මැතිව් අබේසිංහ

විකිපීඩියා වෙතින්
මැතිව් අබේසිංහ
පුද්ගලික තොරතුරු
උපත19 මාර්තු 1996
Hazleton, පෙන්සිල්වේනියා, එජ
උස181 සෙමී
බරකිලෝ ග්රෑම් 75
ක්‍රීඩාව
ක්‍රීඩාවපිහිනුම්
Strokesනිදහස්ආර, සමනලආර, මිශ්‍ර පිහිනුම්
ක්‍රීඩා සමාජයකිලර් වේල්ස් ඇක්වටික්ස් - ශ්‍රී ලංකා
විද්‍යාල කණ්ඩායමඔහියෝ රාජ්‍ය විශ්වවිද්‍යාලය
පුහුණුකරුමනෝජ් අබේසිංහ

මැතිව් අබේසිංහ යනු ජාත්‍යන්තර තරගාවලි රැසකදී සිය රට නියෝජනය කල ශ්‍රී ලාංකික පදක්කම්ලාභී පිහිනුම් ක්‍රීඩකයෙකි. ඔහු 50මී නිදහස්ආර (23.62), 100මී නිදහස්ආර (50.53), 200මී නිදහස්ආර (1:52.14), 400මී නිදහස්ආර (4:03.90), 1500මී නිදහස්ආර (16:23.61), 50මී පසුපසආර (26.94), 200මී ඒකල මිශ්‍ර පිහිනුම් (2:07.33), 400මී ඒකල මිශ්‍ර පිහිනුම් (4:40.47) සහ 100මී සමනලආර (54.71) යන ඉසව්හී වත්මන් ශ්‍රී ලංකා වාර්තා උසුලන්නා වේ. ඔහු 2016 වසරේ ඉන්දියාවෙහි පැවති 12වන දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලහී වැඩිම රන් පදක්කම් ප්‍රමාණයක් හිමිකරගත් තරගකරුද විය.[1] 2014 වර්ෂයේ තරුණ ඔලිම්පික් ක්‍රීඩා උළෙලදී ශ්‍රී ලංකාව නියෝජනය කල ඔහු පිරිමි මීටර 100 නිදහස්ආර ඉසව්වෙහි 13වන ස්ථානය සහ පිරිමි මීටර 200 නිදහස්ආර ඉසව්වෙහි 15වන ස්ථානයට තේරී පත්විය. ඔහු FINA ලෝක ශූරතා තරගාවලියකට අදාල පරිසාධිත මට්ටම ඉක්මවූ ප්‍රථම ශ්‍රී ලාංකික පිහිනුම් ක්‍රීඩකයාද වේ.[2]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "ශ්‍රී ලංකා වින්ස් ෆස්ට් ගෝල්ඩ් මෙඩල් ඉන් සවුත් ඒෂියන් ගේම්ස් 2016". 6 පෙබරවාරි 2016. සම්ප්‍රවේශය 19 ජනවාරි 2017.
  2. "අබේසිහ බිකම්ස් ෆස්ට් ශ්‍රී ලක්නක් ස්විමර් එවර් ටු අෘර්න් වර්ල්ඩ් චැම්ප්ස් ටයිම් ස්ටෑන්ඩර්ඩ්". 8 ජූනි 2015. සම්ප්‍රවේශය 19 ජනවාරි 2017.
"https://si.wikipedia.org/w/index.php?title=මැතිව්_අබේසිංහ&oldid=443109" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි