මෝතිලාල් නේරු

විකිපීඩියා වෙතින්
පුද්ගලික තොරතුරු
උපතමැයි 6, 1861(1861-05-06)

මෝතිලාල් නේරු (6 මැයි1861 – 6 පෙබරවාරි 1931) යනු ඉන්දියානු නීතිඥයෙක්, ක්‍රියාකරුවෙක් සහ ඉන්දියානු ජාතික කොංග්‍රසයට අයත් දේශපාලනඥයෙකි. 1919–1920 සහ 1928–1929 වශයෙන් ඔහු දෙවරක් කොංග්‍රසයෙහි සභාපති වශයෙන් සේවය කලේය. ඔහු නේරු-ගාන්ධි පවුලෙහි පීතෘමූලිකයා වූ අතර ඉන්දියාවෙහි පළමුවන අග්‍රාමාත්‍යවර ජවහර්ලාල් නේරුගේ පියා විය.

මුල් දිවිය සහ අධ්‍යාපනය[සංස්කරණය]

මෝතිලාල් නේරු, 1861 මැයි 6 දිනදී , ගංගාධාර් නේරු සහ ඔහුගේ බිරිඳ ඉන්ද්‍රානිගේ මරණාපර පුත්‍රයා ලෙසින් උපත ලදි. නේරු පවුල දිල්ලි නගරයෙහි පරම්පරා කිහිපයක් තුල විසූ අතර, ගංගාධාර් නේරු එම නගරයෙහි කොට්වාල්වරයෙක් විය. [1] 1857 වසරෙහි ඉන්දියාවෙහි නිදහස් අරගලය තුලදී, ඔහුගේ පවුල සමග දිල්ලි නගරයෙන් ඉවත්වූ ගංගාධාර්, ඔහුගේ නෑදෑයන් සමහරක් ජීවත්වූ අග්‍රා නගරය වෙත පැමිණියේය. සමහරක් වාර්තා පරිදී, දිල්ලියෙහි නේරු පවුලෙහි නිවාසය කැරළිගැසීම තුලදී කොල්ලකෑමට ලක්ව ගිනි තබා විනාශ කෙරිණි. අග්‍රාහිදී, ගංගාධාර් විගසින් ඔහුගේ දියණියන් දෙදෙනාවූ පත්‍රණී සහ මහාරාණී කාශ්මීර බ්‍රාහ්මණ පවුල් වෙත විවාහ කොට දුනි. 1861 පෙබරවාරි 4 දිනදී ඔහු මිය ගිය අතර ඔහුගේ බාලම දරුවාවූ මෝතිලාල්, තෙමසකට පසුව උපත ලදි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. රවු, එම්. චලපාති (1967). නේරු ෆො චිල්ඩ්රන්. චිල්ඩ්රන්ස් බුක් ට්‍රස්ට්. p. 7. ISBN 978-81-7011-035-4. සම්ප්‍රවේශය 17 සැප්තැම්බර් 2013.
"https://si.wikipedia.org/w/index.php?title=මෝතිලාල්_නේරු&oldid=511189" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි