මුල් කාලීන සංගීතය

විකිපීඩියා වෙතින්

1600 ට පෙර ලිඛිත සංගීතය තුල එය වාදනය ට අවශ්‍ය වාද්‍ය භාණ්ඩ මොනවාදැයි සඳහන් නොවුණි. සියවසකට පෙර සංගීතය රචනා කළෝ එහි කුමන පේලිය සංධ්වනිගත විය යුතුද හෝ භාණ්ඩ මගින් වාදනය විය යුතුදැයි සෑම විට ම සඳහන් නොකළෝ ය. එමෙන් ම රචිත සංගීතය වාදනය කළ යුත්තේ කුමන සප්තකය තුලදැයි යන්න ද සෑම විටම සඳහන් නොවුනි. රිද්මය පිළිබඳ සඳහන් දිවෙන්නේ 1200 තරම් අතීතයකට පමණි. එමනිසා මධ්යතන හා පුනරුද සමයේ සංගීත වාදනය කරන නූතන සංගීතඥයෝ අතර අනුමාන බහුලය. කෙසේ වුවද පුනරුද සංගීතඥයෝ ද්විදිශය තූර්යසංවාදය පිළිබඳ සුවිශේෂී ලෙස පුහුණුව ලැබූවන් විය යුතු අතර එමගින් සංගීතය කියවීම සඳහා අවශ්‍ය අමතර කරුණු ලබාගත්තා විය හැක.

20 වන සියවසේ මුල් භාගයේ සිදුවූ සංගීත පිබිදීමත් සමග ඉතිහාස ආවේදිත රඟදැක්වීම් හෙවත් පවතින ලිඛිත හා වෙනත් සාධක ආශ්රයෙන් මුල් සංගීතයට හැකිතාක් සමාන ව සංගීතය ප්‍රතිනිර්මාණය කිරීම මුල් කාලීන සංගීතය වර්තමානයේ ඉදිරිපත් කිරීම සඳහා බොහෝ ඉවහල් විය.

රඟ දැක්වීම පුහුණු වීම[සංස්කරණය]

20වන සියවසේ මුල් කාලීන සංගීත කටයුතු රඟ දැක්වීම් පුහුණුවීම සමඟ සමීපව සම්බන්ධවී තිබුණි. මුල් කාලීන සංගීතයේ අලුත් වූ උනන්දු වීම් සමඟ සංගීතය ආවර්ත උපාංග හා සාම්ප්‍රදායිකව දත් වාදනය කිරීමේ තාක්ෂණික ක්‍රමවලට උනන්දුවක් දැක්වීය.

"https://si.wikipedia.org/w/index.php?title=මුල්_කාලීන_සංගීතය&oldid=470421" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි