මාවරී අශ්වයා

විකිපීඩියා වෙතින්

මාවරී හෝ මාලනී දුර්ලභ අශ්ව කොට්ටාශයක් වන ඉන්දියානු කලාපයේ මර්වර්(ජෝර්දාන්) අයත් අශ්වයන් වර්ගයකි.මෙම සතුන්ගේ ඇතුල් දෙසට හැරුණු කන්පෙති සියලුම අශ්වා කාරයේ වර්ණ වලින් පවතී.එසේ වුවත් ලපසහිත වර්ගය ගැනුම්කරුවන් සහ අභිජනනය කරන්නන් අතර වඩාත් ප්‍රසිද්ධයි.මෙම සතුන්ගේ දැඩි බවප්‍රබල කරුණක් සහ මොවුන්බොහෝ සෙයින්ඉන්දියාවේ නිරිතදිග මවර්හි කතාවර් ප්‍රාන්තයේ කතාවාරි අශ්වයින්ට සමාන වේ.මෙම ඝනයේ සාමාජික බොහෝ අශ්වයන් ස්වභාවික අශ්වයන්ගේ ගමන් විලාසය ප්‍රකට කරයි.මාවරී අශ්වයින් පැවතෙන්නේ පාරම්පරික ඉන්දීය අශ්වයින් සමහරවිට මොන්ගෝලියානු අභාෂය සහිත අරාබියානු අශ්වයින් සමග දෙමුහුන් වීමෙනි.අපරදිග ඉන්දියාවේ මාවරී මාවරී ප්‍රාන්තයේ පාරම්පරික පාලකයා වන රතොර්ස් මාවරී අශ්වයින්ගේ ප්‍රථම අභිජනකයා වෙයි.

12 වන සියවස ආරම්භයේදී පවිත්‍රත්වය සහ දැඩි බවට අනුබලදෙන නිවැරදි අභිජනනයෙන් ඔවුන් සරනකොට දෙනලදී.ඉතිහාසය පුරාම මාවරී ප්‍රාන්තයේ මිනිසුන් විසින් කල්වාරි අශ්වයන් ප්‍රයෝජනයට ගෙන ඇති අතර මාවරී අශ්වයන් සටන්වලදී ඔවුන්ගේ පක්ෂපාති බව සහ නිර්භීත බව සඳහා ප්‍රසිද්ධවේ.1930 වර්ෂයේ සිට මෙම වර්ගයේ පිරිහීම සිදුවී ඇත. අසාර්ථක කළමනාකරණ ප්‍රතිපත්ති නිසා මෙම සත්ව කොට්ටාශයේ පරම්පරාව අඩුවී ඇත.නමුත් අද වන විට නැවතත් මෙම වර්ගය සැලකිය යුතු මට්ටමකට වර්ධනය වී තිබේ. මාවරී අශ්වයන් පැදවීමට සහ බඩු ගෙනයාම සඳහා මෙන්ම බර ඇදීම කෘෂි කාර්මික කටයුතු සඳහාද යොදා ගනී.1995 දී ඉන්දියාවේදී මාවරී අශ්වයන් සඳහා අභිජනන සංගමයක් පිහිටුවන ලදී. මාවරී අශ්වයන්ගේ වඳවීම නිසා ඔවුන් අපනයනය තහනම් කලේය ,නමුත් 2000 සහ 2006 අතර සුළු ප්‍රමාණයෙන් අපනයනයට අවසර දෙන ලදී.2008 සිට මාවරී අශ්වයන් සුළු ප්‍රමාණයෙන් ප්‍රවාහනය කිරීමට අවසර ලබාදුනි.

ලක්ෂණ[සංස්කරණය]

මාවරී අශ්වයන්ගේ උස සාමාන්‍යයෙන් වියත් 15 ත් 16 ත් (අගල් 60 සහ 64,සෙන්ටිමීටර් 152 සහ 163) අතර වේ.

ඉන්දියාවේ විවිධ ප්‍රාන්තයන්වල ප්‍රබේදයන් වියත් 14 සිට 17(අගල් 56 සිට 68,සෙන්ටිමීටර් 142 සිට 173) දක්වා පරාසයේ විවිද වූ උසින් යුත් අශ්වයන් උපදී.ඔවුන් රතට හුරු දුඹුරු,අළු,දුඹුරු ,පුල්ලි ඇති ,සුදු හා වෙනත් පාට පුල්ලි ඇති සතුන් වේ ,සුදු පැහැති අශ්වයින් විශේෂයෙන්ම ඉන්දියාවේ ආගමික කටයුතු සඳහා යොදාගන්න අතර ඔවුන් මාවරී අශ්වයින්ගේ අභිජනන පොත්වලට අනුව පිලි නොගැනේ.අළු පැහැති අශ්වයන් පුජණීය ගණයට ගැනෙන අතර ඉතා වටිනා අශ්වයන් වේ,piebald සහ skewbald දෙවනුවට වඩාත් ප්‍රසාදයට පත්ව ඇත,කළු අශ්වයින් එම වර්ණය මරණය සහ අන්ධකාරයේ සංකේතයක් ලෙස සලක බැවින් අවාසනාවන්ත ලෙස සැලකෙනවා.දිදුලන සුදු ලකුණු සහිත අශ්වයින් සහ සුදු පැහැති මේස් සහිත සතුන් වාසනාවන්ත ලෙස සැලකේ. මෙම සතුන්ගේ දිගැති ස්වබාවයක් මුහුණේ ඇති අතර , ඇතුලට හැරුණු විවුර්ත කෙලවර සහිත කන් ද,සිහින් ගෙල පැහැදිලි ලෙස පෙනෙන මොල්ලිය තෙක් දිවෙන අතර,පුළුල් පපු ප්‍රදේශයත් නිසිලෙස පුළුල් උරයත් මුලික ලක්ෂණ වේ.සාමාන්‍ය යෙන් මාවරී අශ්වයන්ට දිගු කළුවන් කණ්ඨපාකයක් ඇත.පාද සිහින් වන අතර කුර කුඩා වටත් මනා ලෙසත් පිහිටා ඇත.මෙම ගණයේ සාමාජිකයන් දැඩි සහ පහසුවෙන් රඳවා තබා ගත හැකිවේ,නමුත් ඔවුන් තදින් ඇලී ලීසිටින කලින් කිව නොහැකි ආකාරයේ චිත්ත ස්වභාවයෙන් යුක්තයි..මොවුන් මේ සමානම ඉතිහාසයක් හා ශාරීරික ලක්ෂණ ඇති ඉන්දියාවේම වෙනත් ප්‍රභේදයක් වන කතියවරී අශ්වයන්ට සමාන වේ,මර්වරී සහ කතියවරී අශ්වයින් අතර ඇති මුලික වෙනසක් නම් ඔවුන්ගේ මුලික භූගෝලීය ප්‍රභව යයි.මවරී අශ්වයි ප්‍රධාන වශයෙන් මර්වර් ප්‍රදේශයෙන් වන අතර කතියවරී අශ්වයින් කතියවර් අර්ධද්වීපයෙන් පැවතේ.කතියවර් අශ්වයින් ගේ මුහුනුවර මර්වරී අශ්වයින්ගෙන් යන්තම් වෙනස්වන අතර ඔවුන්ට වැඩ සුළු ප්‍රමාණයෙන් උස වැඩිය.

මාවරී අශ්වයන් නිතරම ස්වභාවික (ambling) ගමන් විලාසය ප්‍රදර්ශනය කරයි.එය සක්මන් කෙරීමකට සමාන වන අතර,revaal හෝ rehwal යනුවෙන් හදුන්වයි.හිසෙහි ඇති කෙස් රෝද හා එහි පිහිටීම මාවරී ප්‍රජාවට විශේෂවේ,නිකටින් පහලට එල්ලුන දිගු කෙස්රෝදක් හිසෙහි ඇති අශ්වයන් දෙව්මන් ලෙස නම් කෙරෙන අතර ඔවුන් වාසනාවන්ත ලෙස පිළිගැනේ ,ඇසෙහි පහලට පමණක් දික්වූ කෙස්රොද ඇති සත්වයන් අනුසුද්ධල් වන අතර ඔවුන් ගැනුම්කරුවන් අතර ජනප්‍රිය නැත. කකුලේ කකුලත් කුරයත් අතර ප්‍රදේශයේ කෙස් රොද ඇති අශ්වයන් ජයග්‍රහණය රැගෙන එන බව විශ්වාස කෙරේ.ආශ්වයෙකු සතුවිය යුතු විශේෂ කොටසක් ලෙස ඇගිල්ලෙහි දිග සැලකේ, එය බාර්ලි කරල් පහක දිගට සමාන විය යුතු යි සැලකේ.උදාහරණයක් ලෙස මුහුණෙහි දිග ඇගිල්ලෙන් 28 සහ 40 ,සහ හිසේ සිට කෙලවර දක්වා දිග මුහුණට දිග හතර ගුණයක් අවිය යුතුය.

ඉතිහාසය[සංස්කරණය]

මාවරී අශ්වයන් පැවත එන්නේ පාරම්පරික ඉන්දියානු පෝනියන් අරාබියානු අශ්වයන් සමග අභිජනනය වීමෙනි.පෝනියන් කුඩා සහ ශක්තිමත්ය,නමුත් දුර්වල යෝග්‍ය වීම මත අරාබියානු රුධිරයේ බලපෑම බාහිර පෙනුමට බලපා ඇති අතර ශක්තිමත් බවට බලපා නැත.අරාබියානුවන් ඔවුන්ගේ සුන්බුන් වූ චාර්ගෝ බෝට්ටුවකින් ඉන්දියාවේ බටහිර වෙරළට පැමිණ ඇත,ඉන්දියානු ඉතිහාසයේ සඳහන් වන ආකාරයට එම අරාබියානු නෞකාව උසස් තත්වයේ අරාබියානු අශ්වයන් හත් දෙනකු ද සහිතව දිය බත් වීම නිසා කච්ච දිස්ත්‍රික්කයේ වෙරළට ගොඩබැස ඇත.මේ අශ්වයන් ඉන් පසු මර්වර් දිස්ත්‍රික්කයට ගෙන ගොස් ඇති අතර මොවුන් නව මාවරී අශ්වයින් ප්‍රජාවක පදනම ලෙස යොදාගෙන ඇත .එමෙන්ම උතුරු ප්‍රදේශයෙන් මොන්ගෝලියානු අභාශයද ලැබෙන්නට ඇත,පෙනෙන ලෙස මෙම වර්ගය වයඹ දිග ඉන්දියාවේ ඇෆ්ගනිස්ථාන දේශ සීමාවේ මෙන්ම උස්භකිස්තාන් ,කසකස්තාන් සහ ටෙර්ක්මෙනිස්ටනට් ,ජනනය වී ඇති අතර නාමය ඉන්දියාවේ මාර්වර් ප්‍රදේශයෙන් (ජෝපුර් පෙදෙස ලෙස හදුන්වන)ලබා ගෙන ඇත.

මාවරී ප්‍රදේශයේ පාලකයා සහ සාර්ථක රාජ්‍ය පාලකයකු වන රතොස් මුලික මාවරී අශ්ව වර්ගයේ අශ්වයන් ජනනය කරනු ලබන්නාවේ.රතොස් රජ තුමා ඔහුගේ රාජධානිය වන කනජු වලින් 1193 බලයෙන් පහ කරන ලදුව රාජධානිය මහා ඉන්දියාව සහ තාරා කාන්තාරයට ගෙන ගොස් ඇත.මාවරී රජයට නිදහස් වීම ඉතාම අත්‍යවශ්‍ය විය.12 වන සියවස තුල ඔවුන් සතුන් ඇතිකිරීමේ දැඩි තෝරා ගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.

කප්පාදු නොකළ හොඳම අශ්වයන් ඔවුන්ගේ කර්තව්‍ය සඳහා තබා ගත් අතර මෙම කාලය තුල අශ්වයින් දේවත්වයහිලා සලකන ලදී,මෙම කාලයේදී අශ්වයන් ඉවත් කිරීමේ අයිතිය තිබුනේ රජතුමාගේ පවුලේ සමජිකයන් ටත් kshatriyas මාලිගාවේ අයටත්ය.16 වන සියවසේ මෝගල් වරු විසින් උතුරු ඉන්දියාව ආක්‍රමණය කල පසු ඔවුන් විසින් මාවරී අශ්වයන් අබිජනනය සඳහා යොදාගත්තා යි සලකන turkoman අශ්වයන් රැගෙන එන ලද බව සැලකේ.මෙම කාලය තුල මාවරී අශ්වයන් ඔවුන්ගේ ගේ සටන්කිරීමේදී ඇති ශක්තිමත්බව සහ ධෛර්ය ,මෙන්ම ඔවුන්ගේ පාලකයාට ඇති පක්ෂපාතිකම නිසා ප්‍රසිද්ධත්වයට පත්වී ඇත.

16 වන සියවස තුල rajputs රජු මෝගල් අධිරාජ්‍යයා ගේ සහ akbar අග රජ තුමාගේ නායකත්වය යටතේ cavalry සේනාව 50,000 දක්වා තර කරන ලදී.රතොස් රජු විශ්වාස කල ආකාරයට මාවරී අශ්වයන් තත්වයන් තුනක් යටතේ දී මිසයුධ බිම හැර නොයයි,එනම් ජයග්‍රහණය,මරණය,තුවාලවූ තම ස්වාමියා ආරක්ෂිතව රැගෙන ඒම යන හේතුය.යුධ බිමෙහි ඇති තත්වයන් ට මුහුණ දීමට අශ්වයා ඉතාම හොදින් පුහුණු කරන අතර සංකීර්ණ ගමන් කිරීමේ ක්‍රම පුහුණු කරයි.. වසර 3000 කට පෙර පළමුවන ලෝක යුද්ධය සමයේදී marwar ට ශ්‍රී ප්‍රත්ප්සින්ග්හ් යටතේදී බ්‍රිතාන්‍යයන් පාලනය තුල හෙල්ලයක් වැදුනි.

1900s සිට අද දක්වා[සංස්කරණය]

බ්‍රිතාන්‍ය රාජ්‍ය marwari ගේ විනාශය පිළිබද දැඩි ලෙස කලබල වූ කාලය තුල,අවසානයේ ඉන්දියාව නිදහස ලබාගන්නා ලදී.බ්‍රිතාන්‍ය නිලධාරීන් අනෙකුත් වර්ගයේ අශ්වයන් පිලිබඳ සැලකිල්ලක් දැක්වූ අතර maarwari සමග kathiyawari ඉවත් කිරීමට උත්සහ ගත්හ . මාවරී අශ්වයන්ගේ කීර්තිය නැතිකීරිමට පියවර ගත් අතර ඒ සඳහා එම අශ්වයන්ගේ ඉහලට එසවුණු හැරුණු කන් “ස්වදේශික අශ්වයෙකුගේ සලකුණක් “ලෙස සලකා සමච්ච්චලයට ලක්කර ඇත .1930 කාලය තුල මාවරී අශ්වයන් අභිජනනය කිරීමට ඇති ප්‍රමාණය අඩුවීමත්, දුර්වල අභිජනන ක්‍රමත් නිසා වියකීයමට ලක් විය.ඉන්දියාවේ නිදහස අශ්වයා පිට සිටින සෙබලා සමග අභාවයට යන අතර මාවරී අශ්වයන්ගේ අවශ්‍යතාව අඩුවූ අතර බොහෝ සත්වයන් කෙමෙන් මරණයට පත්විය.1950 කාලයේදී ඉන්දීය සාමාන්‍ය ජනතාවට ඔවුන්ගේ ඉඩම් අහිමිවීමත් සමග අශ්වයන් පාලනය කිරීමට ඔවුන්ට නොහැකිවූ බැවින් මාවරී අශ්වයන් භාණ්ඩ ප්‍රවාහනයට යොදාගැනීමත් ,වඳ භාවයට පත් කිරීම හෝ මරණයට පත් කිරීම හෝ කරන ලදී.මෙම අශ්ව වර්ගය මිහිමතින් තුරන්වීම්මේ අවසන් අදියරටම මේ හේතු නිසා පත්විය.එහෙත් 20 වන සියවසේ maharaja umaid singhji රජු විසින් මාර්වරී අශ්වයන් බේරාගන්න ලදී.ඔහු විසින් ආරම්භ කරන ලද මෙම කරතව්‍ය ඔහුගේ මුණුපුරා වන maharaja Gaj singh 11 විසින් ඉදිරියට කරගෙන යනලදී.


1995 බ්‍රිතාන්‍ය අශ්වාරෝහිකාවක් වන Francesca kelly විසින් ලොව පුරාම සිටින මාවරී අශ්වයන් රැකගැනීම සඳහා marwari bloodlines නමින් කණ්ඩායමක් පිහිටු වන ලදී.1999 kelly ඉන්දීය රදළ පෙළපතින් පැවත එන Raghuvendra singh dandlood ,සමග එක්වී indigeno us hourse society of india නමින් (මාවරී අශ්වයන්ගේ සංගමයේ කොටසක් ලෙස),රජය ,සතුන් බෝකරන්නන් ,සහ ප්‍රජාව සමග කටයුතු කරන කණ්ඩායමක් , සත්ව අභිජනනයට උනන්දු කිරීමත්,සතුන් ආරක්ෂා කර ගැනීමත් යන මුලික පරමාර්ථයන් ඇතුව ආරම්භ කරන ලදී.

කෙලී සහ ඩන්ලොඩ් පැවැත්ම සඳහා පැවැත්වූ ඉන්දියානු ජාතික අශ්වාරෝහක තරග වලට ඇතුලත්වී ජයග්‍රහණය කල අතර ඒ මගින් දේශීය අශ්වයන් සඳහා ජාතික ප්‍රදර්ශනයක් රටෙහි පළමු වරට පැවැත්වීමට ඉන්දියාවේ අශ්වරෝහකයන්ගේ පදනමෙන් අනුමැතියලබා ගැනීමට කටයුතු කලේය. මොවුන් දෙපල දේශීය අශ්වාරෝහක යන්ගේ සංගමය සහ අනික් ප්‍රවීනයන් සමග එක්වී ප්‍රථම අභිජනන ප්‍රමිතිය ඇතිකිරීම සඳහා කටයුතු කලේය.

ඉන්දියානු රජය මගින් දේශීය අශ්ව විශේෂ අපනයනය සපුරා තහනම් කරනලදී.නමුත් පොලෝ ක්‍රීඩාව සඳහා යොදා ගන්න පෝනියන් සහ තුරග තරග සඳහා යොදගන්නා අශ්වයින් සඳහා මෙම තහනම1952දි ක්‍රියාත්මක නොවුනි.මෙම තහනම 1999දි අර්ධ වශයෙන් ගොඩ නැගුනු අතර විශේෂ බලපත්‍රයක් ලබාගැනීමෙන් පසුව දේශීය අශ්වයන් කුඩා ප්‍රමාණයක් අපනයනය කිරීමට හැකියාව ලැබුණි.කෙලී විසින් ප්‍රථම මාවරී අශ්වයා වසර 2000දි බ්‍රිතාන්‍යට අපනයනය කරන ලදී.ඉන්පසු ඉදිරි වර්ෂ 7 තුල අශ්වයින් 21 2006 වසර වනතුරු අපනයනය කර ඇත .දේශීය අශ්වයින්ගේ අභිජනන ප්‍රමාණය තර්ජනයට ලක්වීම ආරම්භ වීමත් සමග බලපත්‍ර ලබාදීම නවත්වන ලදී.අවසාන වශයෙන් මාවරී අශ්වයෙකු අපනයනය කරන ලද්දේ යුරෝපයට වන අතර ඒ 2006 වර්ෂයේදී කප්පාදු නොකළ අශ්වයෙකු ප්‍රංශ කෞතුකාගාරයට සැපයීම ය.2008 වර්ෂයේදී ඉන්දියානු රජය විසින් අනෙකුත් රටවල්වල මෙම සත්වයන් ප්‍රකට කිරීමට තාවකාලික අපනයනයන් සඳහා බලපත්‍ර ලබාදීම ආරම්භ කල අතර එය වසරක් පුරා පැවතුනි.මෙය තමන්ගේ සතුන් ප්‍රකට කිරීමට නිසි අවස්ථාවක් නැතිබවට හැඟුණු අභිජනන කරුවන් සහ අභිජනන කරුවන්ගේ සංගමයන් ට දැක්වූ ප්‍රතිචාරයකි.

2007 වර්ෂයේදී සත්ව වර්ගය සඳහා අධ්‍යන පුස්තකයක් සැකසීම සඳහා මාවරී අශ්වයන් සදහාවූ සංගමය සහ ඉන්දියානු රජය එක්වී ප්‍රකාශයට පත්කරනලදී.මේ සඳහා ලියාපදිංචි කිරීමේක්‍රියාවලිය 2009 දී ඇරබුණි.එය ප්‍රකාශයට පත්කිරීමත් සමග මාවරී අශ්වයන්ගේ සංගමය රාජ්‍ය තාන්ත්‍රික බවට පත්විය.එය රජයේ ලියාපදිංචි මාවරී අශ්වයින් සඳහාවූ එකම සංගමය වේ.ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සඳහා අභිජනනය කිරීමේ ප්‍රමිතීන්ට අදාලව අශ්වයන්ගේ ඇගයීම අන්තර්ගත විය.ඒ අනුව අනන්‍ය හදුනාගැනීමේ ලකුණු සහ ශාරීරික ලක්ෂණ වාර්තා ගත කර ඈත.ඇගයීමෙන් පසු අශ්වයන්ඔවුන්ගේ ලියාපදිංචි කිරීමේ අංකයත් ජායරුපයත් සමග ලේබල්ගතකෙරේ.2009 වර්ෂයේදී මාවරී අශ්වයන් සමග අනෙකුත් ඉන්දියානු අශ්ව වර්ගයන් අනුස්මරණය කිරීම සඳහා රටෙහි නිකුත් කරන මුද්දර වලට යොදාගන්න ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

ප්‍රවේනි අධ්‍යනය[සංස්කරණය]

වග විභාගයක් නොමැති අභිජනන පුරුදු වල සෘජු ප්‍රතිපලයක් ලෙස 2001 වර්ෂයේදීශුද්ධ වර්ගයේ මාවරී අශ්වයන් දහස්ගනනක් වූ සුළු ප්‍රමානයක්ව පැවතුනි.මාවරී අශ්වයන්ගේ ජාන සහ ඔවුන්ගේ අනෙකුත් ඉන්දියානු සහ ඉන්දියානු නොවන අශ්වයින්ට ඇති සබදකම අධ්‍යනය කිරීම සදහා පර්යේෂණ අධ්‍යනයන් පවත්වනු ලැබුණි.ඉන්දියාවෙන් වෙනස් වර්ග හයක් මේ මගින් හදුනාගත් අතර ,මවරී කතියවරී,Spiti pony ,Bhuti a pon y ,Manipuri Poni ,සහ Zanskari .මෙම වර්ගයන් හය ඔවුන් අභිජනනය වූ ප්‍රදේශයන්ගෙන් අනන්‍යවූ ක්‍රියාකාරී මට්ටම් නිසා සහ වෙනත් කෘෂි කාර්මික තත්වයන් නිසා විටින් විට වදවේ යාමේ තර්ජනයන්ට ලක්වී ඇත.2005 වසරේ අධ්‍යනය මාවරී අශ්වයන්ගේ පැරණි ප්‍රවේණිය පිළිබඳන්හදුනා ගැනීම සඳහා ක්‍රියාත්මක කරන ලදී.අධ්‍යනය මගින් පරික්ෂා කරන ලද අශ්වයින්ගේ ජාන වල පැරණි අභිජනනයන්ගේ ජානමය ලක්ෂාන් පිළිබද සාක්ෂි නැති බව සොයා ගන්න ලදී.කෙසේවෙතත් අශ්වයින්ගේ ගහනය සීග්‍ර ලෙස අඩුවීම පසුගිය කාලය තුල සිදුවීම නිසා,අධ්‍යනයේදී හදුනා නොගත් පටුවීමක් ඇති වන්නට ඇත.2007 වර්ෂයේදී kathawari හැර අනෙකුත් ඉන්දියානු අශ්වයන් ගේ ජානමය විවිධත් වය තක්සේරු කිරීම සඳහා අධ්‍යනයක් ක්‍රියාත්මක කෙරුණි.මයික්‍රෝ සැටලයිට් DNA පරීක්ෂණයක් මගින්,අධ්‍යන පහකදී වඩාත්ම ජානමය ලෙස වඳ වීමට ලක්වූ විශේෂය ලෙස මාවරී අශ්ව විශේෂය හදුනා ගන්නා ලද අතර මොවුන් මනිපුරි වැලි වඩාත් දුර බවද හෙළිවිය,throughbred විශේෂයට ළඟ ජානමය සම්බන්ද කම් ඇති විශේෂ කිසිවක් නොවීය.අනෙකුත් විශේෂයන්ගෙන් පැහැදිලිවා කායික හා මුහුණුවර වශයෙන් මෙන්ම පරිසරයට අනුගත වීම අතින් වෙන්කර හදුනාගත හැක්කේ මාවරී විශේෂයි.ශාරීරික වෙනස්කම් විවිධ පරම්පරා වලට අනුව ආරෝපිත වී ඇත.අනෙකුත් වර්ග හතර tibetan පොනියන්ගෙන් පැවතෙන බව සලකන අතර මාවරී අශ්වයන් අරාබියානු අශ්වයන්ට සමීප ලෙස සැලකේ.

ප්‍රයෝජන[සංස්කරණය]

මාවරි අශ්වයෙකු : තුරඟ තරඟ අතරතුර

මාවරී අශ්වයන් පැදවීම සඳහාද,බර ගෙනයාම සඳහාද,සහල්ලු දේ ප්‍රවාහනය කිරීම සඳහාද,කෘෂිකාර්මික කටයුතු සඳහාද යොදාගැනේ.බහුශ්‍රුත විශාල අශ්වයන් ලබාගැනීම සඳහා නිරන්තරයෙන් මාවරී අශ්වයන් through breds අශ්වයින් සමග රේඛනය කරනු ලබයි. මෙම වර්ගය රටෙහි දේශීය වර්ගයක්වා පවතිද්දීත් ඉන්දියානු යුධ හමුදාව මගින් මොවුන්ගෙන් ලබන්නේ ඉතා සුළු ප්‍රයෝජනයක් පමණි.නමුත් මොවුන් රාජස්ථානයේ jodh pur සහ jaipur ප්‍රදේශ වල ජනප්‍රියව ඇත.මොවුන් ප්‍රදනවශයෙන් ප්‍රයෝගිකව පුහුණු කිරීම සඳහා සුදුසු වන අතර ස්වාභාවිකවම කටයුතු ඉටු කිරීමට කැමැත්තක් දක්වනවා.පොලෝ ක්‍රීඩාව කිරීම සඳහාද මාවරී අශ්වයන් යොදාගනී,සමහර විටක through breds අශ්වයන්ට එරෙහිව ක්‍රියා කරි,මාවරී කුලය තුල natchni නම්වූ වර්ගයක් සිටින අතර ඔවුන් නර්තන සඳහා උපන් බවට දේශීය ජනය විශ්වාස කරයි.විවිධ උත්සව සහ මංගල අවස්ථා සඳහා රිදී අභරණ සහ ,ගෙජ්ජි,වලින් අලංකාර කල මෙම වර්ගයේ අශ්වයන් පැන පැන සහ ආඩම්බර ආකාරයෙන් ගමන් කිරීම ආදීවූ සංකීර්ණ දේ ප්‍රදර්ශනය කිරීමට පුහුණු කර ඇත.natchni නම් වූ මෙම අශ්ව විශේෂය අදවනවිට වදවීයමට ලක්වී ඇතත් මේ ආකාරයට පුහුණු කරන ලද අසව් අදටත් ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවල ඉහල ඉල්ලුමක පවතී .

"https://si.wikipedia.org/w/index.php?title=මාවරී_අශ්වයා&oldid=359102" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි