මීනාක්ෂී

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
මීනාක්ෂී
Minakshi.jpg
මීනාක්ෂී දේවියගේ සිතුවම, ඔටුන්න හිමි, අත් දෙකකින් සහ ඇගේ දකුණු අතේ කොළ පැහැති ගිරවෙක් සිටින ලෙස නිරූපනය කර ඇත. ආ. 1820
වෙනත් නම්අංගයකණ්ණි, තඩාදකයි
අනුබැඳියආදි පරාශක්ති, පාර්වතී
සත්ත්වයින්ගිරවා
වල්ලභයාසුන්දරේශ්වර

මීනාක්ෂී (සංස්කෘත: मीनाक्षी), අංගයකණ්ණි, මීනාට්චි සහ තඩාදකයි යනුවෙන් හැඳින්වෙන්නේ මදුරා පුරයට අධිපති පාර්වතී දේවියගේ අවතාරයකි. ඇය ශිවගේ ස්වරූපයක් වන සුන්දරේශ්වර්ගේ දිව්‍යමය භාර්යාවයි.[1][2] දේවත්වයට පත් වූ පාණ්ඩ්‍ය කුමාරිකාවක් ලෙසින්ද සාහිත්‍ය තුළ සඳහන් වේ.[3] මෙම දෙවඟන ​​ආදි ශංකර විසින් ශ්‍රී විද්‍යා ලෙසද වර්ණනා කරනු ලැබේ.[4]

තමිල්නාඩුවේ මදුරෙයිහි මීනාක්ෂි කෝවිල ලෙස හැඳින්වෙන ඇයට කැප වූ ප්‍රධාන දේවස්ථානය තුළ ඇයව ප්‍රධාන වශයෙන් නමස්කාර කරනු ලැබේ. මීනාක්ෂි, කාමාක්ෂි සහ විසාලක්ෂි පාර්වතී දේවියගේ ශක්ති ආකාර 3 ලෙස සලකනු ලබන අතර බොහෝ ඉන්දියානුවන් ඉන්දියාවේ පිහිටීම නොසලකා මෙම දේවස්ථාන තුන වෙත පැමිණේ.[5]

නිරුක්තිය[සංස්කරණය]

මීනාක්ෂි යනු සංස්කෘත යෙදුමකි, එහි තේරුම 'මස්ත්‍ය ඇස් ඇති යන්නයි.[6] මීන 'මාළු' සහ අක්ෂි 'ඇස' යන වචන වලින් ව්‍යුත්පන්න වී ඇත. පෙර ඇයව තඩාදකයි ලෙස හැදින්වුණු අතර පසුව මීනාක්ෂි යන සංස්කෘත නාමයෙන් හැඳින්විය.[7] ඇය මුලින් ධීවර ජනතාවගේ කුල දෙවඟන විය, ඇයගේ ඇස් මාලුවෙක් මෙන් විශාල සහ දීප්තිමත් විය. තවත් අර්ථකථනයක් නම්, මාළු කිසි විටෙකත් ඔවුන්ගේ ඇස් වසා නොගනියි යන විශ්වාසය යි: දේවියද ඒ හා සමානව කිසි විටෙකත් තම බැතිමතුන් දෙස බලා සිටීම නතර නොකරයි.

පාඨයන්[සංස්කරණය]

ප්‍රසිද්ධ නීලකන්ත දික්ෂිතර් ඇතුළු බොහෝ සාන්තුවරයන් සහ විද්වතුන් විසින් මුල් නූතන යුගයේ දේවිය පිළිබඳ විශිෂ්ට ගීතිකා කිහිපයක් රචනා කරන ලදී. ආදි සංකරාචාර්ය (ක්‍රි.ව. 8 වැනි සියවස) විසින් රචනා කරන ලද මීනාක්ෂි පංචරත්නම් (මීනක්ෂිගේ ආභරණ පහ) ස්තෝත්‍රය ඒ අතරින් විශේෂිත වේ. මීනාක්ෂි දේවිය පිළිබඳව ලලිතා සහස්‍රනාම තුළ ඍජුවම සඳහන් නොවුනද වක්‍රව සඳහන් කරයි.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Rajarajan Archived 30 March 2019 at the Wayback Machine., R.K.K. 2005. Minaksi or Sundaresvara: Who is the first principle? South Indian History Congress Annual Proceedings XXV, Madurai Kamaraj University, Madurai, pp. 551-553.
  2. "Meenakshi Pancharatnam Lyrics – Meenatchi Pancha Ratnam". Hindu Devotional Blog. Archived from the original on 22 January 2018. Retrieved 2018-01-21.
  3. Fiedler, Amanda (2006). Where does Meenakshi take her turmeric bath?: a multiply-constructed religious history and deity in Tamilnadu (in ඉංග්‍රීසි). University of Wisconsin--Madison. p. 1.
  4. Journal of Kerala Studies (in ඉංග්‍රීසි). Vol. 36. University of Kerala. 2009. p. 97.
  5. Nelson, Louis P. (2006). American Sanctuary: Understanding Sacred Spaces (in ඉංග්‍රීසි). Indiana University Press. p. 121. ISBN 9780253218223.
  6. William P. Harman (1992). The Sacred Marriage of a Hindu Goddess. Motilal Banarsidass. p. 24. ISBN 978-81-208-0810-2. Archived from the original on 12 October 2020. Retrieved 5 June 2018.
  7. Fisher, Michael H. (2018-10-18). An Environmental History of India: From Earliest Times to the Twenty-First Century (in ඉංග්‍රීසි). Cambridge University Press. p. 74. ISBN 9781107111622.
"https://si.wikipedia.org/w/index.php?title=මීනාක්ෂී&oldid=493836" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි