යුරෝපා ඉතිහාසය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
යුරෝපා ඉතිහාසය ඒබ්‍රහම් ඕටිලියස් විසින් පෙන්වා දෙන ලද යුරෝපය 1595

යුරෝපා මහද්වීපයේ මිනිස් වාසය ඇරඹීමේ සිට අද දක්වා කාලය යුරෝපා ඉතිහාසයට අයිති කාලවකවානුවයි. හොමෝසේපියන්වරු පිළිබද තොරතුරු හමුවන්නේ ක්‍රි.පූ. 35,000 දීය. මේ පිළිබදව හෝමරගේ ඉලියඩ් හි සදහන් වේ. රෝමානු ජනරජ රාජ්‍ය බිහිවනුයේ ක්‍රි.පූ. 509 දීය. ක්‍රිස්තියානි ආගම එහි ආගමනය වුයේ ක්‍රි.පු. 4 වැනි ශතවර්ෂයේ දීය. ජස්ටීයන් I (527 – 565) නම් අධිරාජ්‍යයා විසින් ක්‍රිස්තියානි ආගම ඉතා ක්‍රමානුකූලව අධිරාජ්‍යයා පුරා ප්‍රචලිත කරන ලදි. මෙකල යුරෝපයේ ප්‍රධාන පංචවිධ නගර වුයේ රෝමය, කොන්ස්තන්තිනෝපලය ඇන්ටියෝක්, ජෙරුසෙලම හා ඇලෙක්සැන්ඩ්‍රියාවයි. වසංගත හමුවේ අධිරාජ්‍ය නැගෙනහිරට හා බටහිරට ගෙන යන ලදි. අදුරු යුගය තුළ බටහිර යුරෝපය හිස්විය. නැගෙනහිර යුරෝපයේ ප්‍රධානතම අධිරාජ්‍ය වුයේ බයිසැන්තීනයයි.

රදල සමාජ ක්‍රමය බිදවැටුණි. කොස්තන්තිනෝපලය ක්‍රි.ව. 1453 දි බිද වැටුණු අතර නව ලෝකය 1492 දී සොයා ගන්නා ලදි. පුනරුදයත් සමග ප්‍රොතෙස්තන්ත්‍ර ක්‍රමය ඇතිවුයේ ජර්මන් ජාතික මාටින් ලුතර්ගේ ආගමනයත් සමගයි. වසර 30 ක යුද්ධය, වෙස්ට්ෆැලියාවේ ගිවිසුම හා ග්ලෝරියස් විප්ලවය තුළින් නව යුගයක එළිදැල්විණ.

කාර්මික විප්ලවයත් සමඟ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය බෙදිණි. ඇමෙරිකාවේ ඇතිවූ යටත් විජිත විප්ලවයත් සමග දේශපාලන වෙනස්කම් රැසක් යුරෝපයේ සිදුවිණි. මිනිසුන් නිදහස වෙනුවෙන් පෙළගැසුණි. ප්‍රංශ නායක නැපෝලියන් බොනපාට් විසින් යටත් කර ගන්නා ලද යුරෝපා මහද්වීපයේ සමාජ සැකිල්ල සම්පූර්ණ වෙනස් කම් වලට බඳුන් කරන ලදි.ඔහු විසින් කුඩා දේපළ හිමියන්ටද ඡන්ද අයිතිය දෙන ලදි.

ඒබ්‍රහම් ඕටිලියස් විසින් පෙන්වා දුන් යුරෝපය 1595[සංස්කරණය]

යුරෝපා ඉතිහාසයට අයිති කාලවකවානුව වනුයේ යුරෝපපා මහද්වීපය තුළ මිනිස් වාසය ඇතිවීමේ සිට අද දක්වා ය. හො‍යෝසේපියන්වරැ පිළිබද හමුවන්නේ ක්‍රි.පූ. 35,000 දීය මේ පිළිබදව හෝමරගේ ඉලියඩ් හි සදහන් වේ. රොමානු රිපබ්ලගික් රාජ්‍ය බිහිවනුයේ ක්‍රි.පූ. 509 දීය. ක්‍රිස්තියානි ආගම එහි ආගමනය වුයේ 4 වන වන ශතවර්ෂයේ දීය. ජස්ටීයන් I (527 – 565) නම් අධිරාජ්‍යා විසින් ආගම ඉතා ක්‍රමානුකූලව අධිරාජ්‍ය පුරා ප්‍රචලිත කරන ලදි. මෙහිදී ප්‍රධානතම පංචවිධ නගර වුයයේ රෝමය, කොන්ස්තන්තිනෝපය ඇන්ටියෝක්, ජෙරැසෙලව හා ඇලෙක්සැන්ඩ්‍රියාවයි. වසංගත හමුවේ අධිරාජ්‍ය නැගෙනහිරට හා බටහිරට ගෙන යන ලදි. අදුරැ යුගය තුල බටහිර යුරෝපය හිස්විය. නැගෙනහිර යුරෝපයේ ප්‍රධානතම අධිරාජ්‍ය වුයේ බයිසැන්ටීන්ය.

රදල සමාජ ක්‍රමය බිදවැටුණි. කොස්තන්ති‍නෝපලය 1453 දි බිද වැටුණු අතර නව ලෝකය 1492 දී සොයා ගන්නා ලදි. ප්‍රොතෙස්තන්ත්‍ර ක්‍රමය පුනරැදයත් සමඟ ඇතිවුයේ ජර්මන් ජාතික මාටින් ලුතරගේ ආගමනයත් සමගය. වසර 30 ක යුද්ධය, වෙස්ට්ෆැලියාවේ ගිවිසුම හා ග්ලෝරියස් විප්ලවය තුලින් නව යුගයක එළිදැල්විණ.

කාර්මික විප්ලවයත් සමඟ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය බෙදිණි. ඇමෙරිකාවේ තිබු ඔවුන්ගේ යටත් විජිත විප්ලවයත් සමග දේශපාලන වෙනස්කම් රැසක් යුරෝපයේ සිදුවිණි. මිනිසුන් නිදහස වෙනුවෙන් පෙළගැසුණි. ප්‍රංශ නායක නැපෝලියන් බොනපාට් විසින් යටත් කර ගත් යුරෝපා මහද්වීපයේ සමාජ සැකිල්ල සම්පූර්ණ වෙනස් කම් වලට බදුන් කරන ලදි. කුඩා දේපළ හිමියන්ට ඡන්ද අයිතිය දෙන ලදි.

අඳුරු යුගය[සංස්කරණය]

වසර 312 දී කොන්ස්තන්නීන් රෝමය යටත් කර ගැනීමෙන් පසුව, 313 දී ඔහු මිලාන් ආඥාව නිකුත් කළේය. එමගින් ඔහු ක‍්‍රිස්තියානි ආගම රෝමය තුළ ස්ථාපනය කළේය. කොන්ස්තන්තීන් රෝමයේ සිට ග‍්‍රීක බයිසැන්ටියම් නගරය වෙත ගමන් කොට එය ‘කොන්ස්තන්තිනෝපලය’ යනුවෙන් නම් කළේය. 395 දී රෝමයේ රාජ්‍ය ආගම ක‍්‍රිස්තියානිය බවට පත් කළ තියඩෝසියස් වනාහී එක්සත් රෝමය පාලනය කළ අන්තිමයා විය. ඉන්පසුව රෝම අධිරාජ්‍යය කොටස් 2කට වෙන් විය. එනම්, ‘රවෙන්නා’ කේන්ද්‍ර කරගත් නැගෙනහිර රෝම අධිරාජ්‍යයයි. (මෙය පසුකාලීනව බයිසැන්ටියන් අධිරාජ්‍යය ලෙස ද හැඳින්වුණි.* බටහිර රෝම අධිරාජ්‍යය නිරන්තරයෙන්ම ජර්මානු ගෝත‍්‍රික කොල්ලකරුවන්ගේ ප‍්‍රහාරයනට ලක් වූ අතර, වසර 476දී ‘ඔඩිසර්’ ට යටත් විය. පසුව බටහිර ප‍්‍රදේශය තුළ රෝම බලය බිඳ වැටී එහි ජර්මානු රාජ්‍ය බිහිවිය. එහෙත් රෝමානු කතෝලික පල්ලියේ මඟ පෙන්වීම සහිත රෝම නගරය තවදුරටත් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය ලෙස පැවති අතර, බටහිර යුරෝපය තුළ සම්භාව්‍යය රෝම චින්තනය ව්‍යාප්ත කරවීමට බලපෑවේය. ඒ අතරතුර, කොන්ස්තන්තිනෝපල්හි රෝම අධිරාජ්‍යයා වූ ජස්ටීනියන් රෝම සිවිල් නීතිය සංග‍්‍රහ ගත කළේය. (529 -534*, 6 වන සියවස පුරා නැගෙනහිර රෝම අධිරාජ්‍යය ගැටුම්වලින් ගහණව පැවතුණි. මුලින්ම පර්සියානු සැසනිඞ් අධිරාජ්‍යයා තුළ ද, ඉන්පසුව නැඟී ආ මුස්ලිම් පරපුරක (උමායද් පරපුර* ආක‍්‍රමණයන් මගින් ද ගැටුම් ඇතිවිය. වසර 650දී ඊජිප්තුව, පලස්තීන හා සිරියා ප‍්‍රදේශ මුස්ලිම්වරුන්ට යටත් විය. බටහිර යුරෝපයට තුළ ඒ අතරතුර දේශපාලන ව්‍යුහයක් පැන නැෙඟමින් පැවතුනි. රෝම බිඳ වැටීමේ මුල් අවධිය තුළ ඇති වූ බල රහිත බව තුළ, සමාන්‍ය ජනතාව හා ඔවුන් වැඩ කල ඉඩම්වල අයිතිය මත පදනම් වූ අභ්‍යන්තරික බල ධූරාවලියක් බිහි විය. ඔවුන් සිය ඉඩම් හිමියාට බදු ගෙවූ අතර, ඉඩම් හිමියා ප‍්‍රාදේශීය කුමාරවරුන් කෙරෙහි වගකිව යුතුවිය. මෙම බදු මුදල් රජයේ සහ යුද්ධවල වියදම් සඳහා යොදවන ලදී. මෙම වැඩවසම් ක‍්‍රමය තුළ නව කුමාරවරු හා රජුන් බිහි වූ අතර, ‘චාලිමේන්’ රජු ඉන් සුවිශේෂී වේ. වර්ෂ 800 දී ඔහු සිය යටත් විජිත සියල්ල නැවත අත්පත් කර ගනිමින් තුන්වන ලියෝ පාප්තුමා වෙතින් රෝමයේ අධිරාජ්‍යය ලෙස කිරුළු පැළැඳී ය. ඔහු බටහිර අධිරාජ්‍යය පුරා සිය බලය තහවුරු කර ගත්තේය. චාලිමේන් රජුගේ රාජධානිය, බටහිර රෝමය තුළ නව ජර්මානු - රෝම අධිරාජ්‍යයක්, එනම් ශුද්ධ වූ රෝමානු අධිරාජ්‍යයේ ඇරඹුම විය. ඔහුගේ බල සීමාවන්ගෙන් පිටත නව බලමුළු ඒකරාශී විය. නිදසුනක් ලෙස, ‘කිවන් රස’වරුන් තම සීමා ළකුණු කරමින් ද, මහා මොරාවියා රාජ්‍යය වර්ධනය වෙමින් ද, ඒන්ජල්වරුන් හා සැක්සන්වරු තම දේශසීමා තර කර ගනිමින් ද සිටියහ.

අති වැඩවසම් ක්‍රමය[සංස්කරණය]

1097 දී ශුද්ධ වූ භූමිය තුළ පළමු කුරුස යුද්ධය ආරම්භ විය. අඳුරු යුගයේ යටපත්ව තිබූ දෑ, පල්ලියේ නව ඛේදවාචකය හමුවේ යළි නැගී ආවේය. 1054 දී රෝමයේ හා කොන්ස්තන්නිනෝලයේ ක‍්‍රිස්තියානි නිකායන් දෙක අතර භේද ඇති විය.ව

පල්ලියේ බෙදීම්[සංස්කරණය]

1054 දී , X වන ලියෝ පාප්තුමා ඇන්ටියොක්, ජෙරුසලම් සහ ඇලෙක්සැන්ඩි‍්‍රයා යන නිකායන් තුනෙහි ආධිපත්‍යය ලබා ගැනීමත් සමග බටහිර හා නැගෙනහිර ක‍්‍රිස්තියානි පල්ලි අතර නිකාය භේදය ඇති විය. 18 වන සියවසේ මැද භාගයේ සිට බයිසැන්තියානු අධිරාජ්‍යයේ දේශ සීමා මුස්ලිම් ආක‍්‍රමණවලට හසු විය. ඇන්ටියොක් නැවත බයිසැන්තියානු අධිරාජ්‍යය තුළට යටත් වූ නමුත්, ඇමේ වූ ආසියානු හා අප‍්‍රිකානු ප‍්‍රදේශය රෝමය විසින් අත්පත් කර ගන්නා ලදී. නැගෙනහිර ඕතොඩොක්ස් පල්ලිය අද ප‍්‍රකාශ කරන්නේ සිව්වන ක‍්‍රිස්තියානි සභා ග‍්‍රන්ථ, රෝම හා කොන්ස්තන්තිනෝපල් බිෂොප්වරුන් සමාන බව ප‍්‍රකාශ කරන බවයි. තවදුරටත් ඔවුන් පවසන්නේ රෝම බිෂොප්වරයාට තම දියොකීසියෙන් පිටත කිසිදු බලයක් හිමි නොවන බවයි. මීට අමතරව, දේව මෙහෙය පවත්වන ආකාරය පිළිබඳ ව ද විවිධ බෙදීම් පවති. කතෝලික හා ඕතොඩොක්ස් පල්ලි ලතින් හා ග‍්‍රීක් විභේදනයන් අනුගමනය කරයි.

යුරෝපය තුළ බලය විසිරී යාමත් සමග තවත් විභේදනයන් ඇති විය. 1066 දී නෝමැන්ඩි හි රජු වන විලියම් එංගලන්තය ආක‍්‍රමණය කළේය. එය එංගලන්ත ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවක් විය. ස්කැන්ඬේනේවියානු බලපෑම අවම කරමින් නෝර්මන් පෙළපත් හඳුන්වා දීම නිසා එංගලන්තය යුරෝපා මහාද්වීපය සමග වඩාත් සමීප විය. එය යුරෝපය තුළ බලවත් රාජාණ්ඩු ක‍්‍රමයක් බිහි කරමින් අයහපත් පාලන ක‍්‍රමයක් සඳහා මඟ පෑදීය.

ආගමික යුද්ධ[සංස්කරණය]

ඇන්ටිඔච් බලකොටුව වටලෑම,කෘසේඩ් සමයේ මධ්‍යකාලීන ක්ෂුද්‍ර රූප සිතුවම්

නැගෙනහිර, බටහිර ආගමික බෙදීමත් සමග මධ්‍යම යුරෝපය තුළ අලූතින් බිහි වූ රාජ්‍ය බටහිර ක‍්‍රිස්තියානිය සිය ආගම බවට පත් කර ගත්හ. එනම්, පෝලන්තය, හංගේරියාව සහ බොහිමියාවයි. රෝමානු කතෝලික පල්ලිය පාප්තුමා සහ අධිරාජ්‍යයා අතර ගැටුම්වලට මඟ පාදමින් විශාල බලවේගයක් බවට පත්වන්නට විය. ක‍්‍රි: ව: 1129 දී රෝමානු කතෝලික පල්ලිය බටහිර යුරෝපානුවන් සෝදිසි කරන්නට විය. එහිදි මිථ්‍යා දෘෂ්ටිකයන්ට දඬුවම් දෙන ලදී. එසේ නොමැති නම් මරණයට පත් කරන ලදී. මේ කාලය තුළ බොහෝ සාමිවරු පල්ලිය පාලනය කළහ. පූජකවරු ඊට එරෙහි වූහ. ¼,, වන ග්‍රෙගරි පාප්තුමා පූජකවරුන්ට ඉලක්ක දෙකක් යටතේ වැඩ කිරීමට සැලස්වීමෙන් එය සාර්ථක විය. එනම් රජවරුන්ගේ පාලනයෙන් පල්ලිය මුදවා ගැනීම සහ පාප්තුමාගේ බලය වැඩි කර ගැනීමයි. ස්කැන්ඞ්නේවියාව, ලිතුවේනියාව, පෝලන්තය, හංගේරියාව යන රටවල මිථ්‍යා දෘෂ්ටික රජවරු ආගම වැළඳ ගැනීමත් සමග සහ කුරුස යුද්ධයත් සමග රෝමානු කතෝලික පල්ලියේ බලය අතිශයින් විශාල විය. 15 වන සියවස වන විට යුරෝපයේ වැඩි ප‍්‍රමාණයක් රෝමානු කතෝලිකයන් විය.

ඉතාලිය තුළ වෙළඳාම ආරම්භ වී, වැනිසිය හා ෆ්ලොරන්ස් වැනි නගර රාජ්‍ය තුළ ආර්ථික හා සංස්කෘතික පිබිදීමත් සමග බටහිර යුරෝපය තුළ ශිෂ්ටාචාරයේ යළි නැඟී සිටීමක ළකුණු පහළ විය. මේ කාලය තුළ ප‍්‍රංශය, එංගලන්තය, ස්පාඤඤය හා පෘතුගීසිය වැනි රටවල ජාතික රාජ්‍ය සංකල්පය බිහි විය. (එහෙත් රාජාණ්ඩුව. ප‍්‍රභූ වැඩවසම් ක‍්‍රමය හා පල්ලිය අතර ගැටුම් හරහා මෙම ජාතික රාජ්‍ය බිහිවීම සඳහා ශතවර්ෂ ගණනාවක් ගත විය.* සම්ප‍්‍රදායික ලතින් බව වෙනුවට මෙම රාජ්‍ය ස්ව භාෂාවන් වර්ධනය කර ගත්හ. මෙහි කැපී පෙනෙන චරිත නම්, ප‍්‍රංශ බසින් ලියූ ක‍්‍රිස්ටීන් ඩි පිසාන් සහ ඉතාලි බසින් ලියූ ඩාන්ටේ ය. අනෙක් අතට, ජර්මනිය හා ඉතාලිය එක්ව සෑදුණු ශුද්ධ වූ රෝම අධිරාජ්‍යය කුඩා නගර රාජ්‍යයන් බවට කැඞී ගිය අතර, අධිරාජ්‍යයින් නාම මාත‍්‍රිකව පමණක් නම් කළහ.

මොන්ගෝලියානු අධිරාජ්‍යය බලයට පත් වූ 13 වන හා 14 වන සියවස් මොන්ගෝලියානු යුගය ලෙෂ හැඳින්වේ. මොන්ගෝලියානු හමුදා ‘බටු කාන්’ යටතේ බටහිර ප‍්‍රදේශවල බලය පැතිර වූහ. ඊට රුසියාවෙන් වැඩි ප‍්‍රමාණයක්, හංගේරියාව හා පෝලන්තය අයත් විය. මොන්ගෝලියානු වාර්තා සඳහන් කරන්නේ ඉතිරිව තිබූ යුරෝපීය ප‍්‍රදේශ, එනම් ඔස්ටි‍්‍රයාව, ඉතාලිය සහ ජර්මනිය ශීත සෘතුව තුළ යටත් කර ගැනීමට බටු කාන් සැලසුම් කළ බවයි. එහෙත්, ‘කාන් එගෙඩි’ අධිරාජ්‍යයාගේ මරණයත් සමග බටු කාන් නැවත මොන්ගෝලියාවට කැඳවන ලදී. බොහෝ ඉතිහාසඥයින්ගේ අදහස වන්නේ එම හේතුව නිසා යුරෝපය සම්පූර්ණයෙන් යටත්වීම වැළකි ගිය බවයි. රුසියාව තුළ වසර 250කට ආසන්න කාලයක් ‘රන් වංශිකයින්’ ලෙස මොංගෝලියානුවෝ කිරුළු දැරූහ.

සටහන්[සංස්කරණය]

|European_history - Dark_Ages |}

"https://si.wikipedia.org/w/index.php?title=යුරෝපා_ඉතිහාසය&oldid=446861" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි