මීසසෝම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
රසායනික ප්‍රතිස්ථාපන මගින් ඉලෙක්ට්‍රෝන අන්වීක්ශීය රූප ලබාගැනීමේදී බැක්ටීරියා සෛල මත මීසසෝම ඇතිවේ.[1]

මීසසෝම යනු බැක්ටීරියා ප්ලාස්ම පටලයේ ඇති අවතලනය වූ නැමීම්ය. ඒවා ඇති වන්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ශීය රූප ලබාගැනීමට පිළියෙල කිරීමේදී සිදුකරන රසායනික තිරකිරීමේ තාක්ෂණික ක්‍රම හේතුවෙනි. එසේ වුවද 1960දී මෙම ව්‍යුහවලට බොහෝ ක්‍රියා යෝජනා කරන ලදි, 1970 පසුව මේවා කෘතීම බව හඳුනාගත් අතර තව දුරටත් බැක්ටීරියා සෛලයේ සාමාන්‍ය ව්‍යුහයක් නොවන බව නිගමනය කරන ලදි.

මූලික නිරීක්ෂණ[සංස්කරණය]

ඉලෙක්ට්‍රෝන අන්වීක්ශයෙන් නිරීක්ෂණයට ග්‍රෑම් ධන බැක්ටීරියා රසායනික ප්‍රතිස්ථාපනයෙන් සූදානම් කළ පසු ප්ලාස්ම පටලයෙන් අවතලනය වූ මෙම ව්‍යුහ නිරීක්ෂණය කරන ලදි.[2] ඒවා මුලින්ම නිරීක්ෂණය කළේ 1953 දී ජොර්ජ් බී. චැප්මන් හා ජේම්ස් හිලර් විසිනි.[3] ඔවුන් ඒවා "පර්යන්ත දේහ" ලෙස හැඳින්වීය. ඒවාට "මීසසෝම" යන නම ලබාදෙන ලද්දේ ජේ.ඩී.රොබට්සන් විසින් 1959 දී ය.[4] මූලිකව, මීසසෝම බොහෝ සෛලීය ක්‍රියාවලට දායක වේ යැයි සිතන ලදි, සෛල බිත්තිය මෙන් සෛල විභාජනයේදී සැකසීම, ක්‍රොමසෝම පිටපත්වීම, හෝ ඔක්සිකාරාක පොස්පොරලීකරණය සිදුවන ස්ථානයක් ලෙස සිතන ලදි.[5][6]

කල්පිත අසත්‍ය බව තහවුරු වීම[සංස්කරණය]

මෙම ආකෘති 1970 දී ප්‍රශ්නයට ලක්විය. ඒ මීසසෝම රසායනික ප්‍රතිස්ථාපනයේදී පටලට හානිවී ඇතිවන කෘතීම ද්‍රවයය බවට යෝජනා එක්‍ රැස් වීමයි. තවද රසායනිකව ප්‍රතිස්ථාපන නොකළ ඒවායේ මෙම ව්‍යුහ දැකගත නොහැකි විය.[2][7][8] 1980 දී හා පසු, දියුණු වූ ක්‍රයෝප්‍රතිස්තාපන හා අධිශීත ආදේශන ක්‍රම ඉලෙක්ට්‍රෝන අන්වේශනයට පැමිණීම සමග, ජීවි සෛලව මීසසෝම නොමැති බව හොඳින්ම තහවුරු විය.[9][10][11]

මේවාත් බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Nanninga N (1971). "The mesosome of Bacillus subtilis as affected by chemical and physical fixation". J. Cell Biol. 48 (1): 219–24. PMC 2108225Freely accessible. PMID 4993484. doi:10.1083/jcb.48.1.219. 
  2. 2.0 2.1 Silva MT, Sousa JC, Polónia JJ, Macedo MA, Parente AM (1976). "Bacterial mesosomes. Real structures or artifacts?". Biochim. Biophys. Acta. 443 (1): 92–105. PMID 821538. doi:10.1016/0005-2736(76)90493-4. 
  3. Chapman, George B., and Hillier, James (1953). "Electron microscopy of ultra-thin sections of bacteria I. Cellular division in Bacillus cereus". J. Bacteriol.: 362–373. 
  4. Robertson, J.D. (1959). "The ultra structure of cell membranes and their derivatives, Biochem". Soc. Syrup: 3. 
  5. Suganuma A (1966). "Studies on the fine structure of Staphylococcus aureus". J Electron Microsc (Tokyo). 15 (4): 257–61. PMID 5984369. 
  6. Pontefract RD, Bergeron G, Thatcher FS (1969). "Mesosomes in Escherichia coli". J. Bacteriol. 97 (1): 367–75. PMC 249612Freely accessible. PMID 4884819. doi:10.1002/path.1710970223. 
  7. Ebersold HR, Cordier JL, Lüthy P (1981). "Bacterial mesosomes: method dependent artifacts". Arch. Microbiol. 130 (1): 19–22. PMID 6796029. doi:10.1007/BF00527066. 
  8. Higgins ML, Tsien HC, Daneo-Moore L (1976). "Organization of mesosomes in fixed and unfixed cells". J. Bacteriol. 127 (3): 1519–23. PMC 232947Freely accessible. PMID 821934. 
  9. Ryter A (1988). "Contribution of new cryomethods to a better knowledge of bacterial anatomy". Ann. Inst. Pasteur Microbiol. 139 (1): 33–44. PMID 3289587. doi:10.1016/0769-2609(88)90095-6. 
  10. Nanninga N, Brakenhoff GJ, Meijer M, Woldringh CL (1984). "Bacterial anatomy in retrospect and prospect". Antonie Van Leeuwenhoek. 50 (5-6): 433–60. PMID 6442119. doi:10.1007/BF02386219. 
  11. Dubochet J, McDowall AW, Menge B, Schmid EN, Lickfeld KG (1 July 1983). "Electron microscopy of frozen-hydrated bacteria". J. Bacteriol. 155 (1): 381–90. PMC 217690Freely accessible. PMID 6408064. 
"https://si.wikipedia.org/w/index.php?title=මීසසෝම&oldid=358292" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි