Jump to content

යැපුම් කෘෂිකර්මය - ශ්‍රී ලංකා

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 70%ක ප්‍රතිශතයක් ග්‍රාමීය වන අතර නූතන ග්‍රාමිය අංශයේ ආර්ථික වැඩ කටයුතු අතරින් වැඩි බිම් සංඛ්‍යා ප්‍රතිශතයක් යෙදවී ඇත්තේ ද, සාපේක‍්ෂ වශයෙන් වැඩි ජන සංඛ්‍යා ප්‍රතිශතයක් නියැලී සිටින්නේ ද කෘෂිකාර්මික අංශයේ ය. ග්‍රාමීය ආර්ථිකයේ වැදගත් තැනක් හිමි වන්නේ යැපුම් කෘෂිකාර්මික අංශයටයි. යැපුම් කෘෂිකාර්මික කටයුතු අතර වී ගොවිතැනට ප්‍රධාන ස්ථානයක් හිමිවන අතර ඊට අමතරව අතිරේක බෝග වගාව ප්‍රධාතැනක් උසුලයි. යැපුම් කෘෂිකර්මාන්තයේ දී වාරිමාර්ග මගින් ජලය සම්පාදනය කරන ප්‍රදේශවල වගා කරන ප්‍රධාන බෝගය වී වන අතර එසේ නොවන ප්‍රදේශවල අතිරේක බෝග වෙත යොමුවීම වැඩි වශයෙන් දැකගත හැක. වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ යැපුම් කෘෂිකර්මාන්තය තම ජීවිකාව වශයෙන් කරගෙන යන ගොවීන්ට විවිධ ගැටළුවලට මුහුණ පෑමට සිදු වී තිබේ. මේ සඳහා රජය මැදිහත් වී විවිධ විසඳුම් ගෙන ඒමට උත්සාහ කර ඇති ආකාරය ද දැක ගත හැකි වේ.

යැපුම් කෘෂිකර්මාන්තය යනු

වාර්ෂික වර්ෂාපතනය සෙ.මී. 50.8ට වඩා අඩු ප්‍රදේශවල ඇති සුළු ජල ප්‍රමාණය කාර්‍යක‍්ෂම ලෙස ප්‍රයෝජනයට ගනිමින් එදිනෙදා ජීවිතයේ ජීවත්වීම උදෙසා බෝග වගා කිරීමක් වශයෙන් හැඳින්විය හැක.


යැපුම් කෘෂිකර්මාන්තයේ ලක‍ෂණ ප්‍රධාන වශයෙන් අහස් දියෙන් කෘෂි කටයුතු කරන අතර මේ සඳහා වැඩි මුදලක් වැය කිරීමක් දක්නට නොලැබේ. මෙම ඉඩම් කුඩා ඒකකවලින් යුක්ත ය. යැපුමි කෘෂීකර්මාන්තයේ ප්‍රධාන බෝගය වන්නේ වී ගොවිතැන ය. අනෙකුත් බෝග වන්නේ ධාන්‍ය වර්ග, අල වර්ග, පළතුරු වර්ග, එළවළු වර්ග ආදිය යි. මෙම බෝග වගා කිරීමේදී එක භූමි ඒකකයක විවිධ බෝග වර්ග සංඛ්‍යාවක් වගා කිරීම බොහෝවිට දක්නට ලැබේ.

යැපුම් කෘෂිකර්මාන්තය ප්‍රධාන කොටස් දෙකකි.

  1. වී ගොවිතැන
  2. අනෙකුත් බෝග (අතිරේක බෝග)

වී ගොවිතැන

[සංස්කරණය]

ධරසිි් ි්ඒසඩ් යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් වී ශාකය හඳුන්වනු ලැබේ. කෘෂි බෝග අතර ප්‍රධාන ස්ථානයක් වී වගාවට හිමි වේ. භූමි පරිභෝජනය සහ ආහාර වර්ගයක් වශයෙන් ඇති වැදගත්කම අනුව ශ්‍රී ලංකාවේ ප්‍රධානම බෝගය වන්නේ ද මෙය යි. වර්තමාන ඒක පුද්ගල සහල් පරිභෝජනය කි.ග්‍රෑ.101ක් වන අතර ශ්‍රී ලංකාවේ මුළු ජන සංඛ්‍යාවට මුළු නිෂ්පාදනය ප්‍රමාණවත් නොවන බැවින් මුළු සහල් අවශ්‍යතාවෙන් 10%ක ප්‍රමාණයක් ආනයනය කිරීමට ද සිදු වේ.

තාක‍ෂණ්‍ය අතින් ලෝකයේ රටවල් කොතෙක් දියුණු වුවත් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් පසුවනුයේ තම රටට අවශ්‍ය ආහාර ප්‍රමාණයවත් නිෂ්පාදනය කරගත නොහැකි මට්ටමක ය. ශී ලාංකිකයින් වන අපගේ ප්‍රධාන ආහාරය බත් වුව ද අපරටට අවශ්‍ය වන සහල් ප්‍රමාණය නිෂ්පාදනය කර ගැනීමට තවමත් නොහැකි වී ඇත. වරින් වර බලයට පත්වන රජයන් විසින් කොතෙකුත් කෘෂිකාර්මික ප්‍රතිපත්ති හඳුන්වා දුන්නත් ඒවායේ අපේක‍ෂිත ප්‍රතිඵල මේ වනතෙක් ලැබී නැත. ඒ නිසාම රටේ ජාතික ආදායමෙන් විශාල ප්‍රතිශතයක් වාර්ෂිකව සහල් ආනයනය කිරීමට වැය කරයි. මෙසේ වර්ෂයක් පාසා අපට සහල් නිෂ්පාදන ඉලක්ක කරා ළඟා වීමට නොහැකි වී ඇත්තේ වී වගාව සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලූ නිසා ය.

වී ගොවිතැනේ පවතින ගැටලූ

[සංස්කරණය]

පෙරදිග ධාන්‍යාගාරය ලෙස විරුදාවලිය ලත් ශ්‍රී ලංකාව අද ගොවිතැනට සමු දෙන්නට තරම් තත්ත්වයට පත්ව තිබේ. අනාගතයේදී මෙම තත්ත්වය තවත් උග්‍ර විය හැකි ය. ජාත්‍යන්තර සහ සාක් රටවල නිදහස් වෙළඳාම නිසා අපේ ප්‍රධාන ආහාරය වන සහල් සහ අනෙකුත් ආහාර ද්‍රව්‍ය අඩු මිළට මෙරටට ගලා ඒම අනිවාර්යයෙන්ම සිදු වේ. ' ජල ප්‍රශ්නය'

ඉතාමත් වැදගත් සාධකය වන්නේ ජලය යි. පැළෑටි සඳහා ජලය කීපාකාරයකට වැදගත් වේ. බීජ රෝපණය, පැළෑටි වැඩීම, අස්වනු නෙලන තෙක් පැළෑටි ක්‍රියාකාරීලෙස ජීවත්වීම ආදියට ජලය අත්‍යවශ්‍යම සාධකයක් වේ. නියමිත ආකාරයට ජලය නොලැබී යාම ගැටලූවකි. වර්ෂා ජල පෝෂිත ඉඩම්වල වර්ෂාව අඩු වන විට විවිධ ගැටලූ පැන නගී. වාරිමාර්ග ජලය ලබා ගෙන වගා කරන වී ගොවිතැනේදී ද වර්ෂාව නොමැති වීමෙන් ගැටලූ පැන නගී. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ අස්වනු අඩු වී ආදායම අඩු වීම යි.

අධික නියගය

ස්ථීර ජල පදනමක් නොමැති වීමෙන් වී වගාව විනාශවීම මෙහිදී සිදු වේ. ප්‍රමාණාත්මක වශයෙන් අවශ්‍ය තරම් වර්ෂාපතනයක් නොලැබීමේ ප්‍රතිඵලයක් ලෙස අධික වාෂ්පීකරණය නිසා වියලි සුළඟත් ප්‍රදේශයේ භෞතික පිහිටීමත් පදනම් කොටගෙන ප්‍රදේශයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහල මට්ටමක පැවතීමෙන් අධික වියලි දේශගුනික තත්වයක් ඇති වේ. මෙය බීජ රෝපණයට, පැළෑටි වර්ධනයට, ආයුෂ අඩු වීමට, අස්වැන්න අඩු වීමට බලපායි.

අධික වියදමක් දැරීමට සිදුවීම

අධික වියදමක් දැරීමට සිදුවීම ප්‍රධාන ගැටලූවකි. රසායනික ද්‍රව්‍ය භාවිතයට, පොහොර භාවිතයට, යන්ත්‍ර සූත්‍ර භාවිතයට හා ශ්‍රමයට අධික වියදමක් දැරීමට සිදු වේ. නමුත් ඔවුන්ට ලැඛෙන ආදායම අඩු ය. නියමිත පරිදී නවීන තාක‍ෂණය භාවිත කළත් ඇතැම් අවස්ථාවල අසාර්ථක ප්‍රථීඵල ලැබී තිබේ. එක් කන්නයක් සඳහා ලබා ගන්නා ණය මුදල් ගෙවීමට ගොවීන්ට ආදායම ප්‍රමාණවත් නොවේ. බොහෝ අවස්ථාවලදී පෞද්ගලික ආයතනවලින් ණය ලබා ගැනීමට පෙළඹීමෙන් ඒවා ගෙවීමට සම්පූර්ණ අස්වැන්න ඔවුන්ට ලබාදීම නිසා ගොවීන් ණය චක්‍රයට හසුව තිබේ. මේ ණය ගෙවා ගැනීමට අපහසු අවස්ථාවලදී ගොවීන් දිවිනසා ගැනීමට ද පෙළඹෙන අවස්ථා ඇත. 2003 වසර වනවිට වී අක්කරයක් වගා කිරීමේ නිෂ්පාදන මිළ රුපියල් 21,000.00 පමණ දක්වා වැඩි වී ඇත. මෙයින් ආසන්න ලෙස 47% කම්කරු වියදම ද, 34% යෙදවුම් සඳහා ද, 19% බලය (ට්‍රැක්ටර් හා යන්ත්‍ර සූත්‍ර ගාස්තු) සඳහා ද යෙදවී ඇත. (ගොවිකම් සඟරාව- 42 කාණ්ඩය)

ප්‍රවාහන අපහසුතා

නිෂ්පාදන අලෙවියේදී ප්‍රවාහන අපහසුතා පැන නැගීම ද ප්‍රධාන ගැටලූවක් වී ඇත. වෙළඳ පොළට තම නිෂ්පාදන රැගෙන යාම බොහෝවිට සිදු වන්නේ ට්‍රැක්ටර් සහ අත් ට්‍රැක්ටර් මගිනි. ඉඳහිට ලොරි රථ යොදා ගන්නා අවස්ථා ඇත. මේ සඳහා විශාල මුදලක් අය කරනු ලබයි. වෙළඳ පොළ නිෂ්පාදන භූමියේ සිට ඉතා ඈතින් පිහිටියේනම් ඉතා විශාල මුදලක් දීමට සිදු වේ. තව ද ග්‍රාමීය මාර්ග බොහෝමයක් අබලන් තත්ත්වයේ පැවතීම ද මෙම තත්ත්වයට හේතු වී ඇත.

බෝග විනාශය

සතුන්ගෙන්, කෘමීන්ගෙන් හා රෝගවලින් වන විනාශය වැදගත් වේ. අධික නියගය, අධික වර්ෂාව, තද සුළං ආදිය නිසා ද සැලකිය යුතු ප්‍රමාණයක බෝග විනාශයක් සිදු වේ.

ආයතනික ගැටලූ

කෘෂිකාර්මිකකටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍යාත්මක භාණ්ඩ ලබා ගැනීමට නොහැකිකම (බීජ, ගොවි උපකරණ, පොහොර, කෘමිනාශක). කෘෂි උපදෙස් ලබා ගැනීමට ප්‍රමාණවත් නිළධාරීන් නොමැතිවීම හා කෘෂිකර්ම ආයතනවල ව්‍යාප්තියේ පවතින දුර්වලතා, ගොවීන් හා නිලධාරීන් අතර කිට්ටු සම්බන්ධතාවක් නොමැතිකම, ගොවීන්ට ඛෙදා හැරීමට ලබා දෙන සහනාධාර ආදියේ සිදුවන දූෂණ හා වංචා ආදිය ද අයතනික ගැටලූ ලෙස දැක්විය හැක.

සමාජයීය හා සංස්කෘතික බාධක

යල් පැනගිය අදහස්වල එල්බගෙන සිටීම කෘෂිකර්මාන්තය දියුණු කිරීමට බාධාවකි.

ආර්ථීක සාධක

ප්‍රාග්ධන හිඟකම, ආදායම හා ඉතිරි කිරීම පහත් මට්ටමක පැවතීම, ආදායම් ලැබීමට වෙනත් විකල්ප නොමැතිවීම, ගොවි උපකරණ ලබා ගැනීමට හා අවශ්‍ය ශ්‍රමය ලබා ගැනීමට විශාල මුදලක් වැයවීම ශ්‍රමය ලබා ගැනීමේ අපහසුතා වී ගොවිතැනේ දී අහස් දියෙන් වගා කළත් වාරිමාර්ග ජලයෙන් වගා කළත් කන්න තුළ එක වර වගා කිරීම සිදු කරනු ලබයි. වාරි ජලය මුර ක්‍රමයට ලබා දීමත්, වර්ෂාව සීමාසහිත වීමත් නිසා, ගොවීන් සියලූ දෙනාම මෙම කාලය තුළ තම පෞද්ගලික කෘෂිකාර්මික කටයුතුවල නිරත වී සිටියි. එබැවින් ශ්‍රමය විකිණීම අපහසු ය.

කුඹුරු ඉඩම් සම්බන්ධයෙන් පවතින ගැටලූ

ඉඩම් සාරවත් නොවීම හා සාරවත් කර ගැනීමට අවශ්‍ය දැනුම නොමැතිකම, ඉඩම් කැබලිවීම, ඉඩම්වල අයිතිය පිළිබඳව පවතින ගැටලූ (ඔප්පු හො බලපත්‍ර නොමැතිවීම), ඉඩම් ආරවුල් යන හේතු ද පවතින ගැටලූ වේ.

වී සහ සහල් වල ගුණාත්මය අඩු වීම

ලංකාවේ නිෂ්පාදනය කරන සහල් වලින් 80% ක් ගුණාත්මක බවින් අඩු ය. පාරිභෝගිකයාට උසස් ගුණාත්මයේසහල් ලබා ගත හැකි පරිදී අන්තර්ජාතික පිරිවිතරයන්ට ගැලපෙන ආකාරයට ශ්‍රී ලංකා ප්‍රමිති ආයනය මගින් වී සහ සහල් වලට ගුණාත්මක ප්‍රමිතියක් ඉදිරිපත් කර තිබේ. මෙය කාණ්ඩ 4කට බලන අතර තෙතමන ප්‍රතිශතය, අපද්‍රව්‍ය ප්‍රතිශතය, වෙනත් වර්ග වල වී/සහල් ප්‍රතිශතය, නොමේරු බීජ/හානි වූ ඇට ප්‍රතිශතය, කැඩුණු සහල් ප්‍රතිශතය, වී ඇට ප්‍රමාණය සලකා බලයි. වී සහ සහල් වල ගුණාත්මය දියුණු කිරීම අප ඉදිරියේ ඇති අභියෝගයකි.

පොහොර හා කෘමිනාශක භාවිත කිරීමේ ගැටලූ

ගොවීන් පොහොර, කෘමිනාශක හා වල්නාශක භාවිතා කිරීමේ දී නියමිත මාත්‍රාව අනුගමනය නොකිරීම, කෘෂි ව්‍යාප්ත නිළධාරීන් සිටියත් කෘෂී උපදෙස් ලබා නොගැනීම හා කෘමිනාශක අලෙවිසලේ උපදෙස් පිළිපැදීම.

ගැටලූ අවම කිරීමට ගතහැකි පිළියම්

[සංස්කරණය]

ප්‍රදේශයේ දේශගුණය හා පසට ගැලපෙන වී ප්‍ර‍‍භේද හඳුන්වාදීම. බිත්තර වී නිෂ්පාදන වැඩසටහන ක්‍රියාත්මක කර බීජ වා්‍යාප්ත කිරීම. නිර්දේශිත වී ප්‍රභේදයකින් බිත්තර වී වල පිරිසිදු බව සහ ගුණාත්මක තත්ත්වය එලෙසින්ම ආරක‍ෂාවෙන පරිදී ගොවීන්ගේ අතට පත් කිරීම.

ජල සම්පාදනය කිරීම

වර්ෂා ජලයෙන් පමණක් ගොවිතැන් කරන ප්‍රදේශවල වාරිමාර්ග ක්‍රම ආරම්භ කිරීම. කුඩා වැව් සෑදීම හා අත්හැර දැමූ වැව් පිළිසකර කිරීම,

ආයතනික පහසුකම් ලබා දීම

සේවා අංශයේ ආයතනික පහසුකම් දියුණු කළ යුතු ය. ගොවීන්ට අවශ්‍ය උපදෙස් අවශ්‍ය ආකාරයට අවශ්‍ය මොහොතේ ලබා දීම සිදු කළ යුතු ය. කෘෂිකාර්මික කටයුතු සම්බන්ධයෙන් ගොවීන්ට අවබෝධය ලබා දී නවීන විද්‍යාත්මක ක්‍රම මගින් භූමිය භාවිත කරගැනීමේ ක්‍රම, බෝග තේරීමේ ක්‍රම, උපකරණ, පොහොර, කෘමිනාශක ආදිය නියමිත ආකාරයට භාවිතා කිරීම පිළිබඳව ගොවීන් පුහුණු කළ යුතු ය.

ඉඩම් ප්‍රශ්න විසඳීම

බලපත්‍ර නොමැති ඉඩම්වලට ඔප්පු සහ බලපත්‍ර ලබාදීමෙන් අයිතිය තහවුරු කිරීම. මෙමගින් ගොවීන් උනන්දුවෙන් ඵලදායී ආකාරයෙන් තම කෘෂී කටයුතුවලට දායකත්වය ලබා දෙයි.මෙය අස්වැන්න වැඩි කරගැනීමට හේතුවන සාධකයකි.

කෘෂි නිෂ්පාදන අලෙවි කිරීමේ පහසුකම් සැලසීම

ආර්ථීකමය ගැටලූවක් වශයෙන් කෘෂි නිෂ්පාදන අලෙවි කිරීම සඳහා පවතින බාධාවන් මගහරවා ගත යුතු ය. ගොවීන්ට කෘෂි නිෂ්පාදන අලෙවි කිරීමට ස්ථීර වෙලඳ පොලක් ඇති කළ යුතු ය.

කෘෂිකර්මය සඳහා රජයේ මැදිහත්වීම පුළුල් කිරීම

කෘෂිකර්මය සඳහා රජයේ මැදිහත්වීම වඩාත් පුළුල් කිරීම හා අඛණ්ඩව පවත්වා ගැනීම මගින් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා රට තුළ වඩාත් සුබවාදී පරිසරයක් ඇතිවනු නිසැක ය. එසේ රාජ්‍ය මැදිහත්වීමකින් තොර කෘෂිකාර්මික දියුණුවක් කිසිදු රටකින් අපේක‍ෂා කල නොහැක.

ගොවි සංවිධාන, නිෂ්පාදන ගොවි සමිති පිහිටුවීම

ගොවීන්ට අවශ්‍ය පිළිගැනීම, ගොවිතැනට අවශ්‍ය බීජ. පොහොර, කෘෂී රසායනික ද්‍රව්‍ය ආදිය තොග වශයෙන් අඩු මිළට ලබා ගැනීම, ඒවා ප්‍රවාහනය කිරීම, කෘමි පළිබෝධ හානි ජය ගැනීම, අපහසුවකින් තොරව නිෂ්පාදන අලෙවි කර ගැනීම ගොවීන් හට ඇති පොදු අරමුණු කිහිපයකි. ඉහත පරමාර්ථ සපුරා ගැනීම සඳහා පොදු අරමුණක් ඇති ගොවි සමිති පිහිටුවීම ශක්තියකි. ගොවි යන්ට බාධා, ගැටලූ, අසාධාරණකම්වලට මුහුණ පෑමේදී තනිව මුහුණ දෙනවාට වඩා පිරිසක් හා එකතුව මුහුණ දීමේදී ඉක්මනට සහ සාර්ථකව විසඳුම් ලබාගත හැකි වේ. මෙහිදී ගොවි සංවිධාන හරහා තම ගැටලූ ඉදිරිපත් කළ හැකි ය.

කෘෂි රක‍ෂණ ක්‍රම ඇති කිරීම

ස්වභාවික බාධක, ප්‍රාග්ධන ගැටලූ, ණය සහ නිෂ්පාදන අලෙවි කරගැනීමේ ගැටලූ සහ බාධා ඇති බැවින් යැපුම් කෘෂිකාර්මික අංශයේ ස්ථීර ආදායම් මට්ටමක් කෙරෙහි විශ්වාසයක් තැබිය නොහැක. මෙනිසා මොවුන්ට ආරක‍ෂණයක් අවශ්‍ය ය. මෙනිසා කෘෂි රක‍ෂණ ඇති කිරීම කළ යුතු ය.

වී සහ සහල් වල ගුණාත්මය දියුණු කිරීම

රසායනික පොහොර භාවිතයට පමණක් නොව කාබනික පොහොර භාවිතයට ගොවියා යොමු කිරීම.

ආයතන අතර සම්බන්ධතාවක් ඇති කිරීම හෝ ඒවා අතර කාර්‍යක‍ෂමතාව වැඩි කිරීම. වී අස්වනු සඳහා ලබා දී තිඛෙන සහතික මිළ ක්‍රමය ක්‍රියාත්මක කිරීම. වී වගාව සම්බන්ධ නීතිමය පසුබිම ක්‍රීයාත්මක කිරීම.(ඉඩම් ගොඩ කිරීම, වී වගා ඉඩම්වල වෙනත් බෝග වගා කිරීම ආදියේදී එය වැලැක්වීම) වී වගාව සම්බන්ධ ආකල්පය වෙනස් කිරීම.


අතිරේක බෝග

[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ ආර්ථීකය අතීතයේ සිටම කෘෂිකර්මය පදනම් කොටගත් ආර්ථීකයක් වන අතර ශත වර්ෂ ගණනාවකටම පෙර සිටම විශිෂ්ට තාක‍ෂණයෙන් නිර්මාණය වූ වාරි පද්ධතියකට ද උරුමකම් හිමි ය. ශත වර්ෂ ගණනාවක් තුළ සම්ප්‍රදායික දැනුම් සම්භාරයකින් යුක්ත වී වගාව මෙහි ප්‍රධාන වන අතර යැපුමි කෘෂිකර්මාන්තයේ අනෙක් වැදගත් අංශය වන්නේ අතිරේක බෝග වගාව යි. ශ්‍රී ලංකාව තුළ වගා කරන ප්‍රධානම අතිරේක ආහාර බෝග ලෙස රතු ළූණූ,


ලොකු ළූණු, මුං, සෝයා බෝංචි, බඩ ඉරිඟ, උඳු, රටකජු, තල, කුරක්කන්, මිරිස් හා පළතුරු හඳුනාගත හැක. වර්තමානය වන විට ආහාර බෝග සඳහා පවත්නා ඉල්ලූම දිනෙන් දින ඉහළ යයි. ඒ අනුව ජාතික අවශ්‍යතාවයෙන් විශාල ප්‍රමාණයක් ආනයනය කිරීමට සිදු වේ.


අතිරේක ආහාර බෝග ආනයනය - 2008 බෝගය ආනයනික ප්‍රමාණය (මෙ.ටො) බඩ ඉරිඟු 85606 ලොකු ළූණු 147150 වියලි මිරිස් 35169 මුං ඇට 13523 උඳු 7597 රටකජු 2680 අර්තාපල් 103754 රතු ළූණු 266114 රතු පරිප්පු 67241

මූලය - ශ්‍රී ලංකා රේගුව

බඩ ඉරිඟු අතිරේක ආහාර බෝග කාණ්ඩය තුළ මෑතකදී ඉහළ ප්‍රවණතාවක් පවතින බෝගයක් ලෙස බඩ ඉරිඟු හැඳින්විය හැක. බඩ ඉරිඟු වියලි කලාපයේ කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ගොවිතැන් කටයුතු කරන ගොවියා මහා පරිමාණයෙන් වගා කරන ප්‍රධානතම ආර්ථීක බෝගය ලෙස හඳුන්වා දිය හැකි ය. මහ කන්නයේ බඩ ඉරිඟු නිෂ්පාදනයේ 80%ක් පමණ වැසි ජලය මුල් කරගෙන වගා කෙරේ. 2007/2008 මහ කන්නය තුළ බඩ ඉරිඟු හෙක්ටයාර 52,000ක් සියලූම නිෂ්පාදන ප්‍රදේශවල වගා කරන ලදි. 2009 අපේක‍ෂිත නිෂ්පාදනය මෙ.ටො. 130,000ක් වේ. 2009 අපේක‍ෂා කළ බඩ ඉරිඟු වගා ඉලක්කය හෙක්ටයාර 57,000ක් වුවද එය හෙක්ටයාර 72,000 ඉක්මවා ඇත. මෙය බඩ ඉරිඟු අලෙවියේදි අලෙවි ගැටලූ ඇති වීමට හේතු විය.

රතු ළූණූ

වියලි කලාපයට හොඳින් අනුවර්තනය වී ඇති යල මහ කන්න දෙකෙහිම වර්ෂා ජලයෙන් වගා කරන ප්‍රධාන බෝගයකි. අතීතයේ යාපනය අර්ධද්වීපය තුළ වගා කෙරුණු මෙම බෝගය වර්තමානය වනවිට කල්පිටිය ප්‍රදේශය මූලික කොටගෙන වගා කටයුතු සිදුවේ.

1980 දශකයේ සිට වර්තමානය දක්වා රතු ළූණු වගා බිමිවල පැහැදිලි අඩ්වක් දක්නට ලැබුණු අතර එය හෙක්ටයාර 8500 සිට 5000 දක්වා පහළ ගෝස් ඇත. අස්ථායි වෙළඳ පොළක් සහිත රතු ළුෑණු වගාව උතුරු නැගෙනහිර ගොවීන්ට ඉහළ විභවයක් ඇති ආර්ථීක බෝගයක් නිසා රාජ්‍ය ප්‍රත්පත්ති ඒ සඳහා යොමුවීම අත්‍යවශ්‍ය ය.

මුං ඇට

මුං ඇට වියලි කලාපයේ බහුලව වගා කෙරෙන බෝගයකි. විශේෂයෙන්ම නියගයට ඔරෝත්තු දීමේ හැකියාව ඇති ජලය ඇද ගැනීමේ ස්වභාවයෙන් යුක්ත බෝගයක් වන මෙය හම්බන්තොට, මොණරාගල, කැරුණෑගල, අනුරාධපුර හා අම්පාර ප්‍රදේශවල බහුලව වගා කෙරේ. පසුගිය දශකයක පමණ කාලය ගත්විට මුං ඇට වගා බිම් ප්‍රමාණය පහළ යාමක් දක්නට ලැඛෙන අතර වගා බිම් ඉහල නැංවීමට දැවැන්ත ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව මතු වී ඇත. පසු ගිය දස වසර තුළ (1999-2008) මුං ඇට දේශිය අවශ්‍යතාවයෙන් 50%ක් පමණ ආනයනය කර අත. වර්තමානයේ දේශීය මුං ඇට වගා බිම් ප්‍රමාණය පහළ යාම සඳහා බලපා ඇති ප්‍රධාන හේතුව ආනයනය බව සඳහන් කළ යුතු ය.


වර්තමානයේ 90%ක් ඔස්ටේ්‍රලියාවෙන් ආනයනය කරන අතර එහි ප්‍රමිතිය ඉතා උසස් ය. නිෂ්පාදනය පහළ වැටීමට බලපෑ හේතු හඳුනාගෙන වගාවට මෙන්ම අලෙවියට ද පවතින ගැටලූ සඳහා විසඳුම් ලබා දීම කාලීන අවශ්‍යතාවයකි.


මිරිස් වගාව

පෝෂණ ගුණය සම්බන්ධයෙන් සුවිශේෂි වැදගත්කමක් හිමි නොවුන ද ආහාර සැකසීමේදි අත්‍යවශ්‍ය කුළු බඩුවක් වශයෙන් සුවිශෙෂී ස්ථානයක් හිමි කර ගෙන ඇත. මිරිස් වගාව සිදු කෙරන ප්‍රධානම නිෂ්පාදන ප්‍රදේශය වශයෙන් වියලි කලාපය හැඳින්විය හැකි වුව ද මෙම බෝගය ශ්‍රී ලංකාව පුරාම වගා කළ හැකි බෝගයක් වශයෙන් හැඳින්විය හැකි ය. 1994දී දියත් කළ කෘෂි කාර්මික ක‍්ෂේත්‍රයේ අත්තනෝමතික නිදහස් කිරීම හේතු කොට ගෙන මිරිස් ආනයනය සම්පූර්ණයෙන්ම නිදහස් කරන ලද අතර ඉන්දියාව ඇතුලූ විදෙස් රටවල බෝග පිරී යාමෙන් මිරිස් ඇතුලූ බොහොමයක් බෝගවල සිග්‍ර පසුබෑමක් ඇති විය. මේ හේතුවෙන් නිසි කලට නිසි මිලට අලෙවි කර ගැනීමේ අපහසුතාවය මත බොහෝ ගොවීන් මිරිස් වගාවෙන් ක්‍රම ක්‍රමයෙන් ඉවත් වී ඇත.


වගා කළ හැකි හැම බිම් අඟලක්ම වගා කිරීමේ පරමාර්ථය සහිතව 2000-2010 දේශිය නිෂ්පාදන දිරි ගැනිවීමේ ජාතික මෙහෙයුම "අපි වවමු රට නගමු” යන තේමාව යටතේ ක්‍රියාත්මක කිරීම මගින් මිරිස් වගාවට ද සුවිශේෂී තැනක් හිමිව ඇත. මේ යටතේ පුත්තලම, මොණරාගල, කුරුණෑගල, අම්පාර හා අනුරාධපුර දිස්ත්‍රික්කවල මිරිස් වගාව නැංවීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත. පළතුරු වගාව ඝර්ම කලාපීය රටක් වන ශ්‍රී ලංකාවේ ඝර්ම හා සෞම්‍ය කලාපයන්ට අයත් පළතුරු ප්‍රභෙAද 55ක් පමණ පහසුවෙන් වගා කළ හැක.ඉන් විශෙAෂ 12කට පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා ප්‍රමුඛත්වය දී තිබේ. එම පළතුරු වර්ග නම් කෙසෙල්, අන්නාසි, පැපොල්, වැල් දොඩම්, අඹ, පැණි දොඩම්, මැන්ඩරීන්, අලිගැට පේර, කොමඩු, දිවුල්, පේර, දෙලූම් හා පෙයාර්ස් ය. ශ්‍රී ලංකාවේ පළතුරු වගාව සුලභ ලෙස ගෙවතු ආශ්‍රීතව සිදු වන අතර (85-90%) 10%ක් පමණ ගොවිපලවල වගා කරයි. ලංකාවේ පළතුරු නිෂ්පාදනය දළ දේශීය නිෂ්පාදිතයට 1%කින් දායකත්වය සපයයි.

අතිරේක බෝග වගාවේදී බලපාන ගැටලූ

[සංස්කරණය]

ජල ප්‍රශ්නය

අතිරේක බෝග වගාවේදී මතු වී ඇති ප්‍රධාන ගැටලූවක් වශයෙන් ජල ප්‍රශ්නය දෙයාකාරයකින් බලපා ඇත. එනම් තෙත් කලාපයේ දී ජල අතිරික්තයක් සහ වියලි කලාපයේ දී ජල හිඟයකට මුහුණ පෑමට සිදු වීම යි.

බෝග විනාශය

සතුන්ගෙන්, කෘමීන්ගෙන් හා රෝගවලින් වන විනාශය වැදගත් වේ. අධික නියගය, අධික වර්ෂාව, තද සුළං ආදිය නිසා ද සැලකිය යුතු ප්‍රමාණයක බෝග විනාශයක් සිදු වේ.

රාජ්‍ය අනුග්‍රහය ලැබීම ප්‍රමාණවත් නොවීම

යැපුම් කෘෂිකර්මාන්තයේ ප්‍රධාන බෝගය වන්නේ වී වගාව යි. එම නිසා රාජ්‍ය අනුග්‍රහයයෙන් විවිධ කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපෘති හා වැඩසටහන් වී ගොවිතැන පාදක කොට ගෙන සිදු කළත් අතිරේක බෝග වගාව ඉලක්ක කරගෙන එසේ සංවර්ධන ව්‍යාපෘති නොමැතිවීම ගැටලූවකි.

ආර්ථීක සාධක

ප්‍රාග්ධන හිඟකම, ආදායම හා ඉතිරි කිරීම පහත් මට්ටමක පැවතීම, ආදායම් ලැබීමට වෙනත් විකල්ප නොමැතිවීම, ගොවි උපකරණ ලබා ගැනීමට හා අවශ්‍ය ශ්‍රමය ලබා ගැනීමට විශාල මුදලක් වැයවීම

වෙළඳපොල ගැටලූ

නිෂ්පාදන අලෙවියේදී ගැනුම් කරුවන් විසින් කෙරෙන මිල පහත හෙලීමේ උපක්‍රමවලට දුර්වල ආර්ථීකයකයෙන් පීඩාවට පත් වී සිටින ගොවීහු ගොදුරු වෙති. තවද අස්වනු විකිණීමේදී තැරැව්කරුවන්ට හසුවීම. මේ හේතු නිසා සිදු වන්නේ ගොවියාට සොච්චම් මුදලකට තම දාඩිය මහන්සියෙන් ලබා ගත් අස්වැන්න අලෙවි කිරීමට සිදුවීම.

ඉඩම් ප්‍රශ්න

ඉඩම් සාරවත් නොවීම හා සාරවත් කර ගැනීමට අවශ්‍ය දැනුම නොමැතිකම, ඉඩම් කැබලිවීම, ඉඩම් අයිතිය පිළිබඳ ගැටලූ, ඉඩම් ආරවුල් ගැටලූ මැඩපැවැත්වීමට ගතහැකි ක්‍රියාමාර්ග ථ-

ජල සම්පාදනය කිරීම

වර්ෂා ජලයෙන් පමණක් ගොවිතැන් කරන ප්‍රදේශවල වාරිමාර්ග ක්‍රම ආරම්භ කිරීම. කුඩා වැව් සෑදීම හා අත්හැර දැමූ වැව් පිළිසකර කිරීම, වගා ලිං සෑදීමට ආධාර කිරීම හා නවීන ජල සම්පාදන ක්‍රම පිළිබඳව ගොවීන් දැනුවත් කිරීම හා ආධාර කිරීම.

නිසි ලෙස භූමිය භාවිතා කිරීම

කෘෂි භෝගයට අවශ්‍ය පරිදී භූමිය සකසා ගැනීම සහ වෙනස් කිරීම, භූමියේ ස්වභාවයට උචිත බෝග වගා කිරීම.

ආයතනික පහසුකම් ලබා දීම

සේවා අංශයේ ආයතනික පහසුකම් දියුණු කළ යුතු ය. ගොවීන්ට අවශ්‍ය උපදෙස් අවශ්‍ය ආකාරයට අවශ්‍ය මොහොතේ ලබා දීම සිදු කළ යුතු ය. කෘෂිකාර්මික කටයුතු සම්බන්ධයෙන් ගොවීන්ට අවබෝධය ලබා දී නවීන විද්‍යාත්මක ක්‍රම මගින් භූමිය භාවිත කරගැනීමේ ක්‍රම, බෝග තේරීමේ ක්‍රම, උපකරණ, පොහොර, කෘමිනාශක ආදිය නියමිත ආකාරයට භාවිතා කිරීම පිළිබඳව ගොවීන් පුහුණු කළ යුතු ය.

ඉඩම් ප්‍රශ්න විසඳීම

බලපත්‍ර නොමැති ඉඩම්වලට ඔප්පු සහ බලපත්‍ර ලබාදීමෙන් අයිතිය තහවුරු කිරීම. මෙමගින් ගොවීන් උනන්දුවෙන් ඵලදායී ආකාරයෙන් තම කෘෂී කටයුතුවලට දායකත්වය ලබා දෙයි. මෙය අස්වැන්න වැඩි කරගැනීමට හේතුවන සාධකයකි.

කෘෂි නිෂ්පාදන අලෙවි කිරීමේ පහසුකම් සැලසීම

ආර්ථීකමය ගැටලූවක් වශයෙන් කෘෂි නිෂ්පාදන අලෙවි කිරීම සඳහා පවතින බාධාවන් මගහරවා ගත යුතු ය. ගොවීන්ට කෘෂි නිෂ්පාදන අලෙවි කිරීමට ස්ථීර වෙලඳ පොලක් ඇති කළ යුතු ය. නව බෝග ප්‍රභේද හඳුන්වා දීම විවිධ කෘෂි තත්ත්වයන්ට ගැලපෙන, රෝග පළිබෝධවලට ඔරොත්තු දෙන, වැඩි අස්වැන්නක් ලබා දෙන බෝග ප්‍ර‍භේද හඳුන්වා දීම. විශේෂයෙන් විදේශයෙන් ආනයනය කරන පළතුරු සඳහා තරඟ කළ හැකි ප්‍රභේද නිපදවීම යුගයේ අවශ්‍යතාවයකි.

දේශීය ආහාර බෝග සඳහා වන ඉල්ලූම වැඩි කිරීමට කටයුතු කිරීම

දේශීය ආහාර භෝග සඳහා වන ඉල්ලූම වැඩි කිරීම සම්බන්ධයෙන් රජයට මැදිහත්විය හැකි ක්‍රම කිහිපයකි. එකක් නම්, මුං, කව්පි, කුරක්කන් වැනි දේශීය ආහාරවල ඇති සෞඛ්‍යමය වැදගත්කම පිළිබඳව ජනතාවගේ දැනුවත්භාවය වර්ධනය කර ඒවා පරිභෝජනය සඳහා ඔවුන් උනන්දු කරවීම යි. තවත් ක්‍රමයක් වන්නේ රාජ්‍ය උත්සව, සම්මන්ත්‍රණ, වැඩමුළු හා පුහුණු පාඨමාලා යනාදී අවස්ථාවලදී හැකි තරම් දේශීය ධාන්‍ය හා අනෙකුත් ආහාරවලින් සකස් ක්රන ලද කෑම බීම පරිභෝජනය සඳහා උන්නදු කිරීම යි.

සංචාරක කර්මාන්තය ආශ්‍රිතව දේශීය ආහාර ප්‍රචලිත කිරීම

සංචාරක කර්මාන්තය ආශ්‍රිතව ද දේශීය ආහාර ප්‍රචලිත කළ හැක. මෙරට බොහොමයක් සංචාරක මධ්‍යස්ථාන හා අවන්හල්වල දේශීය ආහාර භාවිතය අඩු ය. එහෙත් බොහොමයක් ආසියානු රටවල අවන්හල් හා සංචාරක මධ්‍යස්ථානවල දේශීය ආහාර ප්‍රචලිතව පවතී. එමනිසා අවන්හල්වල දේශීය ආහාර ප්‍රචලිත කිරීමෙන් විදේශීක සංචාරකයින් ද අද්දවා ගැනීමට හැකි වේ.

කෘෂිකර්මය සඳහා රජයේ මැදිහත්වීම පුළුල් කිරීම

කෘෂිකර්මය සඳහා රජයේ මැදිහත්වීම වඩාත් පුළුල් කිරීම හා අඛණ්ඩව පවත්වා ගැනීම මගින් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා රට තුළ වඩාත් සුබවාදී පරිසරයක් ඇතිවනු නිසැක ය. එසේ රාජ්‍ය මැදිහත්වීමකින් තොර කෘෂිකාර්මික දියුණුවක් කිසිදු රටකින් අපේක‍ෂා කල නොහැක.

ගොවි සංවිධාන, නිෂ්පාදන ගොවි සමිති පිහිටුවීම

ගොවීන්ට අවශ්‍ය පිළිගැනීම, ගොවිතැනට අවශ්‍ය බීජ. පොහොර, කෘෂී රසායනික ද්‍රව්‍ය ආදිය තොග වශයෙන් අඩු මිළට ලබා ගැනීම, ඒවා ප්‍රවාහනය කිරීම, කෘමි පළිබෝධ හානි ජය ගැනීම, අපහසුවකින් තොරව නිෂ්පාදන අලෙවි කර ගැනීම ගොවීන් හට ඇති පොදු අරමුණු කිහිපයකි. ඉහත පරමාර්ථ සපුරා ගැනීම සඳහා පොදු අරමුණක් ඇති ගොවි සමිති පිහිටුවීම ශක්තියකි. ගොවි යන්ට බාධා, ගැටලූ, අසාධාරණකම්වලට මුහුණ පෑමේදී තනිව මුහුණ දෙනවාට වඩා පිරිසක් හා එකතුව මුහුණ දීමේදී ඉක්මනට සහ සාර්ථකව විසඳුම් ලබාගත හැකි වේ. මෙහිදී ගොවි සංවිධාන හරහා තම ගැටලූ ඉදිරිපත් කළ හැකි ය.

කෘෂි රක‍ෂණ ක්‍රම ඇති කිරීම

ස්වභාවික බාධක, ප්‍රාග්ධන ගැටලූ, ණය සහ නිෂ්පාදන අලෙවි කරගැනීමේ ගැටලූ සහ බාධා ඇති බැවින් යැපුම් කෘෂිකාර්මික අංශයේ ස්ථීර ආදායම් මට්ටමක් කෙරෙහි විශ්වාසයක් තැබිය නොහැක. මෙනිසා මොවුන්ට ආරක‍ෂණයක් අවශ්‍ය ය. මෙනිසා කෘෂි රක‍ෂණ ඇති කිරීම කළ යුතු ය. යැපුම් කෘෂිකර්මාන්තයේ පවතින ගැටලූ මැඩලීමට රජය හා වෙනත් ආයතන

මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග

[සංස්කරණය]

ර්‍ණඅපි වවමු රට නගමු” යන තේමාව යටතේ දේශිය ආහාර නිෂ්පාදනය වැඩි කිරීමේ ජාතික මෙහෙයුමක් ලෙස අරඔා ඇති එම මැදිහත්වීමෙහි මූලික අපේක‍ෂාව වී ඇත්තේ නැවතත් දේශීයව වැවිය හැකි ආහාරවලින් රට ස්වයංපෝෂිත කර ඒ ඔස්සේ රැකියා ආදායම් හා පෝෂණ මට්ටම ඉහල දැමීම යි. කෙසේ වුව ද මෙරට කෘෂිකර්මය දියුණු කිරීම සඳහා ඉතිහාසය තුළදී රාජ්‍ය මැදිහත්වීම සිදු වු පරිද්දෙන් නැවතත් රාජ්‍ය ක්‍රියාකාරී ලෙස මැදිහත්වීම කෘෂිකාර්මික ෙක‍ෂAත්‍රයේ පුනර්ජීවනය සඳහා කිහිප ආකාරයකින්ම වැදගත් වේ.

මීට අමතරව පහත සඳහන් යෝජනා ක්‍රම හා සංවර්ධන ව්‍යාපෘති මගින් දේශීය කෘෂිකර්මාන්තය නැංවීමට හා යැපුම් කෘෂිකර්මාන්තයේ පවතින ගැටලූ අවම කිරීමට අපේක‍ෂා කරයි.

  1. මොරගහකන්ද, රඹකැන්ඔය, වෙහෙරගල වැනි වාරිමාර්ග යෝජනාක්‍රම ක්‍රීයාත්මක කිරීම.
  2. පොහොර සහනාධාර වැඩසටහන හඳුන්වාදීම
  3. කෘෂි ද්‍රව්‍ය මිලදී ගැනීමේ අධිකාරිය පිහිටුවා වී මිලදී ගැනීමේ නව වැඩසටහන ක්‍රියාත්මක කිරීම.
  4. නැගෙනහිර නවෝදය වැඩසටහන යටතේ අම්පාර, මඩකලපුව, ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්ක සඳහා කෘෂිකාර්මික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  5. විශේෂිත ආර්ථීක මධ්‍යස්ථාන පිහිටුවීමේ ජාතික වැඩපිළිවෙල
  6. පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහන
  7. කාබනික පොහොර භාවිත කිරීමේ වැඩසටහන් හඳුන්වාදීම
  8. ගම නැගුම හා මග නැගුම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

ආශ්‍රි‍ත ග්‍රන්ථ

[සංස්කරණය]
  • ගොවිකම සඟරාව (42 වන කාණ්ඩය, 2 කලාපය), කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකි.
  • ගොව් ජනතා (12 වෙළුම, 2009 ජනවාරි- මාර්තු), හෙක්ටර් කොබිබෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ ප්‍රකාශනයකි.
  • ගොව් ජනතා (13 වෙළුම, 2009 අප්‍රේල් - ජුනි), හෙක්ටර් කොබිබෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ ප්‍රකාශනයකි.
  • සෞභාග්‍ය (10 වන කලාපය ජ් 2006 ඔක්තොම්බර්), ශ්‍රී ලංකා බීජ නිෂ්පාදකයිනගේ සංගමයේ ප්‍රකාශනයකි.
  • ස්වාධීන නිබන්ධන :A 2544-ල යැපුම් කෘෂිකර්මාන්තයේදී ගොවීන්ට මුහුණ දීමට සිදුවන සිදුවන ගැටළු සහ යෙදිය යුතු පිළියම් 1986.
  • ස්වාධීන නිබන්ධන :A 8158-ල කුඹුරු ඉඩම් පුරන්වීම කෙරෙහි බලපාන භෞතික හා මානව සාධක පිළිබඳ අධ්‍යයනයක් (2001).