රාම් නාරායන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
Ram Narayan
වයසක මිනිසෙකු පිලෙහි වාඩිවී සංගීත භාණ්ඩයක් වයමින් සිටී 
නාරායන් 2010 දී දිල්ලි හිදී 
පසුබිම් තොරතුරු
උපත 1927 දෙසැම්බර් 27  (වයස 90 කි )
මේවර් ,ඉන්දියාව 
ප්‍රභේද Hindustani classical music
වාද්‍ය භාණ්ඩ sarangi
සක්‍රීය වර්ෂ 1944–present
සම්බන්ධිත රඟපෑම් Abdul Wahid Khan, Aruna Narayan Kalle, Brij Narayan, Chatur Lal, Suresh Talwalkar
වෙබ් අඩවිය ramnarayan.com

රාම් නාරායන්; 1927 දෙසැමබර් මස 25 වන දින  උපත ලැබීය.ඔහු ජනප්‍රියත්වයට පත් වූයේ සරන්ගී නම් සංගීත උපකරණය ඒකල ප්‍රසංග සදහා හදුන්වාදීමත් සමගිනි .එසේම ඔහු ලොව ප්‍රථම සාර්ථක සරන්ගි   වාදකයා ද වේ .     

උදෛපුර් අසල උපත ලැබූ නාරායන් කුඩා කල පටන්ම සරන්ගි වාදනයට හුරු විය.බොහෝ සරන්ගි වාදකයන් හා ගායකයන් යටතේ අධ්‍යාපනය    ලැබූ ඔහු තරුණ වියේදී ගුරුවරයෙකු හා සංචාරක සංගීත ශිල්පියෙකු ලෙස කටයුතු කළේය. All India Radio, Lahore ආයතනය 1944 දී  නාරායන් සහාය ගායකයෙකු ලෙස බදවා ගත්තේය. 1947 දී දිල්ලි  නුවරට ගීය  ඔහු පසුව 1949 දී ඉන්දියානු සිනමාවට එක් වීම සදහා මුම්බායි නගරයට ගියේය. 

නාරායන් 1956 දී ඒකල ප්‍රසංග  ගායකයෙකු බවට පත් විය.ප්‍රසිද්ධ උත්සව අවස්ථාවන්හිදී ඔහු තම ගායන   ඉදිරිපත්  කළේය.ප්‍රකට සිතාර් වාදක රවී ශංකර් බටහිර රටවල පැවැත්වූ සාර්ථක ප්‍රසංග ආදර්ශයට ගත්  ඔහු ඒකල ඇල්බම සකස් කොට 1964 දී ඔහුගේ සහෝදරයා වූ චතුර් ලාල්  ද සමගින් ඇමෙරිකාවට හා යුරෝපයට පිටත් විය .එහිදී ඔහු ඉන්දියානු හා විදේශික සිසුන්ට පුහුණුව ලබා දුන් අතර 2000 දක්වා බොහෝ ප්‍රසංග පැවැත්වීය .2005 දී ඉන්දියාවේ දෙවන විශිෂ්ටතම සිවිල් ගව්රව සම්මානය වන පද්ම විභූෂණ සම්මානය නාරායන් හිමි කරගත්තේය. 

මුල් ජීවිතය [සංස්කරණය]

Side view of an ornately decorated palace with several towers on a hill over a city of terraced houses.
උදයපුර් නගර මන්දිරය   

රාම්  නාරායන් 1927 දෙසැම්බර් මස 25 වන දින වයඹ දිග ඉන්දියාවේ  උදයපුර් අසල වූ අම්බ්ර් නම් ගමෙහි උපත ලැබීය.ඔහුගේ මුත්තනුවන් දෙදෙනා වූ සගාද් දන්ජී බය්යවත්   හා බගාජි බය්යවත් දෙදෙනා අම්බෙර් ගමෙහි දක්ෂ ගායකයන් වූ අතර ඔවුන් එක්ව  උදයපුර්හි මහාරාන නම් ස්ථානයේ ගායනා     කර ඇත .ඔහුගේ පියා  ද දිල්රුබා  නම් සංගීත භාණ්ඩය වාදනය කළේය .ඔහුගේ මව සංගීතය ලැදි   තැනැත්තියක්  වූවාය .නාරායන් ගේ මුල් බස රාජස්තනි වූ අතර   පසුව හින්දි හා ඉංග්‍රීසි උගත්තේය.වයස  අවුරුදු 6 දී පමණ ඔහු  සරන්ගී  යක් සොයා ගෙන තම පියාගෙන් එය වාදනයට උගත්තේය .නමුත් එකල සරන්ගී   යනු නොසලකා හැරුණු  වාද්‍ය භාණ්ඩයක් විය.පසුව ඔහුගේ පිය ඔහුව මෙහ්බූබ් ඛාන්  නම් තැනැත්තාට  බාර  දුන්නේය .නමුත් ඔහු විසින් නාරායන් එතෙක් උගත් ශිල්පය වෙනස් කල යුතු බව පැවසු හෙයින් පියා නාරායන් පාසල් නොයවා තනිව   සරනගී   වාදනයට හුරු වන්නට ලබා දුන්නේය. 

වයස අවරුදු දහයෙදි පමණ නාරායන් dhrupad නම් වූ ඉන්දියාවේ පැරණිතම සම්භාව්‍ය සංගීත වර්ගයට අදාල සියලු මුලික කරුණු උගත්තේය.ඒ සරන්ගි   වාදකයෙකු වූ උදය ලාල් නම් පුද්ගලයා අනුකරණය කිරීමෙනි.ඔහු මිය යාමෙන් පසු නාරායන් සංචාරක ගායකයෙකු වූ මාධව් ප්‍රසාද්හමුවිය.ඔහුට සේවය කල නාරායන් ඔහුගෙන් සුවිශේෂී සංගීත වර්ගයක් වූ khyal උගත්තේය.නමුත් වසර 4 කට පසු ඔහු නැවත උදයපුර් වෙත පැමිණ සංගීත පාසලක ඉගැන්වීමට පටන්ගත්තේය.පසුව ඔහු හමුවට පැමිණි ප්‍රසාද් ගුරු ජීවිතයෙන් ඉවත් වී තම ජීවිතය සංගීතවේදියෙකු ලෙස ඉදිරියට යාමට කැප කරන ලෙස නාරායන් ගෙන් ඉල්ලා සිටීයේය .එයට එකග වූ නාරායන් ප්‍රසාද් සමග ඉන්දියාවේ විවිධ  ප්‍රදේශ කරා  ගමන් කරේය.පසුව ප්‍රසාද් අසනීප වී මිය යාමෙන් පසු ඔහු වෙනත්   ගුරුවරයෙකු සමග එක් වුවද  ටික කලකින් ලාහෝරේ කරා  පිටත් විය .


රැකියාව [සංස්කරණය]

නාරායන් 1943 දී ලාහෝරයට ගොස්  All India Radio (AIR ) හි ගායකයෙකු වීමට  කුසලතා පරීක්ෂණයට සහභාගි විය. නමුත් සරන්ගි  වාදනය හේතුවෙන් ගෙවී ගිය නියපොතු දුටු නිෂ්පාදක ජීවන් ලාල් මත්තූ විසින් ඔහුව ගායකයෙකු ලෙස බදවා නොගෙන සරන්ගි වාදකයෙකු ලෙස බදවා ගත්තේය.සමාන්‍යයෙන් සරන්ගි යනු ගායන    ඛණ්ඩ  අතරමැදින්   වාදනය කරනු ලබන භාණ්ඩයකි. එහිදී ගායකයා අනුකරණය කරනු ලබයි .මත්තූ විසින් ඔහුට ඔහු සිව් වසරක් අධ්‍යාපනය   ලැබූ ගුරුවරයා වූ  khyal ගායක අබ්දුල් වහිද් ඛාන් සම්බන්ද කර දෙනු ලැබිය .නාරායන් හට AIR වරින් වර ඒකල ඉදිරිපත්කිරීම් සදහා අවස්ථාව හිමි විය.එබැවින් ඔහු ඒකල  වාදකයෙකු ලෙස රැකියාවේ යෙදුනි .    

Narayan looks to the side with a sarangi held close to his body.
නාරායන් 1974 දී 

1947 ඉන්දියාවේ බෙදීමට පසු  නාරායන් දිල්ලියට ගොස් දේශීය AIR  ආයතනයේ රැකියාවේ යෙදුනි.ප්‍රකට ගායකයන්  වෙනුවෙන් වාදනයේ දීමෙන් නාරයන්ගේ ප්රසිද්ධිය මෙන්ම විවිධ සංගීත විධි  පිළිබද ඔහුගේ දැනුමද වැඩි විය.  ඔහු ඉන්දියාවේ සම්භාව්‍ය ගායකයන් වූ ඕම්කර්නාත්‍ තාකූර් ,බදේ ගුලාම් අලි ඛාන් ,හිරාබයි බදෝදේකර් හා ක්‍රිෂ්නරාවෝ ශංකර් පණ්ඩිත් වෙනුවෙන් වාදනයේ යෙදී  ඇත.එමෙන්ම ඔහු 948 දී අමීර් ඛාන් නම් ගායකයා සමග සහාය වාදනයේ  යෙදී   ඇත .ඒ ඉන්දියාවේ බෙදීමෙන් පසු අමීර් පළමු වරට AIR හි ගායනය කල අවස්ථාවේදීය.සහාය  වාදකයෙකු  වශයෙන්ද ඔහු තම දස්කම් විදහා දැක්විය .නමුත් ඇතැමුන් ඔහු ඒ සදහා නොගැලපෙන බවන චෝදනා නැගිය.කෙසේ වුවද ඔහුඔහු තම ශෛලිය වෙනස් නොකළේය.ඕම්කර්නාත්  තාකුර්,ක්‍රිෂ්නරාවෝ ඇතුළු බොහෝ ගායකයන් හා තබ්ලා  වාදකයන් ඔහුගේ හැකියාවන් අගය කලෝය.                  .

ගායකයන් වෙනුවෙන් සහාය වාදනයේ යෙදීමෙන්   විඩාවට පත් නාරායන් 1949 දී මුම්බායි වෙත ගොස් තනිව පටිගතකිරීම් හා චිත්‍රපට ගීත සදහා වාදනයේ යෙදීමට පෙළඹුනි .ඕහු 1950 දී බ්‍රිතාන්‍ය HMV සමාගම  සදහා  78 rpm ග්‍රැමෆෝන් පටිගතකිරීම් 3 ක්  ද 1951 දී මුම්බායි   හිදී  අගල් 10 LP  Album එකක්ද නිකුත් කරන ලදී.නමුත් ඇල්බමය එතරම් සාර්ථක නොවිණි .ඉල්ලීම අඩු විය.   මීළග  වසර 15  තුල ඔහු වාදනයේ මෙන්ම චිත්‍රපට ගීත රචනා කිරිමේද යෙදුණි. අඩලට් ,ගුන්ගා   ජුම්නා,හුම්දර්ඩ් ,කාශ්මීර් කි කාලි ,මධුමති ,මිලාන් ,මුග්හල් ඒ  අසම්  සහ නුර්ජෙහාන් එම චිත්‍රපට අතරින් සමහරකි.නාරායන් ප්‍රකට සංගීත  අධ්‍යක්ෂකවරයෙකු වූ  o .p .නය්යර් ගේ ප්‍රියතම තේරීමක් බවට පත් විය.     

Narayan and another man perform on a platform.
1980 අග භාගයේදී නාරායන් දිල්ලි හිදී වාදනය කරමින් 

නාරායන් 1952 දී ඇෆ්ගනිස්ථානයේද 1954 දී චිනයේදීද වාදනයෙන්  ඉමහත් කීර්තියක් ලබාගත්තේය.නරයන්ගේ ප්‍රථම එකල ප්‍රසංගය 1954 දී මුම්බායි  හිදී පැවතුනද ප්‍රේක්ෂකයන්ට අවශ්‍ය වූ යේ ජනප්‍රිය ගායකයන්ගේ ගීත ඇසීමට පමණි .එබැවින් ඔහුගේ වාදනයන් කෙටියෙන් අවසන් කිරීමට සිදු විය.මින්  පසුව නාරායන් සරන්ගි   වාදනය අතහැර ගායකයෙකු වීමට සිතා  බැලුවේය.නමුත් පසුව නැවත සිතට දිරි ගෙන කුඩා පිරිස් සදහා වාදනයේ යෙදුනි.ඔහුගේ දෙවන උතසහයේදී එනම් 1956 මුම්බායි සංගීත උළෙලේදී සාර්ථක ප්‍රතිචාර ලබා ගත්තේය.එතැන් සීට ඉන්දියාවේ ප්‍රධානතම උත්සව බොහොමයක ඔහු වාදනයේ යෙදී   ඇත.      .

 ප්‍රකට  වාදක  රවී ශංකර් ගේ   සාර්ථක ඉදිරිපත්කිරීම් දුටු නාරයන්ද ඒකල ඇල්බම පටිගත කොට ඔහුගේ වැඩිමල් සහෝදරයාද    සමග පළමු වරට 1964 දී ඇමෙරිකාවට හා යුරෝපයට පිටත් විය.යුරෝපා සංචාරයේදී ප්‍රංශය,ජර්මනිය හා එංගලන්තයේදී ඔහු ප්‍රසංග පැවැත්විය .1960 ආරම්භයේදී නාරායන් නිතරම ඉන්දියාවෙන් පිටතදී සිසුන් පුහුණු කිරීමේ හා ප්‍රසංග පැවැත්වීමේ යදුනි.ඔහුගේ බටහිර සංචාරයේදී ඔහු තුල සරන්ගි  කෙරෙහි පවතී කැමැත්ත තව තවත් වැඩි විය.එයට   හේතුව සරන්ගි   හා චෙලෝ ,වයලීනය අතර   තිබු සමානත්වයයි .1960 අග භාගයේදී නාරයන්ගේ සමීපතම සහයකයා බවට සුරේෂ් තල්වකර් පත් විය.ඉන් පසු දශක කිහිපයේම  නාරයන් ඉන්දියාව   තුල හා විදේශයන්හිදී ප්‍රසංග පවත්වමින්පටිගතකිරීම් වල නියැලුණි.ඔහුගේ වාදන ඉන්දියාවේ ඇමෙරිකාවේ සහ යුරෝපයේ ඉතාමත්ම ජනප්‍රිය විය.1880 අග කාලයේදී නාරායන් සාම වසරකම මසක් පමණ බටහිර රටවල සංචාරයට පුරුදු විය.2000 වන විට ඔහු ඉද  හිට ප්‍රසංග පැවැත්වූ අතර 2010 වන විට ඉතාමත්ම කලාතුරකින් ප්‍රසංග සදහා ඉදිරිපත් විය.  

ශෛලිය [සංස්කරණය]

නාරයන්ගේ ශෛලිය සම්භාව්‍ය ඉන්දියානු සංගීතයට ලාක්ෂණික වේ.නමුත් ඔහු තෝරාගත් සංගීත භාණ්ඩය හා ඔහු සංගීතය  බාහිර සමාජයෙන් උගත් අයුරු අන් අයට   පොදු නොවේ.තම වාදනය කරන විට ප්‍රේක්ෂකයන් තුල සාමකාමී හැගීමක් ජනිත කිරීම තම අරමුණ බවත් ප්‍රේක්ෂකයින්ද ඒ හා සමානව තමාට  ප්‍රතිචාර දක්වනු දැකීමට කැමැති බවත් ඔහු ප්‍රකාශ කොට ඇත.

නාරයන්ගේ සංගීතය dhrupad ශෛලියට අයත් alap හා jor කොටස් වලින් හා khyal ශෛලියට අයත් gat ඛණ්ඩ වලින් සමන්විත විය.ඔහු බුන්දු ඛාන් විසින් ගොඩනංවන ලද jhala නම් ශෛලියද අත්හදා බැලූ   නමුත් එය වඩාත් උචිත වන්නේ සරන්ගි   සදහා නොවන බව වටහාගෙන එය න වතා  දැමුවේය. නාරයන්ගේ ප්‍රසංග thumri ශෛලීය  මුසු වූ raga වලීන් සමන්විත විය.එය මිශ්‍ර ශෛලියකි .  [1]

නාරායන් සීමිත paltas සංඛ්‍යාවක්  යොදා ගනිමින් ඉතා කුඩා පරාසයක ව්‍යායාම සිදු කරමින්  පුහුණුවීම් හා ඉගැන්වීම් සිදු කළේය.එමගින් වැඩි ස්වර ගණනක් වාදනයට හැකි විය.නාරායන් වේග රිද්ම සදහා paltas  මගින් ව්‍යුත්පන්න වූ දිගු ස්වර සටහන් විශේෂයක් වන tans යොදාගත්තේය. නාරායන් වේග රිද්ම හා පුළුල් පරාසයන්  වාදනයට තම වම අතද රිද්මයනුකුල වාදනයන් සදහා වම අත්හද යොදා ගත්තේය.නාරායන් සරන්ගි වාදනයේදී යොදා ගත්  ඇගිලි තාක්ෂණය අන් අයට   වඩා  බොහෝ වෙනස් විය.එහිදී ඔහු තම දකුණු අත  තරමක් පහතින් තබා ගැනීම,වාද්‍ය භාණ්ඩය අංශක 90 ට ආසන්නව තබා ගැනීම හා bow length පුර්ණ පරාසයේ තබා ගැනීම සුවිශේෂී වේ. 

බාහිර වීඩියෝ
Full performance of Mishra Des, recorded 1991, YouTube video by Music Today

නාරායන් අබ්දුල් වහිඩ් ඛාන්ගේ මාර්ගයෙන් kirana gharana පාසලට එකතු වුවත් ඔහුගේ රටාව ඊට වෙනස් විය .ඔහුගේ සංයෝජන බොහොමයක් ඔහුගේ ගුරුවරුන්ගෙන් උපුටා ගන්න ලද සරන්ගී වාදනය සදහා නවීකරණ කරන ලද ඒවා විය .නාරායන් අලුතින් රාග නිර්මාණයට අකමැති වුවද kedar සමග nand හා kaafi සමග malhar එක්  කොට  සංයුක්ත රාග  නිර්මාණය කළේය.


නාරායන් ඔහුගේ ප්‍රසංග සදහා භාවිතා කළේ 1920 දී හෝ 1930 දී මීරුත් හිදී නිෂ්පාදනය කරන ලද සරන්ගියකි .එය ඔහුට ලැබුනේ උදය ලාල් ගෙනි.ඔහුගේ සරණගිය සදහා කල අත්හදාබැලීම් වලින් පසුව ඔහු එයට 4 වන තතක් එක් කළේය .නමුත් එය වාදනයේදී බාදාවක් වූ නිසා පසුව ඉවත් කළේය .1940 දී ඔහු gut වෙනුවට වානේ යොදා පළමු තත සෑදිය .එය වාදනයට පහසු වුවද හඩ  වෙනස් වීම නිසා එයද ඉවත් කළේය.  .

දායකත්වය හා පිළිගැනීම [සංස්කරණය]

Narayan sits in front of an ornamented partition and speaks into a microphone.
නාරායන් 2007 දී එංගලන්තයේ slough හි thames valley විශ්ව විද්‍යාලයේදී 

නාරායන් සරන්ගි   සංගීත භාණ්ඩය ලොව පුරා  ප්‍රසන්ග  සදහා ජනප්‍රිය භාණ්ඩයක් බවට පත් කළේය.ඔහු ජාත්‍යන්තරව සාර්ථක වූ ලොව පළමු සරන්ගි   වාදකයා විය.ඔහුට පසු සුල්තාන් ඛාන් එම මග ගත්තේය.නාරායන් සරන්ගි   වාදනයේදී ඇගිලි භාවිත කරන අයුරු සරල කොට නුතන ප්‍රසංග සදහා ගැලපෙන පරිදි සකස් කළේය. 


නාරායන් පෙරදිග සංගීතය පිළිබද ඇමරිකානු සංගමයේ හා 970-1980 දී මුමබායි  හි ජාතික කලා  ආයතනයේද ඉගැන්විය. ඔහු පෞද්ගලිකවද සරන්ගි   වාදන පුහුණු කළේය .ඔහුගේ දියණිය වූ අරුණා නාරායන්.මුණුපුරා  වූ හරෂ් නාරායන්  හා වසන්ති ශ්‍රිඛන්දේ  එවැනි පුද්ගලයන්ය.ඔහු sarod වදකයන්වද පුහුණු කළේය.ඔහුගේ පුතා වූ බ්‍රිජි නාරායන් එවැන්නෙකි .එමෙන්ම නාරායන් වයලින්  වාදකයන් හා ගායකයන්වද පුහුණු කොට ඇත .2002 දී ඔහු ඉන්දියාවේ සිසුන් 15 දෙනෙකු මෙන්ම ඇමෙරිකාවේ හා යුරෝපයේ සිසුන් 500 කට වඩා පුහුණු කර ඇත.Indian music in performance: නම් ප්‍රායෝගික ඉදිරිපත් කිරීමක් ඔහු 1980 දී නීල්  සෝර්රෙල් සමග එක්ව නිකුත් කළේය.එය උතුරු ඉන්දියානු සංගීතයේ හොදම ඉදිරිපත්කිරීමක් බව  Hans Neuhoff විසින් පවසා ඇත .

"මගේ ප්‍රයත්නය සමාජ මුලාරම්භය හේතුවෙන් සරන්ගි  වෙත ඇතිවී තිබු කැළල කටුගා  දැමීමටයි .මා  සාර්ථක වුවා  යැයි  සිතමී ."   <ref name="TIE020218" >

රාම් නාරායන් ,Indian Express  මගින් උපුටා  ගන්නා  ලදී 

සරන්ගීය  හා තමන් වෙතට ප්‍රසාදය හිමිවුයේ බටහිර ප්‍රේක්ශකයක් එය ආදරයෙන් වලදගත්තට පසුව බවට නාරායන්  තර්ක කළේයඔහු සරණගි වාදනය පුහුණු වීමට ප්‍රමාණවත් සිසුන් හා ගුරුවරුන් නොමැති වීම පිලිබදව කණගාටු විය.සරන්ගිය රැක ගැනීමට රජය විසින් අනුග්‍රහය දැක්විය යුතු බව ඔහු පවසා සිටියේය .මුම්බායි රාම් නාරායන් පදනම විසින් සරණගි පුහුණුව ලබන සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දේ .සරන්ගිය ජනප්‍රිය කිරිමේ  උත්සාහය කිසිදා අත  නොහරින බව නාරායන් පවසා  ඇත.     .

  නාරායන් 1976 දී පද්ම ශ්‍රී සම්මානයද,1991දී පද්ම භූෂණ සම්මානයද ,2005 දී පද්ම විභූෂණ සම්මානයද හිමි කර ගත්තේය .ඉන්දියාවේ දෙවන උසස්ම  සිවිල් ගෞරවය  වන පද්ම විභූෂණ සම්මානය ඉන්දියානු අගමැති A .P .J .අබ්දුල් කලාම් විසින් පිරිනමන ලදී.එමෙන්ම 1974-75  Rajasthan Sangeet Natak Akademi සම්මානය ,1975 ජාතික Sangeet Natak Akademi සම්මානය ද  හිමි කරගත්තේය.1991-92 කාලිදාස් සම්මානයද 1999 දී මහාරාෂ්ට ප්‍රදේශයේ ආණ්ඩුකාර P .C .Alexandar  විසින් Aditya Vikram Birla Kalashikhar Puraskar සම්මානයද ඔහුට ලබා දෙන ලදී.2013 දී රාජස්තාන් රත්න සම්මානය ,2014 GiMA  හි Lifetime Achievement Honour සම්මානය, 2015-2016  සම්භාව්‍ය සංගීතය සදහා Pandit Bhimsen  j oshi Lifetime Achievement සම්මානය නාරායන් සතු කරගන්නට ඔහු සමත් විය.2007 දී නාරයන්ගේ ජීවිත කතාව ඇතුළත් Sarangi Ke Sang චිත්‍රපටය ඉන්දියානු චිත්‍රපට සම්මාන උළෙලේදී තිරගත විය.  .

පවුල   හා පුද්ගලික ජීවිතය [සංස්කරණය]

A mixed-gender group of five people sits on a platform, two playing long-necked lutes, another two playing bowed instruments, and one resting his hands next to drums.
නාරායන් හා ඔහුගේ දියණිය 2009 ලන්ඩන් හි royal albert  hall  හිදී 

නාරායන් ඔහුගේ වැඩිමල් සොහොයුරා වූ චතුර් ලාල් සමග සමීප සබදත්වක් පැවැත්විය.ඔහු නාරයන්ගේ සරන්ගී වාදනයට සහය වීමට තබ්ලා වාදනය උගත්තේය.තරුණ වියේදී තබ්ලා   වාදනය සදහා ගුරුවරුන් යටතේ පුහුණු වූ චතුර් පසුව ගොවිතැනට යොමු විය.නාරායන් ප්‍රකට සරන්ගි   වාදකයෙකු වූ පසු චතුර් ලාල් 1948 දී දිල්ලියට ගොස් ඔහු හමු විය.චතුර් ලාල් ට දිගටම තබ්ලා වාදකයෙකු ලෙස AIR හි සේවය කිරීමට නාරායන් උපදෙස් ලබා දුන්නේය.ඔහු අතිදක්ෂ සංගීතවේදියෙකු බවට පත්විය.1950 දී ඔහු ප්‍රකට වාදකයන් වූ රවී ශංකර්,අලි අක්බර් ඛාන් වැනි අය  සමග විදේශ සංචාරයන්හි යෙදුනි.බටහිර රටවල තබ්ලාව ජනප්‍රිය කිරීමට ඔහු කටයුතු කළේය.ලාල් 1965 දී මිය ගිය පසු නාරායන් ඔහුග දරුවන් 4 දෙන හද වැඩ ගත්තේය.ලාල්ගේ පුතු වූ චරන්ජිත් ලාල් තබ්ලා වාදකයෙකු ලෙස නාරායන් සමග විදේශ සංචාර සදහාද එක්  විය.නාරයන්ගේ බිරිද ශීලා නිවාස ඉදිකරන්නියකි .1950 දී ඇය  මුම්බායි  නගරයට පැමිණියේය.ඔවුන්ට දරුවන් 4 දෙනෙකි.වැඩිමල් පුතු වූ බ්‍රිජි නාරායන් සරෝඩ් වාදකයෙකු විය.ඔහු 1952 දී උපත ලැබිය.ශීලා 2001 ට පෙර මිය ගියාය.දෙවන දරුවා වූ අරුණා 1959 දී උපත ලැබිය.ඇය ඒකල සරන්ගි   ප්‍රසංගයක් පැවැත්වූ ප්‍රථම කාන්තාව වුවාය.ඇය 1984 දී කැනඩාවට  සංක්‍රමණය විය.තෙවන දරුවා වූ ශිව්‍  තබ්ලා  වාදකයෙකු විය.ඔහු පිය සමග ඕස්ට්‍රේලියාවේ   සංචාරයටද  එක්  විය.  බ්‍රිජි නාරයන්ගේ පුතු වූ හර්ෂ් නාරයන්ද සරන්ගී වාදකයෙකු විය.  නාරායන් 2009 දී අරුණා සමග ලන්ඩන් හි ඇල්බර්ට්   ශාලාවේදී ද  2010 දී  සවායි  ගන්ධර්ව සංගීත උත්සවයේදී  හර්ෂ් සමග  පූනේ  හිදීද ප්‍රසංග පැවැත්විය.



නාරායන් හින්දු අගමිකයෙකු විය."මාගේ ආගම සංගීතයයි"යනුවෙන් පවසා ඇත.දිවය සම්පත් ලැබීමට සංගීතයට වඩා සුදුසු වෙනත් මාර්ගයක් නැති බව ඔහු පැවසීය . .[2]

රචනය [සංස්කරණය]

රචනා කල ග්‍රන්ථ [සංස්කරණය]

  • Sorrell, Neil; Narayan, Ram (1980) [1980]. Indian music in performance: a practical introduction. Manchester University Press. ISBN 0-7190-0756-9. 
  • Narayan, Ram (2009) (Hindiයෙන්). एक सुर मेरा एक सारंगी का [A tune of mine, one of the sarangi]. New Delhi: Kitabghar Prakashan. ISBN 81-907221-2-3. 

Roy, Ashok (2004). Music Makers: Living Legends of Indian Classical Music. Rupa & Co.. ISBN 81-291-0319-2. 

References[සංස්කරණය]

  • Naimpalli, Sadanand (2005). Theory and Practice of Tabla. Popular Prakashan. ISBN 81-7991-149-7. 
  • උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Sorrell125 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  • උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Sharma නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  • "https://si.wikipedia.org/w/index.php?title=රාම්_නාරායන්&oldid=419962" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි