යගුලිය විසි කිරීම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
යගුලිය විසි කිරීමේ යෙදෙන ක්‍රීඩකයෙක්

ඉංග්‍රීසියෙන් Shot put යනුවෙන් හැඳින්වෙන යගුලිය විසි කිරීම ජවන හා පිටිය මලල ක්‍රීඩා ඉසව්වකි. මෙහිදී ක්‍රීඩකයා බරැති යගුලියක් නියමිත ස්ථානයේ සිට හැකිතාක් දුරකට විසි කළ යුතුය.

Shot යන්නෙන් යගුලියත්, put යන්නෙන් විසි කිරීමත් අදහස් කෙරෙන ඉංග්‍රීසි භාෂාවේ Shot put යන වචනය එම ක්‍රීඩාවට අදාළ සාමාන්‍ය යෙදුමයි.

තරඟ සහ නිති රීති[සංස්කරණය]

තරඟ කරුවන් යගුලිය විසි කළ යුත්තේ අඩි 7 ක විෂ්කම්භයකින් යුතු වෘත්තයක් තුළ හිඳිමිනි. මෙම වෘත්තය ඉදිරිපිට අඟල් 4 ක් උස (Toe board) ඇඟිලි පුවරුවක් තිබේ. යගුලිය විසි කරන ලද දුර මනිනු ලබන්නේ වෘත්තයේ සිට යගුලිය බිම ගැටෙන ස්ථානය දක්වා දුර මැනීමෙනි.


යගුලිය විසි කිරීමේ නීති රිති[සංස්කරණය]

වර්තමානයේ මේ සඳහා ක්‍රම දෙකක් භාවිතා වේ. ඒ Glide සහ Spin යනුවෙනි. (Glide) ග්ලයිඩ් ක්‍රමයේ මූලාරම්භය 1951 තෙක් ඈතට දිව යයි. මෙහි නිර්මාතෘවරයා පැරි ඕ.’ බ්‍රයන් නැමැත්තාය. මෙම ක්‍රමයේදි ක්‍රීඩකයා පසු පසට මුහුණ ලා සිට වෘත්තය හරහා අංශක 180 ක් කරකැවී ඉදිරියට පැමිණ යගුලිය විසි කළ යුතුය. දකුණත් ක්‍රීඩකයෙකු වෘත්තයේ පසු පසට මුහුණ ලා සිට වම් පාදය ප්‍රයෝජනයට ගනිමින් ඉදිරියට පැන දකුණතින් යගුලිය ඉදිරියට විසි කරයි. ප්‍රධාන කාරණය නම් වෘත්තය හරහා කෙරෙන චලනයේ වේගවත් භාවයයි. හැකි තරම් අඩු අවකාශයක් පාදය යට තබා ගත ගත යුතුය. එම හේතුව නිසාම මෙම ක්‍රමය ග්ලයිඩ් (Glide - පාවෙන) යන අර්ථය ලැබී ඇත. තරඟකරු වෘත්තය හරහා කරකැවෙද්දීම උකුලද දෙවනුව උරහිස්ද ඉදිරියට තල්ලු වේ.

(Spin) ස්පින් ක්‍රමය මුලින්ම එක්සත් ජනපදයේදී හඳුන්වා දෙන ලද්දේ 1876 දීය. කව පෙත්ත විසි කරන ක්‍රීඩකයෙකු බලය ලබා ගැනීම සඳහා භ්‍රමණය වීම ප්‍රයෝජනයට ගත්හ. ස්පින් ක්‍රමය 1976 දී බ්‍රයන් ඕල්ඩ්ෆෙල්ඩ් විසින් ජනප්‍රිය කරන ලැබුවේය. ඕල්ඩ් ෆෙල්ඩ් 1975 දී අඩි 75 ක දුරක් විසි කිරීමේ වාර්තාව තැබුවේය. මෙය නිල නොවන වාර්තාවක් විය. ඒ මන්ද කිව හොත් ඕල්ඩ් ෆේල්ඩ් ඒ වන විට වෘත්තිය ක්‍රීඩකයෙක් වීම හේතුවෙනි. IAAF සංවිධානයේ ප්‍රතිපත්තිය වුයේ එම තරගවලට සහභාගි විය යුත්තේ ආධුනික තරඟකරුවන් පමණකි යන්නයි. එහෙත් එම වාර්තාව අර්බුදයට ලක් නොවී එසේම පැවතුණු අතර ඒ වන විට නිල ලෝක වාර්තාවට වඩා එය අඩි 3 කින් වැඩි වාර්තාවකි. මෙම ඕල්ඩ්ෆේල්ඩ් ගේ වාර්තාව අවුරුදු 22 කට පසුව වුවද බිඳ හෙලීමට හැකි වුයේ අඟල් 10 ක දුරකින් පමණි. ස්පින් ක්‍රමයේදි දකුණත් ක්‍රීඩකයෙකු පසු පසට මුහුණ ලා සිට ගනි. එසේ හිඳිමින් වම් පාදයේ ගෝලාකාර කොටස උපයෝගි කර ගනිමින් කරකැවි ඉදිරිය බලා දකුණු පාදය වෘත්තයේ මැදට ගනියි. අවසානයේ ක්‍රීඩකයා වම් පාදයෙන් ඉදිරියට පැමිණ උකුල සහ උරහිස් ගස්සා (ගල්යිඩ් ක්‍රමයේදි මෙන්) යගුලිය විසි කරයි.

සියලු ක්‍රම වලින් බලාපොරොත්තු වන්නේ යගුලිය හැකිතරම් වේගවත් දල වශයෙන් අංශක හතලිහක කෝණයකට ඉදිරියට විසි කිරීමයි. වර්තමානයේ බොහෝ දක්ෂ පිරිමි යගුලිය විසි කරන්නන් ස්පින් ක්‍රමය භාවිතා කරති. එහෙත් ග්ලයිඩ් ක්‍රමය ජනප්‍රිය වී තිබේ. විශේෂයෙන් එය ජනප්‍රිය වී තිබෙන්නේ කාන්තාවන් හා ආධුනිකයින් අතරයි. මෙහිදී අවධානයට යොමු කළ යුතු කාරණයක් වන්නේ පිරිමි ක්‍රීඩකයෙකු වූ රැන්ඩි බාන්ස් ස්පින් ක්‍රමයෙන් ලෝක වාර්තාව තැබීමත් දෙවැනි ආසන්නම හොඳම දුර වාර්තා කළ උල්ෆ් ටිමර්මාන් ඒ සඳහා ග්ල්යිඩ් ක්‍රමය භාවිතා කිරීමත්ය. කුමන ක්‍රමය වඩාත් කාර්යක්ෂම දැයි කිව නොහැක්කේ හොඳින් ක්‍රීඩා කළ බොහෝ දෙනෙකුට තහනම් උත්තේජක ගත් බවට සහ රෙගුලාසි කඩ කිරීමේ චෝදනා පිළිබඳව සැක සංකා තිබෙන බැවිනි.

ස්පින් හෝ ග්ලයිඩ් ක්‍රමය තෝරා ගැනීම රඳා පවතින්නේ ක්‍රීඩකයාගේ ශරීරයේ තරම හා බලය අනුවය. මිටි ශක්තිමත් මෙන්ම ඉක්මණින් විසිකරන ක්‍රීඩකයෙකු ග්ලයිඩ් ක්‍රමයට වඩා වැඩි වාසියක් ස්පින් ක්‍රමයෙන් ලබා ගනි. උස ක්‍රීඩකයෙකු මිටි ක්‍රීඩකයෙකුට වඩා ග්ලයිඩ් ක්‍රමය පාවිච්චියෙන් ප්‍රතිඵල ලබා ගන්නට ඉඩ තිබේ. කෙසේ වුවද ග්ලයිඩ් ක්‍රමය යගුලිය විසි කිරීමේ ක්‍රීඩාවේදි පුහුණු වීම සඳහා අගනා ක්‍රමයකි.



Shotput
"https://si.wikipedia.org/w/index.php?title=යගුලිය_විසි_කිරීම&oldid=409575" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි