Jump to content

List of athletics events

විකිපීඩියා වෙතින්

හොයන්න

  • ගිණුමක් තනන්න
  • පිවිසෙන්න

මළල ක්‍රීඩා ඉතිහාසය

[සංස්කරණය]

විකිපීඩියා වෙතින්

මෙම ලිපිය හෝ ලිපි කොටස මළල ක්‍රීඩා සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය) 2016 සැප්තැම්බර් සිට යෝජිතය.

ක්‍රි. පූ. 776 පැවති පළමු ඔලිම්‍පික් ක්‍රීඩා උළෙලේ එකම මළල ක්‍රීඩා අංශය වූයේ ධාවන පථයක දිවෙන ඇවිදීමේ තරඟයයි. නැතහොත් “ස්ටේඩ්” දිවීමේ තරඟයයි.

ශාස්ත්‍රීය යුගය තුළ යුරෝපයේ වෙනත් ක්‍රීඩා අංශයන් පැවතුණි.

පැන්හෙල්ලෙනික් ක්‍රීඩා

  • පයිතියාන් ක්‍රීඩා (ආරම්‍භය ක්‍රි. පූ. 527 ) අවුරුදු 04 කට වරක් “ඩෙල්පි” හිදී පැවැත්වුණි.
  • “නෙමීයන්” ක්‍රීඩා (ආරම්‍භය ක්‍රි. පූ. 516) අවුරුදු 02 කට වරක් ආර්ගෝලිඩ් හිදී පැවැත්වුණි.
  • ඉස්තමියන් ක්‍රීඩා ( ආරම්‍භය ක්‍රි. පූ. 523) අවුරුදු 02 කට වරක් කෝයින්ත් හිදී පැවත්වුණි.

රෝමන් ක්‍රීඩා

[සංස්කරණය]

[සංස්කරණය] රෝම එම්රුස්කන් ජාතිකයන්ගේ ක්‍රීඩා කෞශල්‍යය නැගී සිටීම ශ්‍රීක මුලාරම්‍භයට වඩා කැපී පෙනුණි.

ගොක් ටියුටන් හා සෙල්ට්‍ස් යන ජාතිකයෝ රෝම ජාතිකයින්ට වඩා ඉසව්‍ සඳහා සතුටින් සහභාගි වූහ. කෙසේ වුවත් මෙම තරඟ ප්‍රතිවාදී පුහුණු තරඟ ලෙස සැලකුණි. මධ්‍යකාලීන යුගයේදී රදලයන්ගේ පුතුන් අශ්වයන් පැදීම අශ්වයන් හා පොර බැදීම ආයුධ පුහුණුවට අමතරව දිවීමේ තරඟ බර ඉසිලී‍ම පැනීම සහ මල්ලව පොර යන තරඟ ඉසව්‍ පුහුණු කරවන ලදී. නිළ හා නිළ නොවන ක්‍රීඩාගාරයන්හි දී මෙම තරඟ මිතුරු හා ප්‍රතිවාදී තරඟ යන ලක්ෂණ දෙකෙන්ම පවත්වනු ලැබීය.

19 වන ශතවර්ෂය වන විට සංවිධානයේ විධිමත් බවක් ඇති විය. එය පාසල් පද්ධතියට විධිමත් ක්‍රීඩා හා ව්‍යායාම්‍ එක්කිරීමෙන් සිදු කෙරුණි. මෙවැනි විධිමත් ක්‍රීඩා පද්ධතියක් ක්‍රියාත්මක කළ පාසල් අතර සැන්ඩ්‍හර්ස්හි Royal Military College මුල් තැන ගනී. ඒ 1812 සිට 1825 දක්වා වර්තාගත ප්‍රථම ( රැස්වීම) සංවිධානය කරනු ලැබු‍ෙව් රෝයල් Shrewsbury School Hunt විසින් ෂ්‍රොප්ස්යර්හි පුෂ්බරි ( Shrews bury) හිදී ය. මෙම රැස්වීම පිළිබඳ විස්තර දැක්වෙන ලිපිපෙළක් ඉන් වසර 60 කට පසු C.T. රොබින්සන් විසින් පල කෙරුණි. ඔහු 1838 සිට 1841 දක්වා ඔහු එම පාසලේ සිසුවෙකු විය. 1849 දී “ The Royal Military Academy” විසින් තරඟයක් සංවිධානය කරනු ලැබූ අතර ඒ පිළිබඳ විධිමත් රැස්වීම්‍ මාලාව පවත්වනු ලැබු‍ෙව්‍ 1850 දී ඔක්ස්පර්ඩ්‍ හි “Exeter College” විසිනි. වර්තමාන මළල ක්‍රීඩා අංග වලදී සියලු ධාවන තරඟ සිදු කළ හැකි මීටර් 400 ධාවන පථයක් යොදා ගන්නා අතර පිටියේ තරඟ බොහෝ විට පවත්වනුයේ ඇතුළු පිටියේ නැතහොත් ඇතුළු ධාවන පථයේය.

1896 දී පැවති ප්‍රථම ඔලිම්‍පික් ක්‍රීඩා සඳහා ද මළල ක්‍රීඩා ඇතුළත් කෙරුණි. කාන්තා ඉසව්‍ සඳහා ප්‍රථමවරට අවසරය ලැබුණේ 1928 දීය.

1912 දී අන්තර් ජාතික පරිපාලන ආයතනක් පිහිටුවිණි. එය IAAF ලෙස හැඳින්වුණු අතර 1983 එම ආයතනය විසින් බාහිර ලෝක ශූරතා තරඟ ආරම්‍භ කෙරුණි. එසේම ප්‍රාදේශීය ක්‍රීඩා තරඟ ද පෑන් ඒෂියන් ක්‍රීඩා තරඟ පොදු රාජ්‍ය මණ්ඩලය ක්‍රීඩා තරඟ සේම වෘත්තීමය ගෝල්ඩන් ලීග් තරඟාවලිය IAAF ලෝක ශූරතා අවසන් මළල ක්‍රීඩා තරඟ, ලෝක ගෘහස්ථ ශූරතා තරඟාවලිය යනාදීය මේ අතර වේ. ඹලිම්පික් ශූරතා තරඟාවලියේ දී ක්‍රීඩාව ඉතා උණුසුම්‍ වන අතර එය වෙනත් මට්‍ටමක

"https://si.wikipedia.org/w/index.php?title=List_of_athletics_events&oldid=696181" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි