත්සව පැවැත්විණ. නූතන සටහන් අනුවැ පෙරවරු 9 ට පමණ උත්සවය ඇරැඹිණ.




මහා පීත්රා අදිරජ සිදු කළ වෙනස[සංස්කරණය]

1699 දෙසැම්බර 19 (29) දිනැති නම්වර 1736 දරන මහා පීත්රා අදිරජගේ "නව වසර සැමැරීමේදී" නියෝගයේ අත්පිටපත

1700 සිට, මහා පීත්රා අදිරජ අණින්, රුසියාවේ නව වසර අනෙකුදු යුරෝපා රටැ රටැ මෙන් ජනවාරි 1 වන දින සැමැරීමට පටන් ගත් නමුදු එය පැරැණි ජූලියන් දින දසුනට අනුවැ විය.


කෙසේ නමුදු, 1700 වන විට, බොහෝ යුරෝපා රටවල් ග්‍රෙගෝරියානු දින දසුනට මාරු වී තිබූ බැවින් රුසියාව යුරෝපා රටවලට වඩා දින 10 කට පසුව 1700 වසර ඇරැඹුම සමරනු ලැබී යැ. එය 1701-1800 ඇරැඹුම - දින 11කට පසුව, 1801-1900 - දින 12කට හා 1901-1918 - දින13කට පසුව ඈ ලෙස වියැ. 1918 පෙබරවාරි 1 (14) වන දින සෝවියට් රුසියාවට ග්‍රෙගෝරියානු දින දසුන හඳුන්වා දුන් අතර 1919 උදාව සැමැරීම නව ආරකින් සිදු විය.

නව ආර[සංස්කරණය]

1918 දී බොල්ෂෙවික්වරුන්ගේ අණින් නව ආරකට සංක්‍රමණය වීමත් සමඟ යුරෝපය හා සමපාත වූ පළමු නව වසර 1919 දී වියැ. මීට අමතර වැ, ජනවාරි 14 වන දිනට වැටුණු පැරැණි නව වසර ලෙස හැඳින්වුණු නව වසර ද මතු විය.

අලුත් අවුරුදු සම්ප්රදායන්[සංස්කරණය]

සෝවියට් සංගමයේ අලුත් අවුරුද්ද[සංස්කරණය]

සෝවියට් සංගමයේ සලරූපටවල අලුත් අවුරුද්ද[සංස්කරණය]

නව ප්රවණතා[සංස්කරණය]

අලුත් අවුරුදු සන්[සංස්කරණය]

අනෙකුත් රුසියානු නිවාඩු දිනවල කවයේ අලුත් අවුරුද්ද[සංස්කරණය]

නත්තල් ගස[සංස්කරණය]

නියූෂ්නී නෝගරත්හි මිනිනා චතුරශ්‍රයේ අලුත් අවුරුදු ගස

අලුත් අවුරුදු කෑම මැස්ස[සංස්කරණය]

නත්තල් සීයා[සංස්කරණය]

අලුත් අවුරුදු සලරූපට[සංස්කරණය]

නත්තල් සැකිලි රූ (කාටූන)[සංස්කරණය]

අලුත් අවුරුදු ගී[සංස්කරණය]

රජයු නයුවාණන්ගේ අලුත් අවුරුදු දෙසුම[සංස්කරණය]

අලුත් අවුරුදු විනෝදාශ්වාද තෙලදසුන් වැඩසටහන්[සංස්කරණය]

මේවත් බලන්න[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

ලිවිසැරිය[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=රුසියාවේ_නව_වසර&oldid=517892" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි