රාත්‍රි ලේඛන ක්‍රමය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
රාත්‍රි ලේඛන ක්‍රමය
ධ්වනි ශිල්පය
වර්ගය
හෝඩිය
භාෂාප්‍රංශ
කාල සීමාව
වසර 1820 පමණ
දාරක ක්‍රම
බ්‍රේල්, නිව්යෝර්ක් තුණ්ඩය
(අනුග්‍රහය නොදක්වයි)
බාබියේගේ සොනොග්‍රාෆී

ධ්වනි ශිල්පය ලෙසින්ද හැඳින්වුනු රාත්‍රි ලේඛන ක්‍රමය යනුවෙන් හඳුන්වනු ලැබුවේ, කඩදාසි ඵලක චතුරස්‍රයක තුණ්ඩ සයක තීරු දෙකක් වශයෙන් තුණ්ඩ දොළසක් අනුසාරයෙන් සකස් කෙරුණු සංකේත භාවිතා කෙරුණු කේත ක්‍රමයක් වූ අතර, බ්‍රේල් ක්‍රමයෙහි පූර්වගාමියා වශයෙන් වර්තමානයෙහි සිහිපත් කෙරෙයි. ආලෝකය නොමැතිව සොල්දාදුවන්ට රාත්‍රියෙහි නිශ්ශබ්දව සන්නිවේදනය කල හැකි කේතයක් සකසන ලෙසට වූ නැපෝලියන්ගේ නියෝගයට ප්‍රතිචාරයක් වශයෙන් චාල්ස් බාබියේ විසින් මෙය නිර්මාණය කෙරිණි. මෙයට ධ්වනි ශිල්පය නමැති පදය යෙදවූයේ, එක් එක් තුණ්ඩ ජාලකය විසින්, අක්ෂරයක් හෝ ශබ්දානුවක් හෝ නිරුපණය කල බැවිනි.

සංඛ්‍යාංක දෙකක කේතයක් විසින් අක්ෂරයක් නිරූපණය කෙරුණු පොලිබියුස් චතුරස්‍රය හා බාබියේගේ ක්‍රමය සබැඳුණි. බාබියේ විසින් මෙම ක්‍රමය වෙනස් කිරීමේදී, ප්‍රංශ හෝඩියෙහි බොහෝ අක්ෂර මෙන්ම ද්විප්‍රස්තාර සහ ත්‍රිප්‍රස්තාර කිහිපයක් නිරූපණය කිරීමට 6&වරක්;6 න්‍යාසයක් භාවිතා කර ඇත:

බාබියේගේ රාත්‍රි ලේඛණ ක්‍රම න්‍යාසය
1 2 3 4 5 6
1 a i o u é è
2 an in on un eu ou
3 b d g j v z
4 p t q ch f s
5 l m n r gn ll
6 oi oin ian ien ion ieu

අක්ෂරයක් (හෝ ද්වීප්‍රස්තාරයක් හෝ ත්‍රිප්‍රස්තාරයක්) නිරූපණය කෙරෙන්නේ අක්ෂ දෙකක් ලෙසින් සැකසුනු තුණ්ඩ තීරු දෙකක් වෙතින් වන අතර, පළමු තීරුව වෙත ඇති තුණ්ඩ එකෙහි සිට සය විසින් න්‍යාසයෙහි පේළිය නිරූපණය කෙරෙන අතර, දෙවැන්න වෙත ඇති තුණ්ඩ එනෙහි සිට සය විසින් තීරුව නිරූපණය කෙරෙයි: නිද., "t" අකුර සඳහා 4–2 යන න්‍යාස නිරූපණය පහත පරිදී දැක්වෙයි

t අකුර
 
 

එක් සංකේතයක් නිරූපණය කිරීමට තුණ්ඩ දොළසක් තරම් වැඩි ගණනක් (6 කින් සමන්විත තීරු දෙකක්) අවශ්‍ය වෙයි.

බාබියේගේ ක්‍රමය උගැනුමට සොල්දාදුවන්හට අති දුෂ්කර වූ අතර එබැවින් එය හමුදාව විසින් ප්‍රතික්ෂේප කෙරිණි. 1821 වසරෙහිදී, බාබියේ විසින් ප්‍රංශයෙහි, පැරිසියෙහි පිහිටි, අන්ධයන් සඳහාවූ ජාතික ආයතනය වෙත සංචාරයක් සිදු කල අතර එහිදී ඔහු ලුවී බ්‍රේල් මුණ ගැසිණි. බ්‍රේල් විසින් බාබියේගේ කේතයෙහි මූලික දුර්වලතා හඳුනාගත් අතර, එය වූයේ මිනිස් ඇඟිල්ලක් විසින් සම්පූර්ණ සංකේතය වටහා ගැනුම සඳහා එය චලනය කිරීම අනිවාර්යයේන කල යුතු වීම නිසා සංකේතයෙන් සංකේතයට වේගයෙන් ගමන් කිරීම කල නොහැකි වීම විය.

මෙම දුර්වලතාවය මගහැරවීමට බ්‍රේල්ගේ සංශෝධනය වූයේ තුණ්ඩ-6ක කොටුවක් භාවිතා කිරීම වූ අතර, බ්‍රේල් ක්‍රමය විසින් දෘෂ්‍යාබාධිත අයවළුන් සඳහා ලේඛන සන්නිවේදනය පිළිබඳ විප්ලවීය ප්‍රගතියක් ලබා දුනි.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=රාත්‍රි_ලේඛන_ක්‍රමය&oldid=362964" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි