මැනිතෝ
Jump to navigation
Jump to search
ප්ලූටාර්ක් විසින් මැනිතෝව ටොලමයික සෙරපිස් වන්දනාව හා සම්බන්ධකොට දක්වා ඇත;[1] මෙහි දැක්වෙන්නේ හඳුනා නොගත් සෙරපිස් පූජකයකුගේ හිසකි - ඇල්ටිස් කෞතුකාගාරය, බර්ලින්
මැනිතෝ (/ˈmænɪθoʊ/; Koinē Greek: Μανέθων Manéthōn, gen.: Μανέθωνος) යනුවෙන් හැඳින්වෙන්නේ මුල්කාලීන ක්‍රි.පූ. තුන්වන සියවසේ හෙලනිස්තික යුගයේ ටොලමයික රාජධානියේ සෙබෙනිටොස් (Coptic: Ϫⲉⲙⲛⲟⲩϯ, romanized: Čemnouti[2]) ප්‍රදේශයේ විසූ ඊජිප්තු පූජකයෙකි. ඔහු විසින් ග්‍රීක බසින් රචනා කරන ලද ඊජිප්ටියකා (ඊජිප්තුවේ ඉතිහාසය) ග්‍රන්ථය පුරාතන ඊජිප්තු රජවරුන්ගේ රාජ්‍ය සමයයන් හඳුනාගැනීම සඳහා වන ප්‍රධාන කාලානුක්‍රම මූලාශ්‍රයක් ලෙස සැලකේ. කෙසේනමුත් ඔහු මෙම රාජාවලිය රචනා කරන ලද්දේ ටොලමි I සෝටර් සහ ටොලමි II ෆිලඩෙල්ෆෝස් යන පාරාවෝවරුන් දෙදෙනාගෙන් කවර රාජ්‍ය සමයේද යන්න අපැහැදිලි ය. එසේවුවද එය ටොලමි III යුවර්ගිටිස් රාජ්‍ය සමයට පෙර ලියැවුණකි.
සටහන්[සංස්කරණය]
- ↑ Manetho (2018). Delphi Complete Works of Manetho. Delphi Classics. p. 251. ISBN 978-1-78656-394-1.
- ↑ "أسماء بعض البلاد المصرية بالقبطية - كتاب لغتنا القبطية المصرية | St-Takla.org". st-takla.org.
බාහිර සබැඳි[සංස්කරණය]
![]() |
Wikisource has original works written by or about: Manetho |
- Chronologie de Manéthon showing the names given by Manetho and the names used now
- Manetho: History of Egypt, Sacred Book, etc.
- Who's Who in Ancient Egypt: Manetho
- "The First Egyptian Narrative History: Manetho and Greek Historiography", ZPE 127 (1999), pp.93-116 by J. Dillery