මේරාර්ගේ දින පොත

විකිපීඩියා වෙතින්

මේරාර්ගේ දින පොත ( ජාෆ් පැපිරසය ලෙසින්ද හැඳින්වෙන) යනු අවුරුදු 4,500 කට වඩා පෙරදී, වැඩ පරීක්ෂකයා (සෙහෙජ්) යන අභිධානය ලත් මේරාර් නම්වූ මධ්‍යම තරාතිරමෙහි නිලධාරියෙක් විසින් ලියැවුණු පැපිරස් සටහන් පොත් පෙළකි. අප විසින් දැනට දන්නා පෙළ සහිත පැපිරස් ලේඛන අතරින් පැරණිතමය වන ඒවා, 4වන රාජවංශයෙහි කූෆූ පාරාවෝගේ 27වන රාජ්‍ය කාල වසර දක්වා කාල නිර්ණය කෙරෙයි. [1]

(හෛරාතික) චිත්‍රාක්ෂර අනුසාරයෙන් ලියැවුණු මෙම පෙළ, බොහෝ ලෙසින් සමන්විත වන්නේ මේරාර් සහ ඔහුගේ කණ්ඩායමෙහි දිනපතා වැඩකටයුතු ලැයිස්තුවකි. හොඳින්ම සංරක්ෂිත කොටස් (පැපිරස් ජාෆ් ඒ සහ බී) වෙතින් ලේඛනගත කෙරෙන්නේ ටූරා ගල් වල සිට ගීසා දක්වා බෝට්ටුවෙන් සුදු හුණුගල් කුට්ටි ප්‍රවාහණය පිළිබඳවය.

රතු මුහුදෙහි වෙරළෙහි වාඩි එල්-ජාෆ් හිදී බෝට්ටු ගබඩා කර තැබීම සඳහා මිනිසුන් විසින් තැනුනු ගල්ගුහා වලට ඉදිරියෙන් වළ දමා තිබුනු මෙම පැපිරස් ලේඛන 2013 වසරෙහිදී සොයාගෙන ගොඩ ගෙන ඇත්තේ, පැරිස්-සෝබෝන් විශ්වවිද්‍යාලයෙහි පියර් ටැලට් නමැති සහ ග්‍රෙගරි මර්හාර්ඩ් නමැති පුරාවිද්‍යාඥයින්ගේ අධීක්ෂණය යටතෙහිවූ ප්‍රංශ මෙහෙයුමක් විසිනි. [2] [3] [4] [5]


ආශ්‍රිත[සංස්කරණය]

  1. "ද වර්ල්ඩ්ස් ඕලඩස්ට් පැපයිරස් ඇන්ඩ් වට් ඉට් කැන් ටෙල් අස් අබවුට් ද ග්‍රේට් පිරමිඩ්ස්". Smithsonian.com (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 11 සැප්තැම්බර් 2017.
  2. "4,500-ඉයර්-ඕල්ඩ් හාබර් ස්ට්‍රක්ඡර්ස් ඇන්ඩ් පැපයිරස් ටෙක්ස්ට්ස් අන්අර්ත්ඩ් ඉන් ඊජිප්ට්". එන්බීසී නිව්ස් (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2019-07-30.
  3. "ස්ටෝරි ඔෆ් ද පිරමිඩ් බිල්ඩර්ස් රිවීල්ඩ් ඉන් 4500-ඉයර්-ඕල්ඩ් පපයිරයි". CatchNews.com (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2019-07-30.
  4. "අ 4,500 ඉයර් ඕල්ඩ් පැපයිරස් හෝල්ඩ්ස් දි ආන්ස්වර් ටු හවු ග්‍රේට් පිරිමිඩ් වෝස් බිල්ට්". interestingengineering.com (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2017-09-25. සම්ප්‍රවේශය 2019-07-30.
  5. "රිවීල්ඩ්: 4,500-ඉයර්-ඕල්ඩ් පැපයිරස් දැට් ඩීටේල්ස් ද කන්ස්ට්‍රක්ෂන් ඔෆ් ච ග්‍රේට් පිරමිඩ් – මිස්ටීරියස් අර්ත්" (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2020-11-16 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2019-07-30.
"https://si.wikipedia.org/w/index.php?title=මේරාර්ගේ_දින_පොත&oldid=628898" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි