මුතු අරුංගලය පැළඳි යුවතිය
| මුතු අරුංගලය පැළඳි යුවතිය | |
|---|---|
| ලන්දේසි: Meisje met de parel | |
| ශිල්පියා | ජොහැනස් වර්මියර් |
| වර්ෂය | ආ. 1665 |
| වර්ගය | ට්රොනී |
| මාධ්යය | කැන්වසය මත තෙල් සායම් |
| ව්යාපාරය | ලන්දේසි ස්වර්ණමය යුගයේ චිත්‍ර කලාව |
| මාන | 44.5 cm × 39 cm ([convert: unknown unit] × [convert: unknown unit]) |
| පිහිටීම | මොරිට්ෂුයිස්, ද හේග්, නෙදර්ලන්තය |
මුතු අරුංගලය පැළඳි යුවතිය (Dutch: Meisje met de parel , English:Girl with a Pearl Earring) යනු ඕලන්ද ජාතික චිත්‍ර ශිල්පී ජොහැන්ස් වමීර් විසින් 17 වන සියවසයේ අඳින ලද තෙල් සායම් සිතුවමකි. එය හිස දවටන ලේන්සුවක් (සාටකයක්) සහ මුතු අරුංගලයක් (කරාඹුවක්) පැලඳි යුවතියකගේ මුහුණේ සිතුවමකි. මෙම සිතුවම 1902 සිට නෙදර්ලන්තයේ හේග් නුවර මොරිට්ශුයිස් කලා කෞතුකාගාරයේ සිතුවම් එකතුවේ සුරක්ශිතව පවතී.
විස්තරය
[සංස්කරණය]මෙය විචිත්‍ර පෙරදිග තලප්පාවක් සහ අසාමාන්‍ය ලෙස විශාල මුතු අරුංගලයක් පැලඳි යුරෝපීය යුවතියකගේ මුහුණක සිතුවමකි. මෙම සිතුවම විචාරය කරන ඇතැමෙක් මෙම කරාඹුවේ අන්තර්ගතය සහ දිස්නය අනුව මුතු වලට වඩා ඔප දමන ලද ටින් ලෝහයෙන් සකස් කරන ලද්දක් යැයි අනුමාන කරති. සිතුවම කැන්වසයක් මත තෙල්සායමෙන් සිත්තම් කරන ලද්දක් වන අතර සෙ.මී. 44.5ක උසකින් සහ සෙ.මී. 39ක පලළකින් යුක්තය. එය "IVMeer" ලෙස අත්සන් තබා ඇති අතර දිනයක් සඳහන් නොවේ. මෙම සිතුවම 1665දී පමණ සිදු කරන ලද්දක් බව නිගමනය කර තිබේ.