Jump to content

මුහුදු මහා විහාරය

මුහුදු මහා විහාරය
මුහුදු මහා විහාරය,පොතුවිල් , ශ්‍රී ලංකාව
විස්තර
පිහිටුවීම
නිර්මාතෘකාවන්තිස්ස රජ
පිහිටුම් තොරතුරු
රටශ්‍රී ලංකාව
ද්වාරය:බුද්ධාගම
මුහුදු මහා විහාරය

ශ්‍රී ලංකාවේ නැගෙනෙහිර පළාතේ අම්පාර පරිපාලන දිස්ත්‍රික්කයේ පොතුවිල් ප්‍රදේශයේ පිහිටා ඇත. විශාල වෙරළ පෙදෙසක් අසල පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ථේරවාද පන්සලකි. බුදුරජාණන් වහන්සේගේ හිටි පිළිමයක් හා බෝධිසත්වවරුන් හෝ අතීත පාලකයන් යැයි සැලකෙන පිළිම දෙකක් සහිත කැටයම් වලින් යුත් ශෛලමය පිළිම ගෙයක් හා ගල් කනු ඇත. විහාරමහා දේවිය ගොඩ බට ස්ථානය මෙය බවටද ජනශ්‍රැතියේ විශ්වාසයක් ඇත. මෙය අනුරාධපුර යුගයේදී කාවන්තිස්ස රජු විසින් ඉදිකරන ලද බව පිලිගැනේ. වර්තමානයේද මෙම ස්ථානයේ විහාරයක් ඇත. 6°52′39″N 81°50′20″E / 6.87750°N 81.83889°E / 6.87750; 81.83889


"https://si.wikipedia.org/w/index.php?title=මුහුදු_මහා_විහාරය&oldid=399541" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි