මේඩ් ඉන් අයි.ඒ.එස්. ප්‍රදර්ශනය (Mede in IAS ප්‍රදර්ශනය)

විකිපීඩියා වෙතින්
Mede in IAS ප්‍රදර්ශනය
සමූහ කලා ප්‍රදර්ශනය

thumb|alt=|ප්‍රදර්ශන සමරු කලාපයෙහි  දක්වා ඇති අනුපිලිවෙලට සහභාගිකරුවන්

]]
දිනය2000 මාර්තු
Venueබෙයාර්ෆූට් කලාගාරය
පිහිටුමබම්බලපිටිය
ඛණ්ඩාංකජගත් වීරසිංහ
Also known asදෘශ්‍ය කලාවේ අනන්‍යතා අර්බුදයේ කූටප්‍රාප්තිය,දෘශ්‍ය කලා කෙතේ පොදු පිළිවෙල දෙදරීමේ කූටප්‍රාප්තිය
වර්ගයබහු ශෛලීය, කඩිනම්, නොපෑහෙන,
Theme‘Made in IAS’ - 90 දශකයේ ප්‍රවණතාවට සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ දායකත්වය
Organised byජගත් වීරසිංහ
Participants1. සුජිත් රත්නායක - රන්න ( හම්බන්තොට දිස්ත්‍රික්කය ) 2.උපුල් චමිල බණ්ඩාර - තඹුත්තේගම ( අනුරාධපුර දිස්ත්‍රික්කය ) 3.සුසිල් රෝහණ - බලංගොඩ ( රත්නපුර දිස්ත්‍රික්කය ) 4. පාල පොතුපිටිය - දෙනියාය ( මාතර දිස්ත්‍රික්කය) 5.ඉන්ද්‍රචාපා රාජගුරු - ලේවැල්ල ( නුවර දිස්ත්‍රික්කය ) 6.චතුරි රාජපක්ෂ - ගම්පහ ( ගම්පහ දිස්ත්‍රික්කය ) 7. පල්ලියගුරුගේ අමරජීව - අම්පාර ( අම්පාර දිස්ත්‍රික්කය ) 8. බන්දු මනම්පේරි - බණ්ඩාරගම ( කළුතර දිස්ත්‍රික්කය ) 9. සරත් ප්‍රේමසිංහ - ගම්පහ ( ගම්පහ දිස්ත්‍රික්කය ) 10. ප්‍රසන්න රණබාහු - දෙල්වල ( රත්නපුර දිස්ත්‍රික්කය ) 11.මුදිතා අස්කින් - හැටන් ( නුවරඑළිය දිස්ත්‍රික්කය ) 12. ප්‍රියන්ති මග්ගොනගේ - අගලවත්ත ( කළුතර දිස්ත්‍රික්කය ) 13. නීල් රාජකරුණා - මල්වල ( රත්නපුර දිස්ත්‍රික්කය ) 14. සරත් සමරවීර - වතුරේ ( කෑගල්ල දිස්ත්‍රික්කය ) 15. අනුරාධ හේනක ආරච්චි - හෙට්ටිමුල්ල ( කෑගල්ල දිස්ත්‍රික්කය ) 16. සුනෙත් බෝකුල - පල්ලෙකැලේ ( නුවර දිස්ත්‍රික්කය )
ප්‍රතිඵලයඅනන්‍යතා අර්බුදය
Publication bansClub Made in IAS, 45/3, Temple road, Kalubowila, Dehiwala, Sri Lanka
රාජා සෙගාර් - බන්දුල පීරිස් - මහගම සේකර - සස්කියා පින්ටලොන් - විනී හෙට්ටිගොඩ - ශාන්ත කේ. හේරත් - සරත් ගුණසිරි පෙරේරා - අනිල් අතපත්තු - දෘවින්කා මඩවල - සංජීව කුමාර - යන ඓතිහාසික දෘශ්‍ය කලා සාධක කලා ඉතිහාසයෙන් වියුක්තකරණය කිරීමත්, දීප්ති කුමාර ගුණරත්න විසින් කලාව අරබයා හඳුන්වා දුන් ජාක් ඩෙරීඩාගේ විසංයෝජනය සංකල්පය ව්‍යාකුලතාවකට ලක් වීමත්, එච්. ඒ. කරුණාරත්න - තිස්ස ද අලිවිස් - චන්ද්‍රගුප්ත තේනුවර - කිංස්ලි ගුණතිලක - මොහනඩ් කාඩර් - රොහාන් අමරසිංහ යන සාධක ඔවුනගේ සන්දර්භයෙන් පරිබාහිර ඉහත පිරිස සමග පසු කාලෙක ඇමිනීමත් නිසා ඔවුනගේ කලාවේ විචාරශීලිත්වය සුමට වීමත්, චිත්‍ර කලාවේ අලුත් චරිත මතු වීමේ තර්කනය ව්‍යාකුල වීම.


2000 වර්ෂයේ මාර්තු මස සුජිත් රත්නායක ඇතුළු හතර දෙනෙකු හැටියට ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත් වූ ප්‍රදර්ශනයෙන් මුල් වරට ප්‍රදර්ශනය කළ ඔහුගේ පුරහල බෝම්බය කෘතිය දෙවැනි වර නැවත එම අවුරුද්දේම ජූලි මස වෙනත් 15 දෙනෙකු සමග බෙයාර්ෆුට් කලාගාරයේදී ප්‍රදර්ශනය කෙරෙන සමූහ ප්‍රදර්ශනයකි.ඒ වගේම එවකට  සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ අධ්‍යාපනය හදාරමින් සිටි කිසිදා ප්‍රදර්ශනයකට ඉදිරිපත් නොවූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්  15 දෙනෙකු සුජිත් රත්නායක සමග මහජන අවකාශයක ප්‍රදර්ශනයක් හැටියට කලඑළි බසින ලද ප්‍රදර්ශනය මෙය වේ.  මේ ප්‍රදර්ශනය සඳහා රත්නායක ද ඇතුලත් කොට සහභාගිකරුවන් තෝරා ගැනීම, ප්‍රදර්ශනය ඉදිරිපත් කිරීම හා ප්‍රදර්ශන සමරු කලාපයට අනුව ප්‍රදර්ශනය  පිලිබඳ හැඳින්වීම ආදී සියල්ල සිදු කරන ලද්දේ ජගත් වීරසිංහ විසිනි. වීරසිංහ එවකට පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ කථිකාචාර්යවරයකු වූ අතර සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ බාහිර කථිකාචාර්යවරයකු ද විය. ඒ වගේම අභිනවයෙන් 2000 වර්ෂයේ පිහිටුවන ලද තීර්ථ ජාත්‍යන්තර කලාකරුවන්ගේ එකතුවේ පුරෝගාමී සභාපතිවරයා ඔහු උවද මෙම ප්‍රදර්ශනය අගෝස්තු මස සංවිධානය කරන අවස්ථාවේ එම සංවිධානය පිහිටුවා තිබුනේද නැද්ද යන්නට තොරතුරු නැත. 'තීර්ථ ජාත්‍යන්තර කලාකරුවන්ගේ එකතුව' යන්න කලාකරුවන් 11 දෙනෙකු හැටියට 2000 වර්ෂයේදී පිහිටුවන ලද බවට එම සංවිධානයට අයත් වෙබ් අඩවියේ සඳහන් කොට ඇතත් ඊට දායක වූ කලාකරුවන් කව්ද එය පිහිටවූයේ 2000 වර්ෂයේ කුමන කාල පරාසයකද කෙසේද යන්න සඳහන් කොට නැත. ( මෙම වෙබ් පිටුව බලන්න සංරක්ෂණය කළ පිටපත 2019-07-26 at the Wayback Machine. ) ප්‍රදර්ශන සමරු කලාපයට අනුව  Club Made in IAS යන්න මගින් සමරු කලාපය ප්‍රකාශයට පත් කොට ඇත. Club Made in IAS යන්න පිහිටා ඇති බවට 45/3, Temple road, Kalubowila, Dehiwala, Sri Lanka යන ලිපිනය published by Club Made in IAS යටතේ ප්‍රදර්ශන සමරු කලාපය තුළ දක්වා ඇත. සමරු කලාපයේ ප්‍රදර්ශනයේ සහභාගිකරුවන් දක්වා ඇති අනුපිළිවෙලට සහභාගිකරුවන් මෙසේ වේ. සමරු කලාපය තුළ සියලු සහභාගිකරුවන් පැමිණියේ කුමන ප්‍රදේශ වල සිටද යන්න දක්වා ඇත. එම ප්‍රදේශ අයත් වන දිස්ත්‍රික්ක මෙහිලා අභිනවයෙන් සඳහන් කෙරේ.

1. සුජිත් රත්නායක - රන්න ( හම්බන්තොට දිස්ත්‍රික්කය ) 2.උපුල් චමිල බණ්ඩාර - තඹුත්තේගම ( අනුරාධපුර දිස්ත්‍රික්කය ) 3.සුසිල් රෝහණ - බලංගොඩ ( රත්නපුර දිස්ත්‍රික්කය ) 4. පාල පොතුපිටිය - දෙනියාය ( මාතර දිස්ත්‍රික්කය) 5.ඉන්ද්‍රචාපා රාජගුරු - ලේවැල්ල ( නුවර දිස්ත්‍රික්කය ) 6.චතුරි රාජපක්ෂ - ගම්පහ ( ගම්පහ දිස්ත්‍රික්කය ) 7. පල්ලියගුරුගේ අමරජීව - අම්පාර ( අම්පාර දිස්ත්‍රික්කය ) 8. බන්දු මනම්පේරි - බණ්ඩාරගම ( කළුතර දිස්ත්‍රික්කය ) 9. සරත් ප්‍රේමසිංහ - ගම්පහ ( ගම්පහ දිස්ත්‍රික්කය ) 10. ප්‍රසන්න රණබාහු - දෙල්වල ( රත්නපුර දිස්ත්‍රික්කය ) 11.මුදිතා අස්කින් - හැටන් ( නුවරඑළිය දිස්ත්‍රික්කය ) 12. ප්‍රියන්ති මග්ගොනගේ - අගලවත්ත ( කළුතර දිස්ත්‍රික්කය ) 13. නීල් රාජකරුණා - මල්වල ( රත්නපුර දිස්ත්‍රික්කය ) 14. සරත් සමරවීර - වතුරේ ( කෑගල්ල දිස්ත්‍රික්කය ) 15. අනුරාධ හේනක ආරච්චි - හෙට්ටිමුල්ල ( කෑගල්ල දිස්ත්‍රික්කය ) 16. සුනෙත් බෝකුල - පල්ලෙකැලේ ( නුවර දිස්ත්‍රික්කය )

මේඩ් ඉන් අයි.ඒ.එස්. ප්‍රදර්ශනයට පෙර තත්වය[සංස්කරණය]

thumb|1995 දී ප්‍රසන්න රණබාහු සහ සරත් ප්‍රේමසිංහ සමග සුජිත් රත්නායක|alt=|වම|240x240px thumb|1998 දී සරත් සමරවීර හා සුජිත් රත්නායක|alt=|වම|239x239px thumb|1999 දී පමණ සුජිත් රත්නායක, සරත් ප්‍රේමසිංහ, ශ්‍රී ලාල් රණවීර, ගිහාන් ධර්මපාල සහ පහළ අධ්‍යයන වර්ෂයේ ප්‍රදීප්  කොතලාවල යන ශිෂ්‍යය්න්|alt=|වම|237x237px thumb|2000 අගෝස්තු මේඩ් ඉන් අයි.ඒ.එස්. ප්‍රදර්ශනයට පෙර 2000 මාර්තු ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ සමූහ ප්‍රදර්ශනය පැවැත් වූ සුජිත් රත්නායක, ප්‍රදීප් චන්ද්‍රසිරි, මනෝරංජන හේරත් සහ කෝරලේගෙදර පුෂ්පකුමාර යන හතර දෙනා.|alt=|වම|238x238පික්