Jump to content

මුදවාපු මීකිරි

විකිපීඩියා වෙතින්
මුදවාපු මීකිරි
පැණි දැමූ මීකිරි අතුරුපසක් ලෙස

මුදවාපු මීකිරි, ශ්‍රි ලංකාවේ දකුණු පළාත ආශ්‍රිතව බහුලව දැකිය හැකි කිරි නිෂ්පාදනයකි. මෙම කිරි ආහාරය පෝෂ්‍ය පදාර්ථ රැසකින් යුක්ත වූවකි.

නිපදවීම

[සංස්කරණය]

මුදවාපු කිරි නිෂ්පාදනයද, යෝගට් නිෂ්පාදන ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියකින් යුක්ත වෙයි. මේ සඳහා මී ගවයින්ගේ කිරි යොදා ගන්නා නිසා, මේවා මීකිරි ලෙස හැඳින්වෙයි.

මී ගවයින්ගෙන් දොවා ගත් කිරි, පෙරා උණුකොට ඊට මින් පෙර නිපදවන ලද මුදවාපු කිරි මිශ්‍රණයක් මුහුම් ලෙස යොදනු ලැබේ. (එම මුහුම් තුල ලැක්ටික් අම්ල පැසීම සිදුකරන විවිධ බැක්ටීරියා දර්ශක පවතියි) එමගින් කිරි කැටි ගැසීම සිදුවන අතර, ලැක්ටික් අම්ලය නිසා කිරිවල ඇඹුල් රසයක්ද ඇතිවෙයි.

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=මුදවාපු_මීකිරි&oldid=555416" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි