රාජ්පුත් චිත්‍ර කලාව

විකිපීඩියා වෙතින්
18වන සියවසට අයත් නිහාල් චන්ද් චිත්‍ර ශිල්පියාගේ රාජ්පුත් සිතුවමක්.
නයින්සුඛ්ගේ සිතුවමක්, හිමචාල් ප්‍රදේශ්, 1745-1750 පමණ; මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය.

රාජ්පුත් සිතුවම් හෙවත් බොහෝවිට හඳුන්වනු ලබන රාජස්ථානි සිතුවම් ඉන්දියාවේ රාජ්පුතානාහි රජ මාළිගාවන් තුළ ක්‍රමයෙන් විකාශනය වී වැජඹුණු සිතුවම් කලාවකි. එකී රජ්පුතානා රාජධානිය තුළ වෙනස් වෙනස් ලෙස ශෛලීන් ක්‍රමයෙන් විකාශනය විය.[1][2] නමුත් මෙය නිශ්චිත පොදු ලක්ෂණ සහිත වූවකි. රාජ්පුත් සිතුවම් වලින් විවිධ තේමා,රාමායණ වීර කාව්‍යයේ විවිධ සිදුවීම් විදහා දක්වයි. ක්ෂුදු සිතුවම් සහිත අත් පිටපත් නැතිනම් තනි පත්කඩවල් ඒකරාශී කොට සකස්කළ ඇල්බම ලෙස ඉදිරිපත් කිරීම රාජ්පුත් සිතුවම් ඉදිරිපත් කළ මාධ්‍යයක් විය. නමුත් බොහෝ සිතුවම් මාළිගාවන්හි බිත්ති මත , බලකොටු වල අභ්‍යයන්තර කුටිවල,සුවිශේෂී ස්ථානයන්හි, ශෙක්හාවත් රාජ්පුත්වරුන් විසින් ඉදිකළ බලකොටුවන්හි සහ මාළිගාවන්, ශෙක්හාවතී මැදුර වැනි ස්ථාන වල සිතුවම් කරන ලදි.

අවශ්‍ය වර්ණයන් සකසාගනු ලැබුවේ නිශ්චිත ඛනිජ ,ශාක ආශ්‍රෙයන්,හක් බෙල්ලන්,සහ වටිනා පාෂානයන්හි ව්‍යුත්පන්න වලිනි. එසේම රන් සහ රිදී ද යොදා ගැනින. අභිමත වර්ණ සංයෝජනයේදී දීර්ඝ ක්‍රියාවලියක් භාවිතා වූ අතර ,සමහර අවස්ථාවන්හිදී ඒ සදහා සති ගණනාවක් ගතවිය.එසේම ඉතා සියුම් පින්සල් යොදා ගැනිනි.

අන්තර්ගතය[සංස්කරණය]

විවිධ තේමා අන්තර්ගත රාජ්පුත් සිතුවම් රාශියෙන්, රාජ්පුත් සිතුවම්හි පොදු රටාවක් වන්නේ ,පසුබිම පුරා ප්‍රධාන සිදුවීම දැක්වීමයි. සුවිශේෂී ලෙස, සැළකිය යුතු ප්‍රමාණයෙන් දැක්වූ පසුබිම පුරා අන්තර්ගතව ඇත්තේ අල්ප වූ සීමාවන් සහ වෙන් කළ නොහැකි චරිත සහ උද්‍යාන අලංකරණයන්ය.මෙම ක්‍රමයේදී, බොහෝවිට ඒක පුද්ගල සිතුවම් සැම විටම සිතුවම් නොවුනු අතර, අවසරය හිමිව තිබුනේ පසු බිමෙහි සාමාන්‍යෙයන් පුද්ගලයන් ද්විත්වයක් පමණ දැක්වීම සහ මානව රූපය අර්ථන්විතව යෙදීම සිදුවිය.

හුදෙක් සිතුවම් ශිල්පීය ප්‍රතිපත්තියෙන් පිට, රාජ්පුත් සිතුවම් බොහෝවිට දේශපාලන කරුණු සම්බන්ධව සහ සමාජ සාරධර්ම සම්බන්ධව නිර්මාණය විය. මෙවාර් පාලකයන්ට අවැසි වූයේ මෙම සිතුවම් වලින් එවුන්ගේ අරමුණු සහ ඔවුන්ගේ බලපරාක්‍රමය නිරූපනය කිරීමටය.එමනිසා ,සිතුවම් වලින් නිරතුරුවම පාලකයන්ගේ බලය නැතිනම් යහපත් සමාජයක් නිර්මාණය කිරීමට ඔවුන් සිදුකළ විපර්යාසයන් විදහා දැක්වුණි. .

මෙම අරමුණු දෙක පැහැදිළිවම මෝගල් කටයුතු සම්බන්ධව නිමවුණු රාජ්පුත් සිතුවම් වලින් පැහැදිළි වේ. කාලානුක්‍රමික ප්‍රතිපත්තියෙහි, මෙම සංස්කෘතීන් ද්විත්වයම එකකට එකක් සංඝට්ටනය වීම් දක්නට ලැබෙන අතර, මූගල් විලාසිතාවල සහ සංස්කෘතික ප්‍රමිතියෙහි සහ ,රාජ්පුත් සිතුවම් වල එකම බාහිර අන්තර්ගතය ඇතුළත් විය.නමුත් මූලිකවම විවිධ ආලේඛය සිතුවම්,ප්‍රසිද්ධ මූගල් සිතුවම් ශිල්පීන් (ගෝවර්ධන්, හෂීම්, වැනි.)අතින් නිමවුණු අතර මෙය රාජුපුත් කටයුතුවල හමු නොවේ.කෙසේ නමුත් රාජුපුත් ශිල්ප ක්‍රමය ප්‍රමුඛව මූගල් සිතුවම් වල දක්නට නොලැබේ.

"දහ අට වන සියවස ආරම්භයේදී, රාජ්පුත් සිතුවම් සම්ප්‍රදායික මූගල් ආරක් ගැනීම නිසා වෙනස් විය. " (බීච් 175).

පාසල්[සංස්කරණය]

රාජස්ථානයේ කිෂන්ගාර්හි සිතුවමක්,1780-1790 පමණ; මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය.
රාජස්ථානයේ ජායිපූර්හි සිතුවමක්,1760 පමණ; මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය.

16 වන සියවස අග භාගයේදී රාජ්පුත් සිතුවම් පාසල් ආරම්භවූ අතර එය ස්වදේශීයත්වය සම්බන්ධවීමෙන් විශේෂ ආරක් සංවර්ධනය සදහා මුලින් ආරම්භවූ අතර,ඉක්මනින්ම විදේශීය ආභාෂය (පර්සියන්,මූගල් ,චීන ,යුරෝපීය )සහිත අද්විතීය රටාවක් එයට ලැබුණි. රාජස්ථානි සිතුවම් සමන්විතවන්නේ මූලධර්ම පාසල් හතරකින් වන අතර මේවා සමන්විත වන්නේ වෙනස් සිතුවම් රටාවලින් සහ අර්ථ නිරූපණයන්ගෙන් වන අතර ඒවා සුළු සුළු වශයෙන් වෙනස් විය.එම මූලධර්ම පාසල් පහත පරිදි වේ:[3]

  1. මෙවාර් පාසල .සමන්විත වන්නේචාවාන්ඩ්, නාථ්ද්වාරා, දේව්ගාර්, උදයිපූර්සහ සාවාර් ආරයේ සිතුවම්
  2. මාර්වාර්අඩංගු වන්නේ කිෂාන්ගාර්, බිකානෙර්, ජෝධ්පූර්, නාගෝර්, පාලිසහ ඝානේරෝආරය
  3. හදෝතිපාසල සමඟ කොටා, බුන්ඩිසහ ජලාවාර් ආරය සහ
  4. ධුන්දාර් පාසල අයත්වන්නේ ඇම්බර්, ජායිපූර්, ෂෙකාවතී සහ යුනිආරා ආරේ සිතුවම්.

කාන්ග්‍රා සහ කුල්ලු සිතුවම් පාසල් රාජ්පුත් සිතුවම් කලාව කොටස් වේ. නයින්සුක් යනු පහරි සිතුවම් පිළිබදව සුප්‍රසිද්ධ සිතුවම් ශිල්පියෙක් වූ අතර,උතුරෙහි කෙටි පාලනයක් ගෙනගිය රාජ්පුත් කුමරියකට ඔහු සේවය කරන ලදි. වාණිජ සංගමයෙහි ආර්ථික සමෘද්ධිය සහ “වෛශ්නාගමෙහි” පුනර්ජීවනය සහ භක්තී සංස්කෘතියේ වර්ධනය යන සාධක රාජස්ථානි සිතුවම්කලාවේ සංවර්ධනය සඳහා බොහෝ සෙයින් දායක විය. මෙම සම්ප්‍රදායයේ ආරම්භයේදී රාමනූජා,මීරාබායි,තුල්සිදාස්,ශ්‍රී චෛතන්‍ය,කබීර් සහ රාමනාන්ද් වැනි ආගමික ප්‍රවර්ධකයන්ගෙන් මහත් ආභාශයක් ලැබුනි.සියළුම රාජ්පුතානා රාජ්‍යයන් මූගල්වරුන්ගේ ආක්‍රමණයන් වලට යටත්වූ අතර, නමුත් අවසානය වන තෙක්ම මෙවාර් ඔවුන්ගේ පාලනයට යටත් නොවිනි.රාජසුථානි පාසලක් වන මෙවාර් ප්‍රථම‍යෙන් වැජඹීමට මෙය හේතුවක්විය (නොඉදුල් ආකෘතියෙන් සහ අවසන් තෙක්ම පැවති)., ජායිපූර්,ජෝධ්පූර්, බුන්ඩි, කොටා-කලාම්, කිෂාන්ගාර්, බිකානෙර් සහ රාජස්ථානයේ වෙනත් ස්ථාන පසුව ඇතිවිය..

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. The City Palace Museum, Udaipur: paintings of Mewar court life. by Andrew Topsfield, Pankaj Shah, Government Museum, Udaipur. Mapin, 1990. ISBN094414229X.
  2. Splendour of Rajasthani painting, by Jai Singh Neeraj. Abhinav Publications, 1991. ISBN 81-7017-267-5.
  3. Neeraj, Jai Singh (1991). Splendour Of Rajasthani Painting. New Delhi: Abhinav Publications. p. 13.
  • Art and artists of Rajasthan: a study on the art & artists of Mewar with reference to western Indian school of painting, by Radhakrishna Vashistha. Abhinav Publications, 1995. ISBN 81-7017-284-5.
  • A study of Bundi school of painting, by Jiwan Sodhi. Abhinav Publications, 1999. ISBN 81-7017-347-7
  • Court painting at Udaipur: art under the patronage of the Maharanas of Mewar, by Andrew Topsfield, Museum Rietberg. Artibus Asiae Publishers, 2001. ISBN 3-907077-03-2.
  • Rajput Painting, by Ananda K. Coomaraswamy, Publisher B. R. Publishing Corporation, 2003. ISBN 81-7646-376-0.
  • The artists of Nathadwara: the practice of painting in Rajasthan, by Tryna Lyons. Indiana University Press, 2004. ISBN 0-253-34417-4.
  • Beach, M. (1992). 1700–1800: The Dominance of Rajput Painting. In Mughal and Rajput Painting (The New Cambridge History of India, pp. 174–213). Cambridge: Cambridge University Press. doi:10.1017/CHOL9780521400275.008
  • Ghosh, P. (2012). The Intelligence of Tradition in Rajput Court Painting. Art Bulletin, 94(4), 650-652.

වැඩිදුර කියවීමට[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=රාජ්පුත්_චිත්‍ර_කලාව&oldid=593108" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි