මිහින්තලය කණ්ඨක චෛත්‍යය

විකිපීඩියා වෙතින්
මිහින්තලය කණ්ඨක චෙෙත්‍යය හා වාහල්කඩ

ශ්‍රී ලංකාවේ අනුරාධපුර මිහින්තලා පුදබිමෙහි ඉදිකොට ඇති කණ්ඨක චෛත්‍යය මෙරට උසස් ගනයේ ආයක (වාහල්කඩ) කිහිපයක් දක්නට ලැබෙන චෛත්‍යයක් වේ.

ස්ථූපය අසල පිහිටි සෙල්ලිපියක කටක චෙත නම යෙදීමට අනූව කණ්ඨක චෛත්‍යය යන නම භාවිතයට පැමිණ තිබේ. අඩ් 425 ක් පමණ වටප්‍රමාණයකින් යුතු ස්ථූපය අඩි 40 ක් පමණ උස් වේ.[1] ස්ථූපයට සම්බන්ධ ආයක වල මෙරට මුල්ම කැටයම් මූර්ති දැකගත හැකි වේ.

ඉදිකිරීම[සංස්කරණය]

ක්‍රිස්තු පූර්ව යුගයේ නිර්මාණය වූ මෙම චෛත්‍යයයට ක්‍රි.පූ. 119-109 අතර රජකම් කල ලජ්ජිතිස්ස රජු ශිලා කණ්චුකයක් ඉදිකල බව සඳහන් වේ.

කණ්ඨක චේතිය ලෙන් ලිපිය[සංස්කරණය]

කණ්ඨක චෛත්‍යයට ආසන්නව, පුරාණ සිංහල භාෂාව හා පූර්ව බ්‍රාහ්මී අක්ෂර යොදා ගනිමින් ලියැවුණු ක්‍රිස්තු පූර්ව 3 - ක්‍රිස්තු වර්ෂ 1 වන සියවසට අයත් කණ්ඨක චේතිය ලෙන් ලිපිය දැකගත හැකිවේ.

  • අන්තර්ගතය

"ප්‍රමුඛ නාගගේ පුත් අසලිගේ ලෙන සිවු දෙසින් පැමිණි නොපැමිණි භික්ෂූන් වහන්සේලාට පූජා කරන ලදී."

කණ්ඨක චේතිය ගිරි ලිපිය[සංස්කරණය]

පුරාණ සිංහල භාෂාව හා අපර බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියැවුණු කණ්ඨක චේතිය ගිරි ලිපිය, මහාදාඨික මහානාග රජ සමයේ (ක්‍රිස්තු වර්ෂ 9-21) නිර්මිතය.

  • අන්තර්ගතය

"භාතිකතිස්ස රජු කබවික වැවෙහි ජල බද්ද හා බිම් බද්ද කණ්ඨක චේතියට පූජා කර ඇත. එසේම මහාදාඨික මහානාග රජුද බලයත-ගමකව් වැව මිලදී ගෙන එහි ජල බද්ද හා බිම් බද්ද කණ්ඨක චේතියට පූජා කරන ලදී."

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "අටපිරිකර 2320 ක් මෙවර පූජා කරනවා". ලේක් හවුස්. සම්ප්‍රවේශය 2013 ජුනි 13. {{cite web}}: Check date values in: |accessdate= (help)