කටු සෑය

විකිපීඩියා වෙතින්
(මිහින්තලය කටු සෑය වෙතින් යළි-යොමු කරන ලදි)
මිහින්තලය කටු සෑය

මිහින්තලය කටු සෑය, ශ්‍රී ලංකාවේ අනුරාධපුර මිහින්තලා පුදබිමෙහි ඉදිකොට ඇති දාගැබ් අතුරින් එකක් වේ.

ඉතිහාසය[සංස්කරණය]

මිහින්තලා ආරාමය ඉදිකිරීම වෙනුවෙන් භාවිතා කරන ලද කම්හල් උපකරණ සහ ආයුධ ආදිය තැන්පත් කර මෙම සෑය ඉදිකර ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වේ. 19වන සියවසේ මුල්සමයේ සෑය ආශ්‍රිතව සිදුකරන ලද කැණීම් වලදී ක්‍රි. ව. 8 - 9 සියවස් වලට අයත් සිංහල හා සංස්කෘත භාෂාවෙන් ලියූ මහායාන සූත්‍ර පාඨ ඇතුලත් තඹ තහඩු හමුවී ඇත.

වාස්තු නිර්මාණ ලක්ෂණ වලට අනූව මෙම මිහින්තලා කටු සෑය, මහායාන සම්ප්‍රදායට අයත්, ස්තූපය ප්‍රමුඛ කරගත් අනුරාධපුර යුගයට අයත් විහාර සංකීර්ණයක් ලෙස හඳුනාගෙන ඇත.

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කටු_සෑය&oldid=399525" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි