මුත්තයියා මුරලිදරන්ගේ තොරතුරු

විකිපීඩියා වෙතින්

පෞද්ගලික තොරතුරු

සම්පූර්ණ -මුත්තයියා මුරලිදරන් සුරතල් නම - මුරලි උපන් දිනය - 1972 අප්රේල් 17. ශ්රී ලංකාවේ මහනුවර ක්‍රීඩා විලාසය - පිට දඟ පන්දු යවන්නා පිත්ත හසුරුවන විලාසය - දකුණත් පිතිකරු පන්දු යවන විලාසය - Right arm off break

අන්තර්ජාතික තොරතුරු

පළමු ටෙස්ට් තරඟය - 1992 අගෝස්තු 28 ඕස්ට්රේලියාවට එරෙහිව. අන්තිම ටෙස්ට් තරඟය - 2008 අප්රේල් 03 - බටහිර ඉන්දීය පිලට එරෙහිව. පළමු එක්දින ජාත්යන්තර තරඟය - 1993 අගෝස්තු 12 - ඉන්දියාව සමග එක්දින තරඟ වලදි කමිස නොම්මරය - 08

කණ්ඩායම් තොරතුරු

වසර කණ්ඩායම

1991/92 - අද දක්වා ටැමිල් යූනියන් ක්රිකට් සහ ඇත්ලටික් ක්ලබ් 1999-2007 ලැන්කැෂයර් 2003 කෙන්ට් 2008 චෙන්නායි සුපර් කිංග්ස්

වෘත්තීය සංඛ්යා ලේඛණ. ටෙස්ට් එක් දින F/C LA තරඟ 120 305 219 378 ලකුණු 1156 516 2087 693 පන්දු යැවීමේ සාමා: 11.56 5.86 11.28 6.41

               100/50	0/1		0/0	0/1	0/0

ඉහළම ලකුණු 67 27 67 27

යැවූ පන්දු 40035 16534 62929 20.095 විකට් 735 464 1309 575 පන්දු යැවීමේ සාමා: 21.95 23.00 19.06 22.97 ඉනිමකදී විකට් 5 63 8 115 10

ඉනිමකදී විකට් 10	20		n/a	32	n/a

හොඳම පන්දු යැවීම 9/51 7/30 9/51 7/30 උඩ පන්දු/ස්ටම්ප් 68/- 120/- 119/- 142/-

 2008.04.08දින වන විට.

මූලාශ්‍රය. Cricket Archive

මුත්තයියා මුරලිදරන් උපත ලද්දේ ශ්රී ලංකාවේ මහනුවරදී ය. බොහෝ විට ඔහු හැඳින්වෙන්නේ ‘මුරලි’ යනුවෙනි. 2002 වර්ෂයේ ‘විස්ඩන් ක්රිකටර්ස්’ සඟරාව විසින් ඔහු හඳුන්වා දෙනු ලබන්නේ මෙතෙක් පහළ වූ “ශ්රේෂ්ඨතම ටෙස්ට් පන්දු යවන්නා” ලෙසයි.

ඔහු ටෙස්ට් තරඟ වලදී ඉහළම විකට් ප්රමාණය ලබා ගත් පුද්ගලයාය. ෂේන් වෝන් විසින් දරා තිබූ එම වාර්තාව 2007 දෙසැම්බර් 3 වැනි දින මුරලිදරන් විසින් අභිබවන ලදි. බටහිර ඉන්දීය කොදෙව් පිලේ කර්ට්නි වොල්ෂ් විසින් 2004 දී ලබා ගෙන තිබූ 519 විකට් ප්රමාණය අභිබවා යමින් මුරලිදරන් මෙම තත්වය ඊට කලින් ලබා ගෙන තිබුනද ඉන් පසුව උරහිසේ ආබාධයකට ලක් වීම නිසා ඔහු ඉක්මවා යාමට වෝන්ට අවස්ථාව පෑදුනේය. ඔහු එක් දින තරඟ වලදී වැඩිම විකට් ප්රමාණය ලබා සිටින දෙවැන්නාය.

එක් ටෙස්ට් තරඟයකදී විකට් හයකට වඩා සාමාන්යයක් හිමි කර ගෙන සිටින මුත්තයියා මුරලිදරන් ක්රිකට් ක්රීඩාවේ අති සාර්ථක පන්දු යවන්නන්ගෙන් එක් කෙනෙකු මෙන්ම ශ්රී ලංකා ක්රිකට් ඉතිහාසයේ ශ්රේෂ්ඨතම ක්රීඩකයාය. ඔහු දේශීය වශයෙන් ටැමිල් යූනියන් ක්රිකට් සහ ඇත්ලටික් ක්ලබ් ක්රීඩා සමාජය වෙනුවෙන් ක්රීඩා කරන අතර විදේශීය වශයෙන් ලැන්කැෂයර් ප්රාන්ත කණ්ඩායම වෙනුවෙන් ක්රීඩාකරයි.

මුරලිදරන්ගේ ක්රීඩා ජීවිතය බොහෝ හැලහැප්පීම්, විවේචන, දෝෂ දර්ශන වලට ලක් වූ එකකි. ඔහුගේ පන්දු යැවීමේ විලාශය බොහෝ අවස්ථාවලදී ක්රිකට් විනිසුරුවරයින් හා ක්රිකට් ප්රජාවේ ඇතැම් කොටස් විසින් ප්රශ්න කරනු ලැබින. එහෙත් අන්තර ජාතික ක්රිකට් කවුන්සිලය විසින් පර්යේෂණාගාර පරික්ෂණ මගින් අවස්ථා දෙකකදී එනම් 1996 දී සහ 1999 දී පරික්ෂණ පවත්වා ඔහුට එල්ල වී තිබුනු චෝදනා වලින් නිදහස් කිරීමටත් ඔහුගේ ඉරියව් නිවැරදි බවටත් තීරණ ලබා දුන්නේය. ඔහුගේ දුස්රා පන්දුවේ නීත්යානුකූල භාවය ගැන 2004 දී ප්රශ්න කෙරින. මෙම පන්දුව යැවීම පිළිබඳ නිල වශයෙන් කෙරුණු පරීක්ෂණ පදනම් කර ගෙන සියලු ක්රීඩකයන්ට ගැලපෙන පරිදි වැලමිට නැමිය යුතු සීමාවන් අන්තර් ජාතික ක්රිකට් කවුන්සිලය මගින් වෙනස් කරන ලදි. 2005 දී කරන ලද එම වෙනස් කිරීමෙන් දූස්රා චෝදනා වලින් මුරලි ගැලවුනේය. මුරලිද එම සීමාව තුලට වැටුනි.

References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Muttiah_Muralitharan