මිනිස් ආහාර ජීරණ පද්ධතිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ආහාර ජීර්ණ පද්ධතිය ප්‍රධාන වශයෙන් ආමාශය සහ අන්ත්‍ර/ බඩවැල් වලින් සමන්විත වේ.වඩා පුළුල්ව සැළකීමේදී ඹුඛයේ සිට ගුදය දක්වා සියළුම ඉන්ද්‍රියයන් මෙහි ලා සැළකේ. වැඩිහිටි පිරිමියෙකුගේ ආහාර ජීර්ණ පද්ධතිය සාමාන්‍යයෙන් මීටර් 5 පමණ දිගකින් යුක්ත වේ.එය මීටර් 9 දක්වාද දිගින් යුක්ත විය හැකිය.පද්ධතිය ප්‍රධාන වශයෙන් පුර්වාන්ත්‍රිකය හෙවත් පෙර බඩවැල,මැදි බඩවැල සහ අපරාන්ත්‍රිකය යන් ප්‍රධාන කොටස් 3කින් සමන්විත වේ.ආහාර ජීර්ණ පද්ධතිය මගින් නිරන්තරයෙන් ජීර්ණය සඳහා අවශ්‍ය කරන හෝර්මෝන ශ්‍රාවය කිරීම සිදු කරනු ලබයි.ගැස්ට්‍රින්,සෙක්‍රටීන්,කොලෙසිස්ටොකිනින්,ග්‍රෙහිලින් යන හෝර්මෝන මේ යටතට ගැනේ. ඉහළ ආහාර ජීර්ණ පද්ධතිය අන්නශෝතය,ආමාශය සහ ග්‍රහණිය හෙවත් කුඩා බඩවැලෙහි ඉහළ කොටස් යන ප්‍රධාන ඉන්ද්‍රියයන් 3කින් සමන්විත වේ.නමුත් ඉහළ ආහාර ජීර්ණ පද්ධතිය සහ පහළ ආහාර ජීර්ණ පද්ධතිය අතර මායිම් වෙනස් විය හැක.පහළ ආහාර ජීර්ණ පද්ධතිය සඳහා කුඩා බඩවැල් සහ මහා බඩවැල් අයත් වේ.සමහර අර්ථ දැක්වීම් වලට අනුව ගුදය ද මේ යටතෙහි ලා සැළකේ.කුඩා බඩවැල් ප්‍රධාන කොටස් 3කින් සමන්විත වන අතර මහා බඩවැල ද ප්‍රධාන කොටස් 3කින් සමන්විත වේ. අතුණුබහන් හෙවත් බඩවැල්,දළ වශයෙන් කලලයේ 16 වන දිනයේ සිට මෙහි ව්‍යුහාත්මක වර්ධනය ඇරඹේ.භූණීය කාල පරාසයේදී මෙය ඉහත දක්වන ලද ප්‍රධාන කොටස් 3කට විභේදනය වීම සිදුවෙ.ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී ඒ සඳහ ගතවන කාලය ඉතාමත් වැදගත් සාධකයකි.එය ආහාර වර්ගයේ ස්වභාවය වැනි කරුණු ගණනාවක් මත රඳා පැවතුනද දල වශයෙන් පැය 2.5 සිට 3 දක්වා වු කාල පරාසයක් ආහාරයේ 50% ජීර්ණට වී අවශෝෂණය වීමට වැය වන අතර එය ආමාශය පුර්ණ වශයෙන් හිස් වීමට පැය 4 සිට 5 දක්ව කාලයක් වැය වේ. ආහාර ජීර්ණ පද්ධතිය ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියේදී ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉ‍ටු කරයි.ආහාර ජීර්ණ පද්ධතියේ පෘෂ්ඨ වර්ගඵලය පාපන්දු පිටියක වර්ගඵලයට සමාන යයි සැළකේ.මෙවැනි විශාල පෘෂ්ඨ වර්ගඵලයක් පැවතිම නිසා ශරීර ප්‍රතිශක්තිකරණ පද්ධතියට රෝග කාරක රුධිරයට හෝ වසා තරලයට ඇතුළු වීම වැළේක්වීමට විශාල කාර්ය භාරයක් සිදු කළ යුතු වේ.ආමාශයේ පවතින අඩු pH අගය (1 සිට 4 දක්වා)බොහෝමයක් ක්ෂුද්‍ර ජීවීන් (වෛරස්,බැක්ටීරියා) වලට මාරාන්තික වන අතර එමගින් විනාශයට පත්වේ.ශ්ලේශ්මල ස්‍රාවය මගින් ද විශාල වශයෙන් ක්ෂුද්‍ර ජීවීන් විනාශයට පත් වීම සිදුවේ.

ඉහළ ජීරණ ආන්ත්‍රික කාර්ෂය[සංස්කරණය]

අමාශය,මහා බඩ්වැල සහ ගුද මාර්ගයේ දළ රූපසටහන

මුඛය‚ ග්‍රසනිකාව‚ අන්නස්‍රාතය සහ අමාශය ඉහළ ජීරණ ආන්ත්‍රික කාර්ෂයට ඇතුලත් වන්නේය.

  • ඛේට ග්‍රන්ථීන්‚ දිව සහ දත් මුඛය තුල ඇති ග්‍රන්ථීන් වේ.
  • මුඛයේ පිටුපස ඇති ග්‍රසනිකාව අන්නස්‍රාතය තුලට මාර්ගය දක්වන්නේය.
  • ආහාර ආමාශය තුලට තල්ලු කිරීමේ ක්‍රියාවලිය හැඳින්වෙන්නේ පරිනස්තනය යනුවෙන්ය

මුඛය[සංස්කරණය]

මිනිසාගේ ආහාර ජිර්ණය ආරම්භ වන්නේ මුඛයෙනි. මුඛය තුලදි ආහාර විකා, ඛේටය සමඟ මිශ්‍ර කිරිම සිදුකෙරේ.ඛේටයේ ඇති amylase නම් එන්සයමයෙන් අහාරයයේ ඇති පිෂ්ට ධාතුව (කබොහද්‍රටෙ)ජීරණය කිරීම ආරම්භ වේ.

ග්‍රසනිකාව[සංස්කරණය]

මුඛයට හා නාස් කුහරයට පසු පසින් අන්නසෝත්‍රයට පෙර පිහිටා ඇත. මෙම කොටස ජිර්ණ පද්ධතියට සහ ශ්වසන පද්ධතිය යන පද්ධතින් දෙකටම අයත් වේ. මේ හරහා ආහාර මෙන්ම වාතයද හුවමාරු වේ. මේ තුල වු යාන්ත්‍රනයක් මඟින් ආහාර සහ දියර වර්ග පෙනහළු තුලට ඇතුල්විම වලකයි.

අන්නසෝත්‍රය[සංස්කරණය]

මුඛයේ සිට ආමාශය දක්වා ආහාර ගමන් කරන්නේ මේ හරහාය.මුඛ කුහරයෙන් එන ආහාර ආමාශය වෙත තල්ලු කැරේ.


ආමාශය[සංස්කරණය]

ආහාරය තාවකාලිකව ගබඩා කරන ස්ථානයයි.එහිදී අහාර ආමාශික යුශ සමග මිශ්‍ර වී ජීරණයට ලක්වේ.

සටහන්[සංස්කරණය]

==
Digestive system