රිවි සරව්ව

විකිපීඩියා වෙතින්
සියොන් පවුලේ සරව්වේ මූලාකෘතිය

රිවි සරව්වෙක් (solar car) හෙවත් සූර්ය මෝටර් රථයක් යනු පොදු මංමාවත්වලැ හෝ තරඟ පෙත්වලැ හෝ දිවෙන රිවි රියෙකි. රිවි රියෙක් යනු මුළු බලය මැ හෝ කොටසක් හෝ හිරු එළියෙන් ලබාගැන්මට එ තුළැ මැ ඇති රිවි සැල් යොදාගන්නා විදිලි රියෙකි. සැමැනියෙන් රිවි රියෙකැ, රිවි සැල්වලින් හා පුනදනවන තිරිංග වලින් හා ලැබෙනා ඔද හසුරුවනුව ද රඳවනුව ද සහය වන, පුනසුවැසිරිහුරු බැටැරියෙක් වේ. බැටැරිය සුවසුරනුව ගැනෙනා හිරු එළියේ බලය පසුපුරනුව ඇතැම් රිවි සරවු බැහැරි ඔද ප්‍රභවයනට ඇවිණියැ හැකි.

රිවි සරවු සැමැනියෙන් aerospace, පාපැදි, විකල්ප ඔද හා  automotive හා යන කම්යුරුවලැ ගැනෙනා සිප් ලකුවලැ එකතුවෙකි. රිවි රියවලැ සැකැස්ම සෑම විට මැ මුල් තැන දෙනුයේ හිරු එළියෙන් ලැබියැ හැකි ස-හිම් ඔද පමණ උපරිම ලෙස යොදාගනුව ඇවැසි වන ඔද සුරුවට යි. බොහෝ රිවි සරවු තනා ඇත්තේ රිවි සරවු ධාවන තරඟ සඳහා යැ. කෙසේ වතදු පොදු මංමාවත්වලැ යොදාගනුව සකසා ඇති රිවි සරවුවලැ මූලාකෘති කිහිපයක් සාදා ඇති.

ඇතැම් රිවි සරවු ගැලියම් ආසනයිඩ් රිවි සැල් යොදාගනී. ඒවායේ සුරුව 30%ක් පමණ වේ. අනෙකුදු රිවි සරවු සිලිකන් රිවි සැල් යොදාගනී. සුරුව 20%ක් පමණ වේ. සැමැනි රිවි සරව්වෙකැ ඇති බැටැරි පැකේජය සරව්වට හිරු එළියෙන් තොර වැ මයිල 250ක් (දහසුමීටර 400) යාමට සෑහෙන අතර සරව්වට පෑට මයිල 24කැ (පෑට දහසුමීටර 38.8) හෙවත් හෝරාවට මයිල 60කැ (හෝරාවට දහසුමීටර 97) වෙයින් නොකැඩි වැ යාමට ඉඩ සලසයි. රිවි සරවුහි ගැනෙනා බමවන සැමැනියෙන් අස්බල 2ක් හෝ 3ක් හෝ පමණ දනවන්නේ නමුදු පිරියෙසුම්යුරු සැහැල්ලු රිවි සරව්වකට සැමැනි පවුලේ සරව්වකට (පෑට මයිල 40 (පැ. ද.මී. 64) හෙවත් හෝරාවට මයිල 100 (හෝ. ද.මී. 160)) සමාන වෙයක් ලබා ගත හැකි.

රිවි සරවු, හිරු එළිය විදිලිය බවට පිරිවටනුව ප්‍රකාශ වෝල්ටීයතා සැල් (PV සැල්) ගන්නා, රිවි අරාවකින්[?] (array) යුතු යි. රිවි ඔද තැප බවට පිරිවටන රිවි තැප්යුරු ඔද මෙන් නොවැ, PV සැල් කෙළින් මැ හිරු එළිය විදිලිය බවට පිරිවටයි. හිරු එළිය (ෆෝටෝන) PV සැල්වලැ වැදෙත, ඒවා විදුරොන් පොබයා ගලා යාමට ඉඩ සලසනුයේ විදිලි දහරක් මවමිනි. PV සැල් සිලිකන් හා ඉන්ඩියම්, ගැලියම්,නයිට්රජන් මුසු ලොහො හා වැනි අඩ-පිරියවන අමු-දෑ වලින් සාදා ඇති. සකැටියුරු සිලිකන් යනු බහුල වැ ගැනෙන අමු-දැය වන අතර එහි සුරුව 15-25% කි.

"https://si.wikipedia.org/w/index.php?title=රිවි_සරව්ව&oldid=554962" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි